අන්වීක්ෂය
සරල අන්වීක්ෂය
- මෙය තනි උත්තල කාචයක් භාවිතයෙන් නිර්මාණය කරගන්නා අතර මෙය විශාලක කාචයක් ලෙසත් හඳුන්වයි.
M = අන්වීක්ෂයේ රේඛීය විශාලනය
α = වස්තුව විශද දෘශ්ඨියේ අවම දුරේ ඇති විට ඇසෙහි ආපාතනය කරන කෝණය
β = අන්වීක්ශය තුලින් පෙනෙන අවසන් ප්‍රතිබිම්බය ඇසෙහි ආපාතන්ය කරන කෝණය
1/v – 1/u = 1/f
1/x – 1/u = -1/f
x ගෙන් ගුණ කිරීම
1 – x/u = – x/f
X/u = [1 + x/f]
M = [1 + x/f] D/X
M = D/x + D/f
D = 26 cm / f = 5cm
x = D
MD = 1 + D / f
x = α
M α = D / f
Mmax => xmin = 25cm
M = 25/25 + 25/5 = 6cm
Mmin => xmax = α
Μmin = 25 / 5 = 5
සංයුක්ත අන්වීක්ෂය
- මෙය උත්තල කාච දෙකක් භාවිතයෙන් නිර්මාණය කරගනියි.
- ළඟ ඇති ඉතා කුඩා පැහැදිලිව නොපෙනෙන වස්තු නිරීක්ෂනයට යොදා ගනී.
1.සාමාන්‍ය සීරුමාරුව
- මෙහිදී අවසාන ප්‍රතිබිම්බය විශද දෘෂ්ටියේ අවම දුරෙහි සාදයි.
M = β / α
M = tan β / tan α
M = (H/D)/(h/D)
M = H/h
එනම්,
M = H/h1 x h1/h ලෙස ගත හැකිය .
M = me x mo
me = උපනෙතේ රේඛීය විශාලනය
mo = අවනෙතේ රේඛීය විශාලනය
අවනෙතට කාච සූත්‍රය යෙදීමෙන්,
1/v – 1/u = 1/f
-1/v0 -1/u0 = -1/f0
-vo ගෙන් ගුණ කිරීම
1 + vo/uo = vo/fo
mo = vo/fo – 1
උපනෙතට කාච සූත්‍රය යෙදීමෙන්,
1/v -1/u = 1/f
1/D – 1/ue = -1/fe
D ගෙන් ගුණ කිරීම
1 – D/ue = -D/fe
me = 1 + D/fe
එනම්,
2. අසාමන්‍ය සීරුමාරුව.
- මෙහිදී අවසාන ප්‍රතිබිම්බය අනන්තයේ සෑදේ.
M = β / α
M = tan β / tan α (β , α ඉතා කුඩා කෝණ බැවින්)
M = (H/fe ) / (h/D)
= (H/h) x (D/fe)
අවනෙතට කාච සූත්‍රය යෙදීමෙන්,
1/v – 1/u = 1/f
-1/v0 -1/u0 = -1/f0
-vo ගෙන් ගුණ කිරීම
1 + vo/uo = vo/fo
mo = vo/fo – 1
එනම්,
සංයුක්ත අන්වීක්ෂයේ,
- සාමන්‍ය සීරුමාරුවේදි කෝණික විශාලනය M = me x mo බැවින්ද උපනෙතේ විශාලනය me නියත බැවින්ද (D, fe නියත බැවින්) M සමඟ mo පහත ආකාරයට විචලය වන බව කිව හැකිය.
- තවද සාමන්‍ය සීරුමාරුවේදි අවනෙත තුලින් සාදන වස්තුවේ ප්‍රතිබිම්බය තාත්වික විය යුතු නිසා සෑමවිටම අවනෙතේ නාභි දුර උපනෙතේ නාභි දුරට වඩා අඩු වන ලෙස තෝරා ගනියි.
මෙමඟින් අන්වීක්ෂයේ දිග අඩු කර ගැනීමටද හැකි වෙයි.
දුරේක්ෂය
- වස්තුවක් කෙතරම් විශාල උවද ඇසට ඉතා ඈතින් ඇත්නම් ඇසේ ආපාතනය කරන කෝණය කුඩා වේ.එනම් එම වස්තුව කුඩාවට පෙනේ.එම ආපාතිත කෝණය විශාල කර ගැනීම සදහා අප විසින් දුරේක්ෂය භාවිතා කරනු ලැබේ.
දුරේක්ෂයක කෝණික විශාලනය
නක්ෂත්ර දුරේක්ෂය
- සාමාන්‍ය සිරුමාරුව
- මෙහිදී දුරේක්ෂය මගින් අවසාන ප්‍රතිබිම්භය අනන්තයේ සාදයි.
- විශාලන බලය වැඩි කර ගැනීමට අවනෙතට අධික නාභිය දුරක්ද උපනෙත අඩු නාභිය දුරකින්ද යුක්ත විය යුතුයි.
- මෙහිදී කාච 2ක අතර පරතරය = f0 + fe
- රූපයේ α’ ලෙස සලකුණු කර ඇත්තේ අවසාන ප්‍රතිබිම්භය උපනෙත මත ආපාතනය කරන කෝණයයි.
- ඇස උපනෙතට ආසන්න බැවින් එය අවසාන ප්‍රතිබිම්භය ඇස මත ආපාතනය කරන කෝණයයි.
- මෙහි α යනු වස්තුව අවනෙත ආපාතනය කරන කෝණයයි. අනන්ත දුරක පවතින වස්තු දුරට සාපේක්ෂව ඇස සහ අවනෙත අතර දුරද ඉතා කුඩා යැයි සැලකිය හැක.(එනම් මෙහි α වස්තුව ඇස මත ආපාතනය කරන කෝණයට සමාන යැයි ගත හැක.)
- අසාමාන්‍ය සීරුමාරුව
- දුරේක්ෂය අසාමාන්‍ය සීරුමාරුවේදී අවසාන ප්‍රතිබිම්භය විශම දෘෂ්ටියේ අවම දුරෙන්(D) සාදයි.
- ඒ සඳහා උපනෙතට වස්තුව (අවනෙත මගින් සාදා ඇති ප්‍රතිබිම්බය) P හා fe අතර පැවතිය යුතුය.
- එනම් උපනෙත අවනත දෙසට ගෙන ආ යුතුය. එවිට කාච අතර පරතරය සමාන්‍ය සීරුමාරුවට වඩා අඩු වේ.
- සෑම විටම අවසාන ප්‍රතිබිම්භය D දුරින් සෑදෙන විට විශාලනය වැඩිය.
- සාමාන්‍යයෙන් දුරේක්ෂයක භාවිතාවන කාචවල විෂ්කම්භය විශාලය. ඊට හේතුව ඈත් පිහිටි වස්තුවල සිට එන්නේ දුර්වල ආලෝකය බැවින් හොඳ ප්‍රතිබිම්බයක් ලබාගැනීමට ආලෝක කිරණ වැඩි ප්‍රමාණයක් ලබා ගත යුතු බැවිනි.
ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.