රෙඩොක්ස් ප්‍රතික්‍රියා යනු පරමාණු වල ඔක්සිකරණ අවස්ථාව වෙනසකට භාජනය වන වර්ගයේ ප්‍රතික්‍රියාය.
සමීකරණ තුලනය වන ක්‍රම දෙකකි.
- අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමයෙන්
- ඔක්සිකරණ අංක උපයෝගි කර ගන්නා ක්‍රමයෙන්
තුලිත අර්ධ සමීකරණ මගින් ප්‍රතික්‍රියා තුලිත කිරීම
- සෑම රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක දීම එක් ප්‍රතික්‍රීයකයක් ඔක්සිකරණයට ද තවත් ප්‍රතික්‍රීයකයක් ඔක්සිහරණයට ද භාජනය වේ .
- සමහර අවස්ථාවල දී ප්‍රතික්‍රීයක එකම පරමාණුවක් ඔක්සිකරණයට මෙන්ම ඔක්සිහරණයට ද භාජනය වේ. මෙය ද්විධාකරණය නම් වේ.
- මෙම ප්‍රතික්‍රියා දෙක (ඔක්සිකරණ හා ඔක්සිහරණ) අර්ධ ප්‍රතික්‍රියා ලෙස හදුන්වයි.
- රෙඩොක්ස් හඳුනාගැනීම් හා ප්‍රතික්‍රියා තුලනය කිරීමේ පියවර පහත දැක්වේ.
පියවර 1 :
ඔක්සිකරණය හෝ ඔක්සිහරණය වන පරමාණුව හඳුනාගන්න. (ඔක්සිකරණ අංකය වෙනස් වන පරමාණුව)
පියවර 2 :
ප්‍රතික්‍රියාවේ දෙපස ඇති එම පරමාණුවේ (ඔක්සිකරණ අංකය වෙනස් වන පරමාණුව) මුළු පරමාණු ගණන සමාන කරන්න.
පියවර 3 :
එසේ හඳුනාගත් ඔක්සිකරණ අංකය වෙනස් වන පරමාණුවේ ආරම්භක මුළු ඔක්සිකරණ අංකයත් අදාල පරමාණු අසලින් ලියාගන්න.
පියවර 4 : දෙපස මුළු ඔක්සිකරණ අංක එකතුව සමාන වන ආකාරයරයට ඔක්සිකරණ අංකය වැඩි පැත්තට ne යොදන්න ( n = 1, 2, 3 ….)
එහිදී,
ඔක්සිකරණයකදී දකුණුපසින්,
ඔක්සිහරණයකදී වම්පසින් ne එකතු කිරීම සිදුවේ.
පියවර 5 :
දෙපස මුළු ආරෝපණ එකතු වෙන වෙනම හඳුනා ගන්න. (ආරෝපණ සඳහා අයත් වන්නේ ne ධන අයන හා සෘණ අයන පමණක් වන අතර ඔක්සිකරණ අංක සලකන්නේ නැත.)
පියවර 6 :
දී ඇති මාධ්‍ය අනුව H+ හෝ OH– යොදන්න.
මාධ්‍ය භාෂ්මික වේ නම්,
දෙපස මුළු ආරෝපණ ගණන සමාන වන පරිදි සුදුසු පැත්තට OH– යොදන්න.
මාධ්‍ය ආම්ලික වේ නම්,
දෙපස මුළු ආරෝපණ ගණන සමාන වන පරිදි සුදුසු පැත්තට H+ යොදන්න.
පියවර 7 :
දෙපස මුළු O පරමාණු ගණන බලා O අඩු පසට O පරමාණු සමාන වල පරිදි H2O යෙදීම.
පියවර 8 :
දෙපස H පරමාණු ගණන සමාන බව තහවුරු කරගැනීම. (දෙපස H පරමාණු ගණන සමාන නම් සමීකරණය නිවැරදිව තුලිත වී ඇත.)
නිදසුන 1 :
ආම්ලික මාධ්‍යයේ දී \mathrm{MnO}_{(\mathrm{aq})}^{4-}\;\;\rightarrow\;\;\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}යන අර්ධ ප්‍රතික්‍රියා තුලනය කරන්න.
පියවර 1 :
Mn පරමාණුව ඔක්සිකරණ අංකය වෙනස් වී ඇත.
පියවර 2 :
\mathrm{MnO}_{(\mathrm{aq})}^{4-}\;\;\rightarrow\;\;\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}
(දෙපස අදාළ පරමාණු ගණන සමානව පවතී.)
පියවර 3:
\underset{+7}{\underset\uparrow{\mathrm{MnO}_{(\mathrm{aq})}^{4-}}}\;\;\rightarrow\;\underset{+2}{\;\underset\uparrow{\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}}}
පියවර 4 :
5\mathrm e\;+\;\mathrm{MnO}_{(\mathrm{aq})}^{4-}\;\;\rightarrow\;\;\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}
(දකුණු පස ඔක්සිකරණ අංකය වම් පසට වඩා 5 වැඩි නිසා වම් පසට ඉලෙක්ට්‍රෝන 5 එකතු කරන්න.)
පියවර 5,6 :
වම් පස මුළු ආරෝපණය = -6
දකුණු පස මුළු ආරෝපණය = +2
8\mathrm H^{+\;}+\;5\mathrm e\;+\;\mathrm{MnO}_{(\mathrm{aq})}^{4-}\;\;\rightarrow\;\;\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;
(මාධ්‍ය ආම්ලික බැවින් වම්පස ආරෝපණය +2 කිරීමට H+ අටක් එකතු කළ යුතුය.)
පියවර 7 :
8\mathrm H^{+\;}+\;5\mathrm e\;+\;\mathrm{MnO}_{(\mathrm{aq})}^{4-}\;\;\rightarrow\;\;\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;+\;4{\mathrm H}_2\mathrm O
පියවර 8 :
දෙපස H පරමාණු ගණන සමාන බැවින් අර්ධ ප්‍රතික්‍රියාවක් නිවැරදිව තුලනය වී ඇති බව තහවුරු වේ.
නිදසුන 2 :
භාෂ්මික මාධ්‍යයේ දී \;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;\;\;\rightarrow\;\;\;\mathrm{MnO}_{2(\mathrm{aq})}^{} යන අර්ධ ප්‍රතික්‍රියා තුලනය කරන්න.
පියවර 1 :
Mn පරමාණුව ඔක්සිකරණ අංකය වෙනස් වී ඇත. +2 සිට +4 දක්වා වැඩිවී ඇත. එම නිසා ඔක්සිකරණයකි.
පියවර 2 :
\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;\;\;\rightarrow\;\;\;\mathrm{MnO}_{2(\mathrm{aq})}^{}
(දෙපස අදාළ පරමාණු ගණන සමානව පවතී.)
පියවර 3 :
\underset{+2}{\underset\uparrow{\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}}}\;\;\;\rightarrow\;\;\;\underset{+4}{\underset\uparrow{\mathrm{MnO}_{2(\mathrm{aq})}^{}}}
පියවර 4 :
\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;\;\;\rightarrow\;\;\;\mathrm{MnO}_{2(\mathrm{aq})}^{}+2\mathrm e
පියවර 5 :
\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;\;\;\rightarrow\;\;\;\underbrace{\mathrm{MnO}_{2(\mathrm{aq})}^{}+2\mathrm e}_{-2}
වම් පස මුළු ආරෝපණය = +2
දකුණු පස මුළු ආරෝපණය = -2
පියවර 6 :
\;4\mathrm{OH}^{-\;}+\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;\;\;\rightarrow\;\;\;\underset{}{\underset{}{\mathrm{MnO}_{2(\mathrm{aq})}^{}+2\mathrm e}}
(මාධ්‍ය ආම්ලික බැවින් වම්පස ආරෝපණය -2 කිරීමට H+ අටක් එකතු කළ යුතුය.)
පියවර 7 :
\;\underset{\mathrm O\;\mathrm{පරමාණු}\;4}{4\mathrm{OH}^{-\;}}+\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;\;\;\rightarrow\;\;\;\underset{}{\underset{}{\underset{}{\underset{\mathrm O\;\mathrm{පරමාණු}\;2}{{\mathrm{MnO}}_{2(\mathrm{aq})}}_{}^{}\;}+2\mathrm e}}
පියවර 8 :
\;\underset{}{4\mathrm{OH}^{-\;}}+\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;\;\;\rightarrow\;\;\;\underset{}{\underset{}{\underset{}{\underset{}{{\mathrm{MnO}}_{2(\mathrm{aq})}}_{}^{}\;}+2\mathrm e\;+\;2{\mathrm H}_2\mathrm O}}
නිදසුන 3 :
(ඇතැම් ප්‍රතික්‍රියාවලදී 4 පියවර සිදු කළ පසුව පස්වන පියවරේ දී දෙපස ආරෝපණ ගණන සමාන වන අතර එවැනි අවස්ථාවලදී 6,7,8 පියවර සලකා බැලීම අවශ්‍ය නොවේ. පහත නිදසුනෙන් එය පැහැදිලි වේ.)
{\mathrm C}_2\mathrm O_{4(\mathrm{aq})}^{-2}\rightarrow{\mathrm{CO}}_{2(\mathrm g)\;} යන අර්ධ සමීකරණ තුලනය කරන්න.
පියවර 1 :
C පරමාණුව ඔක්සිකරණ අංකය වෙනස් වී ඇත.
පියවර 2 :
{\mathrm C}_2\mathrm O_{4(\mathrm{aq})}^{-2}\rightarrow2{\mathrm{CO}}_{2(\mathrm g)\;}
(දෙපස අදාළ පරමාණු ගණන සමාන කරයි.)
පියවර 3 :
\underset{+6\;(\mathrm C\;\mathrm{පරමාණු}\;\mathrm{දෙකෙහිම}\;\mathrm{මුළු}\;\mathrm{ඔක්සිකරණ}\;\mathrm{අංකය})}{\underset\uparrow{{\mathrm C}_2\mathrm O_{4(\mathrm{aq})}^{-2}}}\rightarrow\underset{+8\;(\mathrm C\;\mathrm{පරමාණු}\;\mathrm{දෙකෙහිම}\;\mathrm{මුළු}\;\mathrm{ඔක්සිකරණ}\;\mathrm{අංකය})}{\;\underset\uparrow{2{\mathrm{CO}}_{2(\mathrm g)\;}}}
පියවර 4 :
\underset{}{\underset{}{{\mathrm C}_2\mathrm O_{4(\mathrm{aq})}^{-2}}}\rightarrow\underset{}{\;\underset{}{2{\mathrm{CO}}_{2(\mathrm g)\;}+\;2\mathrm e}}
පියවර 5,6 :
වම් පස මුළු ආරෝපණය = -2
දකුණු පස මුළු ආරෝපණය = -2
(මෙම පියවරේදීම දෙපස ආරෝපණය මෙන්ම දෙපස පරමාණු ගණන ද සමාන බැවින් ප්‍රතික්‍රියාව තුලිත වී ඇත. )
තුලිත අයනික සමීකරණ ලිවීම. (අර්ධ අයනික තුලිත ප්‍රතික්‍රියා මගින්)
- ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවේ ne ගණනින් ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සම්පුර්ණයෙන් ගුණ කරන්න.
- ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවේ ne ගණනින් ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව සම්පුර්ණයෙන් ගුණ කරන්න.
- ලැබෙන නව සමීකරණ දෙක එකතු කරන්න.
- නිවැරදිව කර ඇත්නම් දෙපස කැඩි යයි. (සුළු වී යයි)
- H2O, H+, OH– ද සුළු කර ලියා දක්වන්න.
- ප්‍රතික්‍රියාව හැකිතාක් සුළු වන පරිදි දක්වන්න.
නිදසුන 1
ආම්ලික මාධ්‍යයේ දී MnO4– හා C2O42- අතර ප්‍රතික්‍රියාවේ තුලිත අයනික සමීකරණ ලියන්න
ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව
8\mathrm H_{(\mathrm{aq})}^++5\mathrm e+\mathrm{MnO}_{4(\mathrm{aq})}^-\rightarrow\;\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}+4{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})\;}----\boxed1
ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව
{\mathrm C}_2\mathrm O_{4(\mathrm{aq})\;}^{2-}\rightarrow\;2{\mathrm{CO}}_{2(\mathrm g)}+2\mathrm e----\boxed2
( පෙර හැදෑරූ කොටසේ පියවර ඔස්සේ මෙම අර්ධ ප්‍රතික්‍රියා තුලනය කළ හැක )
\boxed1\;\times2\;+\;\boxed2\times5
\begin{array}{l}16\mathrm H_{(\mathrm{aq})}^++\;2\mathrm{MnO}_{4(\mathrm{aq})}^-\;+5\;{\mathrm C}_2\mathrm O_{4(\mathrm{aq})\;}^{2-}\;+\;\cancel{10\mathrm e}\;\rightarrow10{\mathrm{CO}}_{2(\mathrm g)}\;+\;2\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})\;}+\;\cancel{10\mathrm e}\\16\mathrm H_{(\mathrm{aq})}^++\;2\mathrm{MnO}_{4(\mathrm{aq})}^-\;+5\;{\mathrm C}_2\mathrm O_{4(\mathrm{aq})\;}^{2-}\;\rightarrow10{\mathrm{CO}}_{2(\mathrm g)}\;+\;2\;\mathrm{Mn}_{(\mathrm{aq})}^{2+}\;+8{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})\;}\end{array}
නිදසුන 2
ආම්ලික මාධ්‍යයේ දී Cr2O72- හා SO2 අතර ප්‍රතික්‍රියාවේ තුලිත අයනික සමීකරණ ලියන්න.
ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව
14\mathrm H_{(\mathrm{aq})}^++6\mathrm e+\;\;\;{\mathrm{Cr}}_2\mathrm O_{7(\mathrm{aq})}^{2-}\;\rightarrow2\mathrm{Cr}_{(\mathrm{aq})\;}^{3+}\;\;+7{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}----\boxed1
ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව
\mathrm{SO}_{2(\mathrm{aq})}^++\;\;\;\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\;\rightarrow\;\mathrm{SO}_4^{2-}(\mathrm{aq})+\;4\mathrm H_{(\mathrm{aq})\;}^+\;\;+\;\;2\mathrm e----\boxed2
\boxed1\times2\;+\boxed2\times6
\begin{array}{l}28\mathrm H_{(\mathrm{aq})}^+\;+\cancel{\;12\mathrm e\;}+\;2\;{\mathrm{Cr}}_2\mathrm O_{7(\mathrm{aq})}^{2-}+6{\mathrm{SO}}_2+12{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\rightarrow4\mathrm{Cr}_{(\mathrm{aq})\;}^{3+}+14{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}+\mathrm{SO}_{4(\mathrm{aq})}^{2-}+28\mathrm H_{(\mathrm{aq})}^++\cancel{12\mathrm e}\\\;2\;{\mathrm{Cr}}_2\mathrm O_{7(\mathrm{aq})}^{2-}+6{\mathrm{SO}}_2+4\mathrm H_{(\mathrm{aq})}^+\;\rightarrow4\mathrm{Cr}_{(\mathrm{aq})\;}^{3+}+\;6\mathrm{SO}_{4(\mathrm{aq})}^{2-}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\\{\mathrm{Cr}}_2\mathrm O_{7(\mathrm{aq})}^{2-}+3{\mathrm{SO}}_2+2\mathrm H_{(\mathrm{aq})}^+\;\rightarrow2\mathrm{Cr}_{(\mathrm{aq})\;}^{3+}+\;3\mathrm{SO}_{4(\mathrm{aq})}^{2-}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm{aq})}\end{array}
ඔක්සිකරණ අංක වෙනස උපයෝගී කරගනිමින් ප්‍රතික්‍රියා තුලනය කිරීම
පියවර 1:
ප්‍රතික්‍රියාව දෙපස ඔක්සිකරණය වන ඔක්සිහරණය වන පරමාණු වන මුළු සංඛ්‍යා සමාන කිරීම.
පියවර 2:
ඔක්සිකරණය හා ඔක්සිහරණය වන පරමාණු වල මුළු ඔක්සිකරණ අංක ලියාගන්න.
පියවර 3:
ඔක්සිකරණය හා ඔක්සිහරණය වන ඉලෙක්ට්‍රෝන ගණන සමාන කිරීමට හුවමාරු වන ඉලෙක්ට්‍රෝන ගණන සුදුසු පරිදි ගුණ කිරීම.
පියවර 4:
දෙපස මුළු ආරෝපණ එකතුව සලකා එය සමාන කර ගැනීමට මාධ්‍ය අනුව H+ හෝ OH– එක් කරන්න.
පියවර 5:
දෙපස මුළු O පරමාණු ගණන බලා අඩු පසට අඩු ගණනට සමාන H2O යෙදීම.
පියවර 6:
දෙපස H පරමාණු ගණන සමාන නම් සමීකරණය නිවැරදිව තුලනය වී ඇති බව තහවුරු කර ගත හැක.
නිදසුන් 1:
ආම්ලික මාධ්‍යයේ දී සිදුවන\mathrm{MnO}_4^-\;+{\mathrm C}_2\mathrm O_4^{2-}\rightarrow\mathrm{Mn}_{}^{2+}+{\mathrm{CO}}_2\;\;\; ප්‍රතික්‍රියාවේ තුලිත අයනික සමීකරණ ලබාගන්න
පියවර 1:
\mathrm{MnO}_4^-\;+{\mathrm C}_2\mathrm O_4^{2-}\rightarrow\mathrm{Mn}_{}^{2+}+2{\mathrm{CO}}_2\;\;\;
පියවර 2:

පියවර 3:

(හුවමාරු වන ගණන සමාන කිරීම)
2\mathrm{MnO}_4^-\;+5{\mathrm C}_2\mathrm O_4^{2-}\rightarrow2\mathrm{Mn}_{}^{2+}+10{\mathrm{CO}}_2\;\;\;\;
පියවර 4:
16\mathrm H^{+\;}+\;2\mathrm{MnO}_4^-\;+5{\mathrm C}_2\mathrm O_4^{2-}\rightarrow2\mathrm{Mn}_{}^{2+}+10{\mathrm{CO}}_2\;\;\;\;
(දෙපස ආරෝපණ එකතුව සමාන වීමට වම්පසට H+ එක් කරන්න)
පියවර 5:
16\mathrm H^{+\;}+\;2\mathrm{MnO}_4^-\;+5{\mathrm C}_2\mathrm O_4^{2-}\rightarrow2\mathrm{Mn}_{}^{2+}+10{\mathrm{CO}}_2\;+3{\mathrm H}_2\mathrm O
(දෙපස මුළු O පරමාණු ගණන සමාන කිරීම්ට දකුණු පසට H2O එක් කරයි )
පියවර 6:
දෙපස H පරමාණු ගණන සමාන බැවින් ප්‍රතික්‍රියාව නිවැරදිව තුලිත වී ඇත.
නිදසුන් 2:
භාෂ්මික මාධ්‍යයේ දී සිදුවන {\mathrm{Cr}}_2\mathrm O_7^{2-}+{\mathrm{SO}}_2\;\rightarrow\;\;\;\mathrm{Cr}(\mathrm{OH})_3\;+\;\mathrm{SO}_4^{2-} ප්‍රතික්‍රියාවේ තුලිත අයනික සමීකරණ ලබාගන්න
පියවර 1:
{\mathrm{Cr}}_2\mathrm O_7^{2-}+{\mathrm{SO}}_2\;\rightarrow\;\;\;2\mathrm{Cr}(\mathrm{OH})_3\;+\;\mathrm{SO}_4^{2-}
පියවර 2 :

පියවර 3 :

{\mathrm{Cr}}_2\mathrm O_7^{2-}+3{\mathrm{SO}}_2\;\rightarrow\;2\mathrm{Cr}(\mathrm{OH})_3\;+3\;\mathrm{SO}_4^{2-}
පියවර 4:
4\mathrm{OH}^-+\;{\mathrm{Cr}}_2\mathrm O_7^{2-}+3{\mathrm{SO}}_2\;\rightarrow\;2\mathrm{Cr}(\mathrm{OH})_3\;+3\;\mathrm{SO}_4^{2-}
පියවර 5:
{\mathrm H}_2\mathrm O\;+\;4\mathrm{OH}^-+\;{\mathrm{Cr}}_2\mathrm O_7^{2-}+3{\mathrm{SO}}_2\;\rightarrow\;2\mathrm{Cr}(\mathrm{OH})_3\;+3\;\mathrm{SO}_4^{2-}
පියවර 6:
දෙපස H පරමාණු ගණන සමාන බැවින් ප්‍රතික්‍රියාව නිවැරදිව තුලිත වී ඇත.
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

