විද්‍යා අංශයජීව විද්‍යාව8.1.1 - පරිසර පද්ධතියක සංඝටක විමර්ෂණය කරයි

8.1.1 – පරිසර පද්ධතියක සංඝටක විමර්ෂණය කරයි

01. පරිසරය යනු කුමක්ද?

    • ජිවියෙකු හෝ පාරසරික ප්‍රජාවක් මත ක්‍රියා කරන, අවසානයේ දී එහි ආකාරය සහ පැවැත්ම තීරණය කරන භෞතික, රසායනික සහ ජෛව සාධක වල සංකීර්ණයකි.
                                                             

 

02. පාරිසරික ජීව විද්‍යාව යනු කුමක්ද?

    • ගතික පාරිසරික ක්‍රියාවලි වලට අදාළව, ජීවී ගහන ප්‍රජාවන්, විශේෂ සහ පරිසර පද්ධතිවල සම්භවයන්, කෘත්‍යයන්, සබඳතා, අන්තර් ක්‍රියා සහ ස්වාභාවික ඉතිහාසය පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයයි.

 

03. පාරිසරික ජීව විද්‍යාව අධ්‍යයනය කිරිමේ ඇති වැදගත්කම් වන්නේ මොනවාද?

    • පරිසරයේ ජෛව හා අජෛව සංරචක එකිනෙකට සම්බන්ධ වී ඇත්තේ සහ අන්තර්ක්‍රියා පවත්වන්නේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමට.
    • පරිසරයේ සංවිධාන මට්ටම් හදුනා ගැනීමට.
    • පරිසර පද්ධතියේ ප්‍රධාන ක්‍රියාවලි අධ්‍යයනය කිරිමට.
    • භෞමික සහ ජලජ පරිසරයේ සංරචක හදුනා ගැනිමට.
    • මානව ක්‍රියාකාරිත්වයේ බලපෑම මගින් පාරිසරික පද්ධති වෙනස් වෙමින් පවතින්නේ කෙසේදැයි අවබෝධ කර ගැනිමට.
    • පරිසරයේ සිදු වන ස්වාභාවික වෙනස් වීම් විශේෂ සහ වාසස්ථාන කෙරෙහි ඇති කරනු ලබන බලපෑම අවබෝධ කර ගැනිමට.

 

04. පාරිසරික ජීව විද්‍යාඥයින් විසින් හඳුනාගත් පාරිසරික සංවිධාන මට්ටම් වන්නේ?

    • ඒකෛකයා/ ජීවියා
    • ගහනය
    • ප්‍රජාව
    • පරිසර පද්ධතිය
    • ජෛව ගෝලය

 

05. පළමු සංවිධාන මට්ටම කුමක්ද?

    • ඒකෛකයා

 

06. ඒකෛකයා යනු?

    • ඕනෑම ජිිවියෙක් හෝ ජිිවි දෙයකි

 

07. ගහනය යනු?

    • එකම ප්‍රදේශයක ජීවත් වන අන්තරාභිජනනයෙන් සරු ප්‍රජනිතයන් නිපදවන එකම විශේෂයකට අයත් ජිිවින් සමූහයකි.

 

08. ප්‍රජාව යනු?

    • එකම ප්‍රදේශයක එකිනෙකා සමග අන්තර්ක්‍රියා පවත්වමින් ජිිවත් වන වෙනස් විශේෂ වලට අයත් ගහනවල එකතුවයි.

 

09. පරිසර පද්ධතිය යනු?

    • ප්‍රජාවන් හා ඔවුන් සමග අන්තර්ක්‍රියා කරන අජෛව සාධක වල එකතුව.

 

10. ජෛව ගෝලය යනු?

    • ජීවීන් වාසය කරන පෘථිවියේ සම්පුර්ණ කොටස

 

පරිසරයේ ප්‍රධාන ජෛව හා අජෛව සංරචක

11. සංරචක ප්‍රධාන කාණ්ඩ 2 කි ඒ මොනවාද?

    • අජෛව සංඝටක
    • ජෛව සංඝටක

 

12. අජෛව සංඝටක මොනවාද?

    • ජලය
    • වාතය
    • ආලෝකය
    • උෂ්ණත්වය
    • පෝෂක
    • සුුර්යාලෝකය
    • පස

 

13. ශිලාගෝලයෙන්, ජල ගෝලයෙන් හා වායු ගෝලයෙන් සාමාන්‍යයෙන් ලබා ගන්නා සංඝටක වර්ගය වන්නේ?

    • අජෛව සංඝටක

 

14. ජෛව සංඝටක වන්නේ?

    • ශාක
    • සතුන්
    • දිලිර
    • බැක්ටිරියා
    • ප්‍රොටිස්ටාවන්

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet