විද්‍යා අංශයජීව විද්‍යාව7.2.2 - DNA විශ්ලේෂණය පිළිබද යාවත්කාලීන වේ.

7.2.2 – DNA විශ්ලේෂණය පිළිබද යාවත්කාලීන වේ.

 

නිරෝද /සීමා සිතියම්

1. සීමා සිතියමක් යනු කුමක්ද?

    • DNA අනුක්‍රමයක එක් එක් සීමා ස්ථානයේ එකිනෙකට සාපේක්ෂ පිහිටීම හා ඒ ස්ථාන අතර දුර දැක්වෙන රූප සටහනක්

 

2. ක්ලෝනකරණයේදී සීමා සිතියම් වැදගත් වන්නේ ඇයි?

    • වෙනත් ප්‍රභව වලින් ලබා ගත් DNA ඛණ්ඩ ක්ලෝනකරණ ස්ථානයට නිවේශනය සදහා
    • ක්ලෝනකරණ වාහක සීමා එන්සයිම මගින් ක්ලෝනකරණ ස්ථානයේදී කැපීම සදහා.

Image result for Restriction Maps

 

DNA අනුක්‍රම නිර්ණය

3. DNA අණුක්‍රම නිර්ණය යනු කුමක්ද?

    • DNA අණුවක් තුල ඇඩිනීන් ගුවනීන් සයිටොසීන් තයිමීන් යන භෂ්ම වල නිවැරදි අනුපිලිවෙල නිර්ණය කිරීමේ ක්‍රියාවලිය (1977දී හදුන්වාදෙන ලදි)

 

4. DNA අනුක්‍රම නිර්ණය භාවිතා වන ක්ෂේත්‍ර මොනවාද?

    • අණුක ජීව විද්‍යාව
    • පරිණාමික ජීව විද්‍යාව
    • වෛද්‍ය විද්‍යාව
    • වෝහාරික කටයුතු
    • මෙටා ජාන විද්‍යාව

 

5. එක් එක් ක්ෂේත්‍ර වල භාවිත කෙටියෙන් පැහැදිලි කරන්න

     a) අණුක ජීව විද්‍යාව

      • DNA වල කෘත්‍ය අවබෝධ කර ගැනීමට
      • පොලිපෙප්ටයිඩයක් සඳහා කේතනය වන ජානවල පිහිටීම සොයා ගත හැකි වීම.
      • ඇමයිනො අම්ල අනුක්‍රමික භාවිත කර පෙප්ටයිඩයක ඇමයිනො අම්ල අනුක්‍රමය නිර්ණයට වඩා DNA අනුක්‍රමය ඔස්සේ ඇමයිනෝ අම්ල අනුක්‍රමය අවබෝධ කර ගැනීම පහසුය
      • මානව ජිනොමය තුල ජානවල බහු පිටපත් ඇති බව ද DNA අනුක්‍රමයක ඇතැම් බල ප්‍රදේශ ප්‍රෝටීන වල කෘත්‍ය විශේෂණය කරන බවද අනුක්‍රම නිර්ණය ඔස්සේ අනාවරණය කර ගෙන ඇත

 

     b) පරිණාමික ජීව විද්‍යාව

      • DNAඅනුක්‍රම නිර්ණය මගින් විශේෂයක් තුල සාමාජිකයන්ගේ සහ වෙනස්‌ විශේෂ අතර DNA අනුක්‍රමවල සමානතා හා වෙනස්කම් මගින් පරිණාමික බන්ධුතා අනාවරණය.
      • ආදි මානවයන්ගේ ආරක්ෂිතව තිබූ මළ සිරුරු වලින් (මමි හෝ පොසිල) ලබා ගන්නා DNA අනුක්‍රම නිර්ණයෙන් Homo sapiens පරිණාමය පිලිබඳ විස්තර සොයා ගැනීම

Image result for homo sapiens evolution

 

     c) වෛද්‍ය විද්‍යාව

      • ප්‍රවේණික ආබාධ සම්බන්ධව නිරෝගී පුද්ගලයෙකු වාහකයකු වීම හෝ නොවීම DNA අනුක්‍රම නිර්ණය මගින් අනවරණය කරයි
      • පිළිකා රෝග විනිශ්චය
      • පිළිකා සදහා ඖෂධයක් දීමෙන් පසු ඖෂධයට දක්වන ප්‍රතිචාරය DNA අනුක්‍රම නිර්ණයෙන් හදුනා ගත හැක. (ඖෂධයට ප්‍රතිචාර දක්වයි නම් රුධිරයේ පිළිකාවට සබඳතාවක් දක්වන DNA අනුක්‍රම අඩු විය යුතුය)
      • භ්‍රැණයක කළල බන්ධයෙන් විසංගත කළ DNA මගින් ප්‍රවේණික ආබාධ තිබීම කලින්ම විනිශ්චය කළ හැක.

Image result for pcr diseases

 

     d) වෝහාරික කටයුතු

      • අපරාධකරුවන් හදුනා ගනීම (අපරාධයක් සිදු වූ ස්ථානයකින් හමු වූ DNA සැසඳීමෙන්)
      • පිතෘත්වය පරීක්ෂා කිරීම

 

     e) මෙටා ජාන විද්‍යාව

      • මෙටා ජාන විද්‍යාව යනු,
        • පරිසරය තුළ තිබෙන DNA ප්‍රජා DNA ලෙස නිස්සාරණය කර එම සාම්පලය සමස්තයක් ලෙස අධ්‍යයනය කරන විද්‍යාවයි
      • ක්ෂුද්‍ර බියෝමයක් යනු,
        • මානව දේහය හා වෙනස් පරිසර ඇතුළු යම් විශේෂ වාසස්ථානයක සිටින ක්ෂුද්‍රජීවීන්ගේ සම්පූර්ණ එකතුවයි.
      • ප්‍රජා DNA තුළ ඇති DNA අනුක්‍රම නිර්ණය මගින් ක්ෂුද්‍ර බියෝමයක වෙනස් විශේෂ සංඛ්‍යා හා ඔවුන්ගේ අනන්‍යතාව අනාවරණය කිරීම.මෙම නිසා පරිසර විද්‍යාව වසංගත රෝග අධ්‍යනය සහ වෙනත් ක්ෂේත්‍රවල දී මෙටා ජාන විද්‍යාව වැදගත් වේ.

 

DNA ඇඟිලි සලකුණු තාක්ෂණය

6. DNA ඇඟිලි සලකුණු තාක්ෂණය සඳහා යොදාගන්නා සලකුණු හඳුන්වන්නේ කෙසේද?

    • කුඩා සමපාටික පිළියුම් (STR)/ ක්ෂුද්‍ර අනුසැරිය

Image result for STR pcr

 

7. මෙහිදී සලකුණු තිබීම නොතීබීම තීරණය කරන්නේ කෙසේද?

    • සලකුණු සඳහා විශිෂ්ඨ මූලිකයක් භාවිත කරමින් වැඩි වශයෙන් PCR කිරීම මගිනි

 

8. PCR ක්‍රමයට අමතරව ඇඟිලි සලකුණු තාක්ෂණයට භාවිත කරන ක්‍රමය කුමක් ද?

    • සලකුණු කරන ලද සලකුණක් (Labelled marker) භාවිත කර විශිෂ්ට අනුක්‍රම ඒෂණ කිරීම.

 

9. STR රූපානුදර්ශ මත බලපෑම් කරයි ද?

    • නැත

 

10. STR සලකුණු භාවිත කිරීමේ වාසි මොනවාද?

    • ඒවා ජීනෝමය තුළ බහුල වීම
    • PCR මගින් පහසුවෙන් ප්‍රගුණනය කළ හැකි වීම
    • බොහෝදුරට විචල්‍ය වන බහුරූප්‍යතාවය
    • ලාක්ෂණික STR විශාල සංඛ්‍යාවක් පැවතීම

Image result for str analysis

 

11. එක් සලකුණක් භාවිත කළ නොහැකි වන්නේ මන්ද?

    • බොහෝ පුද්ගලයන්ට සමාන පටිගත වීමේ රටාවන් සහිත වීම

 

12. සාමාන්‍යයෙන් භාවිත වන සලකුණු සංඛ්‍යාව කුමක්ද?

    • 13

 

13. සලකුණු වැඩි සංඛ්‍යාවක් සංකලනයෙන් සිදුවන වාසිය කුමක්ද?

    • එකම රටාව හමුවීමෙ සම්භාවිතාව අඩු වීම

 

14. DNA ඇඟිලි සලකුණු තාක්ෂණයේ භාවිත මොනවාද?

    • අපරාධකරුවන් හදුනාගැනීම සහ ගොදුරු වූවන් හදුනා ගැනීම
    • පීතෘත්වය පරීක්ෂාව
    • ආසාදිත කාරක හදුනා ගැනීම

 

15. දරුවෙකුගේ DNA ඇඟිලි සලකුණු පියාගේ හෝ මවගේ ඇඟිලි සලකුණු සමඟ සර්වසම වේද?

    • නැත

 

16. සාමාන්‍යයෙන් අපරාධ ස්ථානයකින් ලබාගත හැකි ජෛව සාම්පල මොනවාද?

    • කෙස්,
    • රුධිරය,
    • ඛේටය,
    • ශුක්‍රාණු

Image result for dna evidence clipart

 

17. පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව (PCR) යනු කුමක්ද?

    • DNA ප්‍රතිවලිත වීම අනුකරණය කරමින් නාලස්ථව DNA පිටපත් කිරීම්ට භාවිතා කරන ක්‍රමයකි.

 

18. PCR මිශ්‍රණයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද?

    • DNA පොලිමරේස්
    • ඔක්සිරයිබොනියුක්ලියොටයිඩ වර්ග 4 (dATP, dGTP, dTTP, dCTP)
    • මූලිකය
    • Mg2+

Image result for dna sequencing advantages in molecular biology

 

19. ජීවී දේහ තුල සිදුවන DNA ප්‍රතිවලිතයට සාපේක්ශව PCR හිදී යොදාගන්නා DNA පොලිමරේස් සතුව තිබිය යුතු ප්‍රධාන ගුණාංගය කුමක්ද ?

    • තාපයට ඔරොත්තු දීම

 

20. PCR හිදී යොදාගන්නා පොලිමරේස් වලට ඉහත ගුණාංගය තිබීම අවශ්‍ය වන්නේ ඇයි?

    • PCR මිශ්‍රණය ඉහළ උෂ්ණත්ව වලට පත් කරන නිසා එම උෂ්ණත්ව වලදී දුස්ස්වභාවීකරණය නොවී විශිෂ්ට කෘත්‍ය ඉටු කිරීමට

 

21. PCR මිශ්‍රණයට සුලබව යොදාගන්නා DNA පොලිමරේස් වර්ගය කුමක්ද? එය නිස්සාරණය කරගන්නේ කුමන ජීවියාගෙන්ද?

    • වර්ගය – Taq DNA පොලිමරේස්
    • ජීවියා – Thermus aquaticus

 

22. PCR මිශ්‍රණයට මූලිකයක් යෙදීම අවශ්‍ය වන්නේ ඇයි?

    • DNA පොලිමරේස් වලට ප්‍රතිවලිත ක්‍රියාවලිය ආරම්භ කිරීමට නොහැකි නිසා ප්‍රතිවලිතය ආරම්භ කිරීමට

 

23. PCR මිශ්‍රණයේ මූලිකය ලෙස භාවිතා කරන්නේ කුමක්ද?

    • නියුක්ලියෝටයිඩ සුලු සංඛ්‍යාවක් ඇති විශිෂ්ට DNA අනුක්‍රමයකි

 

24. ආරම්භයේදී PCR මිශ්‍රණය ඉහල උෂ්ණත්ව වලට රත් කල යුතු වන්නේ ඇයි?

    • DNA අච්චු දාමය දුස්ස්වභාවීකරණය කරගැනීමට (දාම දෙක වෙන් කර ගැනීමට)

 

25. තාපානුශිත යුගලනය යනු කුමක්ද?

    • අඩු උෂ්ණත්ව වලදී අච්චු DNA වල අනුපූරක අනුක්‍රමයට මූලිකය බැදීම.

 

26. තාපානුශිත යුගලනය සිදු වන උෂ්ණත්වය රදා පවතින සාධක මොනවාද?

    • මූලිකයේ දිග හා අනුක්‍රමය

 

27. PCR එක් තාපජ චක්‍රයක පියවර හා ඒවායේ දී සිදුවන ප්‍රධාන ක්‍රියාවලි දක්වන්න.

    • දුස්ස්වභාවීකරණය (95’C පමණ ඉහළ උෂ්ණත්ව වලදී)
    • DNA දුස්ස්වභාවීකරණය (අච්චු දාම වෙන්වීම)
    • තාපාශ්‍රිත යුගලනය (අඩු උෂ්ණත්ව වලදී) – අච්චු DNA වල අනුපූරක අනුක්‍රමයට මූලිකය බැදීම
    • දිගුවීම (පොලිමරේස් වල ප්‍රශස්ත උෂ්ණත්ව වලදී) – DNA වල අනුපූරක පිටපත සම්පූර්ණ වීම

Image result for pcr

 

28. ආරම්ක PCR තාපජ වක්‍ර වලින් ලැබෙන DNA අනුක්‍රමවල දක්නට ලැබෙන අඩුපාඩුව කුමක්ද?

    • අපේක්ශිත පිටපතට වඩා දිගින් වැඩි වීම

 

29. එක් DNA අච්චුවක් යොදාගෙන PCR ක්‍රියාවලිය ආරම්භ කලේ නම් තාපජ වක්‍ර පහකට පසු කොපමන DNA පිටපත් සංඛ්‍යාවක් ලැබේද?

    • 25=32

 

30. දර්ශීය PCR යන්ත්‍රයක තාපජ වක්‍ර කොපමණ සිදුවේද?

    • 35-40 පමණ

 

31. PCR ක්‍රමයේ වාසි මොනවාද?

    • ඉහල නිරවද්‍යතාවයකින් යුතු පිටපත් ලැබීම
    • පිටපත් විශාල සංඛ්‍යාවක් ශීඝ්‍රයෙන් ලබා ගත හැකි වීම
    • අච්චු දාමයේ ඉතා කුඩා ප්‍රමාණයකින් ශුද්ධ DNA විශාල ප්‍රමාණයක් ලබා ගත හැලි වීම

 

32. PCR වල භාවිත මොනවාද?

    • ආසාදිත කාරක තීබීම සඳහා සායනික නිදර්ශක විශ්ලේෂණය
    • ප්‍රවේණික රෝග ඇති කරන විකෘති විශ්ලේෂණය
    • වෝහාරික පරීක්ෂණාගාරවල භාවිත
    • PCR ක්ලෝණීකරණය සඳහා අවශ්‍ය වේ
    • DNA අනුක්‍රමනිර්ණය PCR මත රදාපවති
    • පරිණාමික ජීව විද්‍යා ක්ෂෙත්‍රයේ දී විශේෂ අතර සබඳතා හඳුනාගැනීම හා ගවේෂණයට යොදා ගනී.
    • මානව විද්‍යාවේ පුරාතන මානව සංක්‍රමණ රටා අවබෝධ කර ගැනීමට භාවිත වේ.
    • වසර මිලියන ගණනාවක් පැරණි නෂ්ට වූ විශේෂ වලින් හෝ අධිසංරක්ෂිත පොසිල මගින් ගත් DNA ප්‍රගුණනය කිරීමෙන් පරිණාමික බන්ධුතා පැහැදිලි කිරීමට.

 

33. PCR භාවිත කර විශ්ලේෂණය කරන ආසාදිත කාරක වලට උදාහරණ දෙන්න.

    • HIV
    • හෙපටයිටිස්
    • මැලේරියා

 

34. PCR මගින් විශ්ලේෂණය කරන ප්‍රවේණික රෝග මොනවාද?

    • දෑකැතී සෛල රක්තහීනතාව,
    • සිස්ටික් ෆෛබ්‍රෝසීස්
    • පිනයිල් කිටෝනියුරියා

Image result for pcr disease diagnosis

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet