විද්‍යා අංශයජීව විද්‍යාව5.3.1 - සතුන්ගේ සංසරණ පද්ධතිවල සංවිධානය විමසා බලයි.

5.3.1 – සතුන්ගේ සංසරණ පද්ධතිවල සංවිධානය විමසා බලයි.

 

සතුන් සදහා පරිවහන පද්ධතියක අවශ්‍යතාව

1. පරිවහන පද්ධතියක අවශ්‍යතාවය කුමක්ද?

    • දේහය තුල ද්‍රව්‍ය පරිවහනය
    • ඔක්සිජන්, පෝෂක ඒවා අවශෝෂණය කරන ස්ථාන වල සිට ඒවා භාවිතා කරන හා ගබඩා කරන ස්ථානවලට පරිවහනය කිරිිම.
    • බහිස්ස්‍රාවිි ඵල ඒවා නිපදවන තැන්වල සිට දේහයෙන් බැහැර කරන ස්ථාන දක්වා පරිවහනය
    • දේහය හා බාහිර පරිසරය අතර ද්‍රව්‍ය පරිවහනය

 

පරිණාමය සමග සතුන් තුළ පරිවහන පද්ධති ඇතිවිිම

2. විශේෂිත සංසරණ පද්ධති නොමැති සත්ත්ව වංශ කවරේද?

  •  
    • නිඩාරියාවන්
    • ප්ලැටිහෙල්මින්තේස් වංශිකයින්

 

3. ඔවුන්ට එසේ වි‍ශේෂිත සංසරණ පද්ධති අවශ්‍ය නොවිිමට හේතු

    • ඔවුන්ගේ බොහොමයක් හෝ සියලු සෛල ජිිවත් වන බාහිර පරිසරය සමග ගැටෙයි.
    • ඔවුන්ගේ ශරිිරය ඉතා කුඩා හා සරල බවින් යුක්තය.
    • ඉහත හේතු නිසා ඔවුන්ට විසරණය හරහා සිදුවන පරිවහනය ප්‍රමාණවත්ය . තවද විසරණය කෙටි දුරකට සිදුවේ.

 

4. විශේෂිත සංසරණ පද්ධති සහිත සත්ත්ව වංශ කවරේද?

    • ඇනෙලිඩාවන්
    • කොඩේටාවන්

 

5. සතුන් සංකිිර්ණතාවයෙන් හා ප්‍රමාණයෙන් වර්ධනයත් සමග පරිවහන පද්ධති අවශ්‍ය වුුයේ ඇයි?

    • දේහය තුළට හා පිටතට ගමන් කරනා ද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවිිම
    • දේහය තුළ ද්‍රව්‍ය පරිවහනය කල යුතු දුර වැඩිවිිම
    • බොහොමයක් හෝ සියල්ලම බාහිර පරිසරය හා නොගැටෙයි
    • මෙිි නිසා විසරණය ප්‍රමාණවත් නොවේ.

 

6. සංසරණ තරලය හරහා සංසරණය වන ද්‍රව්‍ය මොනවාද?

    • ශ්වසන වායු (කාබන්ඩයොක්සයිඩ්,ඔක්සිජන්)
    • පෝෂක ද්‍රව්‍ය (ග්ලුුකෝස්, ඇමයිනෝ අම්ල)
    • පරිවෘත්තිය අපද්‍රව්‍ය
    • හෝමෝන, ප්‍රතිජිිවක, ප්‍රතිදේහ

 

7. සත්ත්ව රාජධානියේ මුලින්ම සංසරණ පද්ධති ඇතිවූයේ කුමන වංශයටද?

    • ඇනෙලිඩා

 

8. රුධිර සංසරණ පද්ධතිවල මූලික කොටස්

    1.  
      1. හෘදය පොම්ප කිරීමේ අවයවය ලෙස
      2. අන්තර් සම්බන්ධිත වාහිනිි
      3. සංසරණ තරලය

 

සත්ව සංසරණ පද්ධති

9. සත්ව රාජධානිය තුල ප්‍රධාන සංසරණ පද්ධති වර්ග

    • විවෘත සංසරණය
    • සංවෘත සංසරණය

 

10. විවෘත සංසරණයේ විශේෂ ලක්ෂණ මොනවාද?

    • සංසරණ තරලය හා සෛල වටා අන්තරාල තරලය අතර වෙන්වීමක් නැත.
    • හෘදය මගින් දේහ පටක වටා පවතින අන්තර් සම්බන්ධිත කෝටරාභවලට රුධිරය පොම්ප කරයි.
    • සෛල හා රුධිර වාහිනී අතර සෘජුව ද්‍රව්‍ය හුවමාරු කරයි.
    • හෘදය ඉහිල්ව ඇතිවිට පුට හරහා රුධිරය ආපසු ගලයි
 

 

11. විවෘත සංසරණය පරිණාමය වූ වංශ

  •  
    • ආත්‍රොපෝඩා
    • මොලුස්කා

Vertebrates Have A What Circulatory SystemGeneralized Vertebrate Cardiovascular Circulation | Carlson Stock Art

 

12. සංවෘත සංසරණ පද්ධතියේ විශේෂ ලක්ෂණ

    • රුධිර වාහිනී වලට සීමා වෙමින් අන්තරාල තරලය වෙන්ව පිහිටයි.
    • විශාල වාහිනී කුඩා වාහිනී තුලට බෙදිි ඒවා අවයව තුළට විනිවිද යයි.
    • රසායනික ද්‍රව්‍ය හුවමාරුව රුධිරය හා අන්තරාල තරලය අතරත් අන්තරාල තරලය හා දේහ සෛල අතරත් ඇතිවෙයි.

 

13. සංවෘත සංසරණ පද්ධති වඩාත් කාර්යක්ෂම වීමට හේතු

    • සාපේක්ෂව ඉහළ රුධිර පිිඩනය

 

14. වඩාත් ක්‍රියාශීලිි හා විශාල සතුන් තුල ඇත්තේ කුමන සංසරණ පද්ධතිද?

    • සංවෘත සංසරණ පද්ධති

 

15. පරිවහන පද්ධති තුල සිදු කරනු ලබන කාර්යය

    • දේහ සෛලවල තරලමය පරිසරය වායු හුවමාරුව සිදුවන,පෝෂක අවශෝෂණය කරන, අපද්‍රව්‍ය බැහැර කරන අවයව සමග කෘත්‍යාත්මකව සම්බන්ධ කිරිිම.

 

16. ඒක සංසරණය පහදන්න.

    • දේහය පුරාම සිදු වන පූර්ණ සංසරණයකදී රුධිරය හෘදය තුළින් එක් වරක් පමණක් ගමන් කිරීම.

 

17. ඒක සංසරණ පද්ධතියක් සතු මූලික සංරචක 3 නම්.

    1. පොම්ප කිරීමේ අවයව
    2. අන්තර් සම්බන්ධිත වාහිනී
    3. සංසරණ තරලය
  1.  

 

18. ඒක සංසරණ පද්ධතියක කුටීර කීයද? ඒවා මොනවාද?

    • 2කි
    • කර්ණිකාවක් සහ කෝෂිකාවක්

 

19. ඒක සංසරණ පද්ධතියක් සහිත සතුන්ට උදාහරණ සපයන්න.

    • අස්ථික මසුන්
    • කාටිලේජ මසුන්

 

20. ඒක සංසරණය කෙටියෙන් පහදන්න.

 

21. ද්විත්ව සංසරණය පහදන්න.

    • දේහය පුරා සිදුවන පූර්ණ සංසරණයකදී හෘදය තුළින් දෙවරක් රුධිරය ගමන් ගැනීම. ද්විත්ව සංසරණයේ පථ 2ක් ඇත.
        1. සංස්ථානික පථය
        2. පුප්ඵුශීය පථය

 

22. ද්විත්ව සංසරණය දැකිය හැකි සත්ත්ව වර්ග

    • පක්ෂීන්
    • උභය ජීවීන්
    • උරගයින්

 

23. ද්විත්ව සංසරණයේ හෘදයේ කුටීර කොපමණ තිබිය හැකිද =?

    • 3ක් හෝ 4ක්
    • කර්ණිකා 2ක් හා කෝෂිකාවක් හෝ කර්ණිකා 2ක් හා කෝෂිකා 2ක්

 

24. හෘදයේ කුටීර 4 සම්පූර්ණයෙන් වෙන්ව තිබීමේ වාසි

    • ඔක්සිජන් ඌන හා ඔක්සිජන් පෝෂිත රුධිරය අතර පූර්ණ වෙන්වීමක් ඇත.

 

25. ඒක සංසරණය හා සලකා බැලීමේදී ද්විත්ව සංසරණයේ වාසි මොනවාද?

    • ද්විත්ව සංසරණය මඟින් වඩා කාර්යක්ෂමව වැඩි පීඩනයක් යටතේ දේහ සෛල පටක වලට රුධිරය ගලා යාමට සලස්වයි.
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet