රසායන විද්‍යාව11. චාලක රසායනය11.01.00 -චාලක රසායනය හැඳින්වීම

11.01.00 -චාලක රසායනය හැඳින්වීම

පාඩමේ සටහන Download කරගන්න.

 

ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය

  • යම් විපර්යාසයක ඒකක කාලයක් තුලදී සිදුවන වෙනස්වීම, ශීඝ්‍රතාවය ලෙස හදුන්වයි.
  • මේ අනුව රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ලෙස හදුන්වන්නේ ඒකක කාලයකදී සිදුවන රසායනික ප්‍රතික්‍රියා විපර්යාසයේ ප්‍රමාණයයි.
  • මෙහිදී විපර්යාසයක් ලෙසින් පියවි ඇසට නිරීක්ෂණය වන විපර්යාසයක් භාවිතා කල යුතුය.

           උදා:    අවක්ෂේපයක් ඇතිවීම.

                    වර්ණ විපර්යාසයක් ඇතිවීම.

                    ඝන ද්‍රවයක් ද්‍රව බවට පත් වීම.

                    උෂ්ණත්ව විපර්යාසය.

                    පීඩන විපර්යාසය.

                    වායුවක් සෑදීම.

  • මෙම විපර්යාස යොදා ගනිමින් ශීඝ්‍රතාවය මැනිය හැකි ප්‍රධාන ක්‍රම 2 කි.
        1. ඒකක කාලයකදී සිදු වූ විපර්යාසය.
        2. නිශ්චිත විපර්යාසයක් වීමට ගතවන කාලය.
  • මෙම කුමන ආකාරවයන් වුවද ශීඝ්‍රතාවය මැනීම කළ හැකිය.
  • ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මැනීමේදී එය ප්‍රතික්‍රීයක අඩු වීම හෝ ප්‍රතිඵල සෑදීම විපර්‍යාසය ලෙස මනී.ප්‍රතික්‍රියක වැය වීමකදී එය (-) ලෙසද, සෑදීමකදී එය (+) ලෙසද හදුන්වයි.
  • නියත පරිමා යටතේ පරීක්ෂණය සිදුකරන විට nαc නිසා සාන්ද්‍රණයෙන්ද මෙය ප්‍රකාශ කළ හැකිය.එවිට ශීඝ්‍රතාවයේ ඒකක moldm-3s1 වේ.
  • ප්‍රතික්‍රීයක ශීඝ්‍රතාවය එක් එක් ප්‍රතික්‍රීයක හා ප්‍රතිඵල බවට සාපේක්ෂව මැනිය හැකිය.     

3\mathrm A+\mathrm B\;\rightarrow2\mathrm C

A   වැයවීමේ ශීඝ්‍රතාවය,

=\frac{-\triangle\mathrm{nA}}{\triangle\mathrm t}=\frac{-\triangle\mathrm{CA}}{\triangle\mathrm t}

B   වැයවීමේ ශීඝ්‍රතාවය,

=\frac{-\triangle\mathrm{nB}}{\triangle\mathrm t}=\frac{-\triangle\mathrm{CB}}{\triangle\mathrm t}

C   සෑදීමේ ශීඝ්‍රතාවය,

=\frac{-\triangle\mathrm{nC}}{\triangle\mathrm t}=\frac{-\triangle\mathrm{CC}}{\triangle\mathrm t}

  • ප්‍රතික්‍රියා\;ශීඝ්‍රතාවය\;\;\;=\;\;\;\;\frac{ප්‍රතික්‍රියාව\;සිදු\;වූ\;ප්‍රමාණය}{ගත\;වූ\;කාලය}\;

උදා:

\;3\mathrm A\;+\;\mathrm B\;\;\;\rightarrow\;\;2\mathrm C\;  

ප්‍රතික්‍රියාවේ,

A වැයවීමේ ශීඝ්‍රතාවය X mol dm-3 s-1 නම් B වැයවීමේ ශීඝ්‍රතාවය හා C සෑදීමේ ශීඝ්‍රතාවය ගණනය කරමු.

                A වැයවීමේ ශීඝ්‍රතාවය     =  \mathrm X\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}\;\mathrm s^{-1}

1 s වලදී 1dm3 ක ප්‍රතික්‍රියා වන A මවුල ගණන   =  \mathrm X\;\mathrm{mol}

1 s වලදී 1dm3 ක ප්‍රතික්‍රියා වන B මවුල ගණන   =  \frac{\mathrm X\;\mathrm{mol}}3

⸫ B වැයවීමේ ශීඝ්‍රතාවය                               =  \frac{\mathrm X\;\mathrm{moldm}^{-3}\mathrm s^{-1}}3

1 s වලදී 1dm3 ක සෑදෙන C මවුල ගණන         =  \frac{2\mathrm X\;\mathrm{mol}}3

⸫ C සෑදීමේ ශීඝ්‍රතාවය                                  =  \frac{2\mathrm X\;\mathrm{moldm}^{-3}\mathrm s^{-1}}3

1 s වලදී 1dm3 සිදුවන ප්‍රතික්‍රියා ප්‍රමාණය            =  \frac{\mathrm X\;\mathrm{mol}}3  

⸫     ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය                                 =  \frac{\mathrm X\;\mathrm{moldm}^{-3}\mathrm s^{-1}}3

  • මේ අනුව එක් එක් ප්‍රතික්‍රියක වලට හා ප්‍රතිඵල වලට සාපේක්ෂව ශීඝ්‍රතාවයන් සෑම විටම එකිනෙක සමාන නොවේ. ඒවා රදා පවතින්නේ ඒවායේ ස්ටොයිකියෝමිතික සංගුණකය මතයි.
  • එමෙන්ම සෑම ප්‍රතික්‍රියකයකට සාපේක්ෂව ශීඝ්‍රතාවය එහි ස්ටොයිකියෝමිතික සංගුණකයෙන් බෙදූ විට එය ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට සමාන වේ.                       

\mathrm{Aa}\;\;\;+\;\;\;\mathrm{Bb}\;\;\;\rightarrow\;\;\;\;\mathrm{Cc}

\begin{array}{l}\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{සීඝ්}‍\mathrm{රතාවය}\;=\;\frac{\triangle\mathrm{CA}}{\triangle\mathrm t\times\mathrm a}\end{array}

\begin{array}{l}\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{සීඝ්}‍\mathrm{රතාවය}\;=\;\frac{\triangle\mathrm{CB}}{\triangle\mathrm t\times\mathrm b}\end{array}

\begin{array}{l}\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{සීඝ්}‍\mathrm{රතාවය}\;=\;\frac{\triangle\mathrm{CC}}{\triangle\mathrm t\times\mathrm c}\end{array}

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum marsbahis marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom