විද්‍යා අංශයජීව විද්‍යාව6.1.3 - මෙන්ඩලිය නියම වලින් අපගමනය වන ප්‍රවේනි රටා විග්‍රහ කිරීමට උචිත...

6.1.3 – මෙන්ඩලිය නියම වලින් අපගමනය වන ප්‍රවේනි රටා විග්‍රහ කිරීමට උචිත සංකල්ප හා මුලධර්ම භාවිත කරයි.

 

1. මෙන්ඩලිය නොවන අවේණිය යනු කුමක්ද?

    • මෙන්ඩලිය නියමයන්ට අනුකුලව ව්‍යුක්ත නොවන ගති ලක්ෂණ ආවේණිගතවීම

 

2. මෙන්ඩලිය නොවන අවේණිය සදහා උදාහරණ දෙන්න.

      1. අසම්පූර්ණ ප්‍රමුඛතාව හා සහ ප්‍රමුඛතාව
      2. බහු ඇලීලතාව
      3. අභිභවනය හා බහු ජාන ප්‍රවේණිය
      4. ජාන ප්‍රතිබද්ධය
      5. බහු කාර්යතාව

 

3. අසම්පූර්ණ ප්‍රමුඛතාව යනු කුමක්ද?

    • විෂමයුග්මක තත්ත්වයේදී ඇලීල යුගලයේ මිශ්‍රිත රූපානුදර්ශයක් ප්‍රකාශ විම.

 

4. සම්පූර්ණ ප්‍රමුඛතාව යනු කුමක්ද?

    • ප්‍රමුඛ ඇලීල මගින් නිලීන රූපානුදර්ශ සම්පුර්ණයෙන්ම යටපත් කිරීම නිසා ප්‍රමුඛ සමයුග්මක යුක්තාණුව මෙන්ම විෂමයුග්මක යුක්තාණුව සමාන රූපානුදර්ශ ප්‍රකාශ වීම

 

5. අසම්පූර්ණ ප්‍රමුඛතාව සදහා උදාහරණ දෙන්න.

    • Mirabillus jalapa ශාකයේ මල් වල වර්ණය

 

6. සහප්‍රමුඛතාව සදහා උදාහරණ දෙන්න.

    • ඇතැම් ගති ලක්ෂණ සදහා විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශය ප්‍රකාශ කිරීමට ඇලීල දෙකම සමානව දායක වීම.

 

7. අසම්පූර්ණ ප්‍රමුඛතාව හා සහප්‍රමුඛතාව වෙන් කර හදුනා ගන්නේ කෙසේද?

    • අසම්පූර්ණ ප්‍රමුඛතාවේදී F1පරම්පරාව විසින් ජනක රූපානුදර්ශ දෙකමටම වෙනස් ගති ලක්ෂණ පෙන්වීම.
    • සහප්‍රමුඛතාවෙදී F1පරම්පරාව විසින් ජනක ගති ලක්ෂණ දෙකම එක විට පෙන්වයි.

 

8. බහු ඇලීලතාව යනු කුමක්ද?

    • තනි ජාන පථයක ඇලීල කිහිපයක් දක්නට ලැබීම නිසා ඇලීල වර්ග දෙකකට වඩා එක් වීමෙන් එක් නිශ්චිත ගතිලක්ෂණයක් ඇති කිරීමේ සංසිද්ධිය

 

9. අභිභවනයට හේතු වන සංසිද්ධිය කුමක්ද?

    • වෙනස් පථයන්හි පිහිටි ජාන අතර අන්තර් ක්‍රියාවේ ප්‍රථිපලය

 

10. ජාන වල අන්තර් ක්‍රියාවේ ස්වභාවය මත පදනම්ව අභිභවනයේ ආකාර 2 සදහන් කරන්න

      1. ප්‍රමුඛ අභිභවනය
      2. නිලීන අභිභවනය

 

11. ප්‍රමුඛ අභිභවනය යනු කුමක්ද?

    • විශිෂ්ට පථයක ඇති ප්‍රමුඛ ඇලීලයක් මගින් වෙනත් පථයක පිහිටන වෙනස් ජානයක ප්‍රකාශ වීම වෙනස් කිරීම

 

12. ප්‍රමුඛ අභිභවනය සදහා උදාහරණ දෙන්න

    • කුකුළන්ගේ පිහාටුවල වර්ණය ආවේණිගත වීම

 

13. ප්‍රමුඛ අභිභවනයේදී F3 රූපනුදර්ශ අනුපාතය මෙන්ඩලීය මූලධර්ම වලින් අපගමනය වන්නේ කෙසේද?

    • 9 :3 :3:1 සිට 13:3 දක්වා (13:3 =සුදු : වර්ණවත්)

 

14. නිලීන අභිභවනය යනු කුමක්ද?

    • වර්ණදේහයක නිශ්චිත පථයක සමයුග්මක නිලීන ප්‍රවේණි දර්ශ මගින් වෙනස් පථයක පිහිටි වෙනත්ම ජානයක ප්‍රකාශ වීම වෙනස් කිරීම

 

15. නිලීන අභිභවනය සදහා උදාහරණ දෙන්න

    • Lathyrus ශාකයේ මල්වල වර්ණය

 

16. බහුජාන අවේණිය යනු කුමක්ද?

    • ජාන දෙකක් හෝ වැඩි ගණනක් සමුච්චිත ප්‍රකාශනය නිසා උස,සමේ වර්ණය ,වැනි ප්‍රමාණාත්මක ලක්ෂණ වලට අදාළ රූපානුදර්ශ අවේණිය ඇතිවීම

 

17. බහුජාන අවේණිය මඟින් තීරණය වන ලක්ෂණ සදහන් කරන්න

    • මිනිසාගේ උස, මිනිසාගේ සමේ වර්ණය

 

18. බහු ජාන ලක්ෂණයට අදාලව ගණනයෙන් බහුතරය ඇත්තේ ප්‍රමිත ව්‍යප්තියෙන් කවර පරාසයක රූපානුදර්ශයද?

    • අතරමැදි රූපානුදර්ශ

 

19. ජාන ප්‍රතිබද්ධය සදහා උදාහරණ දෙන්න

    • Drosophila දේහ වර්ණය හා පියාපත්වල ස්වභාවය අවේණිගත වීම

 

ජාන ප්‍රතිබද්ධය

20. ජාන ප්‍රතිබද්ධය යනු කුමක්ද?

    • එකම වර්ණදේහයේ, එකිනෙකට ආසන්නව පිහිටන, නිශ්චිත ලක්ෂණයක් කේත කරන ඇතැම් ජාන, ඌනන විභාජනයේදී අවතරණයට හා ස්වාධීන සංචරණයට ලක් වීමෙන් වැළකීම නිසා එක්ව ආවේණීගත වීමේ සංසිද්ධියයි.

උදා – Drosophila නම් පලතුරු මැස්සාගේ දේහ වර්ණය හා පියාපත්වල තරම ආවේණීගත වීම.

මොවුන්ගේ වල්දර්ශී මැස්සන් අළු දේහ සහ සාමාන්‍ය තරමේ පියාපත් දරයි.ඉහත ගති ලක්ෂණ වල විකෘතියක් නිසා දේහ වර්ණය කළු පැහැති හා පියාපත් අවශිෂ්ට වේ.මේ ලක්ෂණ 2ම දෛහික වර්ණදේහ මත පිහිටි ජාන මඟින් තීරණය වේ.

(මේ නිදසුනේදී විකෘති ඇලීල වල්දර්ශී ඇලීලවලට නිලීනය. දේහ වර්ණයට අදාළ ඇලීල G (අළු), g (කළු) ලෙසද, පියාපත් වල තරමට අදාළ ඇලීල N (සාමාන්‍ය) හා n (අවශිෂ්ට) ලෙස දක්වා ඇත.)

බොහෝ ජනිතයන්, ජනකයන්ගේ ප්‍රවේණිදර්ශ දැරීම නිසා දේහ වර්ණයට සහ පියාපත්වල තරමට අදාළ ජාන එකම වර්ණදේහය මත ප්‍රතිබද්ධ වී ඇති බව පෙනේ.

  • දේහ වර්ණයට සහ පියාපත්වල තරමට අදාළ ජාන එකම වර්ණදේහය මත ප්‍රතිබද්ධ වී තිබුනද ඇතැම් අවස්ථාවලදී අවතරණය නිසා ඒවා ස්වාධීනවද සංරචණය වේ.
  • එනිසා ඉහත පරීක්ෂා මුහුමේ ප්‍රතිසංයෝජිත ජනිතයන්ද අඩු සංඛ්‍යාවකින් ලැබේ.නිදසුනක් ලෙස මෝගන්ගේ පරීක්ෂණයේදී ප්‍රතිසංයෝජිත රූපාණුදර්ශ වන අළු දේහ,අවශිෂ්ට පියාපත් සහ කළු දේහ, සාමාන්‍ය පියාපත් යන රූපාණුදර්ශ අඩු සංඛ්‍යාවකින් ලැබෙන බව නිරීක්ෂණය විය

  • ජනකයන් තුළ දැකිය නොහැකි රූපාණුදර්ශයක් සාපේක්ෂව කුඩා සංඛ්‍යාවකින් නිපදවීම මඟින් ජාන ප්‍රතිබද්ධයේදී සිදුවන මේ අවස්ථානුකූල කැඩීයාම් පෙන්වාදෙයි.සමජාත වර්ණදේහ අතර සිදුවන අවතරණය නිසා මෙය සිදුවෙයි.

 

මානව ලිංග නිර්ණය

21. ලිංගිකත්වය නිර්ණය වන්නේ කෙසේ ද?

    • ලිංග වර්ණදේහවල ප්‍රකාශනය මඟිනි.

 

22. මානව ගහනය තුළ වර්ණදේහ සංයුතිය කුමක්ද?

    • අලිංග වර්ණදේහ යුගල්‌ 22 එක්‌ ලිංග වර්ණදේහ යුගලක්‌

 

23. පුරුෂ ගති ලක්‍ෂණ නිර්ණය කරන ලිංග වර්ණදේහ වර්ගය කුමක්ද?

    • Y වර්ණදේහය

 

24. ස්ත්‍රී ගති ලක්‍ෂණ නිර්ණය කරන ලිංග වර්ණදේහ වර්ගය කුමක්ද?

    • X වර්ණදේහය

 

25. X හා Y වර්ණදේහ අතර වෙනස්කම් මොනවාද?

    • X වර්ණදේහය Y වර්ණදේහයට වඩා සාපේක්‍ෂව විශාලය.
    • සමජාත ප්‍රදේශවල දී හැර මේ වර්ණදේහ දෙවර්ගය ම වෙනස්‌ ගති ලක්‍ෂණ සඳහා කේත සපයයි.

 

26. X හා Y වර්ණදේහ යුගලනය හා X හා X වර්ණදේහ යුගලනය අතර වෙනස්කම කුමක්ද?

    • X හා Y වර්ණදේහ යුගලනය වන විට විශිෂ්ට ප්‍රදේශවල දී පමණක්‌ ඒවා සමජාතවපවතී.
    • X හා X වර්ණදේහ යුගලනය වන විට ඒවා එකිනෙකට සමජාතව පවති.

 

27. ලිංගික ලක්‍ෂණ ව්‍යූහ විද්‍යාත්මකව මිනිසුන්‌ තුළ ඇති වීම නිර්ණය වන්නේ කෙසේද?

    • XX හා XY වර්ණදේහ සංකලනවල බාහිරයට ප්‍රකාශ වීම මත

 

28. මානව ලිංග නිර්ණය සිදු වන ආකාරය දක්වන්න.

 

මෙන්ඩලීය නොවන ප්‍රවේණිය

1. අසම්පූර්ණ ප්‍රමුඛතාව

 

2. අභිභවනය

 

3. සහ ප්‍රමුඛතාව

 

4. බහු ජාන ප්‍රවේණිය

 

5. ජාන ප්‍රතිබද්ධය

 

6. මානව ලිංග නීර්ණය

 

මානව ලිංග ප්‍රතිබද්ධ ලක්ෂණ

29. ලිංග ප්‍රතිබද්ධ ජාන යනු මොනවාද?

    • මිනිසා තුළ දැකිය හැකි ඇතැම්‌ ලක්‍ෂණ ලිංග වර්ණදේහ මත පිහිටා ඇති ජාන මඟින්‌ රැගෙන යයි. ලිංග වර්ණදේහ මත පිහිටා ඇති මෙවැනි ජාන ලිංග ප්‍රතිබද්ධ ජාන වේ.

 

30. ලිංග ප්‍රතිබද්ධ ලක්‍ෂණ යනු මොනවාද?

    • ලිංග ප්‍රතිබද්ධ ජාන මගින් ප්‍රකාශ වන ලක්‍ෂණ

 

31. X වර්ණදේහ මඟින්‌ රැගෙන යන හෝ ප්‍රකාශ වන ලක්‍ෂණ හඳුන්වන්නේ?

    • X ප්‍රතිබද්ධ ලක්‍ෂණ

 

32. මේ ලක්‍ෂණ ප්‍රකාශ කරන හෝ රැගෙන යන ජාන හඳුන්වන්නේ?

    • X ප්‍රතිබද්ධ ජාන

 

33. Y වර්ණදේහ මඟින්‌ රැගෙන යන හෝ ප්‍රකාශ වන ලක්‍ෂණ හඳුන්වන්නේ?

    • Y ප්‍රතිබද්ධ ලක්‍ෂණ

 

34. මේ ලක්‍ෂණ ප්‍රකාශ කරන හෝ රැගෙන යන ජාන හඳුන්වන්නේ?

    • Y ප්‍රතිබද්ධ ජාන

 

35. X හා Y ප්‍රතිබද්ධ ජාන අතර වෙනස්කම් මොනවාද?

    • Y වර්ණදේහය මඟින්‌ ලිංගිකත්වයට අදාළ ජාන වලට අමතරව වෙනත්‌ ජාන ද සුළු සංඛ්‍යාවක්‌ පමණක්‌ රැගෙන යයි.
    • X වර්ණදේහ මඟින්‌ ලිංගික ලක්‍ෂණවලට අමතරව පුද්ගලයාගේ ලිංගිකත්වයට අදාළ නොවන වෙනත්‌ බොහෝ ලක්‍ෂණ ද රැගෙන යයි.
    • Y ප්‍රතිබද්ධ ජාන හරහා සම්ප්‍රේෂණය වී ප්‍රකාශයට පත්‌ වන ඇතැම්‌ ආබාධ පුරුෂ ප්‍රජනිතය තුළ පමණක්‌ දක්නට ලැබේ.

 

36. Y ප්‍රතිබද්ධ ජාන හරහා සම්ප්‍රේෂණය වී ප්‍රකාශයට පත්‌ වන ආබාධ මොනවාද?

    • ඇතැම්‌ Y ප්‍රතිබද්ධ ජාන නැති වීම සාමාන්‍ය ශුක්‍රාණු නිෂ්පාදනය කිරීමේ නොහැකියාවට බලපායි.

 

37. X ප්‍රතිබද්ධ ජාන හරහා සම්ප්‍රේෂණය වී ප්‍රකාශයට පත්‌ වන ආබාධ මොනවාද?

    • රතු කොළ වර්ණාන්ධතාව
    • හිමෝෆීලියාව

 

මානව ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ලක්ෂණ

X ප්‍රතිබද්ධ ලක්ෂණ

          1. හීමෝෆීලියාව

 

          2. රතු කොළ වර්ණ අන්ධතාව

 

38. රතු කොළ වර්ණාන්ධතාව යනු කුමක්ද?

    • මෙය ප්‍රතිබද්ධ නිලීන ආබාධයක්‌ වන අතර මේ නිසා රතු සහ කොළ වර්ණ වෙන්‌ කර හඳුනා ගැනීමට අපහසු වේ.

 

39. හිමෝෆීලියාව යනු කුමක්ද?

    • මෙය ප්‍රතිබද්ධ නිලීන ආබාධයක්‌ වන අතර, රුධිර කැටිගැසීමට අවශ්‍ය ප්‍රෝටීන අතුරින්‌ එකක්‌ හෝ කිහිපයක්‌ නැති වීමේ තත්ත්වයකි. හිමෝෆීලියාවෙන්‌ පෙළෙන පුද්ගලයන්ගේ රුධිර කැටි සෑදීමට ප්‍රමාද වීම නිසා අනතුරකදී අධිකව රුධිරය වහනය වීමේ අවදානමක්‌ පවතී.

 

X ප්‍රතිබද්ධ ජානවල ආවේණිය

40. ස්ත්‍රීන්‌ හා පුරුෂයන්‌ අතර ලිංග ප්‍රතිබද්ධ ලක්‍ෂණ හෝ ජාන වෙනස්‌ වන්නේ කෙසේද?

    • ස්ත්‍රීන්ගේ XX ප්‍රවේණිදර්ශයත්‌, පුරුෂයන්ගේ XY ප්‍රවේණිදර්ශයත්‌ පවතින බැවිනි.

 

41. ස්ත්‍රීන්‌ හා පුරුෂයන්‌ අතර X ප්‍රතිබද්ධ නිලීන ආබාධ ප්‍රකාශයට පත්‌ වන ආකාරය වෙනස්‌ වන්නේ කෙසේද?

    • ස්ත්‍රීන්‌ තුළ X ප්‍රතිබද්ධ නිලීන ආබාධ ප්‍රකාශයට පත්‌ වන්නේ ඒවායේ සමයුග්මක ප්‍රවේණිදර්ශයේ දී පමණි.
    • පුරුෂයන්ගේ එක්‌ X වර්ණදේහයක්‌ පමණක්‌ සහිත නිසා X ප්‍රතිබද්ධ නිලීන ඇලීල පවතින්නේ එකකි.

    • එනිසා X ප්‍රතිබද්ධ නිලීන ඇලීල එකක්‌ පමණක්‌ තිබීම එවැනි ආබාධ ප්‍රකාශ වීමට ප්‍රමාණවත්‌ වේ.

 

42. බහුකාර්යතාව යනු කුමක්ද?

    • ඇතැම්‌ අවස්ථාවල දී, එක්‌ ජානයක ප්‍රකාශනය වීම එකිනෙක හා සම්බන්ධයක්‌ නැති ගති ලක්‍ෂණ රාශියක ප්‍රකාශනය වීමට බලපායි. මේ ක්‍රියාවලිය බහුකාර්යතාව ලෙස හැඳින්වේ.

 

43. බහුකාර්ය ඇලීල මගින් ඇතිවන මානව ආවේණික රෝග මොනවාද?

    • සිස්ටික්‌ ෆයිබ්‍රෝසිස්‌
    • දෑකැති සෛල රෝගය

 

44. දෑකැති සෛල රෝගය යනු කුමක්ද?

    • රතු රුධිරාණුවල හිමෝග්ලොබින්‌ ප්‍රෝටීනයේ වෙනස්‌ වීමක්‌ නිසා ඇති වේ.
    • තනි ජානයක විකෘතියක්‌ හේතු වේ.
    • සමයුග්මක නිලීන පුද්ගලයන්ගේ සියළුම හිමෝග්ලොබින්‌ දෑකැති සෛල ප්‍රභේදයට අයත්‌ වේ.

 

45. දෑකැති සෛල රෝගය ඇතිවන්නේ කෙසේද?

    • ඉහළ උන්නතාංශයක ජීවත්‌ වන හෝ ආතතියෙන්‌ පෙළෙන මිනිසුන්ගේ රුධිරය තුළ අඩු ඔක්සිජන්‌ ප්‍රමාණයක්‌ අන්තර්ගත වේ.
    • රුධිරයේ ඇති අඩු ඔක්සිජන්‌ අන්තර්ගතය මඟින්‌ දෑකැති සෛල හිමොග්ලොබින්‌ ප්‍රෝටීන ඒකරාශි කර රක්තාණුවල දෑකැති හැඩයක්‌ ඇති වේ.
    • මෙවැනි දෑකැති සෛල ඇතැම්‌ විට කුඩා රුධිරවාහිනි තුළ සමූහනය වී ඒවා අවහිර කර දේහ කොටස්‌ රාශියක පටක හා අවයවවලට හානි සිදු කරයි.

 

46. දෑකැති සෛල රෝගය මගින් ප්‍රතිඵල විය හැකි රෝගි තත්ත්ව මොනවාද?

    • වකුගඩු අකර්මණ්‍ය වීම
    • හෘත්‌ අකරණිය
    • ත්‍රොම්බෝසිය

 

47. සිස්ටික්‌ ෆයිබ්‍රෝසිස්‌ යනු කුමක්ද?

    • සිස්ටික්‌ ෆයිබ්‍රෝසිස්‌ යනු සාමාන්‍ය ස්වභාවයට වඩා ඝනකම්‌ සහ ඇලෙන සුලු බවින්‌ වැඩි ශ්ලේෂ්මල ඇති කරන රෝගි තත්ත්වයකි. දෛහික වර්ණදේහවල සිදු වන නිලීන ආබාධයක්‌ ලෙස හඳුනා ගෙන ඇත.

 

48. සිස්ටික්‌ ෆයිබ්‍රෝසිස්‌ ප්‍රතිඵලයක්‌ ලෙස ශ්ලේෂ්මලය එක්රැස්‌ වන ස්ථාන මොනවාද?

    • අග්න්‍යාශය
    • පෙණහැලි
    • ආහාර ජීර්ණ මාර්ගය
    • ප්‍රජනක අවයව

 

49. සිස්ටික්‌ ෆයිබ්‍රෝසිස්‌ නිසා ඇතිවිය හැකි රෝගි තත්ත්ව මොනවාද?

    • පෙණහැලි ආසාදන
    • ශ්වසන පද්ධතියේ බිඳවැටීම්‌
    • ජීර්ණය දුර්වල වීම
    • වඳ භාවය

 

50. මෙලෙස ශ්ලේෂ්මලය ඝනකම්‌ වන්නේ කෙසේද?

    • ප්ලාස්ම පටලයේ ඇති දෝෂ සහිත ක්ලෝරයිඩ්‌ නාලිකා මඟින්‌ අධිකව ක්ලෝරීන්‌ ස්‍රාවය කරන බැවිනි.
    • මෙලෙස තීරයක්‌ පටල ක්ලෝරයිඩ්‌ නාලිකා වල දෝෂ ඇති වන්නේ සිස්ටික්‌ – ෆයිබ්‍රෝසිස්‌ – පාර පටල යාමක (CFTR) ප්‍රෝටීනවල විකෘතියක ප්‍රතිඵලයක්‌ ලෙසයි.
    • CFTR ජානයේ විකෘතියක්‌ නිසා මෙම විකෘති CFTR ප්‍රෝටීන ඇති වේ.

 

අපිප්‍රවේණිය

51. අපිප්‍රවේණිය යනු කුමක්ද?

    • DNA අනුක්‍රමය හෝ ප්‍රවේණික කේතය හැර අනෙක්‌ සාධක මඟින්‌ පාලනය කරන නිශ්චිත ලක්‍ෂණයකට අදාළ නිශ්චිත රූපාණුදර්ශ ඇතිවීම පිළිබඳ අධ්‍යයනය.

 

52. අපිප්‍රවේණියේදී ඇතැම්‌ ජාන “සක්‍රීය කිරීම” සහ “අක්‍රීය කිරීම” සිදුවන්නේ කෙසේද?

    • මෙතිලීකරණය සහ ඩිමෙතිලීකරණය මගින්

 

53. මෙතිලීකරණය යනු කුමක්ද?

    • වල්දර්ශි අනුක්‍රමයකට මෙතිල්‌ කාණ්ඩ එකතු කිරීම

 

54. ඩිමෙතිලීකරණය යනු කුමක්ද?

    • මෙතිලීකරණය වූ අනුක්‍රමයකින්‌ මෙතිල්‌ කාණ්ඩ ඉවත්‌ කිරීම

 

55. අපිප්‍රවේණිය ප්‍රතිඵල වන්නේ කුමක් මගින්ද?

    • ජනකයන්ගෙන්‌ ආවේණිගත වන සංඥා
    • පාරිසරික සාධක මඟින්‌ ඇති කරනු ලබන සංඥා

 

56. අපිප්‍රවේණික ආවේණිය යනු කුමක්ද?

    • ජනකයන්ගේ සිට ජනිත පරම්පරාව වෙත අපිප්‍රවේණික ගති ලක්‍ෂණ ආවේණිගත වීම

 

57. අපිප්‍රවේණික ආවේණිය ප්‍රතිවර්ත්‍ය විය හැක්කේ කෙසේද?

    • පරිසරයෙන්‌ ලැබෙන විවිධ බාහිර උත්තේජක නිසා

 

58. අපිප්‍රවේණික බලපෑම්‌ නිසා ප්‍රතිඵල වන රෝගි තත්ත්ව මොනවාද?

    • පිළිකා
    • භින්නෝන්මාදය
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet