විද්‍යා අංශයජීව විද්‍යාව5.5.2 - සත්ත්වයන්ගේ බහිස්ස්‍රාවී ව්‍යුහ වල විවිධත්වය

5.5.2 – සත්ත්වයන්ගේ බහිස්ස්‍රාවී ව්‍යුහ වල විවිධත්වය

 

1. දේහ පෘෂ්ඨය හරහා මූලිකවම බහිස්ස්‍රාවය සිදු කරන සත්ත්ව කාණ්ඩය කුමක්ද?

    • නිඩාරියාවන්

 

2. නිඩාරියාවන් ගේ බහිස්ස්‍රාවී ඵල බැහැර කරන ක්‍රමය කෙටියෙන් විස්තර කරන්න?

    • විසරණය මගින් දේහ පෘෂ්ඨය හරහා බාහිර ජලජ පරිසරයට බහිස්ස්‍රාවී ඵල බැහැර කරයි.

Cnidaria Excretory System | Study.com

 

3. බහිස්ස්‍රාවය සදහා සිළු සෛල යන බහිස්ස්‍රාවී ව්‍යුහ දරන අපෘෂ්ඨවංශී සත්ත්ව වංශය කුමක්ද?

    • ප්ලැටිහෙල්මින්තෙස්

Phylum Platyhelminthes | Biology for Majors II

 

4. ඇනෙලිඩාවන්ගේ දැකිය හැකි බහිස්ස්‍රාවී ව්‍යුහය කුමක්ද?

    • වෘක්කිකා

 

5. වෘක්කිකාවක දෙකෙළවර විවෘත වන්නේ කුමන පරිසරවලටද?

    • වෘක්කිකාවක එක් කෙළවරක් අභ්‍යන්තර සීලෝමික පරිසරයට විවෘත වෙයි.
    • වෘක්කිකාවක අනෙක් කෙළවර පිටත පරිසරයට විවෘත වෙයි.

Solved: In what ways does the nephridium of an earthworm parallel ... |  Chegg.com

 

6. කෘමීන් හා භෞමික ආත්‍රෝපෝඩාවන් දරන බහිස්ස්‍රාවී ව්‍යුහ මොනවාද?

    • මැල්පිගීය නාලිකා

 

7. මැල්පිගීය නාලිකා වල අවසන් කෙළවර සත්ත්වයාගේ කුමන කොටසකට විවෘත වෙයිද?

    • සත්ත්වයාගේ ආහාර මාර්ගයට විවෘත වෙයි.

Malpighian Tubules of Insects - Exam 2 Diagram | Quizlet

 

8. හරිත ග්‍රන්ථි යන බහිස්ස්‍රාවී ව්‍යුහ දැකිය හැක්කේ කුමන සත්ත්ව කාණ්ඩයේද?

    • ක්‍රස්ටේෂියාවන්ගේ

 

9. හරිත ග්‍රන්ථි වල පිහිටීම කෙටියෙන් විස්තර කරන්න?

    • සත්ත්වයාගේ අන්නස්‍රෝතයට ඉදිරියෙන් හිසේ උදරීයව පිහිටයි.

Learn Excretory System In Invertebrates in 2 minutes. Crustaceans

 

10. මිනිස් සමේ කුමන කොටසක ස්වේද ග්‍රන්ථි පිහිටා තිබේද?

    • චර්මය කොටස

Sweat Gland High Res Stock Images | Shutterstock

 

11. ලවණ ග්‍රන්ථි යනු මොනවද?

    • කරදිය වාසී පක්ෂීන්ගේ සහ කරදිය වාසී උරගයන්ගේ හිසෙහි ඇස් අසල පිහිටි බහිස්ස්‍රාවීය ග්‍රන්ථි යුගලකි.

 

12. කරදිය වාසී පක්ෂීන්ගේ කරදිය වාසී උරගයන්ගේ ලවණ ග්‍රන්ථි වල ප්‍රණාල පිටතට විවෘත වන ආකාරය දක්වන්න?

    • පක්ෂීන්ගේ හොටය හරහා
    • උරගයන්ගේ මුඛය හරහා

Adaptations of Marine Snakes: Unusual physiological strategies have enabled  some snakes to live in a saltwater environment

Seabirds, salt water and the Supraorbital Gland | Far South Exp

 

13. ඔවුන්ට ලවණ ග්‍රන්ථි පැවතීමේ වැදගත්කම කුමක්ද?

    • ඔවුන් පානය කරන කරදිය ජලයේ ඇති වැඩිපුර ලවණ බහිස්ස්‍රාවය කිරීමට ආධාර වීම.

 

14. සියලු පෘෂ්ඨවංශීන්ගේ ප්‍රධාන බහිස්ස්‍රාවී අවයවය කුමක්ද?

    • වෘක්ක

 

15. වෘක්ක මගින් බහිස්ස්‍රාවයට අමතරව සමස්ථිතිය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රධාන කාර්යය කුමක්ද?

    • ආස්‍රැති විධානයට දායක වීම.

Kidney Late Effects in Childhood Cancer Survivors - Together

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet