විද්‍යා අංශය5.7.1. මානව අන්තරාසර්ග පද්ධතියේ කාර්යභාරය විශ්ලේෂණය.

5.7.1. මානව අන්තරාසර්ග පද්ධතියේ කාර්යභාරය විශ්ලේෂණය.

මානව අන්තරාසර්ග පද්ධතියේ කාර්යභාරය

 

  1. මානව අන්තරාසර්ග පද්ධතිය (human endocrine system) යනු කුමක්දැයි හා එහි කාර්යභාරය සදහන් කරන්න

      • මානව දේහයේ කෘත්‍ය සමායෝජනය හා යාමනය සදහා දායක වන මූලික පද්ධතියකි.
      • විශිෂ්ට අන්තරාසර්ග ග්‍රන්ථි මගින් හා විශිෂ්ට අන්තරාසර්ග සෛල මගින් ස්‍රාවය කරනු ලබන හෝමෝන එනම් රසායනික සංඥා ආධාරයෙන් මෙම පද්ධතිය ක්‍රියා කරයි.

 

2. අන්තරාසර්ග ග්‍රන්ථි (Endocrine glands) යන්න හදුන්වන්න

      • නිර්නාල ග්‍රන්ථි(ductless glands) වේ.
      • විශිෂ්ට රසායනික පණිවිඩකාරක වන හෝමෝන ස්‍රාවය සදහා විශේෂණය වූ සෛල කාණ්ඩ වලින් සමන්විත ය.
      • මෙම ග්‍රන්ථී ඒ වටා ඇති රුධිර කේශනාලිකා ජාලයකින් සමන්විතය.
      • මෙය නිර්නාල ග්‍රන්ථි වල සිට හෝමෝන සෘජුවම රුධිර ධාරාවට විසරණය වීම වඩාත් පහසු කර ඇත.
      • එසේ නිර්නාල ග්‍රන්ථි වල සිට මෙම හෝර්මෝන රුධිරය ඔස්සේ ඈතින් පිහිටි විශිෂ්ට වූ ඉලක්ක අවයව / පටක කරා ලගා වේ.

 

හෝමෝන (Hormones)

 

3. හෝමෝන යන්න හදුන්වන්න

      • අන්තරාසර්ග ග්‍රන්ථි / අන්තරාසර්ග සෛල වලින් ස්‍රාවය කරන, සෘජුවම රුධිරයට විකිරණය වී, රුධිරය ඔස්සේ සිරුරේ වෙනත් ස්ථානයක ඇති ඉලක්ක සෛල මත ක්‍රියා කර, ඒවායේ සෛලීය කෘත්‍ය වෙනස් කරන, විශිෂ්ට රසායනික සංඥා අණු වේ.
      • විශේෂිත වූ හෝමෝනයකට සියලු දේහ සෛල වලට ළඟා විය හැකි වුව ද රසායනික සංඥා වලට ප්‍රතිචාර දක්වන්නේ අදාළ හෝමෝනයට ගැලපෙන ප්‍රතිගාහක සහිත ඉලක්ක සෛල පමණි.

 

4. ප්‍රතික්‍රියා සිදු වීමේ ආරම්භකය ලෙස හෝමෝන හදුන්වන්නේ ඇයි ?

      • ඉලක්ක සෛලයේ විශේෂිත ප්‍රතිගාහක සමඟ හෝමෝනය බැදුණු විට එය එම සෛලය තුළ රසායනික/පරිවෘත්තීය ප්‍රතික්‍රියා සිදු වීමේ ආරම්භකය ලෙස ක්‍රියා කරයි.

 

මානව අන්තරාසර්ග පද්ධතිය (Special Note)

 

  • එකිනෙක වෙන්ව පිහිටි විශිෂ්ට අන්තරාසර්ග ග්‍රන්ථි වලින් සමන්විත ය.

 

  • මීට අමතරව සමහර අවයව හා පටක වල තනිව පිහිටි අන්තරාසර්ග සෛල දැකිය හැකි ය.
    • උදාහරණ වන්නේ

      • ආමාශයේ පිහිටි අන්තරාසර්ග සෛල – ගැස්ට්‍රින්
      • ක්ෂුද්‍රාන්තයේ පිහිටි අන්තරාසර්ග සෛල – සික්‍රටින් , කොලිසිස්ටොකයිනින්
      • වෘක්කයේ පිහිටි අන්තරාසර්ග සෛල – එරිත්‍රොපොයිටීන්

 

 

 

What are Hormones?

 

හයිපොතැලමස (Hypothalamus)

 

hypothalamus | Definition, Anatomy, & Function | Britannica

  • පිහිටීම :- 

      • පූර්ව මස්තිෂ්ක පාදාන්තයේ තැලමසට වහාම පහලින් පිටියුටරි ග්‍රන්ථියට සම්බන්ධව.
  • හෝමෝන නවයක් නිපදවයි.
  • හෝමෝන හතක් නිපදවා ස්‍රාවය කරයි.
  • ඉන් 5 ක් ස්‍රාවී හෝර්මෝන ය. 2 ක් නිශේධන හෝමෝන ය.
  • පොදු කෘත්‍ය : පූර්ව පිටියුටරි හෝමෝන ස්‍රාවය යාමනය.
  • තවත් හෝමෝන 2 ක් නිපදවා රුධිර ධාරාවට ස්‍රාවය කර විශිෂ්ට ඉලක්ක අවයව මත ක්‍රියා කරන තෙක් අපර පිටියුටරියේ තැන්පත්ව ඇත. (5 : 2 : 2)
    • උදා :

          • ADH (ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝනය)
          • ඔක්සිටොසින්

 

 

 

වගුව :- පූර්ව පිටියුටරිය මත ක්‍රියා කරන හයිපොතැලමසෙන් ස්‍රාවය වන හෝමෝන

හයිපොතැලමසෙන් ස්‍රාවය වන හෝමෝන

කෘත්‍ය

ස්‍රාවී හෝමෝන (Releasing Hormone)

  1. වර්ධක හෝමෝන ස්‍රාවී හෝමෝනය (GHRH)
  • පූර්ව පිටියුටරියෙන් වර්ධක හෝමෝන ස්‍රාවය උත්තේජනය කරයි. (GH)

2. තයිරොට්‍රොෆින් ස්‍රාවී හෝමෝනය (TRH)

  • පූර්ව පිටියුටරියෙන් තයිරොයිඩ් හෝමෝනය ස්‍රාවය උත්තේජනය කරයි. (TSH)

3. කෝටිකොට්‍රොපින් ස්‍රාවී හෝමෝනය (CRH)

  • පූර්ව පිටියුටරියෙන් ඇඩිනොකෝටිකොට්‍රොපින් හෝමෝන (ACTH) උත්තේජනය කරයි.

4. ගොනැඩොට්‍රොෆින් ස්‍රාවී හෝමෝනය (GnRH)

  • පූර්ව පිටියුටරියෙන් ස්‍යුනිකා උත්තේජක හෝමෝනය (FSH)හා ලුටෙයිනිකාරක හෝමෝනය (LH) ස්‍රාවය උත්තේජනය කරයි.

5. ප්‍රොලැක්ටින් ස්‍රාවී හෝමෝනය (PRH)

  • පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් හෝර්මෝනය ස්‍රාවය උත්තේජනය කරයි. (PH)

නිශේධන හෝමෝන (Inhibiting Hormone)

1. ප්‍රොලැක්ටින් නිශේධන හෝමෝනය (PIH)

  • පූර්ව පිටියුටරියෙන් ප්‍රොලැක්ටින් හෝමෝනය ස්‍රාවය නිශේධනය කරයි.

2. වර්ධක හෝමෝන ස්‍රාවය නිශේධන හෝමෝනය (GHRIH)

  • පූර්ව පිටියුටරිය GH හා TSH ස්‍රාවය නිශේධනය කරයි.

 

      

පිටියුටරි ග්‍රන්ථිය (Pituitary gland)

 

  • පිහිටීම :-

      • හයිපොතැලමසට වහාම පහලින් පූර්ව මස්තිෂ්කයේ පිහිටන අතර ඊට වෘන්තයකින් සවි වී ඇත.

 

  • එකිනෙකට වෙනස් වූ කෘත්‍ය ඉටු කරන බද්ධ වූ ග්‍රන්ථියකි.
  • ප්‍රධාන කොටස් 2 කි.
    1. පූර්ව පිටියුටරිය
    2. අපර පිටියුටරිය

 

පූර්ව පිටියුටරිය (anterior pituitary)

  • හයිපොතැලමස සමඟ සම්බන්ධ වන්නේ ප්‍රතිහාර රුධිර නාල මගිනි.
  • හයිපොතැලමසෙන් ස්‍රාවය කරන විශිෂ්ට හෝමෝන වලට ප්‍රතිචාර ලෙස පූර්ව පිටියුටරියෙන් අදාළ විශිෂ්ට හෝමෝන රුධිර ධාරාවට ස්‍රාවය කරයි.

පෝෂී හෝමෝන :-

  • පෝෂී හෝමෝනයක් යනු

      • හයිපොතැලමසේ සිට පැමිණෙන රසායනික සංඥා වෙනත් අන්තරාසර්ග ග්‍රන්ථි වෙත නැවත හරවා යවන පූර්ව පිටියුටරියෙන් ස්‍රාවය වන හෝමෝන යි.
  • උදා – ACTH , FSH , TSH , LH
  • ප්‍රොලැක්ටින් පෝෂී හෝමෝනයක් නොවේ.
  • වර්ධක හෝමෝනය (GH) පෝෂී මෙන්ම පෝෂී නොවන බලපෑමක් සහිත හෝමෝනයකි.
  •  

     

    වගුව – පිටියුටරි හෝමෝන, ඒවායේ ඉලක්ක ස්ථාන හා කෘත්‍ය.

    හෝමෝන

    ඉලක්ක ස්ථානය

    කෘත්‍ය

    1. වර්ධක හෝමෝන (GH)[Growth Hormone]

     

    සියලු දෛහික සෛල

     

     

    • ප්‍රෝටීන් සංස්ලේෂණය උත්තේජනය මගින් පටක වර්ධනය.
    • පරිවෘත්තීය යාමනය.

    2. තයිරොයිඩ් උත්තේජක හෝමෝන (TSH)[Thyroid Stimulating
    Hormone]

     

    තයිරොයිඩය

     

     

     

    • තයිරොයිඩ් හෝමෝන ස්‍රාවය උත්තේජනය ( T3 හා T4)
    • තයිරොයිඩ් ග්‍රන්ථියේ වර්ධනය හා උත්තේජන

    3. ප්‍රොලැක්ටින්[Prolactin]

    ක්ෂිර ග්‍රන්ථි

    • කිරි නිපදවීම උත්තේජනය
    • අනෙකුත් හෝමෝන සමඟ ක්ෂීර ග්‍රන්ථි වලින් කිරි ස්‍රාවය ප්‍රවර්ධනය.

    4. අධිවෘක්ක බාහික හෝමෝනය (ACTH)[Adrenocorticotropic
    Hormone]

    අධිවෘක්ක බාහිකය

    • අධිවෘක්ක බාහික හෝමෝන ස්‍රාවය උත්තේජනය.

    5. ස්‍යුනිකා උත්තේජක හෝමෝනය (FSH)[Follicle Stimulating
    Hormone]

    ඩිම්බ කෝෂ

    වෘෂණ කෝෂ

    • ඩිම්බ ස්‍යුනිකා වර්ධනය හා උත්තේජනය
    • ශුක්‍රාණු ජනනය උත්තේජනය

    6.ලුටෙයිනිකාරක හෝමෝනය (LH)[Luteinizing Hormone]

    ඩිම්බ කෝෂ

    වෘෂණ කෝෂ

    • ඩිම්බ මෝචනය
    • ඩිම්බ කෝෂ තුළ පීත දේහ සෑදීම ප්‍රවර්ධනය.
    • පීත දේහයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය ස්‍රාවය උත්තේජනය.
    • ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්‍රාවය උත්තේජනය.

     

     

     

    අපර පිටියුටරිය (posterior pituitary)

    • හයිපොතැලමසෙහි ප්‍රසර්ජනයන් වන අතර අක්සන මගින් සම්බන්ධ වී පවතී.
    • හෝමෝන සංස්ලේෂණය නොකරයි.
    • හයිපොතැලමසෙහි නියුරෝන වල සංස්ලේෂණය වන හෝමෝන දිගු අක්සන ඔස්සේ ගමන් කර අපර පිටියුටරිය වෙත ළගා වේ.
    • හයිපොතැලමසේ සිට සම්ප්‍රේෂණය වන ස්නායු ආවේග වලට ප්‍රතිචාර ලෙස රුධිරයට එම හෝමෝන නිදහස් වන තුරු අපර පිටියුටරියේ අක්සන අන්ත වල ඒවා ගබඩා වී ඇත.

     

     

    වගුව – අපර පිටියුටරි හෝමෝන, ඒවායේ ඉලක්ක ස්ථාන හා කෘත්‍ය.

    හෝමෝනය

    ඉලක්ක ස්ථානය

    කෘත්‍ය

    ප්‍රතිමෞත්‍රල්‍ය හෝමෝනය (ADH)(Antidiuretic hormone)

    • වෘක්කාණු වල විදුර සංවලිත නාළිකා 
    • වෘක්කවල සංග්‍රාහක ප්‍රනාල.
    • ජලයට ඇති පාරගම්‍යතාවය වැඩි කර ජල ප්‍රතිශෝෂණය උත්තේජනය.

    ඔක්සිටොසින්

    • ක්ෂීර ග්‍රන්ථි
    • නිර්නාල පේෂි
    • සිනිදු පේෂි සංකෝචනය උත්තේජනයෙන් කිරි විසර්ජනය උත්තේජනය.
    • සිනිදු පේෂි සංකෝචනයෙන් දරු ප්‍රසූතිය සිදු කිරීම.

     

     

    The hypothalamus and the pituitary diagram | Endocrine system, Hormones  nursing, Pituitary gland tumor

     

     

     

     

     

     

     

    තයිමස් ග්‍රන්ථිය (Thymus gland)

     

    Neuropeptide interactions with the thymus | Download Scientific Diagram

     

    5. තයිමස් ග්‍රන්ථියේ පිහිටීම විස්තර කොට එමගින් ස්‍රාවය කරන ප්‍රධාන හෝමෝනය දක්වන්න

        • පිහිටීම  :-  පපුවේ ඉහළ කොටසේ උරෝස්ථියට ඍජුවම පිටුපසින් පෙණහැලි 2 ක අතර
        • ස්‍රාවය කරන හෝමෝනය :-  තයිමොසින් හෝමෝනය

     

    6. තයිමොසින් හෝමෝනයේ කෘත්‍යය හා එම හෝමෝනය සම්භවය වන සෛල විශේෂය ලියා දක්වන්න.

        • කෘත්‍යය  :-  වසා සෛල මත ක්‍රියාකර T වසා සෛලවල විකසනය හා පරිණතිය යාමනය කිරීම.
        • සෛල විශේෂය :-  ඇට මිදුලු වල මූලික සෛල

     

    කේතු දේහය (Pineal gland)

     

    7. කේතු දේහයෙන් ස්‍රාවය වන හෝමෝනය වන්නේ

        • මෙලටොනින්

     

    8. එම හෝමෝනය මගින් ඉටුකරන ප්‍රධාන කාර්යයන් 2 ක් ලියන්න.

        1. බොහෝ පටකවල දෛනික රිද්මය සම්බන්ධීකරණය.
        2. වැඩි වියට පත්වීමට පෙර ලිංගික ග්‍රන්ථි වල වර්ධනය හා විකසනය නිශේධනය.

    Melatonin Important Hormone Sleep Released By Stock Vector (Royalty Free)  1561139960

     

    අධි වෘක්ක ග්‍රන්ථි (Adrenal glands)

     

     

    • අධිවෘක්ක ග්‍රන්ථි යුගලමය වේ. 
    • එක් එක් වෘක්කයට උත්තරව පිහිටා අත්තේ අධිවෘක්ක ග්‍රන්ථි ය. 
    • අධිවෘක්ක ග්‍රන්ථියක ප්‍රධාන ප්‍රදේශ 2 කි. 
          1. අධිවෘක්ක බාහිකය (adrenal cortex)
          2. අධිවෘක්ක මජ්ජාව (adrenal medulla)
    • අධිවෘක්ක බාහිකයේ හා මජ්ජාවෙ ව්‍යුහය හා කෘත්‍යය එකිනෙකට වෙනස්‍ වේ.
    • අධිවෘක්ක ග්‍රන්ථි මගින් ස්‍රාවය වන හෝමොන දේහයෙ ආතති ප්‍රතිචාර සදහා වැදගත් වේ.

     

    9. අධිවෘක්ක බාහිකයෙන් නිපදවෙන ප්‍රධාන හෝමෝන 2 මොනවාද?

        1. ග්ලූකොකෝර්ටිකොයිඩ හෝමෝන – කෝටිසෝල්
        2. මිනරලොකෝටිකොයිඩ හෝමෝන – ඇල්ඩෙස්ටෙරෝන්

     

    Hormones Of Adrenal Glands And Internal Organstargets For Androgens  Epinephrine Cortisol And Aldosterone Stock Illustration - Download Image  Now - iStock

     

    10. කෝටිසෝල් එන්සයිමයේ ප්‍රධාන කෘත්‍යය විස්තර කරන්න.

        • මෙමගින් ප්‍රධාන බලපෑමක් ඇති කරන්නේ ග්ලූකෝස් පරිවෘත්තීය ක්‍රියාවලියේ දීය.
        • සෛලීය ශක්‍තිය නිපදවීම සදහා රුධිරයේ විශාල ග්ලූකෝස් ප්‍රමානයක් තිබුනද එම ග්ලූකෝස් ප්‍රමාණවත්නොවන අවස්ථාලදී කංකාල පේශිවල ප්‍රෝටීන් බිද දැමීමෙන් රුධිරයට ග්ලූකෝස් සැපයීම දිරි ගන්වයි.
        • එනම් මෙම හෝමෝනය කාබෝහයිඩ්‍රේට නොවන ප්‍රෝටීන හා මේද වැනි ප්‍රභවවලින් ග්ලූකෝස් නිපදවීම.

     

    11. ඇල්ඩෙස්ටෙරෝන් හෝමොනයේ කෘත්‍යය විස්තර කරන්න.

          • මෙය වෘක්කීය නාලිකාවලින් Na+ ප්‍රතිශෝෂණය උත්තේජනය හා K+ මුත්‍රා මගින් බහිස්ස්‍රාවය උත්තේජනය සිදු කිරීමට වැදගත් වේ.
          • Na+ ප්‍රතිශෝෂණය සමග ජලය රදවා තබා ගැනීම සිදුවන නිසා මෙමගින් රුධිර පරිමාව හා පීඩනය ඉහළ වේ.
          • එනම් ඇල්ඩෙස්ටෙරෝන් රුධිරයේ පරිමාව හා පීඩනය යාමනට දායක වේ.

     

    12. අධිවෘක්ක මජ්ජාව මගින් නිපදවන හෝමෝන මොනවාද ?

        • ඇඩ්‍රිනලීන් හෝමොනය
        • නොඇඩ්‍රිනලීන් හෝමොනය

     

    13. අධිවෘක්ක මජ්ජාවන් නිපදවන හෝමෝනවලින් සිදුකරන කෘත්‍යයන් 3 ක් දක්වන්න .

          1. හෘද ස්පන්දනය හා රුධිර පීඩනය වැඩි කිරීම.
          2. අත්‍යවශ්‍ය අවයවවලට සපයන රුධිර සැපයුම වැඩි කිරීම.
          3. පරිවෘත්තීය වේගය ඉහල දැමීම.

     

    14. අධිවෘක්ක මජ්ජාව මගින් ස්‍රාවය කරන හෝමෝන දේහ සෙෙල තුළ ශක්ති නිෂ්පාදනය උත්තේජනය කරන ආකාර 2ක් දක්වන්න.

          • අක්මාවේ හා කංකාල පේශීවල ග්ලයිකොජන් බිද හෙලීමේ වේගය වැඩි කිරීම.
          • මේද සෛලවලින් මේද අම්ල නිදහස් කිරීම මගින් සංසරණය වන රුධිරයට ග්ලූකෝස් නිදහස් කිරීම.

     

    What are Adrenal Disorders?

     

    15. පහත ඒවා අතරින් අන්තරාසර්ග මෙන්ම බාහිරාසර්ග ලෙස ක්‍රියාකල හැක්කේ

              1. පිටියුටරි ග්‍රන්ථිය
              2. තයිමස් ග්‍රන්ථිය
              3. අග්න්‍යාශය
              4. කේතු දේහය
              5. වෘෂණ කෝෂ

                • පිළිතුර – 3

     

    16. අග්න්‍යාශයේ ලැන්ගහැන්දීපිකා මගින් ස්‍රාවය වන ප්‍රධාන හෝමෝන 2 හා එම හෝමෝන ස්‍රාවය කරනු ලබන සෛල වෙන් වෙන්ව දක්වන්න

          • ල්ෆා සෛල :-  ග්ලූකගොන් හෝමෝනය
          • බීටා සෛල    :-  ඉන්සියුලින් හෝමෝනය

     

    17. ග්ලූකගොන් හා ඉන්සියුලින් යන හෝමෝනවල ප්‍රධාන කෘත්‍යයන් මොනවාද ?

          • ග්ලූකගොන්  :-  කංකාල පේශී මත ක්‍රියාකොට රුධිරගත ග්ලූකෝස් මට්ටම වැඩිකිරීම ප්‍රවර්ධනය කිරීම.
          • ඉන්සියුලින්   :-  අක්මාවේ ග්ලයිකොජන් ලෙස ග්ලූකෝස් තැන්පත් කිරීමෙන් රුධිරගත ග්ලුකෝස් මට්ටම පහත හෙලීම ප්‍රවර්ධනය කිරීම.

     

     

     

    ගොනැඩ (Gonads)

     

     

    18. ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිපදවන ස්ත්‍රී ප්‍රජනක ව්‍යුහ වෙන වෙනම දක්වන්න.

        • ඊස්ට්‍රජන් (ඊස්ට්‍රඩියෝල්) :-
                1. ඩිම්බ කෝෂ තුළ පවතින ඩිම්බ ස්‍යුනිකා
                2. ඩිම්බ මෝචනයෙන් පසු ඩිම්බ කෝෂ තුළ ඇතිවන පීත දේහ
                3. ගර්භණි කාලයේදී කලල බන්ධය
      •  
        • ප්‍රොජෙස්ටරෝන් :-
                1. ඩිම්බ මෝචනයෙන් පසු ඩිම්බ කෝෂ තුළ ඇතිවන පීත දේහ
                2. ගර්භණි කාලයේදී කලල බන්ධය

     

    19. ඉන්හිබීන්වල කෘත්‍යය කුමක් දැයි පුරුෂ ප්‍රජනක පද්ධතිය ඇසුරු කොට පහදන්න.

        • පූර්ව පිටියුටරිය මගින් ස්‍රාවය කරන FSH මගින් සටෝලි සෛල මගින් නිපදවන ශුක්‍රාණුවලට අවශ්‍ය පෝෂණය සපයයි.
        • මෙසේ නිපදවන ශුක්‍රාණු ප්‍රමාණවත් වූ පසු සර්ටෝලි සෛල (Sertoli cells) මගින්ම නිපදවන ඉන්හිබීන් පූර්ව පිටියුටරිය මත ඍණ බලපෑමක් ඇතිකොට FSH ස්‍රාවය අඩු කරයි.
        • එමගින් ශුක්‍රාණු ජනන වේගය අඩු වේ.

     

    20. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ස්‍රාවය කරනුයේ වෘෂණවල ඇති කවර සෛල වර්ගයකින් ද?

        • වෘෂණ අන්තරාල සෛල (interstitial cells) වලින්

     

    21. ටෙස්ටොස්ටෙරෝන් මගින් යාමනය වන ප්‍රධාන ක්‍රියාවලි 2 දක්වන්න.

        1. පුරුෂ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිකිරීම හා පවත්වාගෙන යාම.
        2. ශුක්‍රාණු නිපදවීම යාමනය කිරීම.
     

     

    Gonad Function - an overview | ScienceDirect Topics

     

     

     

    අන්තරාසර්ග පද්ධතිය හා සම්බන්ධ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ (Feedback mechanisms)

     

    22. ප්‍රතිපෝෂණය යනු කුමක්ද?

        • යම්කිසි ක්‍රියාවලියක් එහි අන්තඵල හෝ ප්‍රතිඵලය මගින් යාමනය වීමයි.

     

    23. ප්‍රතිපෝෂී යාන්ත්‍රණ ආකාර 2 මොනවාද?

        1. ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණ
        2. ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණ

     

     

    24. මානව දේහය තුළ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අවස්ථාවක් දක්වන්න.

        • රුධිර ග්ලූකෝස් මට්ටමේ හෝර්මෝනමය පාලනය

     

    25. ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණය මගින් හෝර්මෝන මට්ටම පාලනය වන්නේ කෙසේද?

        • හෝර්මෝනයේ බලපෑමෙන් ඇතිවන අන්තඵලය මගින් හෝර්මෝන රුධිරයට නිදහස් කරන ග්‍රන්ථිය උත්තේජනය වීම ප්‍රත්‍යාවර්තනය හෝ උත්තේජනය වීම අඩු කිරීම මගින්.

     

    26. මානව දේහයේ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණය ක්‍රියාත්මක වන අවස්ථා 2 ක් දක්වන්න.

        1. ඔක්සිටොසින් හෝර්මෝනයේ බලපෑමෙන් ප්‍රසූතියේදී ගර්භාෂයික සංකෝචන උත්තේජනය.
        2. ඔක්සිටොසින් හෝර්මෝනයේ බලපෑමෙන් ස්ථන ග්‍රන්ථි වලින් කිරි මුදාහැරීම.

     

    27. ප්‍රසූතියේදී ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය දක්වන්න.

        1. අපර පිටියුටරියෙන් නිදහස් වන ඔක්සිටොසින් හෝර්මෝනයේ බලපෑමෙන් ගර්භාෂයික සංකෝචන උත්තේජනය වේ.
        2. මේ සංකෝචක බලයන් නිසා ළදරුවාගේ හිස ගැබ් ගෙලට ඇතුළු වීමෙන් එහි ඇති ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වේ.
        3. එයට ප්‍රතිචාර වශයෙන් නැවත සංවේදක නියුරෝන උත්තේජනය වී ඔක්සිටොසින් නිදහස් වීම වැඩි කරයි.
        4. එවිට ගර්භාෂයික සංකෝචන තවදුරටත් උත්තේජනය වේ.
        5. දරුවා බිහි කරන තුරු මේ ක්‍රියාවලිය නැවත නැවත සිදුවේ.

     

    28. ස්තන ග්‍රන්ථි වලින් කිරි මුදාහැරීමේදී ඔක්සිටොසින් හෝර්මෝනයේ ක්‍රියාකාරීත්වයට අදාළ ධන ප්‍රතිපෝෂී යාන්ත්‍රණය දක්වන්න.

    Lactation | Anatomy and Physiology II

     

    මිනිසාගේ සමහර අන්තරාසර්ග ආබාධ

     

    රෝගය

    හේතු

    රෝග ලක්ෂණ

    පාලනය කරන ආකාරය

    1. මධුමේහය I  (Type I  diabetes) (ඉන්සියුලින් මත යැපෙන මධුමේහය)
    • ප්‍රවේණික හා පාරිසරික සාධක හේතුවෙන් දේහයේ ප්‍රතිශක්ති පද්ධතිය මගින් ලැන්ගැහැන් දීපිකා වල ඇති බීටා සෛල විනාශ කරයි.එවිට ඉන්සියුලින් ස්‍රාවය ප්‍රබල ලෙස ඌනවී හෝ නැතිවී යයි.
    • රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ යාම.
    • අඩු කාබෝහයිඩ්‍රේට හා ලිපිඩ සහිත ආහාර ගැනීම
    • ක්‍රමානුකූලව රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීම
    • ඉන්සියුලින් ආවර්තී ලෙස නික්ෂේපණය

    2. මධුමේහය II (Type II  diabetes)(ඉන්සියුලින් මත නොයැපෙන මධුමේහය)

    • තරබාරැ බව (ඔත් ජීවන රටාව)
    • ව්‍යායාම මදබව
    • වයස්ගත වීම
    • ප්‍රවේණික සාධක
    • රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයට වඩා ඉහළ යාම.
    • අඩු කාබෝහයිඩ්‍රේට හා ලිපිඩ සහිත ආහාර ගැනීම
    • සීනි පරිභෝජනය තුලනය
    • ව්‍යායාම
    • සුදුසු ඖෂධ ගැනීම

    3. අධිතයිරොයිඩතාව (Hyperthyroidism)

    • දේහ පටක අධික T3 හා T4 මට්ටම් වලට නිරාවරණය වීම
    • පාදස්ථ පරිවෘත්තීය වේගය ඉහළ යාම
    • බර අඩු වීම
    • උණුසුම දැනීම
    • දහඩියෙන් තෙත් වු සම
    • පාචනය
    • ඇස් ඉදිරියට නෙරා යාම
    • ගලගණ්ඩය
    • තයිරොයිඩ් ග්‍රන්ථියේ කොටසක් හෝ සම්පූර්ණ තයිරොයිඩ් ග්‍රන්ථියම ඉවත් කිරීම
    • තයිරොක්සින් සංස්ලේෂණය වැළැක්වීමට සුදුසු ඖෂධ භාවිතය

    4. මන්දතයිරොයිඩතාව (hypothyroidism)

    • පූර්ව පිටියුටරියෙන් TSH නිෂ්පාදනය අඩු වීම.
    • හා ආහාරයේ අයඩින් ඌනතාව හේතුවෙන් තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රමාණවත් නොවන තයිරොක්සින් ස්‍රාවය
    • අඩු පාදස්ථ පරිවෘත්තීය වේගය
    • බර වැඩි වීම
    • අලසකම හා මැළිකම
    • මලබද්ධය
    • සීත වියළි සම
    • ආහාරයෙන් අයඩින් පරිභෝජනය වැඩි කිරිම
    • ‍මෞඛ තයිරොයිඩ හෝර්මෝන ප්‍රතිකර්මය


     

     

     

     

     

    ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

    Back
    WhatsApp Chat - LearnSteer EduTalk 🔥
    Telegram Channel - LearnSteer EduTalk 🔥
    Send us a private message.
    LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
    hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom