07.03.00 – සමාවයවිකතාවය

  • එකම අණුක සූත්‍රයක් යටතේ එකිනෙකට වෙනස් ව්‍යුහ සූත්‍ර ‍‍සහිත රසායනික සංයෝග පැවතීමේ සංසිද්ධිය සමාවයවිකතාවය ලෙස හැඳින්වේ. තවද යම් අණුක සූත්‍රයක් යටතේ වන එකිනෙකට වෙනස් ව්‍යුහ සහිත ප්‍රභේද එම අණුක සූත්‍රය යටතේ වන සමාවයවික ලෙස හඳුන්වනු ලැබේ.
  • යම් අණුක සූත්‍රයක් යටතේ වන සමාවයවික තුළ භෞතික ගුණ හා රසායනික ගුණ එකිනෙකට වෙනස් විය හැක.
  • තවද සමාවයවිකතාවය මූලික කොටස් 2 ට බෙදේ. රසායනික ව්‍යුහය තුළ බැලූ බැල්මට හඳුනාගත හැකි වෙනස්කම් පැවතීම හේතුවෙන් ගොඩනැගෙන සමාවයවිකතාව ව්‍යුහ සමාවයවිකතාවය ලෙසත්, ත්‍රිමාණ අවකාශය තුළ බන්ධන ව්‍යාප්තියෙහි විවිධත්වය හේතුවෙන් ගොඩනැගෙන සමාවයවිකතාවය ත්‍රිමාණ සමාවයවිකතාවය ලෙසත් හඳුන්වයි.

a ) ව්‍යුහ සමාවයවිකතාවය

  • කිසියම් අණුක සූත්‍රයක් යටතේ බැලූ බැල්මට වෙන් වෙන් වශයෙන් හඳුනාගත හැකි ව්‍යුහාත්මක වෙනස්කම් සහිත රසායනික ප්‍රභේද පැවතීමේ සංසිද්ධියයි.
  • මෙම කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනස්කම් C දාමය සකස්වීමේ විවිධත්වය හේතුවෙන්, ක්‍රියාකාරී කාණ්ඩ හෝ ආදේශ කාණ්ඩ C දාමයට සම්බන්ධ වන ස්ථානයේ පවතින වෙනස්කම් හේතුවෙන් හෝ පවතින ක්‍රියාකාරී කාණ්ඩය වෙනස්වීම හේතුවෙන් ඇති විය හැක.

i ) දාම සමාවයවිකතාවය

  • C දාමයේ සකස්වීමේ විවිධත්වය මත එකම ක්‍රියාකාරී කාණ්ඩයක් යටතේ, කැපී පෙනෙන ලෙස එකිනෙකට වෙනස් ව්‍යුහාත්මක වෙනස්කම් සහිතව රසායනික ප්‍රභේද පැවතීමේ සංසිද්ධිය දාම සමාවයවිකතාවයි.

උදා :

  1. C4H10O යටතේ පැවතිය හැකි ( – CH2OH ) ව්‍යුහ කොටසක් සහිත දාම සමාවයවික
  1. C4H10 අණුක සූත්‍රය යටතේ පවතින දාම සමාවයවික
  1. C5H12 දාම සමාවයවික
  1. C4H11N ( -NH2 ) කාණ්ඩයක් සහිත දාම සමාවයවික

ii ) ස්ථාන සමාවයවිකතාවය

  • කිසියම් කාබනික සංයෝගයක වන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හෝ ආදේශ කාණ්ඩ C දාමයට සම්බන්ධ වන ස්ථානයේ පවතින වෙනස්කම් හේතුවෙන් කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනස්වීම් සහිත රසායනික ප්‍රභේද යම් අණුක සූත්‍රයක් යටතේ පැවතීමේ සංසිද්ධිය ස්ථාන සමාවයවිකතාවයයි.

උදා :

  1. C3H8O ( – OH ) කාණ්ඩයක් සහිත ස්ථාන සමාවයවික
  1. C4H6 යටතේ ඇල්කයින සමාවයවික
  1. C3H7Cl අණුක සූත්‍රය යටතේ පැවතිය හැකි සමාවයවික
  1. C6H4Cl2 බෙන්සීන් වලයක් සහිතව පවතින සමාවයවික

iii ) ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාවය

  •  දෙනු ලබන අණුක සූත්‍රයක් යටතේ පවතින්නා වූ ක්‍රියාකාරී කාණ්ඩයේ වෙනස්කම මත පදනම් වන ව්‍යුහ සමාවයවිකතා අවස්ථාව ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවිකතාවයයි.
  • උදා :
  1. C3H6O අණුක සූත්‍රය යටතේ පවතින කාබනිල් කාණ්ඩයක් සහිත සමාවයවික වල ව්‍යුහ
  1. C2H6O අණුක සූත්‍රය යටතේ පවතින ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික
  1. C3H6O2  අණුක සූත්‍රය යටතේ පවතින ක්‍රියාකාරී කාණ්ඩ සමාවයවික
  1. C4H6 අණුක සූත්‍රය යටතේ පවතින සරල දාම හයිඩ්‍රොබන වල ව්‍යුහ

 

b ) ත්‍රිමාණ සමාවයවිකතාවය

  • බන්ධන දිශාගත වීම තුළ ත්‍රිමාණ අවකාශයේ ඇතිවන බලපෑම වෙනස්වීම හේතු කොටගෙන නිර්මාණය වන්නා වූ සමාවයවිකතාවය ත්‍රිමාණ සමාවයවිකතාවය ලෙස හැඳින්වේ.
  • දෙනු ලබන අණුක සූත්‍රයක් යටතේ නිර්මාණය වන සමහර ත්‍රිමාණ සමාවයවික එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්භය වන අතර තවත් සමහර ත්‍රිමාණ සමාවයවික වල එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්භය නොවනු ඇත.
  • එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්භය බවට පත්වන සමාවයවිකවලින් සමන්විත ත්‍රිමාණ සමාවයවිකතා ආකාරය ප්‍රතිූප අවයව සමාවයවිකතාවය ලෙසද, එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්භය නොවන ත්‍රිමාණ සමාවයවිකතා ආකාරය පාර ත්‍රිමාණ සමාවයවිකතාවය ලෙසද හැඳින්වේ.

i ) පාර ත්‍රිමාණ සමාවයවිකතාවය

ජ්‍යාමිතික සමාවයවිකතාවය යනු පාර ත්‍රිමාණ සමාවයවිකතාවයේ මූලික ස්වරූපයයි. කිසියම් කාබනික සංයෝගයක් විසින් ජ්‍යාමිතික සමාවයවිකතාවය දැක්වීමට එම කාබනික සංයෝගය සපුරාලිය යුතු මූලික අවශ්‍යතා 2 කි.

  • C – C ද්විත්ව බන්ධනයක් පැවතීම
  • ද්විත්ව බන්ධනය දරන C පරමාණුවලට සංයුජතාවය 4 වන ලෙසට සම්බන්ධ වන සෙසු පරමාණු හෝ කාණ්ඩ 2 එකිනෙකට වෙනස් වීම.

C=C බන්ධනයකදී එක C පරමාණුවකට සාපේක්ෂව අනෙක් C පරමාණුවේ නිදැලි භ්‍රමණය වළකින බවත් එබැවින් ද්විත්ව බන්ධනයට සාපේක්ෂව අනෙක් C පරමාණුවේ කාණ්ඩ ඉහළින් හා පහළින් පිහිටන අවස්ථා එකිනෙකෙහි ත්‍රිමාණ සමාවයවික බවත් සැලකේ.

උදා :

  1. (a/b) C=C (c/d) යන කාබනික සංයෝගය ජ්‍යාමිතික සමාවයවිකතාවය දක්වයි.

ඉහත ව්‍යුහ 2 ත්‍රිමාණ සමාවයවික 2ක් බවට පත්වනුයේ ද්විත්ව බන්ධනය හේතුවෙන් නිදැලි භ්‍රමණය වැළකීම නිසාත් වම්පස C පරමාණුවේ ද්විත්ව බන්ධනයට ඉහලින් a කාණ්ඩය ද දකුණුපස C පරමාණුවේ ද්විත්ව බන්ධනයට ඉහලින් c කාණ්ඩය ද පවතින සමාවයවිකයේ භ්‍රමණයක් හේතුවෙන් ද්විත්ව බන්ධනයට ඉහළ අන්තයේ a හා d කාණ්ඩ ව්‍යාප්තව පවතින සමාවයවිකය කිසි විටෙක ලැබිය නොහැකි නිසයි.

  1. (a/b) C=C (x/x) යන කාබනික සංයෝගය ජ්‍යාමිතික සමාවයවිකතාවය නොදක්වයි.

C=C බන්ධනය හේතුවෙන් නිදැලි භ්‍රමණය වැළකී ගියද ව්‍යුහ 2 තුලම ද්විත්ව බන්ධනයට සාපේක්ෂව තෝරාගත් එක් දිශාවක එකම පරමාණු හෝ කාණ්ඩ සංයෝජනයක් ඇති බැවින් ව්‍යුහ 2 එකිනෙකින් වෙනස් ව්‍යුහ යැයි සැලකිය නොහැක.

  1. C3H4Cl2 අණුක සූත්‍රය යටතේ පවතින ජ්‍යාමිතික සමාවයවික වල ව්‍යුහ
  1. C2H2Cl2 අණුක සූත්‍රය යටතේ පවතින ජ්‍යාමිතික සමාවයවික වල ව්‍යුහ

ii ) ප්‍රතිරූප අවයව සමාවයවිකතාවය

  • එකක් අනෙකෙහි දර්පණ ප්‍රතිබිම්භය වන ලෙසට නිර්මාණය වන ත්‍රිමාණ සමාවයවික ලබා දෙන සමාවයවිකතා උප අවස්ථාව ප්‍රතිරූප අවයව සමාවයවිකතාවය හෙවත් ප්‍රකාශ සමාවයවිකතාවය ලෙස හැඳින්වේ.

සටහන

Cis – Trans සමාවයවික

  • ජ්‍යාමිතික සමාවයවිකතාවය පෙන්වන අණුවක ද්විත්ව බන්ධනය දරණ C පරමාණු 2 ටම සම්බන්ධිත පොදු පරමාණු හෝ කාණ්ඩ වේ නම් ඒවා ද්විත්ව බන්ධනයෙන් එකම අන්තයක පිහිටන ලෙසට නිර්මාණය වන ජ්‍යාමිතික සමාවයවිකය Cis සමාවයවිකය ලෙසත්, ද්විත්ව බන්ධනයෙන් අන්ත 2ට හුවමාරු වීමෙන් නිර්මාණය වන ජ්‍යාමිතික සමාවයවිකය Trans සමාවයවිකය ලෙසත් හැඳින්වේ.

උදා :

  1. C3H4Cl2 අණුක සූත්‍රය යටතේ පවතින ජ්‍යාමිතික සමාවයවික ව්‍යුහ
  1. C2H2Cl2 ජ්‍යාමිතික සමාවයවික ව්‍යුහ
cis – trans සමාවයවිකතාවය පිලිබදව අන්තර්ගත වේ.
  • තවද ප්‍රකාශ සමාවයවිකතාවය දක්වන කාබනික සංයෝග ප්‍රකාශ සක්‍රීය කාබනික සංයෝග ලෙස සැලකේ.
  • සාමාන්‍ය ආලෝක තරංගයක තරංගයේ ප්‍රගමන දිශාවට ලම්භක තලයේ වන විවිධ දිශා ඔස්සේ ස්ථානගත වූ අංශු කම්පන නිරීක්ෂණය වන අතර එම සාමාන්‍ය ආලෝකය සුවිශේෂී ද්‍රව්‍ය හරහා ගමන් කරවීමෙන් අංශු කම්පන ලම්භක තලයේ එක් දිශාවකට සීමා වූ තල ධ්‍රැවිත ආලෝකය ලබා ගත හැකි වේ.
  • සමහර කාබනික සංයෝග හරහා තල ධ්‍රැවිත ආලෝකය ගමන් කරවූ විට එමගින් විශේෂ ප්‍රතිචාරයක් නොලැබුනද තවත් සමහර කාබනික සංයෝග හරහා තල ධ්‍රැවිත ආලෝකය ගමන් කරවූ විට තල ධ්‍රැවිත ආලෝකයේ ධ්‍රැවන තලය වාමාවර්ත දෙසට හෝ දක්ෂිණාවර්ත දෙසට භ්‍රමණයක් නිරීක්ෂණය වේ. තල ධ්‍රැවිත ආලෝකයේ ධ්‍රැවන තලයේ වෙනසක් ඇති නොකරන ස්වරුපයේ කාබනික සංයෝග ප්‍රකාශ අක්‍රිය කාබනික සංයෝග ලෙසත්, ධ්‍රැවන තලයේ භ්‍රමණයක් ඇති කරවන කාබනික සංයෝග ප්‍රකාශ සක්‍රීය කාබනික සංයෝග ලෙසත් වෙන් කෙරේ.
  • මෙහිදී තවදුරටත් ධ්‍රැවන තලය දක්ෂිණාවර්තව භ්‍රමණය කරවන ප්‍රකාශ සමාවයවිකය (+) වර්ගයේ ප්‍රතිරූප අවයව සමාවයවිකය ලෙසත් වාමාවර්තව භ්‍රමණය කරවන ප්‍රකාශ සමාවයවිකය (-) වර්ගයේ ප්‍රතිරූප අවයව සමාවයවිකය ලෙසත් සැලකේ.
  • කෙසේ වෙතත් කිසියම් ප්‍රකාශ සක්‍රීය සංයෝගයක (+) හා (-) ප්‍රතිරූප අවයව සමාවයවිකයන්හි සම මවුලීය මිශ්‍රණයක් හරහා තල ධ්‍රැවිත ආලෝකය ගමන් කරවූ විට තල ධ්‍රැවිත ආලෝකයේ ධ්‍රැවන තලයේ වෙනසක් සිදු නොවේ. එවැනි ස්වරූපයේ මිශ්‍රණ රැස්මික (Racemic) මිශ්‍රණ ලෙස අර්ථ දැක්වේ.
  • කිසියම් කාබනික සංයෝගයක් ප්‍රකාශ සක්‍රීය කාබනික සංයෝගයක් වේ නම් එහි තුළ අවම වශයෙන් අසමමිතික C පරමාණු හෙවත් කයිරැල් (Chiral) C පරමාණු 1ක් වත් පැවතිය යුතු වේ. මෙහිදී අසමමිතික C පරමාණුවක් යනු බන්ධිත පරමාණු හෝ කාණ්ඩ 4ම එකිනෙකින් වෙනස් Sp3 මුහුම්කරණයට ලක්වූ C පරමාණුවකි.

වැඩිදුර අධ්‍යනයට වීඩියෝ නරඹන්න,

 

උදා :

               1. C2H5OCl අණුක සූත්‍රය යටතේ පවතින ප්‍රකාශ සමාවයවික වල ව්‍යුහ

               2. C7H16 හි ප්‍රකාශ සමාවයවික

3. CαHβ යන කාබනික සංයෝගය ප්‍රකාශ සමාවයවිකතාවය දක්වන බව දී ඇත්නම් α හා β සඳහා පැවතිය හැකි අවම අගයන් පහත පරිදි ය.

CαHβ

C6H8

α = 6

β = 8

වැඩිදුර අධ්‍යනයට පහත වීඩියෝ නරඹන්න :     

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.