No menu items!
රසායන විද්‍යාව08. හයිඩ්‍රෝකාබන හා හැලජනීකෘත හයිඩ්‍රෝකාබන08.05.00 - යාන්ත්‍රණ ලිවීමට උපකාරීවන කරුණු කිහිපයක්.

08.05.00 – යාන්ත්‍රණ ලිවීමට උපකාරීවන කරුණු කිහිපයක්.

පාඩමේ සටහන Download කරගන්න.

01. සහසංයුජ බන්ධන බිදීම.

  • සහසංයුජ බන්ධන බිදීම ආකාර දෙකකට සිදුවිය හැක.

I) සම විච්ඡේදනය.

බන්ධනයේ ඇති ඉලෙක්ට්‍රෝන යුගලය සමව බෙදී එක් පරමාණුවකට එක් වියුග්ම ඉලෙක්ට්‍රෝනය බැගින් හිමිවීම සම විච්ඡේදනය ලෙස හදුන්වයි. මෙහිදී සෑදෙන වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් සහිත ප්‍රභේද මුක්ත ඛණ්ඩක ලෙස හැදින්වේ.

යාන්ත්‍රණ ලිවීමේදී මෙය අර්ධ ඊතල දෙකක් මගින් නිරූපණය කරයි.

උදා: ඇල්කේන ක්ලෝරීනීකරණයේදී ක්ලෝරීන් අණුව සමවිච්ඡේදනය වේ.

II) විෂම විච්ඡේදනය.

සහසංයුජ බන්ධනයක් බිදීමේදී බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකම එකම පරමාණුවකට ලැබීම විෂම විච්ඡේදනය ලෙස හදුන්වයි. මෙහිදී ඉලෙක්ට්‍රෝන වඩා විද්‍යුත් ඍණ පරමාණුවට ලැබේ.

උදා:

02. ප්‍රාථමික, ද්වීතියක හා තෘතීයික කාණ්ඩ.

  • ප්‍රධාන ක්‍රියාකරී කාණ්ඩය දරා සිටින කාබන් පරමාණුව සම්බන්ධ ඇල්කිල් කාණ්ඩ ගණන අනුව ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික ලෙස නම් කරයි.

ප්‍රාථමික

ඇල්කිල් කාණ්ඩ = 0,1

H = 2,3

Text

Description automatically generated with low confidence

ප්‍රාථමික කාබොකැටයන
Text

Description automatically generated with medium confidence

ප්‍රාථමික ඇල්කිල් හේලයිඩ A picture containing text

Description automatically generated

ප්‍රාථමික ඇල්කොහොල

 

 

 

ද්වීතියක

ඇල්කිල් කාණ්ඩ = 2

H = 1

Text

Description automatically generated with medium confidence

ද්විතීයික කාබොකැටයනA picture containing text

Description automatically generated

ද්විතීයික ඇල්කිල් හේලයිඩ Text

Description automatically generated ද්විතීයික ඇල්කොහොල

 

 

තෘතීයික

ඇල්කිල් කාණ්ඩ = 3

H = 0

Text

Description automatically generated with medium confidence

තෘතීයික කාබොකැටයනA picture containing text

Description automatically generated

තෘතීයික ඇල්කිල් හේලයිඩ Text

Description automatically generatedතෘතීයික ඇල්කොහොල

 

 

03. පොදුවේ භාවිතාවන කාණ්ඩ නාම කිහිපයක්.

  • පොදුවේ භාවිතාවන ඇල්කිල් කාණ්ඩ නාම කිහිපයක් පහත දැක්වේ.

එම කාණ්ඩ ක්‍රියාකරී කාණ්ඩයකට සම්බන්ධ වූ විට පහත උදාහරණවල දැක්වෙන පරිදි හදුන්වනු ලබයි.

කාණ්ඩ නාමය

ව්‍යුහය

උදාහරණ

ඇරිල් (Aryl)

ඇරිල් හෙලයිඩ්

බෙන්සිල් (Benzyl)

බෙන්සිල් ඇල්කොහොල්

වයිනයිල්(Vinyl)

වයිනයිල් ක්ලෝරයිඩ්

ඇලයිල් (Allyl)

ඇලයිල් ඇල්කොහොල්

 

04. කාබොකැටායනවල ස්ථායිතාව.

  • කාබොකැටායනයේ ධන ආරෝපිත C පරමාණුවට ඇලිකිල් කාණ්ඩ සම්බන්ධ වී ඇති විට එහි ස්ථායිතාව වැඩිවේ.

ඒ අනුව ස්ථායිතාව අනුපිළිවෙලින්,

05. ඉලෙක්ට්‍රොෆයිල හා නියුක්ලියෝෆයිල.

I) ඉලෙක්ට්‍රොෆයිල

  • ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රතිකාරකයකි. ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කිරීමෙන් බන්ධනයක් සාදයි.

උදා:

II) නියුක්ලියෝෆයිල

  • ඉලෙක්ට්‍රෝනවලින් පොහොසත් ප්‍රතිකාරකයකි.ඉලෙක්ට්‍රෝන පිරිනැමීමෙන් බන්ධනයක් සාදයි.

උදා:

06. මාකොනිකොෆ් නීතිය

  • ඉලෙක්ට්‍රොෆිලික ආකලන ප්‍රතික්‍රියාවල ප්‍රධාන ඵලය තීරණය කිරීමට මාකොනිකොෆ් නීතිය භාවිතා කරයි.
  • වඩාත් ස්ථායී අතරමැදි කාබොකැටායනය ප්‍රධාන ඵලය සාදයි.

 

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.