No menu items!
ජීව විද්‍යාව5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය5.6.7 - මිනිස් සමේ මූලික ව්‍යුහය හා කෘත්‍ය විමර්ශනය කරයි

5.6.7 – මිනිස් සමේ මූලික ව්‍යුහය හා කෘත්‍ය විමර්ශනය කරයි

 

මානව සමේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය

1. මිනිස් දේහයේ විශාලතම අවයවය කුමක්ද?

    • සම

 

2. සමේ ප්‍රධාන ස්ථර දෙක මොනවාද?

    • අපිචර්මය
    • චර්මය

 

3. අපිචර්මය සෑදීමට දායක වන ප්‍රධාන අපිච්ඡදය නම් කරන්න.

    • කෙරටිනීභවනය වූ ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය

 

4. සමේ අපිචර්මයේ ජනක අපිච්ඡදයේ අඩංගු සෛල වර්ගය හා එමගින් ස්‍රාවය වන වර්ණකයක් නම් කරන්න.

    • මෙලනොසෛට – මෙලනින්

Melanoma Or Skin Cancer. This Rare Type Of Skin Cancer Originates.. Royalty  Free Cliparts, Vectors, And Stock Illustration. Image 55495723. Free Vector | Scientific medical infographic of human skin layers

Melanocyte - Wikipedia

 

5. චර්මය අරීයල සම්බන්ධක පටක වලින් තැනී ඇත. එහි අඩංගු ප්‍රධාන සෛල හා තන්තු නම් කරන්න.

    • තන්තු-
        1. ඉලාස්ටීන්
        2. කොලැජන්
    • සෛල-
        1. තන්තු සෛල
        2. මහාභක්ෂාණු සෛල
        3. කුඹ සෛල

What is the Dermis? Adult human skin is a layered organ consisting of an epidermis and a... |  Download Scientific Diagram

 

6. පහත රූපයේ කොටස් නම් කරන්න.

A – අපිචර්මය

B – චර්මය

C – රෝමය

D – රෝම උද්ගාමක පේශි

E – ස්නේහශ්‍රාවී ග්‍රන්ථි

F – ස්වේදශ්‍රාවී ග්‍රන්ථි

G – රුධිර වාහිනී

H – ස්නායු තන්තු

 

7. සමේ ඇති තාප ප්‍රතිග්‍රාහක මොනවාද?

    • ක්‍රවුස් අන්ත බල්බ
    • රෆ්නි දේහාණු
    • නිදහස් ස්නායු අන්ත

Sensory Receptors Human Skin Stock Illustrations – 35 Sensory Receptors  Human Skin Stock Illustrations, Vectors & Clipart - Dreamstime

 

8. මිනිස් සමේ කෘත්‍යයන් මොනවාද?

    • ආරක්ෂාව
    • දේහ උෂ්ණත්ව යාමනය
    • චර්මීය සංවේදීතාව
    • විටමින් D සංස්ලේෂණය
    • බහිස්ස්‍රාවය

 

9. දේහ උෂ්ණත්ව යාමනයේදී සමේ අඩංගු රුධිර වාහිනීවල කාර්‍යභාරය කුමක්ද?

    • තාප ආතතියක් ඇති වූ විටදී, ධමනිකා විස්තාරණය මගින් සමේ කේශනාළිකා තුළින් රුධිර ගලනය වැඩි කරමින් තාප හානි වීමට ඉඩ සලසයි.
    • සාමාන්‍ය පරාසය අභිබවා දේහ උෂ්ණත්වය පහළ ගිය විට චර්මයේ ඇති ධමනිකා සංකූචනය වීම මගින් සමේ කේශනාළිකා තුළින් තාප හානි වීම අවම කළ හැක.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.