රසායන විද්‍යාවදවසට පාඩමක්04.02.06 - මවුලික පරිමාව

04.02.06 – මවුලික පරිමාව

වායුවක පරිමාව මවුල ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික වන බැවින්,

{\mathrm V}_{\mathrm m}=\frac{\mathrm V}{\mathrm n}

ලෙස අපිට ලිවිය හැකිය.

  • සමාන උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ දී ඕනෑම වායුවක මවුල එකක් අත් කර ගන්නා පරිමාව (Vm) එකම අගයක් විය යුතු නිසා එය,

{\mathrm V}_{\mathrm m}=\frac{\mathrm{RT}}{\mathrm P}

ලෙස ගණනය කළ හැකිය.

එම නිසා උෂ්ණත්වයේ දී හා සම්මත පීඩනයේ දී ඕනෑම වායුවක මවුලික පරිමාව (Vm)  එකම පරිමාවක් විය යුතුය.සම්මත අගය සඳහා තත්ත්ව කුලක දෙකක් භාවිත කෙරේ.

  • පළමු තත්ත්වය අනුව :

  උෂ්ණත්වය 00C (273.15K) සහ සම්මත පීඩනය 1 atm (101325 Pa) වේ.මෙම සම්මත තත්ත්වය යටතේ පරිපූර්ණ වායුවක් හෝ පරිපූර්ණ වායු සංයෝජනයක මවුලික පරිමාව 22.414 dm3mol-1 වේ. මෙම තත්ත්ව යටතේදී වායුවක මවුලික පරිමාව (Vm) ලෙස නිරූපණය කෙරේ.

  • දෙවන තත්ත්ව අනුව :

  ස්ථානික උෂ්ණත්වය 25 °C (298.15K) සහ සම්මත පීඩනය 1 atm (101325 Pa) වේ. මෙහි දී වායුවක මවුලික පරිමාවේ අගය 24.790 dm3mol-1 වේ.

සටහන: ඇවගාඩ්රෝ නියමයට අනුව වායුවක මවුලික ස්කන්ධය (M), එහි ඝනත්වයට (d), අනුලෝමව සමානුපාතික වේ.

\begin{array}{rcl}\mathrm V\;&=&\;\mathrm{kn}\;=\mathrm k\left(\frac{\mathrm m}{\mathrm M}\right)\\\mathrm M\;&=&\;\mathrm k\left(\frac{\mathrm m}{\mathrm V}\right)\;=\;\mathrm{kd}\\&&\end{array}

 

 

ප්‍රායෝගික පරීක්ෂණය 1 – වායුවක මවුලික පරිමාව පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම

අරමුණු
    1. විද්‍යාගාරයේ දී වායුවක් එකතු කර ගැනීමට සඳහා වායු පරිමාවක් මැන ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතාව ලබාදීම.
    2. එමෙන්ම මෙහිදී විද්‍යාගාර තත්ත්ව යටතේ ඔක්සිජන් වායුව මවුලයක පරිමාව ගණනය කිරීමට සිසුන්ට හැකිවනු ඇත.
පෙර පරීක්ෂණ ප්‍රශ්න
    1. විද්‍යාගාර තත්ත්ව යටතේ දී ඔක්සිජන් වායුව පිට වන ප්‍රතික්‍රියා වගුගත කරන්න
    2. ‍විද්‍යාගාර තත්ත්ව යටතේ දී ඔක්සිජන් වායුව පිට වන ප්‍රතික්‍රියා එකතු කරගැනීමට හා දැන ගැනීමට ඔබ ඉහත සඳහන් කරන ලද ප්‍රතික්‍රියා වලින් කුමක් වඩාත් සුදුසු වේද යන්න සාකච්ඡා කරන්න.අනෙක් ඒවා සුදුසු නොවීමට ද හේතු දක්වන්න.
    3. උෂ්ණත්වය හා පීඩනයේදී වායුවක මවුලික පරිමාව යනු කුමක්ද?
හැඳින්වීම

වායුවක මවුලික පරිමාව යනු 0°C දී 1 atm පීඩනයක දී වායු මවුල එකක පරිමාව වේ. (එනම් සම්මත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී) මවුලික පරිමාව උෂ්ණත්වය හා පීඩනය අනුව විචලනය වේ. මෙම පරීක්ෂණයේදී ඔක්සිජන් වායුවේ මවුලික පරිමාව නිර්ණය කරනු ලැබේ. පහත ප්‍රතික්‍රියාව මගින් ඔක්සිජන් වායුව පිළියෙල කරගත හැකිය.

\begin{array}{rcl}2{\mathrm{KMnO}}_{4\left(\mathrm s\right)}\;&\rightarrow&{\mathrm K}_2{\mathrm{MnO}}_{4\left(\mathrm s\right)}\;+{\mathrm{MnO}}_{4\left(\mathrm s\right)}\;+{\mathrm O}_{2\left(\mathrm g\right)}\\&&\end{array}

 

මෙම ප්‍රතික්‍රියාවේ දී එකම වායුමය ඵලය ඔක්සිජන් වායුව වේ. ඒ නිසා ප්‍රතික්‍රියාව සිදුවන අතරතුර සිදුවන ස්කන්ධ අඩුවීම භාවිතා කර සෑදෙන O2 ස්කන්ධය සොයා ගනු ලබන අතර ඔක්සිජන් වායුවේ පරිමාව සොයා ගැනීමට ජල විස්ථාපන ක්‍රමය භාවිතා කළ හැකිය.

වියළි ඔක්සිජන් වායුවේ පීඩනය ආංශික පීඩනය පිළිබඳ ඩෝල්ටන් නියමයෙන් ගණනය කළ හැකිය.

\begin{array}{rcl}{\mathrm P}_\text{සමස්ථ}&=&{\mathrm P}_{{\mathrm O}_2}+{\mathrm P}_{{\mathrm H}_2\mathrm O}\\&&\\&&\\&&\end{array}

එබැවින්,

\begin{array}{rcl}{\mathrm P}_{{\mathrm O}_2}&=&{\mathrm P}_\text{සමස්ථ}-{\mathrm P}_{{\mathrm H}_2\mathrm O}\\&&\end{array}

මෙහි Pසමස්ථ යනු වායුගෝලිය පීඩනය ද PH2O යනු ජලයේ වාෂ්ප පීඩනය ද වේ.

 
 



ස. උ.පී හි  දී ඔක්සිජන් වායුවේ පරිමාව සොයාගැනීමට සංයුක්ත වායු සමීකරණය භාවිතා කළ හැකිය.

\begin{array}{rcl}\frac{{\mathrm P}_1{\mathrm V}_1}{{\mathrm T}_1}&=&\frac{\displaystyle{\mathrm P}_2{\mathrm V}_2}{\displaystyle{\mathrm T}_2}\end{array}

 

මෙහිදී P1, V1 හා T1 යනු ස. උ.පී තත්ත්වය වන අතර (O2 වායුවේ ආංශික පීඩනය) V2 (මනිනු ලබන ඔක්සිජන් පරිමාව) සහ T2 (කාමර උෂ්ණත්වය) විද්‍යාගාර තත්ත්වය වේ. ස. උ.පී දී V1 තත්ත්වය ගණනය කළ විට, නිපදවන ඔක්සිජන් වායු මවුල ගණන අනුව ඔක්සිජන් හි මවුලික පරිමාව ගණනය කරනු ලැබේ.

\begin{array}{rcl}&&\text{ඔක්සිජන් හි ,මවුලික පරිමාව =}\frac{\text{ස.උ.පී.හි දී ඔක්සිජන් වායුවේ පරිමාව}\left(\mathrm{dm}^3\right)}{\text{ඔක්සිජන් වායු මවුල ගණන}\left(\mathrm{mol}\right)}\\&&\end{array}

 
අවශ්‍ය උපකරණ හා රසායනාගාර ද්‍රව්‍ය

උපකරණ

    • මිනුම්සරාව
    • බීකරය
    • ඇබය සහිත කැකෑරුම් නලය
    • විසර්ජන නලය
    • ඇබ සහිත වීදුරු බෝතලය
    • රබර් නල
    • කැකෑරුම් නල අඬුව
    • ආධාරක
    • බන්සන් දාහකය
    • උෂ්ණත්වමානය
    • බැරෝමීටරය
    • සිව් දඬු තුලාව
    • පුලුන්

රසායන ද්‍රව්‍ය

    • පොටෑසියම් පර්මැංගනේට්
පරීක්ෂණ ඇටවුම

පහත පරීක්ෂණ ඇටවුමෙන් ඔක්සිජන් වායුව මගින් විස්ථාපිත ජලය එක් රැස් කර ගනු ලැබේ.

ආරක්ෂිත පියවර: ඇස් ආවරණ පළඳින්න. වියළි භාවිත KMnO4 කිරීමේදී සැලකිලිමත් වන්න.

ක්‍රමය
  • වියළි KMnO4 ප්‍රමාණය ග්‍රෑම් 5ක් පමණ කිරා වියලි කැකෑරුම් නළයට  දමාගන්න.
  • කැකෑරුම් නලය ඉහළ කෙලවර ආසන්නයට කපු පුළුන් ස්වල්පයක් ඇතුළු කරන්න.
  • මුළු ස්කන්ධය KMnO4 හා පුළුන් සමග මැන ගන්න.(m1)
  • ඉහත රූපයේ දක්වා ඇති පරිදි උපකරණය සකසා නළය සෙමෙන් රත් කරන්න.
  • ඔක්සිජන් වායුව නිසා ජලය 350-400 cm3 පමණ විස්ථාපනය වන තුරු රත් කර ඉන්පසු කැකෑරුම් නලය කාමර උෂ්ණත්වයට සිසිල් වන තුරු තබන්න.
  • කැකෑරුම් නලය හා එහි අඩංගු ද්‍රව්‍ය වල ස්කන්ධය මැන නැවත මැන ගන්න.(m2)
  • බඳුන් දෙකෙහි ජල මට්ටම් සමාන වන විට B පැත්තේ රබර් නළය ඉවත් කරන්න. B නලයේ ඉතිරි ජලය බීකරයට වැටුණු බව ස්ථිර කරගන්න.
  • මිනුම් සරාව භාවිතයෙන් විස්ථාපනය වූ ජල පරිමාව මැන ගන්න.
  • කාමර  උෂ්ණත්වය හා පීඩනය සටහන් කර ගන්න
ප්‍රතිඵල
අවශ්‍ය දත්ත ප්‍රතිඵල
රත් කිරීමට පෙර කැකෑරුම් නල සහ එහි අඩංගු ද්‍රව්‍ය වල ස්කන්ධය(m1/g)  
රත් කළ පසු කැකෑරුම් නල සහ එහි අඩංගු ද්‍රව්‍ය වල ස්කන්ධය(m2/g)  
විස්ථාපනය වූ ජල පරිමාව (ඔක්සිජන් පරිමාව) (cm3)  
උෂ්ණත්වය °C  
පීඩනය /mmHg  
 
ගණනය කිරීම
    1.  වියළි O2 පීඩනය  නිර්ණය කරන්න. II ඇටවුම යොදා ගන්නේනම් මුළු ජලය වාෂ්ප පීඩනය අඩු කරන්න.

\begin{array}{l}\begin{array}{rcl}{\mathrm P}_\text{සමස්ථ}&=&{\mathrm P}_{{\mathrm O}_2}+{\mathrm P}_{{\mathrm H}_2\mathrm O}\end{array}\\\begin{array}{rcl}{\mathrm P}_{{\mathrm O}_2}&=&{\mathrm P}_\text{සමස්ථ}-{\mathrm P}_{{\mathrm H}_2\mathrm O}\end{array}\\\end{array}

Pසමස්ථ යනු වායුගෝලිය පීඩනය වන අතර PH2O යනු කාමර උෂ්ණත්වයේ දී වාෂ්ප පීඩනය වේ. ජාල වාෂ්ප පීඩනය සොයා ගැනීමට දී ඇති වගුව භාවිතා කරන්න.

\begin{array}{l}\begin{array}{l}{\mathrm P}_{{\mathrm O}_2}\end{array}=\dots\dots\dots\dots\dots\mathrm{mmHg}\\\\\end{array}

 

b. මේ පීඩනය mmHg සිට Nm-2 වලට පරිවර්තනය කරන්න.

\begin{array}{l}\begin{array}{l}{\mathrm P}_{{\mathrm O}_2}\end{array}=\dots\dots\dots\dots\dots\mathrm{Nm}^{-2}\\\\\end{array}

 

c. ස. උ.පී හි  දී ඔක්සිජන් වායුවේ පරිමාව ගණනය කිරීම සඳහා සංයුක්ත වායු සමීකරණය භාවිතා කරන්න.

\text{ස.උ.පී. හි දී ඔක්සිජන් වායුවේ පරිමාව =………………dm}^3

 

04. සැදුණු ඔක්සිජන් වායු මවුල ගණන

\text{පරීක්ෂණයේ දී සැදුණු ඔක්සිජන් මවුල ගණන =}\frac{{\mathrm m}_1-{\mathrm m}_2}{32\mathrm{gmol}^{-1}}\text{=... ... ... ... ... ...mol}

 

05. ඔක්සිජන් වායුවේ මවුලික පරිමාව

\begin{array}{rcl}&&\text{ඔක්සිජන් හි ,මවුලික පරිමාව =}\frac{\text{ස.උ.පී.හි දී ඔක්සිජන් වායුවේ පරිමාව}\left(\mathrm{dm}^3\right)}{\text{ඔක්සිජන් වායු මවුල ගණන}\left(\mathrm{mol}\right)}\\&&\end{array}

 
පසු  පරීක්ෂණ ප්‍රශ්න
  1. කැකෑරුම් නළයේ ඉහළ කෙළවරට කපු පුළුන් ඇතුල් කරන්නේ ඇයි?
  2. කැකෑරුම් නලය හා අඩංගු ද්‍රව්‍ය මැනීමට පෙර කාමර උෂ්ණත්වයේපැවතීම වැදගත් වන්නේ ඇයි?
  3. නලය ඉවත් කිරිමට පෙර ජල මට්ටම් සමාන කිරීම වැදගත් වන්නේ ඇයි?
  4. සත්‍යය අගය සමඟ සංසන්දනය කර දෝෂ ප්‍රතිශතය ගණනය කරන්න.

 

 
අන්තර්ගතය: වායුවක මවුලික පරිමාව පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම

ප්‍රායෝගික පරීක්ෂණය 2 – හයිඩ්‍රජන් වල මවුලික පරිමාව යොදා ගනිමින් Mg වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය පරීක්ෂණාත්මකව නීර්ණය කිරීම.

අරමුණ‍ ලෝහ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නිර්ණය කිරීම සඳහා අවශ්‍ය කුසලතාව

පෙර පරීක්ෂණ ප්‍රශ්න

  1. ජලය සමඟ ප්‍රතික්‍රියා කරන විවිධ වායු ලැයිස්තුගත කරන්න.
  2. තනුක අම්ල සමඟ වේගයෙන් ප්‍රතික්‍රියා කරන ලෝහ ලැයිස්තුගත කර, ඒවා සඳහා තුලිත රසායනික සමීකරණ ලියන්න.
  3. පරිපූර්ණ වායු නියමය සහ ආංශික පීඩන පිළිබඳ ඩෝල්ටන් නියමය ප්‍රකාශ කරන්න. සියලු පද අර්ථ දක්වන්න.
  4. විද්‍යාගාරයේ දී වායු එක් රැස් කර ගැනීමට භාවිතා කරන විවිධ ක්‍රමවේද ලැයිස්තුගත කරන්න.

 

හැඳින්වීම

  • වායුමය ප්‍රතික්‍රියා සඳහා, වායු පරිමා මිනුම් ඒවායේ ස්ටොයිකියෝමිතික සම්බන්ධතා නිර්ණය කිරීම සඳහා පහසුකමක් ලබා දේ.
  • සමහර ලෝහ අම්ල සමඟ ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව නිදහස් කරයි.
  • මේ පරීක්ෂණයේ දී Mg තනුක HCl සමඟ ප්‍රතික්‍රියාවෙන් සෑදෙන හයිඩ්‍රජන් වායු ප්‍රමාණය, Mg හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කිරීමට භාවිතා වේ.
  • මේ ප්‍රතික්‍රියාවේ දී නිපදවෙන හයිඩ්‍රජන් වායුව, ජලයේ යටිකුරු විස්ථාපනයෙන් වායුපරිමාමානය නමින් හඳුන්වනු ලබන දිග, සිහින්, ක්‍රමාංකනය කරන ලද වීදුරු නලයකට හෝ බියුරෙට්ටුවකට එකතු කරගනු ලැබේ.
  • Mg අම්ලය සමඟ ප්‍රතික්‍රියා කරන විට, ජල‍යේ විස්ථාපනයෙන් එකතු කර ගන්නා ලද වායු පරිමාව මැන ගනු ලැබේ.
  • වායුවේ උෂ්ණත්වය හා ඒ හා සම්බන්ධව පවත්නා ජලයේ උෂ්ණත්වය සමාන ලෙස සලකනු ලබන්නේ දෙන ලද ප්‍රමාණවත් කාලයක් තුළ දී ජලය හා වායුව යන දෙකම තාපමය වශයෙන් සමතුලිතතාවයට එළඹීම නිසා ය.
  • වායුපරිමාමානයේ ජල මට්ටම, පිටත ජල මට්ටමට සමාන වන සේ සකසනු ලැබේ. මෙමඟින් වායු පරිමාමානයේ පීඩනය පවතින වායුගෝලීය පීඩනයට සමාන වන බව තහවුරු කර ගත හැකිය.
  • H2 වායුව ජල මට්ටමට උඩින් එකතු කරන බැවින්, ජලයට විශේෂිත වූ වාෂ්ප පීඩනයක් පවතින අතර, පිරිසිදු H2 වල (වියළි H2 වල) පීඩනය ලබා ගැනීමට නම් ජලයේ වාෂ්ප පීඩනය අඩු කළ යුතුය.
  • ඩෝල්ටන්ගේ වාෂ්ප පීඩන නියමය භාවිතයෙන්, වියළි හයිඩ්‍රජන් වායුවේ පීඩනය ගණනය කරනු ලැබේ.

           එබැවින් ,   

  • Pසමස්ත යනු වායුගෝලීය පීඩනය (වායු පරිමාමානය තුළ පීඩනය) වේ.
  • යනු ජලයේ වාෂ්ප පීඩනය (වායු පරිමාමානය තුළට වාෂ්ප වූ ජල වාෂ්ප මඟින් ඇති කරන පීඩනය)
  • එක් එක් උෂ්ණත්වයට අදාළ වන ජලයේ වාෂ්ප පීඩනය පහත වගුවට අනුව ලබා ගත හැකිය.

උෂ්ණත්වය (0C)

ජලයේ වාෂ්ප පීඩනය (torr)

උෂ්ණත්වය (0C)

ජලයේ වාෂ්ප පීඩනය (torr)

20

17.5

29

30.0

21

18.7

30

31.8

22

19.8

40

55.3

23

21.1

50

92.5

24

22.4

60

149.4

25

23.8

70

233.7

26

25.2

80

355.1

27

26.7

90

525.8

28

28.3

100

760.0

 

  • H2 වායුවේ පරිමාව (v) දන්නා බැවින්, එකතු කරන ලද H2 වායු මවුල ගණන (n) පරිපූර්ණ වායු නියමය ඇසුරෙන් ගණනය කළ හැකිය.

\mathrm n=\frac{\mathrm{PV}}{\mathrm{RT}}

  ( මෙහිදී  pසමස්ටථ නොව  {\mathrm P}_{{\mathrm H}_2} භාවිත කළ යුතුය. R = 8.314 JK-1mol-1 )

  • Mg හා H2 වායුව අතර ස්ටොයිකියෝමිතික අනුපාතය 1∶1 බැවින්, HCl සමඟ ප්‍රතික්‍රියා කරන ලද Mg වල මවුල ප්‍රමාණය ගණනය කළ හැකි ය. ප්‍රතික්‍රියා කරන ලද Mg පටියේ ස්කන්ධය දන්නා බැවින්, පහත ආකාරයට, Mg වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කළ හැකිය.

\text{Mg වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය}\;=\frac{\text{Mg පටියේ ස්කන්ධය (g)}}{\text{Mg මවුල ගණන (n)}}

 

උපකරණ හා රසායනික ද්‍රව්‍ය

උපකරණ

රසායන ද්‍රව්‍ය

වායුපරිමාමානය

මැග්නීසියම් පටි

1L බීකරය

Cu කම්බි කැබැල්ලක්

බියුරෙට්ටු අඬු

2 M HCl

බියුරෙට්ටු ආධාරක

 

උෂ්ණත්වමානය

 

බැරෝමීටර

 

 

පරීක්ෂණ ඇටවුම

  • පහත පරීක්ෂණ ඇටවුම භාවිතයෙන් ජලයේ යටිකුරු විස්ථාපනයෙන් හයිඩ්‍රජන් වායුව එක් රැස් කර ගනු ලැබේ.
  • වායුපරිමාමාන‍ය වෙනුවට යටිකුරු කරන ලද බියුරෙට්ටුවක් වුව ද භාවිතා කළ හැකි ය.

 

ආරක්ෂිත පියවර : අම්ල භාවිතයේ දී අත් වැසුම් පළදින්න.

ක්‍රමය:

  • 10cm3 ක්‍රමාංකීත සිලින්ඩරයකට 2moldm-3 HCl ද්‍රාවණයෙන් 5 cm3 වත් කර ගනු ලැබේ.
  • එම HCl මතට පරිස්සමෙන් ජලය එකතු කරගනිමින් (ජලය හා HCl මිශ්‍ර නොවන සේ) සිලින්ඩරය සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා ගන්න.
  • 1cm වන මැග්නිසියම් පටියක් (~0.05g) ඇබයේ කෙලවරට සම්බන්ධ කර, ඇබය ක්‍රමාංකිත සිලින්ඩරය මත සවිකර ගන්න.
  • සිලින්ඩරය ක්ෂණිකව යටිකුරු කර, එහි පහල කොටස ජලය පුරවා ගත් 1L වන ජලය සහිත බීකරයක ගිල්වන්න.
  • HCl, ලෝහය සමග ප්‍රතික්‍රියා කරමින්, යටිකුරු කරන ලද සිලින්ඩරය තුළට වායුව එකතු විම සිදු වන අතර, ප්‍රතික්‍රියාව අවසන් වූ පසු,සිලින්ඩරය තුළ සහ බීකරය තුළ ජල මට්ටම් සමාන කර, වායුවේ පරිමාව නිර්ණය කරගනු ලැබේ.මේ පරීක්ෂණය තෙවතාවක් සිදු කරන්න.

ප්‍රතිල:

 

01 පරීක්ෂණය

02 පරීක්ෂණය

03 පරීක්ෂණය

සාමාන්‍ය අගය

Mg වල ස්කන්ධය (g)

 

 

 

 

නිපදවූ H2වල පරිමාව(cm3)

 

 

 

 

උෂ්ණත්වය (0 C)

 

 

 

 

H2O වල ආංශික පීඩනය (torr)

 

 

 

 

 

ගණනය :

  1. වියළි H2 වායුවේ පීඩනය ({\mathrm P}_{{\mathrm H}_2}) මුළු පීඩනයෙන්,ජලයේ වාෂ්ප පීඩනය අඩු කර ගැනීමෙන් සමස්ථ පීඩනය නිර්ණය කර ගැනීම.

Pසමස්ථ = {\mathrm P}_{{\mathrm H}_2} + {\mathrm P}_{{\mathrm H}_2\mathrm O}

{\mathrm P}_{{\mathrm H}_2} = Pසමස්ථ{\mathrm P}_{{\mathrm H}_2\mathrm O}

Pසමස්ථ යනු (වයුපරිමාමාන පීඩනය)  වායුගෝලීය පීඩනය හා {\mathrm P}_{{\mathrm H}_2\mathrm O} යනු (ජල වාෂ්ප පිඩනය) වායුපරිමාමානය තුළට වාෂ්ප මගින් ඇති කරන පීඩනය, උෂ්ණත්වය අනුව ජලයේ වාෂ්ප පීඩනය සොයා ගැනිමට ඉහත වගුව යොදා ගන්න.

{\mathrm P}_{{\mathrm H}_2}= ____________________ Hgmm

 

2. මේ පීඩනය Hgmm වලින් Nm-2 වලට පරිවර්තනය කර ගන්න.

(760Hgmm = 1.01 ×105 Nm-2)

{\mathrm P}_{{\mathrm H}_2} = ____________________   Nm-2

 

3. පරීක්ෂණයේදී නිපදවා ගත් H2 වායුවේ මවුල ගණන ගණනය කර ගැනීමට පරිපුර්ණ වායු සමීකරණය යොදා ගන්න. (R)හි ඒකක හා ගැලපෙන පරිදි නිවැරදි ඒකක භාවිතා කිරීමට වගබලා ගන්න.

H2 වායු මවුල ගණන  = ____________________ mol

 

 

4. අනතුරුව Mg හා H2 වල ස්ටෝයිකියෝමිතිය භාවිතයෙන්, Mg වල මවුල ගණන සොයා ගෙන, Mg වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න.

Mg වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය   = ____________________    g/mol

සාකච්ඡාව :

  • දෝෂ විය හැකි ආකාරයන් ගැන සාකච්ඡා කරන්න.
  • ගණනය කරන ලද අගය, සම්මත අගය හා සංසන්දනය කර දෝෂ ප්‍රතිශතය ගණනය කරන්න.

පසු පරීක්ෂණ ප්‍රශ්න:

  1. මේ පරීක්ෂණයේ දී යොදා ගත හැකි ලෝහවල නම් ලැයිස්තුගත කරන්න.
  2. තඹ කම්බිය, H2 වායුව නිපදවෙන ප්‍රමාණය කෙරෙහි බලපායි ද? හේතු දක්වන්න.
  3. පිත්තල කැබැල්ලක අඩංගු Cu හා Zn ප්‍රතිශතයන් ගණනය කිරීමට මේ පරික්ෂණාත්මක ඇටවුම භාවිතා කළ හැකිද?

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.