විද්‍යා අංශයජීව විද්‍යාව4.3.2 - ශාකවල ප්‍රශස්ත වර්ධනය සඳහා ඇති පෝෂණ අවශ්‍යතා (I කොටස)

4.3.2 – ශාකවල ප්‍රශස්ත වර්ධනය සඳහා ඇති පෝෂණ අවශ්‍යතා (I කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

අධිමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය, ඌනතා ලක්ෂණ

 

1.ශාක වලට C අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • CO2

 

2.ශාක CO2 ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • වායුගෝලීය වාතය

 

3.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.

  • ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකයකි.

 

4.එම මුලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණයක් සඳහන් කරන්න.

  • වර්ධනය ඌන වීම.

 

5.ශාකවලට O අවශෝෂණය කර ගන්නා ආකාරය කුමක්ද?

  • O2

 

6.ශාක එය ලබාගන්නා ප්‍රභව මොනවාද?

  • වායුගෝලීය වාතය
  • පාංශු ද්‍රාවණය

 

7.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.

  • ශාකයේ අඩංගු කාබනික අණුවල ප්‍රධාන සංඝටකයකි.

 

8.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණයක් සඳහන් කරන්න.

  • වර්ධනය ඌන වීම.

 

9.ශාක වලට H අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • H2O

 

10.ශාක H2O ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

පාංශු ද්‍රාවණය

 

11.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.

  • ශාකයේ අඩංගු කාබනික අණු වල ප්‍රධාන සංඝටකයකි.

 

12.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • වර්ධනය ඌන වීම.
  • මැලවීම.

 

13.ශාක වලට N අවශෝෂණය කරගන්නා ආකාර මොනවාද?

  • NO3
  • NH4+

 

14.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

15.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • ඇමයිනෝ අම්ලවල, ප්‍රෝටීනවල, න්‍යෂ්ටික අම්ලවල, නියුක්ලියෝටයිඩවල, හරිතප්‍රදවල, එන්සයිමවල සහ සහඑන්සයිමවල සංඝටක වීම.

 

16.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • කුරු වර්ධනය
  • උග්‍ර හරිතක්ෂය විශේෂයෙන් වියපත් පත්‍රවල

 

17.ශාක වලට K අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • K+

 

18.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

19.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • පූටිකා ක්‍රියාකාරිත්වය
  • බොහෝ එන්සයිමවල සහසාධක

 

20.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • පත්‍ර මායිම් කහ දුඹුරු වීම.
  • කඳන් දුර්වල වීම.
  • මුල්වල දුර්වල විකසනය.

 

21.ශාක වලට Ca අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • Ca2+

 

22.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

23.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • සෛල බිත්තියේ හා මධ්‍ය සූස්තරයේ සංඝටකයක් වීම.
  • පටල ව්‍යූහය හා පාරගම්‍යතාව පවත්වා ගැනීම.
  • සංඥා ගමන් කිරීම.

 

24.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • ළපටි පත්‍ර හැකිළීම.
  • අග්‍රස්ථ අංකුර මිය යෑම.

 

25.ශාක වලට Mg අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • Mg2+

 

26.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

27.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • ක්ලෝරොෆීල් අණුවල සංඝටකයකි.
  • බොහෝ එන්සයිම වර්ග සක්‍රිය කිරීම.

 

28.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • මේරූ පත්‍රවල නාරටි අතර හරිතක්ෂය.

 

29.ශාක වලට P අවශෝෂණය කරගන්නා ආකාර මොනවාද?

  • H2PO4
  • HPO42-

 

30.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

31.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • ATP න්‍යෂ්ටික අම්ල, පොස්පොලිපිඩ වල සංඝටකයකි.

 

32.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • නිරෝගී පෙනුම ඇති නමුත් ඉතා සෙමෙන් විකසනය.
  • කඳන් තුනීවීම.
  • නාරටි දම් පාට වීම.
  • මල් හා ඵල හටගැනීම අඩාල වීම.

 

33.ශාක වලට S අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • SO42-

 

34.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

35.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • සමහර ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වල සංඝටකයකි.

 

36.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • ළපටි පත්‍ර වල හරිතක්ෂය.

 

 
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet