රසායන විද්‍යාවදවසට පාඩමක්14.06.04 - ප්‍රකාශ රසායනික ධූමිකාව

14.06.04 – ප්‍රකාශ රසායනික ධූමිකාව

  • සූර්ය කිරණ හමුවේ පරිසර දූෂක කාරක කිහිපයක් එකිනෙක හා ප්‍රතික්‍රියා කර ඇති කරන රසායනික ද්‍රව්‍ය සියුම් අංශු හා ජල බිඳිති ම්ඟින් සූර්ය කිරණ ප්‍රකිරණය වීමෙන් ඇති කරන පාරදෘශ්‍යභාවය අඩුවීමේ ක්‍රියාවලිය ප්‍රකාශ රසායනික ධූමිකාව ලෙස හඳුන්වයි.

ප්‍රකාශ රසායනික ධුමිකාව ඇතිවීමට හේතු වන රසායනික දූෂක සහ ඒවායේ ප්‍රභව

ප්‍රකාශ රසායනික ධූමිකාව ඇති වීමට රසායනික දූෂක වර්ග 2ක් දායක වේ.

    1. නයිට්‍රික් ඔක්සයිඩ වායුව(NO)
    2. වාෂ්පශීලි හයිඩ්‍රොකාබන(නොදැවුණු ඉන්ධන)

මීට අමතරව සූර්යාලෝකය හා 15 0Cට වැඩි උෂ්ණත්වයක් තිබීමද අවශ්‍ය වේ.

1)නයිට්‍රික් ඔක්සයිඩ වායුව(NO)

  • වාහනවල අභ්‍යන්තර දහන තුළ ඇති දැඩි උණුසුම හා පීඩනය නිසා අක්‍රීය නයිට්‍රජන් බිඳ වැටේ. මේවා ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර නයිට්‍ර්ක්  ඔක්සයිඩ් වායුව නිපදවයි. මේවා වාහනයේ අපවහන පද්ධතිය හරහා පරිසරයට එක් වෙයි.

2)වාෂ්පශීලි හයිඩ්‍රොකාබන්(නොදැවුණු ඉන්ධන) CH3(CH2)nCH3        n=(1-4)

  • වාහනයේ අපවාහන පද්ධතිය හරහා
  • දැඩි වාෂ්පශීලීතාවය හේතුවෙන් ඉන්ධන ටැංකිය තුළින්
  • කාබියුලේටරය තුළින්

                 මේවා පරිසරයට නිදහස් වේ.

මෙම වායුන් දෙකම වාතයට එක්වන්නේ රථ වාහන ගමනාගමනය හේතුවෙනි.

ප්‍රකාශ රසායනික ධූමිකාවේ රසායනය

අභ්‍යන්තර දහන එන්ජිමෙන් පිට වන NO වායුව වායුගෝලයේ දී තවදුරටත් ඔක්සිකරණය වී NO2 සෑදෙයි . මේ NO2 සූර්ය කිරණ හමුවේ දී වියෝජනයට ලක් වී පරමාණුක ඔක්සිජන් නිපදවෙයි.

2{\mathrm{NO}}_{(\mathrm g)}+{\mathrm O}_2(\mathrm g)\rightarrow2{{\mathrm{NO}}_2}_{(\mathrm g)}\\{{\mathrm{NO}}_2}_{(\mathrm g)}\xrightarrow{\mathrm{hν}}{\mathrm{NO}}_{(\mathrm g)}+^.{\mathrm O}_{(\mathrm g)}

සෑදෙන පරමාණුක ඔක්සිජන් අණුක ඔක්සිජන් (O2)සමග ප්‍රතික්‍රියා කර ප්‍රකාශ රසායනික ධූමිකාවේ එක් ප්‍රධාන දූෂකයක් වන ඕසෝන් (O3) නිපදවයි.

{}^.\mathrm O_{(\mathrm g)}+{\mathrm O}_{2_{(\mathrm g)}}\rightarrow{\mathrm O}_{3_{(\mathrm g)}}\\\\^.\mathrm{OH}\;\text{මුක්ත ඛණ්ඩ ඇතිවීම}\;:\;{\mathrm O}_{(\mathrm g)}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm g)}{\rightarrow\;^.}{\mathrm{OH}}_{(\mathrm g)}

 
  • මීට අමතරව සෑදුනු OH  මුක්ත ඛණ්ඩ පරමාණුක ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියා කර ඕසෝන් සාදයි.
  • එම ඕසොන් වාෂ්පශීලී හයිඩ්‍රොකාබන සමග ප්‍රතික්‍රියා කර ඇල්කයිල්(R.) සහ පෙරොක්සි ඇල්කයිල්(ROO.) මුක්ත ඛණ්ඩ සාදයි.
  • මෙම ඛණ්ඩ NO2 සහ O2 සමඟ ප්‍රතික්‍රියා කර වාෂ්පශීලි කෙටි දාම ඇල්ඩිහයිඩ හා පෙරොක්සිඇසිටයිල් නයිට්‍රේට(PAN),පෙරොක්සි බෙන්සයිල් නයිට්‍රේට(PBN) ආදී අහිතකර ඵල හට ගනී.
  • මෙම ඇල්හයිඩ බහුඅවීකරණයට ලක්වීමෙන් වාතයේ සැරිසරන ඉතා කුඩා අංශු හට ගනී.මේ අංශු මත දූවිලි, ජල වාෂ්ප ආදිය තැම්පත් වී විශාල අංශු හට ගන්නා අතර , මේ අංශු මඟින් සූර්ය ආලෝකය ප්‍රකිරණය වීම නිසා පහළ වායු ගෝලයේ පාරශ්‍යතාව අඩු වී තිමිර පටලයක් සේ දිස් වේ.
  • ප්‍රකාශ රසායනික ධුමිකාව ඇසට පෙනෙන එකම වායු දූෂණ අවස්ථාවයි.

ප්‍රකාශ රසායනික ධුමිකාවේ අහිතකර බලපෑම

  • ප්‍රධාන ප්‍රතිඵලයක් ලෙස ඕසෝන් නිපදවෙයි.ඕසෝන් විස සහිත බැවින් ආඝ්‍රාණාය වීමෙන් ශ්වසනාබාධ, ශ්වසන මාර්ගයේ ශ්ලේෂ්මල පටල විනාශ වීම, කැස්ස වැනි රෝග හට ගනී.
  • ඕසෝන් වලට නිරාවරණය වීමෙන් ශාක පත්‍රවල හරිතප්‍රද විනාශ වෙයි.මෙම නිසාවෙන් ශාක පත්‍ර මත කහ පැහැති පැල්ලම් ඇති වේ.මෙය ශාකවල අහාර නිෂ්පාදනය සඳහා බලපායි.
  • ඕසෝන් රබර් වල ඇති ද්විත්ව බන්ධන විච්ඡේදනය කරයි.එම නිසා රබර් ආශ්‍රිත නිෂ්පාදන වල යාන්ත්‍රික ශක්තිය අඩුවේ.
  • ප්‍රකාශි රසායනික ධූමිකාව නිසාවෙන් ඇතිවන වාෂ්පශීලි ඇල්හයිඩ නිසා ශ්වසන ආබාධිත තත්ත්ව,ඇදුම හතිය බ්‍රොන්කයිටිස් වැනි රෝග හට ගනී.
  • ප්‍රකාශ රසායනික ධූමිකා නිසා ඇතිවන PAN සහ PBN පිළිකාකාරී වන අතර ඒවා ජාන විකෘතිතා ඇති කරයි .මීට අමතරව එන්සයිම වල  ක්‍රියාකාරිත්වයටද බාධා ඇති කරයි.
  • ඕසෝන් මඟින් වර්ණක විරංජනය නිසා රෙදිපිළිවල ගුණාත්මක බව අඩුවේ.

This quiz no longer exists

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom