විද්‍යා අංශයජීව විද්‍යාව6.1.1 - මෙන්ඩලීය පරීක්ෂණවල විද්‍යාත්මක පදනම සලකා බලයි

6.1.1 – මෙන්ඩලීය පරීක්ෂණවල විද්‍යාත්මක පදනම සලකා බලයි

 

මෙන්ඩලීය ප්‍රවේණිය

1. නූතන ප්‍රවේණි විද්‍යාවේ පියා කවුද?

    • ග්‍රෙගර් මෙන්ඩල්

 

2. ප්‍රවේණි විද්‍යාවේ ලක්ෂණ ලෙස හදුන්වන්නේ මොනවාද?

    • ඇස් වල වර්ණය, හිසකෙස් වල වර්ණය වැනි විවිධාකාර ආවේණික අංග ලක්ෂණ.

 

3. ගති ලක්ෂණ යනු මොනවාද?

    • මිනිසුන් තුල දැකිය හැකි ආවේණි ගත විය හැකි විවිධාකාර ප්‍රභේදන

 

4. රූපාණුදර්ශය යනු කුමක්ද?

    • ජීවියෙකුගේ බාහිරින් නිරීක්ෂණය කළ හැකි ගති ලක්ෂණ.

 

5. ජානයක් යනු කුමක්ද?

    • ජනකයාගෙන් ජනිතයාට ප්‍රවේණික තොරතුරු සම්ප්‍රේෂණය කරන මූලික ඒකකය වන අතර කිසියම් වර්ණදේහයක නිශ්චිත පථයක පවතින, විශිෂ්ට ප්‍රෝටීන කේතනය කරන, DNA අනුපිළිවෙලකි.

 

6. ඇලීල යනු මොනවාද?

    • වෙනස් වර්ණදේහ වල එකම පථයක පිහිටා ඇති එකම ජානයේ විකල්ප ස්වරූප.

 

7. සමයෝගීතාව හා විෂමයෝගීතාව පහදන්න.

    • යම් ජානයකට අදාළ ඇලීල යුගලයම සර්වසම වීම සමයෝගීතාවයි.
    • යම් ජානයකට අදාළ ඇලීල යුගල එකිනෙකට වෙනස් වීම විෂමයෝගීතාවයි.

 

8. ප්‍රමුඛ හා නිලීන ඇලීල හදුන්වන්න.

    • ප්‍රමුඛ ඇලීලය – විෂමයුග්මක අවස්ථාවේදී අනෙක් ඇලීලයේ බාහිරයට ප්‍රකාශ වීම වළක්වමින් ජීවීන්ගේ රූපාණුදර්ශය තීරණය කරන ඇලීලය.
    • නිලීන ඇලීලය – විෂමයුග්මක අවස්ථාවේදී රූපාණුදර්ශය කෙරෙහි කිසිදු හැඳිනිය හැකි බලපෑමක් සිදු නොකරන සමයුග්මක අවස්ථාවේදී පමණක් බාහිරයට ප්‍රකාශ වන ඇලීලය.

 

9. නුමුහුම් අභිජනන ප්‍රභේද හදුනා ගන්නේ කෙසේද?

    • පරම්පරා ගණනාවක් මුළුල්ලේ ස්වපරාගනය මගින් ජනක ශාකයට සමාන එකම ප්‍රභේදන දරන දුහිතෘ ශාක ලැබීමෙන්.

 

10. නුමුහුම් පෙළ යනු කුමක්ද?

    • පරම්පරා ගණනාවක් මුළුල්ලේ නුමුහුම් අභිජනන ප්‍රභේද ස්වසංසේචනය මඟින් නිපදවා ගන්නා ඒකාකාර පෙළ.

 

11. දෙමුහුම්කරණය යනු කුමක්ද?

    • පරස්පර ගති ලක්ෂණ දරන නුමුහුම් අභිජනන ශාක දෙකක් අතර සිදු කරන මුහුමක් හෝ සංවාසයක්.

 

12. ඒකාංග මුහුම හා ද්විඅංග මුහුම හදුන්වන්න.

    • ඒකාංග මුහුම – විශේෂිත ලක්ෂණයකට අදාලව විෂමයුග්මක තත්ත්ව දරන ජීවින් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂණයකි.
    • ද්විඅංග මුහුම – විශේෂිත ලක්ෂණ දෙකක් කෙරෙහි විෂමයුග්මක තත්ත්ව දරන ජීවින් දෙදෙනෙකු අතර සිදු කරන අභිජනන පරීක්ෂණයකි.

 

13. ඒකාංග හා ද්විඅංග මුහුම් අතර වෙනස කුමක්ද?

    • ඒකාංග මුහුමේදී එක් ලක්ෂණයක් පමණක් සලකනු ලබන අතර ද්විඅංග මුහුමේදී ලක්ෂණ දෙකක් සලකනු ලැබේ.

 

14. පරික්ෂා මුහුම යනු කුමක්ද?

    • විශිෂ්ට ප්‍රමුඛ ගති ලක්ෂණයකට අදාලව නොදන්නා ප්‍රවේණි දර්ශයක් සහිත ජීවියෙකුගේ ප්‍රවේණි දර්ශය නිර්ණය කිරීම උදෙසා එම ජීවියා, එම විශිෂ්ට ගති ලක්ෂණයට ම අදාළව නිලීන සමයුග්මක ජීවියෙකු සමඟ ම අභිජනනය කිරීම.

 

15. පරික්ෂා මුහුමක අරමුණ කුමක්ද?

    • විශිෂ්ට ගති ලක්ෂණයකට අදාළව නොදන්නා ප්‍රවේණි දර්ශය නිර්ණය කර ගැනීම.

 

16. මෙන්ඩල් සලකනු ලැබූ පරස්පර ගති ලක්ෂණ මොනවාද?

    • පුෂ්ප වර්ණය, පුෂ්පයේ පිහිටීම, බීජ වර්ණය, බීජයේ හැඩය, කරලේ හැඩය, කරලේ වර්ණය, කඳේ දිග.

 

17. ඒකාංග මුහුමේදී F 2 පරම්පරාවේ රූපාණුදර්ශ අතර අනුපාතය කොපමණද?

    • 3:1

 

18. මෙන්ඩල්ගේ ආවේණිය පිලිබද කරන ලද පරීක්ෂණ විද්‍යානූකූල පදනමකින් යුක්තය. එය එසේ වීමට හේතු සදහන් කරන්න.

    • සෑම ආකාරයක් සදහාම ප්‍රවේණික මුහුම් දහස් ගනණක් සිදු කිරීම.
    • සෑම පරීක්ෂණයක් සදහාම වාර්තා තබාගැනීම.
    • සෑම මුහුමක් සදහාම අවම වශයෙන් පරම්පරා 2ක් සඳහා සිදු කිරීම.
    • දත්ත ප්‍රමාණාත්මක විශ්ලේෂණය.

 

19. මෙන්ඩල් විසින් ගෙවතු මෑ (Pissum sativum) යොදාගනිමින් කරන ලද පරීක්ෂණ වල සාර්ථකත්වයට එහි විද්‍යානුකූල පදනමට අමතරව බලපෑ Pissum sativum සතු අනන්‍ය ලක්ෂණ මොනවාද?

    • ප්‍රතිවිරුද්ධ ලක්ෂණ රාශියක් සහිත ප්‍රභේද රාශියක් තීබීම.
    • ජනන කාලය කෙටි වීම.
    • සෑම මුහුමකදීම ප්‍රජනිතය විශාල සංඛ්‍යාවකින් නිපදවීම.
    • ශාක අතර මුහුම් මුලුමනින්ම පාලනය කල හැකි වීම.

 

20. ගුණ කිරීමේ නීතිය හා ආකලන නීතිය පහදන්න.

    • ගුණ කිරීමේ නීතීය

            අන්‍යෝන්‍ය වශයෙන් ස්වාධීන සිදුවීම් දෙකක් සැලකූ විට, ඒ සිදුවීම් දෙකම සමගාමීව සිදු වීමට ඇති හැකියාව එක් සිදුවීමක් තනිව වීමේත්, අනෙක තනිව විමේත් ගුණිතයට සමාන වේ.

    • ආකලන නීතිය

            අන්‍යෝන්‍ය ලෙස ස්වාධීන සිදුවීම් දෙකක් හෝ කීපයක් සැලකූ විට ඉන් එක් සිදුවීමක් සිදුවීමේ සම්භාවිතාව, ඒවා වෙන වෙනම වීමේ සම්භාවිතාවන්ගේ එකතුවට සමාන වේ.

 

21. විෂමයුග්මකයන් ඇති වීමට හේතු වන ආකාර කීයද? ඒ මොනවාද?

    • ඩිම්බයෙන් ප්‍රමුඛ ඇලීලයත් ශුක්‍රාණුවෙන් නිලීන ඇලීලයත් ලැබිම
    • ශුක්‍රාණුවෙන් ප්‍රමුඛ ඇලීලයත් ඩිම්බයෙන් නිලීන ඇලීලයත් ලැබීම

 

22. බහුවිධ ලක්ෂණ මුහුමක් යනු?

    • එක් ප්‍රවේණික මුහුමකදී ජීවියෙකුගේ ආවේණික ලක්ෂණ දෙකක් හෝ වැඩි ගණනක් පිලිබඳ ආවේණික රටා සෙවීම.

 

23. කිසියම් ශාකයක බීජ වර්ග දෙකකි. රතු රවුම් බීජ, කහ රැලි වැටුනු බීජ වලට ප්‍රමුඛ වේ. රතු රවුම් බීජ දරන ශාකයක් කහ රැලි වැටුනු බීජ දරන ශාකයක් හා මුහුම් කල විට F2 පරම්‍පරාවේ එක් එක් ප්‍රවේණිදර්ශ ලැබීමේ සම්භාවිතා ගුණ කිරීමේ නීතිය ඇසුරින් සොයන්න.

    • R- රතු බීජ r- කහ බීජ
    • A – රවුම් බීජ a- රැලි වැටුනු බීජ
    • RrAa ලැබීමේ සම්භාවිතාව – 1/2 ×1/2 = 1/4
    • rrAa ලැබීමේ සම්භාවිතාව – 1/4 ×1/4 = 1/8
    • rraa ලැබීමේ සම්භාවිතාව – 1/4 × 1/4 =1/16

 

24. පරීක්ෂා මුහුම යනු,

    • එකම ලක්ෂණයක් සඳහා යම් තෝරාගත් රූපාණුදර්ශයක් හා නොදන්නා ප්‍රවේණි දර්ශය සහිත ජීවියෙකු එම විශේෂයේම එම ලක්ෂණයටම සමයුග්මක නිලීන තත්වය දරන වෙනත් ජීවියෙකු සමඟ මුහුම් කෙරෙයි.

 

25. උස ගෙවතු මෑ ශාක වල ප්‍රවේණිදර්ශය සෙවීමට ඒකාංග පරීක්ෂා මුහුමක්,

     මිටි මෑ ශාකය සඳහා – tt ප්‍රවේණි දර්ශය

     උස මෑ ශාකයක් සඳහා – TT හා Tt ප්‍රවේණි දර්ශය

                                ජනක රූපාණුදර්ශය     උස × මිටි

                                ජනක ප්‍රවේණිදර්ශය      TT × tt

                                ජන්මාණු                    T × t

                                F1 පරම්පරාව                 Tt

                                                        100%ක් උස ශාක

                                ජනක රූපාණුදර්ශය       උස × මිටි

                                ජනක ප්‍රවේණිදර්ශය        Tt × tt

                                ජන්මාණු                    T t    t

                                F1 පරම්පරාව               Tt    tt

                                                             50% 50%

                                                               උස   මිටි

 

26. ද්විඅංග පරීක්ෂා මුහුමක් යනු,

    • ලක්ෂණ දෙකක් සඳහා ප්‍රමුඛ ලක්ෂණ දරන ඒකෛකයෙකු, ලක්ෂණ දෙකම සඳහා නුමුහුම් පෙළ නිලීන ලක්ෂණ දරන ජීවියෙකු සමඟ මුහුම් කිරීම වේ.

 

27. ද්විඅංග පරීක්ෂා මුහුමක් සඳහා උදාහරණයක්,

    • රතු පැහැති මල් පෙති සමඟ කලු පැහැති බීජ දරන ශාක හා සුදු පැහැති මල් පෙති සමඟ දුඹුරු පැහැති බීජ දරන ශාක මුහුම් කිරීමක්,

                        ප්‍රමුඛ ලක්ෂණය – රතු මල් පෙති සහ කලු බීජ

                        නිලීන ලක්ෂණය – සුදු මල් පෙති සහ දුඹුරු බීජ

                 රතු මල් පෙති සහ කලු බීජ සඳහා පැවතිය හැකි ප්‍රවේණිදර්ශ 

                                 RrBb RRBb RrBB RRBB

 

                        නොදන්නා රූපාණුදර්ශය RrBb නම්,

                                  P පරම්පරාව    RrBb × rrbb

                                  ජන්මාණු       RB Rb    rB rb

                                  F1

                    RrBb – රතු පැහැති මල් පෙති සමඟ කලු පැහැති බීජ   – 25%

                    Rrbb – රතු පැහැති මල් පෙති සමඟ දුඹුරු පැහැති බීජ  – 25%

                    rrBb – සුදු පැහැති මල් පෙති සමඟ කලු පැහැති බීජ    – 25%

                    rrbb – සුදු පැහැති මල් පෙති සමඟ දුඹුරු පැහැති බීජ   – 25%

    • ඉහත රූපාණුදර්ශ හතර 1:1:1:1 අනුපාතයෙන් ලැබේ.

 

28. මෙණ්ඩල්ගේ පළමු නියමය වනුයේ,

    • වියුක්ත වීම පිළිබඳ නියමයයි.
    • එනම් සෑම ආවේණික ලක්ෂණයක්ම, ඇලීල ලෙස හඳුන්වන ආවේණික සාධක 2ක් මගින් නිර්ණය කරනු ලබන බවත්, ජන්මාණු සෑදීමේදී යම් ආවේණික සාධකයකට අදාළ ඇලීල එකිනෙකින් වෙන්ව යමින් සෑදෙන සෑම ජන්මාණුවකටම එම ඇලීල යුගලෙන් එක බැගින් ලැබෙන බවත් ය.

 

29. පනට් චතුරස්‍රයක් යනු,

    • යම් නිශ්චිත මුහුමකින් හෝ අභිජනන ක්‍රියාවකින් ලැබෙන ජනිතයන් සතුව පැවතිය හැකි ප්‍රවේණිදර්ශ වල ප්‍රස්තාරික නිරූපණයකි.

 

30. මෙණ්ඩල් ආවේණිය පිළිබඳ තම පළමු නියමය ඉදිරිපත් කළේ,

    • එක් අභිජනන පරීක්ෂණයක් සඳහා වරකට එක් ලක්ෂණයක් පමණක් යොදා ගනිමින් සිදුකළ ඒකාංග මුහුම් ආධාරයෙනි.

 

31. මෙණ්ඩල් තම දෙවෙනි නියමය ඉදිරිපත් කරන ලද්දේ,

    • ලක්ෂණ යුගල දෙක බැගින් එකවර යොදා ගනිමින් සිදු කළ ද්විඅංග මුහුම ආධාරයෙනි.

 

32. මෙණ්ඩල්ගේ ද්විඅංග මුහුම් පරීක්ෂයේ අරමුණ වනුයේ,

    • එක ලක්ෂයකට අදාළ ඇලීල ජන්මාණුවලට වියුක්ත වී යන්නේ අනෙක් ලක්ෂණයට අදාළ ඇලීල වලින් ස්වාධීනව ද නැතහොත් පරාධීනව ද යන්න සොයා බැලීමයි.

 

33. මෙන්ඩල්ගේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණේ කුමන උපකල්පනයට අදාළව ද?

    • දෙවන උපකල්පනයට අදාළව එනම්, රූපාණුදර්ශ අනුපාතය 9:3:3:1 ලෙස ලැබුණි.

 

34. එහි නිගමනය වනුයේ,

    • එක් එක් ගතිලක්ෂණ ඇති කරන ඇලීල එකිනෙකින් ස්වාධීනව වියුක්ත වී යන බවය.

 

35. මෙන්ඩල්ගේ ආවේණිය පිළිබඳ දෙවන නියමය වනුයේ,

    • ස්වාධීන සංරචණය පිළිබඳ නියමයයි.
    • එනම්, ජන්මාණු සෑදීමේදී ඇලීල එකිනෙකින් වෙන් වන්නේද, නැවත එකිනෙක හා යුගලනය වන්නේද එකිනෙකින් ස්වාධීනවය.

 

36. මෙම ස්වාධීන සංරචණයේ ප්‍රතිඵලයක් ලෙස,

    • ජාන 2 ක් හෝ කිහිපයක් එකිනෙක සංයෝජනය වීම එකිනෙකින් ස්වාධීනව සිදුවේ.

 

37. නමුත් වර්තමානයේ මේ තත්වය වලංගු වන අවස්ථා දෙක වනුයේ,

    • වෙනස් වර්ණදේහ වල ඇති ජාන සඳහා එනම්, සමජාත නොවන වර්ණදේහ වල ඇති ජාන
    • එකම වර්ණදේහය මත එකිනෙකින් ඉතා දුරින් පිහිටන ජාන සඳහා

 

38. මෙන්ඩල්ගේ පළමු හා දෙවන නියම පරීක්ෂණාත්මකව සාර්ථක වීමට හේතු,

    • විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් සිදු කිරීම – මෙන්ඩල් සෑම එක් ආකාරයක් සඳහාම ප්‍රවේණික මුහුම් දහස් ගණනක් සිදු කළේය. මෙමගින් ඔහුට සම්භාවිතා උපකල්පන වලට ඉතාම සමීප ප්‍රතිඵල අත් කර ගත හැකි විය.
    • මෙන්ඩල් තම පරීක්ෂණවල නිරවද්‍ය වාර්තා තබා ගැනීම – එමගින් ආවේණියේ බොහෝ රටා මඟහැරීමකින් තොරව හඳුනා ගත හැකිවිය.
    • මෙන්ඩල් සාමාන්‍යයෙන් සෑම මුහුමක් සදහාම අවම වශයෙන් මෙලෙස පරම්පරා දෙකක් සඳහා සිදු කළේය.
    • මෙන්ඩල් තම පරීක්ෂණ වල ජනිතයින් පිළිබද ලබාගත් දත්ත ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කළේය.

 

මෙන්ඩල්ගේ නියම.

 

මෙන්ඩල්ගේ ඒකාංග මුහුම

 

ඒකාංග මුහුම් සඳහා සම්භාවිතාව

 

මෙන්ඩල්ගේ ද්විඅංග මුහුම

1. ස්වාධීන සංරචනය

 

2. ද්විඅංග මුහුම් සඳහා සම්භාවිතාව

 

3. ත්‍රී අංග මුහුම් සඳහා සම්භාවිතාව

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet