No menu items!
දවසට පාඩමක්01 දවස04.02.02 - පරිපූර්ණ වායු සමීකරණයේ ව්‍යුත්පන්න

04.02.02 – පරිපූර්ණ වායු සමීකරණයේ ව්‍යුත්පන්න

PV = nRT යන පරිපූර්ණ වායු සමීකරණය විවිධ ආකාර වලින් ඉදිරිපත් කල හැකිය.

01. ඒකීය පරිමාවක් තුළ අන්තර්ගත වායු ප්‍රමාණය වායු සාන්ද්‍රණය ලෙස අර්ථ දැක්වේ.

\frac{\mathrm n}{\mathrm v}=\mathrm c

පරිපූර්ණ වායුවක් සඳහා,

\begin{array}{rcl}\mathrm{PV}&=&\mathrm{nRT}\\\mathrm P&=&\frac{\mathrm{nRT}}{\mathrm V}\\\mathrm P&=&\mathrm{CRT}\end{array}

R  නියත බැවින්,

\begin{array}{rcl}\mathrm C&\propto&\frac{\mathrm P}{\mathrm T}\end{array}

එනම්, වායුවක සාන්ද්‍රණය එහි පීඩනයට අනුලෝමව සමානුපාතික වන අතර එහි නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

02. වායුවක මවුල ප්‍රමාණය n ,

\begin{array}{rcl}\mathrm n&=&\frac{\mathrm m}{\mathrm M}\end{array}

බැවින් එය පරිපූර්ණ සමීකරණයට ආදේශයෙන්,

\begin{array}{rcl}\mathrm{PV}&=&\mathrm{nRT}\\\mathrm{PV}&=&\frac{\mathrm m}{\mathrm M}\mathrm{RT}\\\mathrm M&=&\frac{\mathrm{mRT}}{\mathrm{PV}}\end{array}

මෙමගින් හඳුනා නොගත් වායුවක් සඳහා මවුලික ස්කන්ධය ගණනය කළ ගත හැකිය.

03. වායු සාම්පලය සඳහා

\begin{array}{rcl}\mathrm d&=&\frac{\mathrm m}{\mathrm V}\\\mathrm{PV}&=&\mathrm{nRT}\\\mathrm{PV}&=&\frac{\mathrm m}{\mathrm M}\mathrm{RT}\\\mathrm{PM}&=&\frac{\mathrm m}{\mathrm V}\mathrm{RT}\\\mathrm{PM}&=&\mathrm{dRT}\\\mathrm d&=&\frac{\mathrm{PM}}{\mathrm{RT}}\end{array}

R  නියත බැවින්,

\begin{array}{rcl}\mathrm d&\propto&\frac{\mathrm{PM}}{\mathrm T}\end{array}

එනම් වායුවක ඝනත්වය පිීඩනයට හා මවුලික ස්කන්ධයට අනුලෝමව සමානුපාතික වන අතර ,එහි නිරපේක්ෂ උෂ්ණත්වයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.

වැඩිදුර අධ්‍යනයට ,

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.