සාමාන්‍ය පෙළ01.01.01 - මහා කෝණ

01.01.01 – මහා කෝණ

19.1 වර්ණාවලිමානය සීරු මාරු කිරීම

1. දුරේක්ෂය සීරු මාරු කිරීම.

  1. E උපනෙත තුලින් හරස් කම්බි පැහැදිලිව පෙනෙන තුරු උපනෙත් කාචය අඩංගු නලය ඉදිරියටත් පසුපසටත් චලනය කරන්න.
  2. දුරේක්ෂය ඈත වස්තුවකට යොමු කර එහි ප්‍රතිබිම්භයක් හරස් කම්බි මතට පැහැදිලිව නාභි ගත වන තුරු අවනෙත සීරුමාරු කරන Y ඇණය කරකවන්න.

සමාන්තරකය සීරුමාරු කිරීම

සමාන්තරකයේ දක් සිදුරේ ඉදිරියේ ආලෝක ප්‍රභවයක් තබා සමාන්තරකය සමග ඒක රේඛියව සිටින පරිදි දුරේක්ෂය සකසන්න.

උපනෙත තුලින් පෙනෙන දික් සිදුරේ ප්‍රතිබිම්භය හරස් කම්බි මතට පැහැදිලිව නාභි ගත වනතුරු X ඇණය සීරු මාරු කරන්න.

සමාන්තරකය සීරුමාරු කළ පසු

  • ප්‍රිස්ම මේසය මට්ටම කිරීම (Level කිරීම)
    • ප්‍රිස්ම මේසය මට්ටම කිරීමේදී ප්‍රිස්මය තබනු ලබන්නේ
      • ඒක ශීර්ෂයක් මේසයේ කේන්ද්‍රයට ආසන්නව පවතින ලෙසද
      • ඒක මුහුණතක් ඕනෑම ඇණ දෙකක්(උදා. P, Q) යා කරන රේඛාවට ලම්භකවන සේ ද වේ.
    • රුපයේ පරිදි ප්‍රිස්මයේ ශීර්ෂයේ සමාන්තරකය දෙසට යොමු කරන්න. දික් සිදුරෙන් එන ආලෝකය ප්‍රිස්මයේ මුහුණත් දෙකේදී පරාවර්තනය වනු ඇත.
    • දුරේක්ෂය ප්‍රිස්ම මේසය වටා සෙමින් ගෙන යන්න.

රුපයේ T1, T2  පිහිටුම් දෙකේදී පමණක් දුරේක්ෂය තුලින් දික් සිදුරේ ප්‍රතිබිම්භය පෙනෙනු ඇත.

T1 පිහිටුමේදී ප්‍රතිබිම්භයේ කොටසක් පමණක් පෙනේ නම් P ඇණය සීරුමාරු කිරීමෙන් එය හරස් කම්බි මතට නිවැරදිව පැමිණෙන තුරු සකසන්න.

T2 පිහිටුමේදී Q හෝ R ඇණය සීරු මාරු කිරීමෙන් ප්‍රතිම්භය සකසන්න.

මෙසේ කිහිප වරක් මාරුවෙන් මාරුවට T1 පිහිටුමේදීද නැවත T2 පිහිටුමේදීද ප්‍රතිබිම්භය සකසන්න.

පිහිටුම් දෙකේදීම ප්‍රතිම්භය හරස් කම්බි මත සමමිතිකව නිවැරදිව පෙනේ නම් ප්‍රිස්ම මේසය මට්ටම් වී ඇත.

වර්ණාවලීමනය භාවිතා කරන ඕනෑම පරීක්ෂණයකට පෙර ඉහත සීරු මාරු කිරීම් අනුපිළිවෙලින් සිදුකල යුතුය.

19.2 ප්‍රිස්මයේ වර්තක කෝණය සෙවීම

  • සීරු මාරු කරන ලද වර්ණාවලීමනයේ සමාන්තරකයේ දික් සිදුර ඉදිරියෙන් S ආලෝක ප්‍රභවය තබන්න.
  • ප්‍රිස්ම මේසය මත ප්‍රිස්ම කෝණය A සමාන්තරකය දෙසට එල්ල වන සේ ප්‍රිස්මය තැබිය යුතුය.
  • එවිට රුපයේ දැක්වෙන ආකාරයට වර්තක කෝණයේ දෙපස මුහුණත් වලින් ආලෝකය පරාවර්තනය වනු ඇත.
  • දුරේක්ෂය ප්‍රිස්ම මේසය වටා ගෙන යාමේදී රුපයේ දැක්වෙන පරිදි අවස්ථා දෙකකදී  පමණක් දික් සිදුරේ ප්‍රතිබිම්භ නිරීක්ෂණය කළ හැකිවේ. දුරේක්ෂය එම පිහිටුම් දෙකට අදාළ පාඨංක ඇසුරෙන් ඉහත දක්වා ඇති පරිදි ප්‍රිස්මයේ වර්තක කෝණය A ගණනය කළ හැකිය.
T_1-T_2>180^0\text{නම්}\360^0-{(T}_1-T_2)=2A\A=\frac{360^0-T_1+T_2}2

Results

Finish

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet