විද්‍යා අංශයජීව විද්‍යාව5.3.5 - මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය

5.3.5 – මිනිසාගේ ශ්වසන පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය

පාඩමේ සටහන Download කරගන්න.

 

1.මිනිස් රුධිරයේ සාමාන්‍ය pH අගය කොපමණද?

  • 7.4pH

 

2. ආශ්වාස කරන ලද වාතය නාස් විවර වල සිට ගර්ත දක්වා ගමන් කරන මාර්ගය දැක්වීමට ගැලීම් සටහනක් අඳින්න.

Respiratory system disorders - AccessScience from McGraw-Hill Education නාස් විවර

නාස් කුහරය,

ග්‍රසනිකාව ,

ශ්වාසනාලිකා

ශ්වාස නාලිකා,

අනු ශ්වාසනාලිකා,

ගර්ත

Respiratory System: How We Breathe

 

3. පෙණහැලි තුළ පිහිටා ඇති ශ්වසනයට වැදගත් වන ව්‍යුහ මොනවාද?

    • ශ්වාසනාලිකා
    • අනු ශ්වාසනාලිකා
    • ගර්ත 

 

4. වම් පෙනහැල්ල දකුණු පෙනහැල්ලට වඩා කුඩා වීමට හේතුව කුමක්ද?

    • හෘදය මධ්‍ය තලයෙන් මදක් වම් පසට බරව පිහිටා තිබීම

Heart and Lungs Diagram HLD04 | Heart and lungs diagram, Heart and lungs, Heart  diagram Preparation For Chemo – Part 2 | Paul's Heart

 

5. එක් එක් පෙනහැළිවල ඇති කණ්ඩිකා ගණන දක්වන්න.

    • Lungs Anatomy Lobes - Anatomy Drawing Diagram වම්- කණ්ඩිකා 2
    • දකුණු-කණ්ඩිකා 3යි.

Lung Anatomy Respiratory system Respiration Human body, Personal Use, shoe,  breathing, physiology png | PNGWing

 

6. පෙනහැලුවක් වටා ඇති පටල දෙක මොනවාද?

    • අන්තරංග ප්ලූරාව
    • පාර්ශ්වික ප්ලූරාව

Lungs and Pleura, Illustration - Stock Image - C027/6767 - Science Photo  Library The Lungs | Anatomy and Physiology II

 

7. ආශ්වාස කරන විට නාස් කුහරයට ඇතුළු වූ වාතය ප්‍රධාන වෙනස්කම් 3කට ලක්වේ.ඒ මොනවාද?

    • වාතය තෙත් වීම
    • වාතය පිරිසිදු වීම
    • වාතය ශරීර උෂ්ණත්වයට පත්වීම   

 

8. ස්වරාලයේ හා ශ්වාසනාලයේ බිත්ති කාටිලේජ මගින් ශක්තිමත් වී තිබීමේ වැදගත්කම කුමක්ද?

    • ආශ්වාසයේදී ඒවා බිඳ වැටීම වැළැක්වීම 

 

9. ශ්ල්ෂ්මල ඉහළ නැංවීම යනු කුමක්ද?

    • පක්ෂ්ම සැලීම මගින් ශ්ලේශ්මල ග්‍රසනිකාව වෙත ඉහළට චලනය කර ගිලීම මගින් අන්නසෝත්‍රයට ඇතුල් කරවීම.

Respiratory system notes std 3 2011

 

10. ගර්ත ආවරණය කරමින් පවත්නා සර්ෆැක්ටන්‍ට් මගින් සිදුවන වැදගත් කෘත්‍ය කුමක්ද?

    • පෘශ්ටික ආතතිය අඩු කරමින් ඉහල පෘශ්ටික ආතතියකදී ගර්ත බිඳ වැටීම වැලැක්වීම.

Frontiers | Alveolar Dynamics and Beyond – The Importance of Surfactant  Protein C and Cholesterol in Lung Homeostasis and Fibrosis | Physiology

 

11. මිනිසාගේ ශ්වසනය ඍණ පීඩන ශ්වසනයක් ලෙස හඳුන්වන්නේ ඇයි?

    • පෙනහැලි තුළට වාතය තල්ලු කිරිමකට වඩා ඇද ගැනීමක් සිදුවන නිසා

Fig. 1.

 

12. මිනිසාගේ ක්‍රියාකාරී මට්ටම අනුව ශ්වසනයට දායක වන අතිරේක පේශී මොනවාද?

    • ගෙල, පිට ප්‍රදේශය, පපු ප්‍රදේශයේ පේශී 

 

13. සාමාන්‍ය ආශ්වාසයේදී දායක වන පේශී මොනවාද?

    • අන්තර් පර්ශුක පේශී, මහා ප්‍රාචීරයේ කංකාල පේශී 

 

14. හිමොග්ලොබින් අණුවක් ඔක්සිජන් සමඟ ප්‍රත්‍යාවර්ත ලෙස බැඳීම දක්වන ප්‍රතික්‍රියාව ලියන්න.

    • Hb + 402 – HbO8   

 

15. මුළු පෙනහැලි ධාරිතාවය කොපමණද?

    • 6000mL   

 

16. පෙනහැලි වාතනය වීමේ යාන්ත්‍රණය යනු කුමක්ද?

  • මාරුවෙන් මාරුවට සිදු වන පෙනහැලි තුලට වාතය ඇතුළු කරගන්නා ආශ්වාසය සහ පෙනහැලි වලින් වාතය පිට කරන ප්‍රශ්වාස ක්‍රියාවලිය එක්ව ගත් විට පෙනහැලි වාතනය වීමේ යාන්ත්‍රණය නම් වේ.   

 

17. මිනිසාගේ ශ්වසනය ඍණ පීඩන ශ්වසනයක් ලෙස හඳුන්වන්නේ ඇයි?

  • පෙනහැලි තුළට වාතය තල්ලු කිරීමට වඩා ඇද ගැනීමක් සිදු වන නිසා. 

 

18. ආශ්වාසය සක්‍රිය ක්‍රියාවලියක්ද? අක්‍රිය ක්‍රියාවලියක්ද?

  • සක්‍රිය ක්‍රියාවලියකි. 

 

19. ආශ්වාස ක්‍රියාවලිය සිදු වන ආකාරය පහදන්න.

  • පර්ශු පේශි හෝ අන්තර් පර්ශුක පේශි හා උරස් කුහර පත්ල සාදන කංකාල පේශිමය තහඩුවක් වන මහා ප්‍රාචීරය සංකෝචනය වීමෙන් උරස් කුහරය ප්‍රසාරණය වීමෙන් එහි පරිමාව වැඩි වේ.
  • අන්තරංග හා පාර්ශ්වික ප්ලුරා දෙක තදින් එකිනෙක ඇලී බැඳී පවතින නිසා උරස් කුහර පරිමාව වැඩි වන විට පෙනහැලි තුළද පරිමාව වැඩි වේ.
  • එයින් පෙනහැලි තුළ පීඩනය වායුගෝලීය පිඩනයට වඩා අඩු වීමෙන් පෙනහැලි තුළට වාතය ගලා එයි. 

 

20. සාමාන්‍ය ප්‍රශ්වාසය සක්‍රිය ද? අක්‍රිය ද?

  • අක්‍රිය ක්‍රියාවලියකි.

Chapter 22: Respiratory System (#2)

pressure in lungs All products are discounted, Cheaper Than Retail Price,  Free Delivery & Returns OFF 68%

 

21. ප්‍රශ්වාස ක්‍රියාවලිය පහදන්න.

  • අන්තර් පර්ශුක පේශි හා ප්‍රාචිර පේශි ඉහිල් වේ
  • උරස් කුහරයේ පරිමාව අඩු වේ.
  • එවිට පෙනහැලි තුළ පීඩනය බාහිර වායුගොල පීඩනයට වඩා ඉහළ යයි.
  • එමඟින් පෙනහැලි තුළ සිට වායුගෝලයට වාතය තල්ලු කිරීම සිදු වේ.

Muscles of Respiration - Respiratory - Medbullets Step 1

 

22. ක්‍රියාකාරී මට්ටම අනුව අතිරේක පරිමාවක් ලබා ගැනීමට දායක වෙන පේශි මොනවාද?

  • ගෙල, පිට ප්‍රදේශය හා පපු ප්‍රදේශයේ මාංශ පේශි. 

 

23. පෙනහැලි කාර්යක්ෂම ශ්වසන පෘෂ්ඨයක් වන්නේ ඇයි?

  • ගර්ත මගින් ඉහළ ක්ෂේත්‍රඵලයක් සැපයීම.
  • ගර්ත බිත්ති හා කේශනාලිකා බිත්ති යන දෙවර්ගයම සරල ශල්කමය අපිච්ඡදයෙන් ආස්තරණය වී තිබීම.
  • ගර්ත පෘෂ්ඨය තෙත් වීම.
  • ගර්ත අධික ලෙස වාහිනීමත් වීම.

Human alveoli anatomy — respiratory, pulmonary venule - Stock Photo |  #160224440

 

24. බාහිර ශ්වසනය හා අභ්‍යන්තර ශ්වසනය හඳුන්වන්න.

  • බාහිර ශ්වසනය : පෙනහැලි වල සිට රුධිරය කරා O2 පරිවහනය වීමත් රුධිරයේ සිට ගර්ත කරා CO2 පරිවහනය වීමත්.
  • අභ්‍යන්තර ශ්වසනය : රුධිරයේ සිට පටක තරලය හරහා පටක කරා O2 පරිවහනය වීම හා පටක වල සිට පටක තරලය ඔස්සේ රුධිරයට CO2 පරිවහනය වීම. 

 

25. හිමොග්ලොබින් අණුවක් සමග O2 අණු කීයක් සම්බන්ධ වේද?

  • හිමොග්ලොබීන් අණුවකට O2 අණු 4ක්‌ ප්‍රත්‍යවර්තව බැඳී ඔක්සි හිමොග්ලොබීන් අණුවක් සෑදේ

 

ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ සමස්ථිතික යාමනය.

26. මෙය ඉච්ඡානුග ද අනිච්ඡානුග ද?

  • අනිච්ඡානුග යාන්ත්‍රණයකි.   

 

27. ශ්වසන ක්‍රියාවලියේ ප්‍රධාන යාමන ස්ථානය කුමක්ද?

  • සුෂුම්නා ශිර්ෂකයේ ඇති ශ්වසන පාලන ස්ථාන යුගලය. 

 

28. ශ්වසන ක්‍රියාව යාමනයේ ඍණ ප්‍රතිපෝෂි යාන්ත්‍රණය පහදන්න.

  • ආශ්වාසයේදී පෙනහැලි පටක ඇදී පවතින විට පෙනහැලි තුළම පිහිටන සංවේදක මගින් එය හඳුනා ගෙන සුෂුම්නා ශිර්ෂකයේ ඇති පාලන ස්ථානය වෙත ස්නායු ආවේග යවයි. එවිට වැඩි දුරටත් ආශ්වාසය නිශේදනය කරමින් පෙනහැලි ප්‍රමාණයට වඩා ප්‍රසාරණය වීම වළක්වයි. 

 

29. pH අගය මත ශ්වසන යාමනය සිදු වන ආකාරය පහදන්න.

  • සුෂුම්නා ශිර්ෂකයේ පටක තරලයේ pH වෙනස මත මෙය සිදු වේ.
  • රුධිර pH අගය රුධිර CO2 සන්ද්‍රණයේ දර්ශකයක් වේ. රුධිර CO2 මට්ටම ඉහළ ගිය විට මස්තිෂ්ක සුෂුම්නා තරලයේ CO2 සාන්දණය ඉහළ යයි. එවිට එහි pH අගය පහළ බසියි.
  • සුෂුම්නා ශිර්ෂකයේ සංවේදක සහ මහා ධමනියේ හා ප්‍රධාන ධමනි වල සංවේදක මගින් මේ pH වෙනස හදුනා ගනී
  • ඊට ප්‍රතිචාර ලෙස පාලක පරිපථ ක්‍රියාකාරී වෙමින් ආශ්වාසයේ ගැඹුර හා වේගය වැඩි කරමින් වැඩිපුර ඇති CO2 ප්‍රශ්වාස වාතය මගින් බැහැර කරයි.
  • පසුව රුධිරය සාමාන්‍ pH අගය 7.4 කරා ළගා වේ.

Respiration and Gas Exchange - ppt video online download

 

30. ශ්වසන පාලක මධ්‍යස්ථානය වෙත O2 හි බලපෑම විස්තර කරන්න.

  • ඉතා සුළු බලපෑමකි.
  • O2 සාන්ද්‍රණය ඉතා පහළ ගිය විට මහා ධමනියේ හා ශීර්ෂ පෝෂි ධමනි වලත් පිහිටන O2 සංවේදක මගින් සුෂුම්නා ශිර්ෂකයට ආවේග ලබා දී ශ්වසන ශීඝ්‍රතාව ඉහළ නංවයි. 

 

31. සුෂුම්නා ශිර්ෂකයේ පාලන මධ්‍යස්ථානයට අමතරව අතිරේක ශ්වසන පාලන ස්ථාන පිහිටන්නේ කුමන ස්ථානයකද?

  • වැරෝලි සේතුවෙහි.

Teaching of ANATOMY copy1 by kstofferan1 on emaze

https://youtu.be/SRgHeHQ9ud0

 

ශ්වසන පද්ධතියේ ආබාධ

32. සිගරට් දුම් පානය නිසා ශ්වසන පද්ධතියට වන බලපෑම් මොනවාද?

  • සිගරට් දුමෙහි නිකොටීන් නම් ඇබ්බැහි කාරකය අඩංගු වේ. එය හෘද ස්පන්දන වේගය ඉහළ නංවන අතර පර්යන්ත රුධිර වාහිනී සංකූචනය කරවයි. එමඟින් රුධිර පීඩනය තාවකාලිකව ඉහළ යයි.
  • සිගරට් දුම මඟින් කලස්‌ සෛල වලින් ශ්ලේෂ්මල ස්‍රාවය උත්තේජනය කරන අතර ශ්වසන මාර්ගයේ පක්ෂ්ම ක්‍රියාකාරිත්වය නිශේදනය කරයි. එමගින් අනු ශ්වාසනාලිකා තුල ශ්ලේෂ්මල එකතු වීමෙන් ශ්වාසනලිකා ප්‍රදාහය හෝ බ්‍රොන්කයිටීස් ඇතිවේ.
  • සිගරට් දුමෙහි ඇති හයිඩ්‍රජන් සයනයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය ද පක්ෂ්ම නිසි ලෙස ක්‍රියාව නතර කරවයි. එමගින් දුවිලි හා වෙනත් අංශු පෙනහැලි තුළ එක් රැස් වීමෙන් ගර්තික පටක විනාශ වීම සිදු වේ.
  • සිගරට් දුමෙහි අඩංගු වන කාබන් මොනොක්සයිඩ් රුධිරයට අවශෝෂණය වි හිමොග්ලොබීන් සමඟ ඔක්සිජන් වලට වඩා වැඩි බන්ධුතාවකින් අප්‍රතිවර්ත්‍ය ලෙස සම්බන්ධ වීම නිසා නිපදවෙන ඔක්සිහිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙයි. එනිසා රුධිරයේ ඔක්සිජන් පරිවහනය අඩු වෙයි.
  • සිගරට් දුමෙහි පිළිකාකාරක රැසක් අඩංගු වේ. 

 

33. සිලිකෝසිස් යනු ශ්වසන පද්ධතිය හා සම්බන්ධ තවත් ආබාධ තත්ත්වයකි. මේ සදහා වැඩි අවදානමක් ඇති කර්මාන්ත මොනවාද?

  • ග්‍රැනයිට්, කළුගල් සහ වැලිගල් පතල් කැණීම.
  • ගල් අරු, රන්, ටින් හා තඹ ආකර
  • වැලි හා පෙදරේරු කර්මාන්තය
  • වීදුරු හා මැටි කර්මාන්ත.

https://youtu.be/6yEtisMfyMY

 

34. සිලිකා අංශු ආශ්වාස කළ විට ඇති වන තත්ත්වය පහදන්න.

  • එම අංශු ගර්ත තුල එක් රැස් වේ. ඒවා මහා භක්ෂාණු මන් අධිග්‍රහණය කරයි
  • ඇතැම් අංශු ගර්ත තුලම රැදේ.
  • මේවා ගර්ත වලින් පිටතට පැමිණ ප්ලුරාව අවට ඇති අනු ශ්වසනාලිකා හා රුධිර වාහිනී අවට ඇති සම්බන්ධක පටක තුළට ගමන් කරයි.
  • එම අංශු වටා තන්තුමය පටක වර්ධනය වී අනු ශ්වාසනාලිකා හා රුධිර වාහිනී විනාශ වේ.
  • ක්‍රමයෙන් පෙනහැලි පටක විනාශ වි පුප්පුශීය අධ්‍යාතතිය හා හෘදය අකර්මණ්‍ය වීම සිදු වේ. 

 

35. පෙනහැලි පටක විනාශ වීමට හා පුප්පුශීය අධ්‍යාතතියට හේතු වන තවත් කර්මාන්ත ආශ්‍රිත රෝගයක් නම් කරන්න.

  • ඇස්බැස්‌ටෝසිස්   

 

36. පෙනහැලි පිළිකා තත්ත්යන්ගෙන් 90%ට පමණ හේතු වන්නේ කුමක්ද?

  • සිගරට් දුම් පානය   

 

37. ක්ෂය රෝගයෙහි රෝග කාරකය කුමක්ද?

  • Mycobacterium tuberculosis නැමැති බැක්ටීරියාව   

 

38. සුලභතම ක්‍ෂයරෝග ආකාරය කුමක්ද?

  • පුප්පුශීය ක්ෂය රෝගය 

 

39. ක්ෂයරෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • ආහාර අරුචිය
  • බර අඩු වීම
  • අධික දහඩිය
  • උණ
  • පීඩාකාරී කැස්ස
  • රුධිරය බැහැර වීම   

 

40. ඇදුම හට ගන්නේ කෙසේද?

  • අනුශ්වාස නාලිකා ජාලයේ, බිත්තිවල පවතින සිනිදු පේශි ක්ෂණිකව සංකෝචනයට ලක්‌ වීමෙන් ඒවායේ කුහර පටු වීම හෝ වැසී යාම සිදු වීමෙන් හුස්ම ගැනීමේ ක්‍රියාවලිය අපහසු වීමෙන් ඇදුම ඇතිවේ. 

 

41. ඇදුම හට ගැනීමට ප්‍රධාන හේතු වන්නේ මොනවාද?

  • පරාග, දූවිලි, මයිටාවන්, සමහර ආහාර, සීතල වාතය, දුම් වර්ග ආදිය නිසා ප්‍රතිශක්ති පද්ධතියේ සිදු වන අධික්‍රියාකාරීතත්වයන්

No photo description available.

Asthma and Work-related Asthma Developed by: Dana Hughes, RN, PhD Miners  Hospital, University of Utah Libbey M. Chuy, MPH Asthma Program, Utah  Department. - ppt download What does asbestos do to you? | Affects of exposure and who is at risk

 

42. ශ්වසන චක්‍රය යනු කුමක්ද?

  • එක් ශ්වසනයකදී සිදු වන ආශ්වාස හා ප්‍රශ්වාස ක්‍රියාව. 

 

43. ශ්වසන පරිමා හතර නම් කර හඳුන්වන්න.

  • උදම් පරිමාව (TV) – සාමාන්‍ය ශ්වසනයේ එක් ශ්වසනයකදී දේහයට ඇතුළු කරගන්නා හා පිට කරන වාත පරිමාව. විවේකීව සිටින වැඩිහිටි පුද්ගලයකුගේ මෙහි සාමාන්‍ය අගය 500 mL
  • අතිරේක ආශ්වාස පරිමාව (IRV) – බලපෑමක් මගින් උදම් පරිමාවට වඩා වැඩිපුර ආශ්වාස කළ හැකි අතිරේක වාත පරිමාව
  • අතිරේක ප්‍රශ්වාස පරිමාව (ERV) – උදම් පරිමාවකින් පසුව ප්‍රශ්වාසය මඟින් තවදුරටත් බැහැර කළ හැකි අතිරේක වාත පරිමාව.
  • ශේෂ පරිමාව (RV) – ප්‍රභල ගැඹුරු ප්‍රශ්වාසයකට පසුවත් පෙනහැලි තුළ බැහැර නොවී ඉතිරි වන වාත පරිමාව. සාමාන්‍ය අගය 1200 mL වේ. 

 

44. පෙනහැලි පරිමා වල සංකලනයන් පෙනහැලි ධාරිතා නම් වේ. ඒවා නම් කර විස්තර කරන්න.

  • ආශ්වාස ධාරිතාව (IC) – උදම් ප්‍රශ්වාසයකට පසුව ආශ්වාසයෙන් ඇතුළු කරගන්නා සම්පුර්ණ වාත පරිමාව.  

IC = TV + IRV

  • කෘත්‍යානුගත ශේෂ ධාරිතාව (FRC) – උදම් ප්‍රශ්වාසයකට පසුව පෙනහැලි තුළ ඉතිරිව පවතින වාත පරිමාව.

FRC = RV + ERV

  • ජීව ධාරිතාව (VC) – පුද්ගලයෙකුට ආශ්වාස හා ප්‍රශ්වාස කළ හැකි උපරිම වාත පරිමාව. ස්ත්‍රීන්ගේ මෙය සාමාන්‍යයෙන් 3100mL ක්‌ පමණ වන අතර පුරුෂයන්ගේ 4800mL ක්‌ පමණ වේ.

VC = TV + IRV + ERV

  • මුළු පෙනහලු ධාරිතාව (TLC) – පෙනහලු වලට දරාගත හැකි උපරිම වායු පරිමාව හෝ සියළුම පෙණහලු පරිමාවල එකතුවයි. මෙය සාමාන්‍යයෙන් 6000mL පමණ වේ.   

 

45. ගර්ත බිඳ වැටීමෙන් වළක්වන පෙනහලු ධාරිතාව කුමක්ද?

  • කෘත්‍යානුගත ශේෂ ධාරිතාව   

 

46. ව්‍යුහාත්මක මළ අවකාශය නම් වන්නේ කුමක්ද?

  • ශාඛනය වූ සන්නායක නාල පද්ධතිය තුල (ශ්වාසනාලය, ශ්වාසනාලිකා, අනු ශ්වාසනලිකා ) පිරී ඇති,ගර්ත තුල වායු හුවමාරුවට දායක නොවන වායු පරිමාව. දර්ශීයව 150mL වේ.

ADMIT - Lung volume and capacities | Respiratory therapy, Respiratory  system anatomy, Deep breathing exercises

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet