DNA ක්ලෝනකරණය
1. DNA ක්ලෝනකරණය යනු කුමක්ද?
-
- ධාරක සෛලයේ DNA ප්‍රතිවලිත යාන්ත්‍රණය භාවිතා කරමින් සජීවී ධාරක සෛලයක් තුළදී අවශ්‍ය DNA පිටපත් සෑදීමේ ක්‍රියාවලියයි
2. DNA ක්ලෝනකරණයට ලක්කරන DNA කොටසේ Ori ස්ථානයක් පැවතීමේ වැදගත්කම කුමක්ද?
-
- එවිට එම DNA වලට වර්ණදේහීය DNA වලින් ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව ලැබේ.
වාහක
3. DNA වාහක යනු කුමක්ද?
-
- ඉලක්ක DNA අණු ගුණනය හෝ ක්ලෝනීකරණය සඳහා ධාරකයා තුළට ගෙනයන යානාවන් ලෙස ක්‍රියා කරන ස්වයං ප්‍රතිවලිත විය හැකි අණු වේ.
4. ක්ලෝන වාහක යනු කුමක්ද?
-
- DNA ක්ලෝනකරණය සඳහා භාවිතා වන වාහක
5. ප්‍රතිසංයෝජිත වාහකයක් වන්නේ කුමක්ද?
-
- DNA ක්ලෝනකරණයට භාවිතා වන වාහකය ආගන්තුක DNA දරන විට
6. ප්‍රතිසංයෝජිත වාහකයක් සෑදීමේදී භාවිතා කරනු ලබන ප්‍රධාන එන්සයිම වර්ග 2 මොනවාද?
7. ප්‍රතිසංයෝජිත වාහකයක් සෑදීමේ පියවර දක්වන්න.
-
- ප්‍රයෝජනවත් ජානය සීමා එන්සයිමයක් මඟින් කපා ගැනීම
- වාහකයද එම සීමා එන්සයිමය මඟින් කපා ගැනීම
- දෙවර්ගයම මිශ්‍ර කිරීම හා සමෝධානිත වීම සඳහා තැබීම
- DNA ලයිගේස් භාවිතා කර එකට බැඳීමට සැලැස්වීම
8. ක්ලෝනීකරණ ස්ථානයක් යනු කුමක්ද?
-
- වාහකය තුළ ඇති ක්ලෝනීකරණය කළ යුතු DNA නිවේෂණය කරනු ලබන ස්ථානයයි.
9. වාහකයක තිබිය යුතු ප්‍රධානතම ලක්‍ෂණ මොනවාද?
-
- Ori ස්ථාන පැවතීම
- සීමා එන්සයිම කිහිපයක් සඳහා අදාළ DNA අනුක්‍රම පැවතීම
වාහක වර්ග හා ඒවායේ වෙනස්කම්
10. බැක්ටීරියා ධාරක සෛල සඳහා වාහක ලෙස භාවිතා කරන්නේ මොනවාද?
-
- බැක්ටීරියා ප්ලාස්මිඩ
- බැක්ටීරියා භක්‍ෂක වෙෙරස වල DNA
11. සූන්‍යෂ්ටික පද්ධති වල වාහක ලෙස භාවිතා කරන්නේ කුමක්ද?
-
- යීස්ට් සෛල තුළ ඇති ප්ලාස්මිඩ (යීස්ට් කෘතිම වර්ණදේහ) (YACs)
12. යීස්ට් සෛල තුළ ඇති ප්ලාස්මිඩ වර්ණදේහ ලෙස හඳුන්වන්නේ ඇයි?
-
- ඒවා සෙන්ට්‍රොමියර අනුක්‍රම දරයි. එම නිසා රේඛීය වූ විට වර්ණදේහ ලෙස ක්‍රියා කරයි
- සෛල විභාජනයට හා ස්වාධීනව ප්‍රතිවලිත වීමට උදව් වන ස්වයංපාලක ප්‍රතිවලිත අනුක්‍රම (ARS) දරයි
13. පරිණාමනය යනු කුමක්ද?
-
- ධාරකයකුගේ වටපිටාවෙන් බහිර්ජන්‍ය DNA ඔවුන්ගේ ප්ලාස්ම පටලය ඔස්සේ කෙලින්ම ඇතුළු කර ගැනීම සහ ප්‍රවේණික වෙනස් වීමක් ප්‍රතිඵල කරමින් ඒකාබද්ධ කර ගැනීමයි
14. වාහක ලෙස බැක්ටීරියා භක්‍ෂක යොදාගැනීමේ වාසිය කුමක්ද?
-
- එවා ආසාදන යාන්ත්‍රණය මඟින් වාහකය ධාරක සෛල තුළට නිවේශනය කරන බැවින් පරිණාමනයේ අකාර්යයක්‍ෂමතාව මඟහැරේ.
15. වාහක ලෙස YAC භාවිතා කිරීමේ වාසි මොනවාද?
-
- YAC විශාල බැවින් ඒවා භාවිතා කරමින් DNA විශාල ප්‍රමාණයක් පිටපත් කළ හැකි වීම
- YAC සූන්‍යෂ්ටික පද්ධති තුළ ක්‍රියා කිරීම
16. ක්ලෝනකරණ වාහකයක ප්‍රධාන අරමුණ කුමක්ද?
-
- ජීවස්ථ පද්ධතියක් තුළ DNA පිටපත් කිරීම
17. සෛලවල පරිණාමනය ඉතා අකාර්යක්ෂම ක්‍රියාවලියකි.නමුත් බැක්ටීරියා භක්ෂක භාවිතයෙන් එම ගැටලුව මඟහරවා ගත හැක්කේ ඇයි?
-
- බැක්ටීරියා භක්ෂක ආසාදන යන්ත්‍රනය මගින් වාහකය ධාරක සෛල තුළට නිවේෂණය කළ හැකි වීම.
18. බැක්ටීරියා ධාරකය හා ප්ලාස්මිඩ වාහකය භාවිත කරමින් ප්‍රයෝජනවත් ජානයක් ක්ලෝනකරණය කළ පසු ප්‍රයෝජනවන් ජානයේ/ ප්‍රතිසංයෝජිත DNA වල පිටපත් ලබා ගැනීමට අනුගමනය කරන පියවර දක්වන්න.
-
- ධාරක සෛල එකතු කරගැනීම හා එම සෛල ජාරණය මගින් වාහක නිදහස් කර ගැනීම.
- වාහක ප්ලාස්මිඩ විසංගමනය හා DNA ඛණ්ඩ විසංගමනය
- මුලින්ම භාවිත කළ සීමා එන්සයිමය මඟින්ම DNA කැපීම මඟින් DNA ඛණ්ඩ යළි ලබා ගැනීම.
- විසංගත කරගත් ප්‍රතිසංයෝජිත DNA ඇගරෝස් ජෙලයක් මත විද්‍යුතාගමනය මඟින් අණාවරනය කර වෙන් කර ගැනීම.
සලකුණු ජාන භාවිතය
19. සලකුණු ජාන ලෙස සුලබව භාවිතා කරන්නේ කුමක්ද?
-
- ප්‍රතිජීවක ප්‍රතිරෝධී ජාන
20. සලකුණු ජාන වරණීය සලකුණු ලෙස හැඳින්වෙන්නේ ඇයි?
-
- ඒවා පරිණාමනයට ලක්වූ සෛලවල වර්ධනයට පමණක් ඉඩ සලසන බැවින්
21. සලකුණු ජානයක ක්‍රියාව කෙටියෙන් පැහැදිලි කරන්න.
-
- ධාරක සෛල විශේෂ ප්‍රතිජීවකයකට සංවේදී වන අතර එම ප්‍රතිජීවකය අඩංගු වන මාධ්‍යයක වර්ධනය නොවේ වාහකයා ප්‍රතිජීවක වලට ප්‍රතිරෝධී ජාන රැගෙන යන බැවින් පරිණාමනය වූ සෛල එම මාධ්‍යය තුළ වර්ධනය වේ.
DNA ඇතුළු කිරීමේ පද්ධති
22. ජාන තුවක්කු DNA ඇතුළු කිරීමේ පද්ධතියක් ලෙස යොදා ගන්නේ කෙසේද?
-
- ප්‍රයෝජනවත් DNA වල පිටපත් විශාල සංඛ්‍යාවක් මගින් රත්‍රං වැනි බැරලෝහ වල කුඩා අංශු ආලේප කර එම අංශු ඉහළ ප්‍රවේග වලින් පරිණාමනය විය යුතු සෛල තුළට විදීම
23. පාරසාදනය යනු කුමක්ද?
-
- DNA ඇතුළු කිරීමේ පද්ධතියකි
- බැක්ටීරියා භක්ෂක මගින් ධාරක සෛල ආසාදනය කිරීමේ හැකියාව මත රදා පවතී.
- ශාක හා සතුන් ආසාදනය කරන වෛරස, ආගන්තුක DNA සෛල තුළට ඇතුළු කිරීමේ වාහක ලෙස යොදා ගනී.
- ප්‍රයෝජනවත් ජානය ,විකරණයට ලක් කළ වෛරස ජිනෝමයට සමෝධානිත කර ප්‍රෝටීන කැප්සිඩය තුළට අසුරයි.
- එහි සාමාන්‍ය ආසාදන ක්‍රියාවලියේදී ප්‍රතිසංයෝජිත DNA සෛල තුළට සම්ප්‍රේෂණය කරයි.
24. පාරසාදනය, පරිණාමනයට වඩා කාර්යක්ෂම වන්නේ ඇයි?
-
- බැක්ටීරියා භක්ෂක වාහකයාගේ ප්‍රෝටීන කැප්සිඩය, ප්‍රතිසංයෝජිත DNA ආරක්ෂා කිරීම
- බැක්ටීරියා භක්ෂක මගින් ධාරක සෛල ආසාදනය කිරීමේ හැකියාව යොදා ගැනීම
25. පරිණාමනයට ලක් වූ සෛලයක් යනු කුමක්ද?
-
- ධාරකයාට වටපිටාවෙන් බහිර්ජන්‍ය DNA
- තම ප්ලාස්ම පටලය හරහා කෙළින්ම ඇතුළු කර ගැනීම සහ
- ප්‍රවේණික වෙනස්වීමක් ප්‍රතිඵල කරමින් ඒකාබද්ධ කරගත් සෛලයක්
- එනම් ආගන්තුක DNA අඩංගු සෛලයකි.
26. පරිණාමනයේදී ප්‍රයෝජනවත් DNA වල පිටපත් විශාල සංඛ්‍යාවක් ධාරක සෛල සමග මිශ්‍ර කරන්නේ ඇයි?
-
- සෛල තුළට ලබා ගැනීමේ කාර්යක්ෂමතාව ඉතා අඩු බැවින්
27. T-DNA/ හුවමාරුක DNA යනු කුමක්ද?
-
- Agrobacterium Ti ප්ලාස්මිඩයේ ඛණ්ඩයක් වන අතර
- ගඩුවක් සෑදීම ප්‍රේරණය කරන ජාන හා ප්‍රචණ්ඩතාව ආශ්‍රිත ලක්ෂණ දරයි.
- ශාක අර්බුදයේ හෝ ගඩුවේ සෛල වල ජිනෝමයට T-DNA මාරු වී
- එම ශාක සෛල ප්‍රවේණිකව පරිණාමනයට ලක් වූ සෛල බවට පත් කරයි.
28. T-DNA නිරායුධ කිරීම පියවර ලෙස දක්වන්න.
-
- T-DNA හි ඇති ප්‍රචණ්ඩතා ජාන ඇතුළු බැක්ටීරියා ජාන බහුතරයක් ඉවත් කර
- T-DNA හි වම් හා දකුණු සීමා අනුක්‍රම 2ක අතර අවකාශයට
- ප්‍රයෝජනවත් ජාන නිවේශනය කළ පසු
- නිවිශ්ට ජාන සහිත විකරණය කළ T-DNA
- තම ආසාදනය කිරීමේ හැකියාව මඟින් ශාක සෛල තුළට ප්‍රයෝජනවත් ජාන මුදා හරී.
- ප්‍රචණ්ඩතා ජාන T-DNA වලින් ඉවත් කර ඇති බැවින් ශාක සෛල රෝගී නොවේ.මෙය T-DNA නිරායුධ කිරීමයි.
29. Agrobacterium මගින් ශාක ආසාදනය වීමේ ප්‍රතිඵල මොනවාද?
-
- ශාකය මත අර්බුදයක් සෑදෙන අතර
- බැක්ටීරියා එය තුළ ජීවත් වේ
- මෙය “මුදුන් ගඩු රෝගය“ යි.
- අර්බුද සෛල Agrobacterium ප්ලාස්මිඩයේ ඛණ්ඩයක් මඟින් ප්‍රවේණිකව පරිණාමනය වේ.
DNA පුස්තකාල
30. DNA පුස්තකාල ආකාර දක්වන්න.
-
- ජීනෝම පුස්තකාල
- C-DNA පුස්තකාල
31. ජිනෝම පුස්තකාල යනු කුමක්ද?
-
- සමස්ථ ජිනෝමික DNA වලින් එකිනෙකට වෙනස් ඛණ්ඩ ප්‍රචාරණය කළ හැකි ක්ෂුද්‍ර ජීවී රෝපණ එකතුවකි.
32. ට්‍රාන්ස්ක්‍රිප්ටෝමයක් යනු කුමක්ද?
33. C – DNA පුස්තකාල සෑදීමට අවශ්‍ය එන්සයිම මොනවාද?
-
- රිවර්ස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්
- DNA පොලිමරේස්
- DNA ලයිගේස්
- සීමා එන්ඩොනියුක්ලියේස්
34. ජිනෝම DNA පුස්තකාල සාදා ගන්නා ආකාරය පියවර ලෙස දක්වන්න.
35. C-DNA පුස්තකාල සාදා ගන්නා ආකාරය පියවර ලෙස දක්වන්න.