විද්‍යා අංශයභෞතික විද්‍යාව06.06 - විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක

06.06 – විද්‍යුත් ධාරිතාව හා ධාරිත්‍රක

විද්‍යුත් ධාරිතාව

  • සන්නායකයක විභවය ඒකකයකින් වැඩි කිරීමට ලබා දිය යුතු ආරෝපණ ප්‍රමාණය එහි විද්‍යුත් ධාරිතාව ලෙස හැදින්වේ.
  • සන්නායකයකට ආරෝපණ ලබා දෙන විට ඊට සමානුපාතිකව විභවය වැඩිවේ.

\begin{array}{l}Q\;\propto\;V\\\\Q\;=\;CV\\\\C\;=\;\dfrac QV\\\end{array}

Q – ආරෝපණය

C – විද්‍යුත් ධාරිතාව

V – විභවය                                                 

  • සන්නායකයක ධාරිතාව එහි භෞතික මාන හා පවතින මාධ්‍ය මත රදා පවතී.
  • විද්‍යුත් ධාරිතාවයේ ඒකක ෆැරඩ් (F) වේ.

ගෝලයක විද්‍යුත් ධාරිතාව

  • අරය R වන ගෝලයකට Q ආරෝපණයක් දී ඇති විට ගෝලයේ විභවය V නම්,

\begin{array}{rcl}V\;&=&\;\dfrac1{4\mathrm{πε}}\dfrac QR\\&&\\\dfrac QV\;&=&\;4\pi\varepsilon\;R\\&&\\(\;\dfrac QV\;&=&\;C\;)\\&&\\C\;&=&\;4\pi\varepsilon\;R\\&&\\&&\end{array}

  • ගෝලයේ විද්‍යුත් ධාරිතාව ගෝලයේ අරය හා මාධ්‍යයේ පාරවේද්‍යතාව මත රදා පවතී.

ආරෝපිත වස්තු දෙකක් ස්පර්ශ කළ විට ආරෝපණ බෙදී යන ආකාරය

  • වස්තූන් දෙක විභව සමාන වන තෙක් ආරෝපණ හුවමාරු වේ.
  • ස්පර්ශයට පෙර ආරෝපණ වල වීජ ඓක්‍යය ස්පර්ශයෙන් පසු ආරෝපණවල වීජ ඓක්‍යයට සමාන විය යුතුය.
\begin{array}{rcl}Q_1\;+\;Q_2\;&=&\;q_1\;+\;q_2\\&&\\\dfrac{q_1}{C_1}\;&=&\;\dfrac{q_2}{C_2}\end{array}

 

ගෝල දෙකක් ස්පර්ශ කළ විට ආරෝපණ බෙදී යන ආකාරය

01) බාහිර ස්පර්ශය

  • ගෝල දෙකක විභව සමාන විට ඒවායේ අරයන් අතර අනුපාතය ආරෝපණ අතර අනුපාතයට සමාන වේ.

\begin{array}{rcl}Q_1\;+\;Q_2\;&=&\;q_1\;+\;q_2\\&&\\Q\;&=&\;CV\\&&\\V\;&=&\;\dfrac QC\\&&\\\dfrac{q_1}{C_1}\;&=&\;\dfrac{q_2}{C_2}\\&&\\\lbrack\;C\;&=&\;4\pi\varepsilon\;R\;\rbrack\\&&\\\dfrac{q_1}{q_2}\;&=&\;\dfrac{C_1}{C_2}\;=\;\dfrac{4\pi\varepsilon\;r_1}{4\pi\varepsilon\;r_2}\\&&\\\dfrac{q_1}{q_2}\;&=&\;\dfrac{C_1}{C_2}\;=\;\dfrac{r_1}{r_2}\end{array}

 

02) අභ්‍යන්තර ස්පර්ශය

  • ගෝලයක් අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරන විට අභ්‍යන්තර ගෝලයේ සියලුම ආරෝපණ බාහිර ගෝලයට ගමන් කරයි.
  • සන්නායක ගෝල දෙකක් ස්පර්ශ කළ විට හා ආරෝපණ ගලා යා හැකි පරිදි සන්නායක කම්බියකින් සම්බන්ධ කළ විට ඒවා තනි සන්නායකයක් ලෙස හැසිරේ.
  • එනම් ඒවායේ ආරෝපණ පෘෂ්ඨයේ පැවතිය යුතු අතර පෘෂ්ඨයේ සෑම තැනකම විභවය සමාන විය යුතූය.
  • කුහර සන්නායක ගෝලයක් ඇතුළත තවත් ගෝලයක් තැබූ විට ඇතුළත ගෝලයේ ආරෝපණයේ විශාලත්වයට සමාන ආරෝපණයක් බාහිර ගෝලයට ප්‍රේරණය වේ.

බාහිර පෘෂ්ඨයේ ප්‍රේරිිත ආරෝපණය x නම්,   x-6 = -3 විය යුතුය. එවිට x = +3C වේ.

  • ආරෝපිත කුහර සන්නායක ගෝලයක් තුළට ආරෝපණයක් ගෙන ආ විට සන්නායක ගෝලයේ බාහිර පෘෂ්ඨයේ ආරෝපණය ලැබෙනුයේ ගෝලයේ තිබූ සඵල ආරෝපණයේත් ප්‍රේරණය නිසා ලැබුණු ආරෝපණයේත් වීජ ඓක්‍යයෙනි.

ධාරිත්‍රක

  • ආරෝපණ තාවකාලිත ව ගබඩා කර තබා ගැනීමට ධාරිත්‍රක භාවිතා කරයි.
  • ආරෝපණ ගබඩා වූ පසු ධාරිත්‍රක තුළ විද්‍යුත් ශක්තියක්ද ගබඩා වී පවතී.
  • ධාරිත්‍රකයක ගබඩා වී ඇති ආරෝපණ ප්‍රමාණය එහි අග්‍ර දෙක අතර විභව අන්තරයට අනුලෝමව සමානුපාතික වේ.
Q\;=\;C\triangle V
  • ධාරිත්‍රකයේ ධාරිතාව එහි භෞතික මාන හා එය තබා ඇති මාධ්‍යයේ පාරවේද්‍යතාව මත රදා පවති.

සමාන්තර තහඩු ධාරිත්‍රක

ධාරිත්‍රකයේ තහඩුවක වර්ගඵලය A ද තහඩු අතර පරතරය d ද තහඩු අතර මාධ්‍යයේ පාරවේද්‍යතාව ɛ ද විට Q ආරෝපණයක් ලබා දී දෙකෙලවර විභව අන්තරය ΔV විට,

E\;=\;\dfrac{\triangle V}d
\begin{array}{rcl}\text{ආරෝපණ ඝනත්වය}\;(\sigma)\;&=&\;\dfrac QA\\&&\\E\;&=&\;\dfrac\sigma\varepsilon\;=\;\dfrac Q{A\varepsilon}\\&&\\\dfrac{\triangle V}d\;&=&\;\dfrac Q{A\varepsilon}\\&&\\(\;C\;&=&\;\dfrac Q{\triangle V}\;)\\&&\\\dfrac Q{\triangle V}\;&=&\;\dfrac{A\varepsilon}d\\&&\\C\;&=&\;\dfrac{A\varepsilon}d\end{array}
  • ධාරිත්‍රකයක තහඩු අතර පවතින්නේ පාරවිද්‍යුත් ද්‍රව්‍යක් බැවින් ධාරිත්‍රකය තුළින් ධාරවක් ගමන් නොකරයි.

01) ශ්‍රේණිගත ධාරිත්‍රක පද්ධති

\begin{array}{rcl}V\;&=&\;V_1\;+\;V_2\;+\;V_3\\&&\\Q\;&=&\;CV\\&&\\\dfrac QC\;&=&\;\dfrac Q{C_1}\;+\;\dfrac Q{C_2}\;+\;\dfrac Q{C_3}\\&&\\\dfrac1C\;&=&\;\dfrac1{C_1}\;+\;\dfrac1{C_2}\;+\;\dfrac1{C_3}\;\end{array}

  • ධාරිත්‍රක ශ්‍රේණිගතව පවතින විට එක් එක් ධාරිත්‍රක තුළ ගබඩා වී ඇති ආරෝපණ ප්‍රමාණ සමාන වේ.
  • සමකයේ ඇති ආරෝපණ ප්‍රමාණය එක් ධාරිත්‍රකයක ආරෝපණ ප්‍රමාණයට සමාන වේ.
  • සර්වසම ධාරිත්‍රක n ගණනක් ශ්‍රේණිගතව සම්බන්ධ විට සමකය,
C_0\;=\;\dfrac Cn
  • ධාරිත්‍රක ශ්‍රේණිගතව ඇතිවිට සමක ධාරිතාව පවතින කුඩාම ධාරිතාවටත් වඩා අඩුවේ.
  • බැටරියට සම්බන්ධ නැති තහඩු ප්‍රේරණයෙන් ආරෝපණය වේ.

02) සමාන්තර ධාරිත්‍රක පද්ධති

  • ධාරිත්‍රක වල දෙකෙලවර විභව අගයන් සමාන නම් ඒවා සමාන්තරගතව පවති.

\begin{array}{rcl}Q\;&=&\;Q_1\;+\;Q_2\;+\;Q_3\\&&\\CV\;&=&\;C_1V\;+\;C_2V\;+\;C_3V\\&&\\C\;&=&\;C_1\;+\;C_2\;+\;C_3\end{array}

  • ධාරිත්‍රක සමාන්තරගත විට සමකයේ ආරෝපණ ප්‍රමාණය එක් එක් ධාරිත්‍රකයේ ආරෝපණ වල එකතුවට සමාන වේ.
  • ධාරිත්‍රක සමාන්තරගත විට ගබඩා වී ඇති ආරෝපණ, ධාරිත්‍රක වල ධාරිතාවයට සමානුපාතික වේ.
\begin{array}{l}\dfrac{Q_1}{Q_2}\;=\;\dfrac{C_1V}{C_2V}\\\\\dfrac{Q_1}{Q_2}\;=\;\dfrac{C_1}{C_2}\end{array}

 

උදා: තහඩු අතර පොදු වර්ගඵලය A හා පරතරය d විට පද්ධතියේ සමක ධාරිතාව

එක් ධාරිත්‍රකයක,

C\;=\;\dfrac{A\varepsilon_0}d

සමකය,

C\;=\;\dfrac{2A\varepsilon_0}d

 

ධාරිත්‍රක මෙසේ සම්බන්ධ කළවිට, පද්ධතිය වින්ස්ටන් සේතුවක් සේ ක්‍රියා කරයි.

\dfrac{C_1}{C_2}\;=\;\dfrac{C_3}{C_4}\;\text{නම්}\;V_C\;=\;V_D\;\text{වේ}.
  • එනම් A ධාරිත්‍රකයෙහි දෙකෙලවර විභව අන්තරයක් නොමැත. එමනිසා සමක ධාරිතාව සෙවීමේදී A නොසලකා හැරිය යුතුය.

ධාරිත්‍රකයක ගබඩා වී ඇති විද්‍යුත් ශක්තිය

ධාරිත්‍රකයේ Q ආරෝපණයක් ගබඩා වී ඇති විට දෙකෙලවර විභව අන්තරය V නම් ගබඩා වී ඇති විද්‍යුත් ශක්තිය W,

W\;=\;\dfrac12QV

\begin{array}{rcl}&&\text{Q = CV සමීකරණයෙන්},\\&&\\W\;&=&\;\dfrac12\;QV\\&&\\W\;&=&\;\dfrac12\;CV.V\\&&\\W\;&=&\;\dfrac12\;CV^2\\&&\\&&\text{( V = }\frac QC\;)\;\text{මඟින්},\\&&\\W\;&=&\;\dfrac12\;QV\\&&\\W\;&=&\;\dfrac12\;Q.\dfrac QC\\&&\\W\;&=&\;\dfrac12\;\dfrac{Q^2}C\end{array}

  • ධාරිත්‍රකයක ආරෝපණ ප්‍රමාණය Q හා දෙකෙලවර විභව අන්තරය V අතර ප්‍රස්තාරය x අක්ෂය සමඟ සාදන වර්ගඵලයෙන් ධාරිත්‍රකයේ ගබඩා වී ඇති විද්‍යුත් ශක්ති ප්‍රමාණය ලැබේ.

 

\text{වර්ගඵලය}\;=\;\dfrac12QV

 

 

 

උදා: ධාරිත්‍රකයේ ගබඩා වී ඇති ශක්තිය සොයන්න.

\begin{array}{rcl}W\;&=&\;\dfrac12CV^2\\&&\\&=&\;\dfrac12\times10\times10^{-6}\times5\times5\\&&\\&=&\;125\times10^{-6}\;J\\&&\\&=&\;1.25\times10^{-4}\;J\end{array}

 

ධාරිත්‍රක ආරෝපණය වීම

  • ආරෝපණය ආරම්භ වන මොහොතේ ධාරිත්‍රකය තුළින් විශාල ධාරාවක් ගලා යයි.
  • ධාරිත්‍රකයේ රැදෙන ආරෝපණ ප්‍රමාණය වැඩිවත්ම ගලායන ධාරාව අඩු වී ධාරිත්‍රකයේ දෙකෙලවර හා කෝෂයේ දෙකෙලවර විභව අන්තරය සමාන වූ විට ධාරාව ශුන්‍ය වේ.
  • ධාරිත්‍රකයක් මිලි තත්පර ගණනක් තුළ ආරෝපණය වේ.
  • ධාරිත්‍රකයක් ආරෝපණය වීමට ගතවන කාලය මිලි තත්පර පරාසයේ පවතී.

ධාරිත්‍රකයක් විසර්ජනය වීම

  • විසර්ජනය ආරම්භයේදී ඉහළ විභව අන්තරයක් ඇති නිසා ආරම්භයේ දී ඉඅහළ ධාරාවක් ගලා යයි.
  • නමුත් ආරෝපණ විසර්ජනය වීමේදී දෙකෙලවර විභව අන්තරය ක්‍රමයෙන් අඩූ වී ආරෝපණ සම්පූර්ණයෙන්ම විසර්ජනය වූ විට විභව අන්තරය ශුන්‍ය වී ධාරාව ශුන්‍ය වේ.
  • ධාරිත්‍රක විසර්ජනය වීමට ගතවන කාලය මිලි තත්පර පරාසයේ පවතී.

සමාන්තර තහඩු ධාරිත්‍රකයක් අතරට සන්නායකයක් ඇතුල් කළ විට ධාරිතාව වෙනස් වන ආකාරය

t ඝනකමක් ඇති සන්නායකයක් තහඩු වල වර්ගඵලය A හා තහඩු අතර පරතරය d වන සමාන්තර තහඩු ධාරිත්‍රකයක් තුළට ඇතුල් කළ විට,

\begin{array}{l}C\;=\;\dfrac{A\varepsilon}d\\\\\dfrac1C\;=\;\dfrac1{C_1}\;+\;\dfrac1{C_2}\;\\\\\dfrac1C\;=\;\dfrac x{A\varepsilon_0}\;+\;\dfrac{(d-x-t)}{A\varepsilon_0}\\\\\dfrac1C\;=\;\dfrac{(d-t)}{A\varepsilon_0}\\\\C\;=\;\dfrac{A\varepsilon_0}{(d-t)}\\\\\end{array}
  • තහඩුවල සිට සන්නායකයට පවතින දුර (x) මත නව ධාරිතාව රදා නොපවති.

සමාන්තර තහඩු ධාරිත්‍රකයක් අතරට පරිවාරක තහඩුවක් ඇතුල් කළ විට ධාරිතාව වෙනස් වන ආකාරය

C\;=\;\dfrac{A\varepsilon}d

A – හරස්කඩ වර්ගඵලය

k – පාරවිද්‍යුත් නියතය

t – පරිවාරක තහඩුවේ ඝනකම

d – තහඩු අතර පරතරය

\begin{array}{rcl}C_1\;&=&\;\dfrac{A\varepsilon_0}x\\&&\\C_2\;&=&\;\dfrac{A\varepsilon_0k}t\\&&\\C_3\;&=&\;\dfrac{A\varepsilon_0}{d-x-t}\\&&\\\dfrac1C\;&=&\;\dfrac1{C_1}\;+\;\dfrac1{C_2}\;+\;\dfrac1{C_3}\\&&\\\dfrac1C\;&=&\;\dfrac x{A\varepsilon_0}\;+\;\dfrac t{A\varepsilon_0k}\;+\;\dfrac{d-x-t}{A\varepsilon_0}\\&&\\\dfrac1C\;&=&\;\dfrac{xk\;+\;t\;+\;(d-x-t)k}{A\varepsilon_0k}\\&&\\C\;&=&\;\dfrac{A\varepsilon_0k}{t\;+\;k(d-t)}\end{array}

 

  • පද්ධතියේ ධාරිතාව පාරවිද්‍යුත් තැටිය ඇතුල් කළ ස්ථානය මත රදා නොපවති.

Results

-

#1. 4 µF ධාරිත්‍රකය 200 V විභව අන්තරයක් යටතේ ආරෝපණය කරනු ලැබේ. ධාරිත්‍රකයේ ගබඩා වන විද්‍යුත් ශක්තිය වන්නේ,

#2. ධාරිතාව 10 µF වන ධාරිත්‍රක 5ක් භාවිතයෙන් ලබාගත හැකි උපරිම සමක ධාරිතාව වන්නේ කුමක්ද?

#3. ධාරිතාව 20µF වන ධාරිත්‍රක 10ක් භාවිතයෙන් ලබාගත හැකි අවම සමක ධාරිතාව වන්නේ කුමක්ද?

#4. දී ඇති සමාන්තර තහඩු ධාරිත්‍රකයක් බැටරියට සම්බන්ධ කර බැටරියේ වී.ගා.බ දෙගුණ කළ විට තහඩු අතර විද්‍යුත් ක්ෂේත්‍රය,

#5. පිළිවෙලින් 2µF, 3kV හා 1µF, 4kV වන ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගතව සම්බන්ධ කළොත් සංයුක්තයට දැරිය හැකි උපරිම වෝල්ටීයතාව කුමක්ද?

ලකුණු දැනගන්න.

 

2 අදහස්

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom