විද්‍යා අංශයසංයුක්ත ගණිතය02.05.01 - සැහැල්ලු රාමු සැකිලි

02.05.01 – සැහැල්ලු රාමු සැකිලි

  • සංයුක්ත ගණිතයේ II ( ව්‍යවාහාරික ගණිතය ) ප්‍රශ්න පත්‍රයේ B කොටසේ රචනා ප්‍රශ්න ගැටළුවක මෙම පාඩමෙහි සිද්ධාන්ත අඩංගු වේ.
  • ඒවායේ කෙළවර වලදී එකිනෙක සම්බන්ධකර තානා ගන්නා සැකිලි ‘රාමු සැකිලි’ ය.
  • දඬු කීපයක්, එක් දණ්ඩක් එහි දෙකෙළවරදී පමණක් අනෙක් දඬු සමග සම්බන්ධවන ලෙස මේවා තනයි.
  • රාමු කට්ටුව මත යෙදිය යුතු බාහිර බල මෙම සන්ධි වලට යොදයි.

  • මෙහිදී සළකනුයේ සැහැල්ලු දඬු මගින් සාදන රාමු සැකිලි පිළිබඳ පමණි.

  • රාමු සැකිල්ලෙහි සෑම සැහැල්ලු දණ්ඩක්ම එහි දෙකෙළවරදී ක්‍රියා කරන කෙළවර 02 දී පමණක් ඇති නිසා ඒවා විශාලතිවයෙන් සමානව, දිශාවෙන් ප්‍රතිවිරුද්ධව, එකම ක්‍රියා රේඛාවේ තිබිය යුතුය.
(සැහැල්ලු දණ්ඩ තෙරපුමට/සම්පිඩනයට ලක්වේ.)

                 

(සැහැල්ලු දණ්ඩ ආතතියකට ලක්වේ)
  • සන්ධියකදී දණ්ඩ මත යෙදෙන බලය ක්‍රියාකරන ආකාරය අනුව එම දණ්ඩ ආතතියකට හෝ තෙරපුමකට ලක්වේ.
  • මෙහිදී රාමු සැකිලි වල ඇති මෙම ආතති හෝ තෙරපුම් වලට අගයක් ලබා ගනියි.

බල ත්‍රිකෝණ ප්‍රමේයය විලෝමය

  • යම් ලක්ෂයකදී ක්‍රියාකරන ඒකතල බල 3 ක් සමතුලිතතාවයේ පවතීනම් ඒවා විශාලක්වයෙන් හා දිශාවෙන්  ත්‍රිකෝණයක අනුපිළිවෙලින් ගත් පාද මඟින් නිරෑපණය කළ හැකිය. 

 
  • T1, T2, T3 බල 03 යටතේ ලක්ෂය සමතුලිත වේ නම්,
 

තල මායිම් වන අවකාශ සළකුණු කිරීමෙන් බල ත්‍රිකෝණය නිර්මාණය කිරීම,


\left(bc=T_1\;,\;ac=T_2\;,\;ba=T_3\right)
  • bc මගින් b  අවකාශය හා  c  අවකාශය මායිම් කරන බලයද, ab මගින්  a  අවකාශය හා  b   අවකාශය මායිම් කරන බලයද, bc  මගින්  b  අවකාශය හා  c  අවකාශය මායිම් කරන බලයද  විශාලත්වය හා දිශාව මගින් දැක්වේ.
  • මෙය ලක්ෂයක් හරහා ක්‍රියාකරන බල ඕනෑම ගණනක් සඳහා සත්‍ය වේ.

බෝ අංකනය

  • රාමු සැකිලි වල ප්‍රත්‍යා බල සෙවීමේදී බල රූපසටහන ඇඳීම සඳහාත්, සැහැල්ලු දඬුවල ඇතිවන්නේ ආතතියක්ද තෙරපුමක්ද යන්න හඳුනාගැනීම සඳහාත් භාවිතා කරන L.H. Bow ඉංජිනේරුවා විසින් හඳුන්වා දුන් පහසු ක්‍රමයකි.
  • බෝ අංකනය කරන පිළිවෙල,

1.රාමු සැකිල්ල මත ක්‍රියාකරන බාහිර බල අවකාශයේ සළකුණු කිරීම.

2.බාහිර බල අතර අවකාශ හා සැහැල්ලු දඬු අතර අවකාශ \text{\textcircled a},\text{\textcircled b},\text{\textcircled c},\text{\textcircled d} ලෙස සළකුනු කිරීම.

  •  ඕනෑම බලයක් හැන්දින්වීමට එම බලය මායිම් වන අවකාශ නම්කර ඇති අකුරු භාවිතා කරයි.

  1.  eg- ab, bc , cd ,… ලෙස

උදාහරණ

w නම් බාහිර බලය හැදින්වීමට edලෙස ද, ABදණ්ඩ මත ක්‍රියා කරන ප්‍රත්‍යාබලය හැදින්වීමට de ලෙසද භාවිතා වේ. 

  • ප්‍රත්‍යා බල රූපසටහනක් නිර්මාණයේදී සැළකිළිමත් විය යුතු කරුණු,

1.විශාලත්වය හා දිශාව දන්නා බාහිර බලයක් හා දඬු 02 ක් පමණක් ඇති සන්ධියකින් ප්‍රත්‍යා බල රූප සටහන ඇඳීම අරඹන්න.(අවම වශයෙන් බල 3ක් ඇති විට එක් බලයක්වත් දැන සිටිය යුතුය)

2.එවැනි විශාලත්වය හා දිශාව දන්නා බාහිර බලයක් නැත්නම් විභේදනයෙන් හා ඝූර්ණ‍යෙන් එම බාහිර බල සොයා ගන්න.

3.එවැනි ලක්ෂයක් තෝරාගත්විට ඇඳෙන බල ත්‍රිකෝණයෙහි දඬු දෙකෙහි ප්‍රත්‍යා බල දෙක සෙවිය හැකිය.(මේවා සැහැල්ලු දඬු බැවින් අනෙක් කෙළවරෙහි එහි විශාලත්වයට සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයකි.) 

c ලක්ෂයේ බල සමතුලිතතාවයට,       

\begin{array}{rcl}\tan\left(60^\circ\right)&=&\frac{bf}w\\bf&=&\sqrt3\;w\end{array}
\begin{array}{rcl}\cos\left(60^\circ\right)&=&\frac w{af}\\af&=&2w\end{array}

4.මෙම බල ත්‍රිකෝණ සටහනෙහි දැක්වෙන ආකාරයට රාමු සැකිල්ල මත සලකන ලද සන්ධියේ බල ක්‍රියාකරන ආකාරය ඊ-හිසකින් රාමු සැකිල්ලේ දැක්විය යුතුය.

5.ඉන්පසු එවා ආතතිද තෙරපුම්ද යන්න ලකුනු කරයි.
(c සන්ධිය සැලකුවිට, එහි බලයන් බෝ සටහනට ගෙන ඇත්තේ වාමාවර්ථවය. BC දණ්ඩේ බලය එනම් bfහි බෝ සටහනේ දිශාව දකුණු දෙසට වේ. එනම් cහිදී දණ්ඩ CB දෙසට ඇදීමකට ලක්වේ. එනම් BC තෙරපුමකි.)

6.ඉන්පසු සන්ධියකින් තවත් සන්ධියකට යාමේදී නොදන්නා බල 02 කට වැඩි ගණනක් නොමැති සන්ධියක් තෝරා ගැනීමට උත්සහ ගනියි.

 
දණ්ඩප්‍රත්‍යා බලයආතතිය/තෙරපුම
AB    bd = 3w/2ආතතිය
BC    bf = √3wආතතිය
CD    fa = 2wතෙරපුම
BD    df = √3w/2ආතතිය

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet