විද්‍යා අංශයජීව විද්‍යාව4.2.5 - ශාක තුලින් ජලය ඉවත් වීමේ ක්‍රියාවලිය විමසා බලයි.

4.2.5 – ශාක තුලින් ජලය ඉවත් වීමේ ක්‍රියාවලිය විමසා බලයි.

 

උත්ස්වේදනය

1. උත්ස්වේදනය යනු කුමක්ද?

    • විසරණය මගින් ශාකයේ පත්‍ර හා වෙනත් වායව කොටස් තුළින් ජලය ජල වාෂ්ප ලෙස පිටවීම උත්ස්වේදනයයි.

Evapotranspiration and the Water Cycle

 

2. උත්ස්වේදනය සිදුවන ප්‍රධාන ආකාර 03 මොනවාද?

    • පූටිකා තුලින් (පූටිකා උත්ස්වේදනය)
    • තරමක් දුරට උච්චර්මය හරහා (උච්චර්මීය උත්ස්වේදනය)
    • වා සිදුරු හරහා (වා සිදුරු උත්ස්වේදනය)

 

3. මේ අතරින් වැඩිම ප්‍රමාණයක් ජලය පිටවන්නේ කුමන ආකාරයෙන්ද?

    • පූටිකා උත්ස්වේදනය මගින් (95% ක් පමණ).

 

4. දිවා කාලයේදී වාත අවකාශ තුල පවතින ජල වාෂ්ප පූටිකා තුළින් ශාකයෙන් පිටතට විසරණය වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

    • දිවා කාලයේදී තෙත සෛල බිත්ති හා ස්පර්ශව ඇති අන්තර්සෛලීය වාත අවකාශ ජල වාෂ්පවලින් සංතෘප්ත වේ.
    • සාමාන්‍යයෙන් ශාකයෙන් පිටත වාතය එහි අභ්‍යන්තරයට වඩා වියළි ස්වභාවයක් ගනියි.
    • මේ නිසා පිටත වාතයේ ජල විභවය ඇතුලතට වඩා අඩුය.
    • එබැවින් ජල විභව අණුක්‍රමය ඔස්සේ වාත අවකාශ තුල පවතින ජලවාෂ්ප පූටිකා තුලින් ශාකයෙන් පිටතට විසරණය වේ.

 

5. පත්‍ර තලයට ජලය ගෙනෙනු ලබන්නේ කුමක් මගින්ද?

    • සනාල කලාපවල ශෛලම මගින්.

 

6. එම ජලය පත්‍ර තලය පුරා බෙදාහරින්නේ කුමක් මගින්ද?

    • පත්‍ර තලය පුරා විහිදුනු සියුම් ශාඛා නාරටි ජාලයක් මගින්.

 

7. එම ශාඛා කෙළවර වන්නේ මොනවාගෙන්ද?

    • ලිග්නීභවනය අඩු ශෛලම වාහිනී හෝ වාහකාභ එකකින් හෝ කිහිපයකින්.

 

8. එම ශඛාවල සෙලියුලෝස් සෛල බිත්ති හරහා ජලය පහසුවෙන් සෛල තුළට නිදහස් කල හැක්කේ ඇයි?

    • ඒවා ලිග්නීභවනය අඩු ශෛලම වාහිනී හෝ වාහකාභ එකකින් හෝ කිහිපයකින් කෙළවර වන නිසා.

 

9. ජලය, ජල විභව අණුක්‍රමනයට අනුව පත්‍ර මධ්‍ය සෛල ඔස්සේ ගමන් කරන මාර්ග 03 මොනවාද?

    • ඇපොප්ලාස්ට මාර්ගය
    • සිම්ප්ලාස්ට මාර්ගය
    • පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය

 

10. පත්‍ර මධ්‍ය සෛලවල තෙත බිත්තිවල සිට වාෂ්ප වන ජලය පැමිණෙන ස්ථාන මොනවාද?

    • අන්තර්සෛලීය අවකාශ
    • විශේෂයෙන් විශාල අධඃපූටිකා වාත අවකාශ

 

11. එහි සිට ජලවාෂ්ප වායුගෝලයට විසරණය වන්නේ කුමක් හරහාද?

    • පූටිකා හරහා

 

12. පත්‍ර තලයට වහාම ආසන්නව පවතින්නේ කුමක්ද?

    • තුනී ගලා නොයන වාත ස්තරයකි.

 

13. තුනී ස්ථාවර වායු ස්තරය හා පත්‍ර මධ්‍ය සෛල අතර කුමන ආකාරයේ අනුක්‍රමණයක් පවතීද?

    • විසරණ අනුක්‍රමණයක්

 

14. සෑම පූටිකාවක් වටාම විසරණ කවචයක් හෝ විසරණ අනුක්‍රමණයක් පවතීද?

    • ඔව්

 

15. නිසල වාතයේදී එක් සම්පූර්ණ විසරණ කවචයක් ඇති වන්නේ කෙසේද?

    • යාබද පූටිකාවල ඇති වන විසරණ කවච එකිනෙක අතිපිහිත වීමෙන්.

 

16. මෙම විසරණ කවචයේ ඝනකම රඳා පවතින සාධක මොනවාද?

    • පත්‍රය මතුපිට ඇති ව්‍යුහ ලක්ෂණ
    • සුළඟේ වේගය

 

උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක

17. උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක මොනවාද?

    • ආලෝක තීව්‍රතාව
    • උෂ්ණත්වය
    • ආර්ද්‍රතාවය
    • සුළ වේගය
    • කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය
    • ප්‍රයෝජනයට ගත හැකි පාංශු ජල ප්‍රමාණය

 

18. ආලෝක තීව්‍රතාව, උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නේ කෙසේද?

    • සාමාන්‍යයෙන් දිවා කාලයේදී පූටිකා විවෘතව පවතින අතර අඳුරේදී පූටිකා වැසී පවතී.
    • ආලෝක තීව්‍රතාව වැඩි වීම සමග උත්ස්වේදන ශීඝ්‍රතාවයද වැඩිවේ.

 

19. ආලෝකය ඇති විටදී උත්ස්වේදන ශීඝ්‍රතාවයට වැඩිම බලපෑමක් ඇති කරන බාහිර සාධකය කුමක්ද?

    • උෂ්ණත්වය

 

20. උෂ්ණත්වය වැඩි වන විට මෙහිදී සිදුවන ප්‍රධාන ක්‍රියාවලි 02 මොනවාද?

    • පත්‍ර මධ්‍ය සෛල වෙතින් ජලය වාෂ්පීභවනය වන වේගය ඉහළ යමින් පත්‍ර අවට වායුගෝලය ජල වාෂ්පවලින් සංතෘප්ත කරයි.
    • පත්‍රයෙන් බාහිර වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු කරයි.

 

21. උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පැහැදිලි කරන්න.

    • පත්‍ර මධ්‍ය සෛලවලින් ජලය වාෂ්පීභවනය වන වේගය ඉහළ යමින් පත්‍රය අවට වායුගෝලය ජල වාෂ්පවලින් සංතෘප්ත කරයි.
    • පත්‍රයෙන් බාහිර වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු කරයි.
    • මෙම ක්‍රියා දෙකම නිසා පත්‍රයේ සිට බාහිර වායුගෝලය දක්වා ජල අණුවල වැඩි සාන්ද්‍ර අනුක්‍රමණයක් හට ගනි.
    • අනුක්‍රමණය වැඩි වන විට විසරණ ශීඝ්‍රතාවය වැඩි වේ.

 

22. උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි ආර්ද්‍රතාවේ බලපෑම පැහැදිලි කරන්න.

    • පත්‍රයේ බාහිර පරිසරයේ ආර්ද්‍රතාව අඩු වන විට තෙත් පත්‍ර අභ්‍යන්තර පරිසරයේ සිට වියළි බාහිර වායුගෝලය දක්වා ජල වාෂ්ප විසරණ අනුක්‍රමණයක් හට ගනි.
    • එමගින් උත්ස්වේදන ශීඝ්‍රතාවේ වැඩි වීම සිදු වේ.
    • ආර්ද්‍රතාව වැඩි වන විට බාහිර වායුගෝල ජල වාෂ්ප සාන්ද්‍රණයද වැඩි වන නිසා විසරණ අනුක්‍රමණනය ද අඩු වේ.
    • එවිට උත්ස්වේදන සීග්‍රතාවයද අඩු වේ.

 

23. උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි සුළගේ වේගය බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

    • නිසල වාතයේදී පත්‍රය අවට ජල වාෂ්ප වලින් අධිකව සංතෘප්ත විසරණ කවච පැවතීමෙන් පත්‍රය හා බාහිර වායුගෝලය අතර විසරණ අනුක්‍රමණය අඩුයි.
    • එවිට උත්ස්වේදන ශීඝ්‍රතාවයද අඩුයි.
    • සුළඟ ඇති විට විසරණ කවච ඉවතට ගසාගෙන යයි.
    • එම නිසා උත්ස්වේදන සීඝ්‍රතාවයද වැඩි වේ.

 

24. පස වියළි විට පසේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩු වන්නේ ඇයි?

    • පස වියළි විට ජලය පස් අංශුවලට තදින් බැඳී පවතින නිසා.

 

25. පාංශු ජල සැපයුම උත්ස්වේදන සීඝ්‍රතාව කෙරෙහි බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

    • පස වියළි විට ජලය පස් අංශුවලට බැඳී පවතී.
    • එවිට පසේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩු වේ.
    • එමඟින් පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රණය ඉහළ නංවයි.
    • එවිට පාංශු ද්‍රාවණයේ ජල විභවය අඩු වෙයි.
    • එමඟින් පාංශු ද්‍රාවණයේ සිට මූලකේෂ තුළට ආස්‍රැතිය මන් ජලය ඇතුළු වීමට ඇති හැකියාව අඩු වෙයි.
    • එනිසා උත්ස්වේදන වේගය අඩුවෙයි.
    • එනම් පසේ සිට ශාකය තුළින් වායුගෝලය තෙක් ජලය ගමන් කිරීමට ඇති ජල විභව අනුක්‍රණමය අඩුවී, වැඩි ප්‍රතිරෝධයක් හට ගනියි.

 

26. ශාක වල උත්ස්වේදනයේ වැදගත්කම හඳුන්වන්න.

    • ජලය හා ඛනිජ ශාක දේහය පුරා බෙදා හැරීම.
    • ශෛලම තුළ රසෝද්ගමනයට ආධාර වීම.
    • පාංශු ද්‍රාවණයේ සිට ජලය හා ඛනිජ මුල් මගින් අවශෝෂණය.

 

27. උත්ස්වේදන ශීඝ්‍රතාව මනිනු ලබන උපකරණය කුමක්ද?

    • ගැනොංග් පානමානය

 

28. පානමානය ඇසුරෙන් උත්ස්වේදන ශීඝ්‍රතාව මනින ආකාරය දක්වන්න.

(21) Transpiration – Potometer investigation – YouTube

 

29. රාත්‍රී කාලයේදී වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වන විට එනම් 100% පමණ වනවිට උත්ස්වේදන වේගයට කුමක් සිදු වේද?

    • ඉතා අවම වීම හෝ නතර වීම සිදු වේ.

 

මූල පීඩනය හා බිංදුදය

30. මූල පීඩනයක් ඇති කෙරෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

    • මුල්වල අපිචර්මීය සෛල මගින් ජලය සහ ඛනිජ ශෛලම තුලට අඛණ්ඩව පොම්ප කරනු ලබයි.
    • ඒවා බාහිකයට හෝ පසට ආපහු කාන්දු වීම අන්තශ්චර්මය මඟින් වළක්වයි.
    • එනිසා විශාල ඛනිජ අයන ප්‍රමාණයක් සනාල සිලින්ඩරය තුළ ඒකරාශී වීමෙන් එය තුළ ජල විභවය අඩු වේ.
    • එනිසා බාහිකයේ සිට ජලය ඇතුලු දෙසට ශෛලමයට ඇතුලු වේ.
    • මේ නිසා මූල පීඩනයක් ජනනය කරයි.

 

31. මෙසේ මූල පීඩනයක් ඇති වීම නිසා සිදුවන්නේ කුමක්ද?

    • ශෛලම යුශය ඉහළට තල්ලු කෙරේ.

 

32. බිංදුදය යනු කුමක්ද?

    • මූල පීඩනය මගින් ශාක පත්‍ර වෙතට, උත්ස්වේදනයෙන් හානි වෙන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඇතුළු කරයි.
    • මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් අකාෂ්ඨීය ශාකවල පත්‍ර දාරයෙන් හෝ පත්‍ර තුඩු වලින් ජලය බිංදු ලෙස බැහැර කරයි.
    • මෙම සිද්ධිය බිංදුදයයි.

Guttation, an amazing secret plants use to communicate & cope with stress

 

33. බිංදුදය නිසා බැහැර වන ද්‍රව ජල බිංදු හා පිනි බිංදු අතර ඇති වෙනස කුමක්ද?

    • පිනි බිංදු වායුගෝලයේ ඇති ජලවාෂ්ප ඝනීභවනයෙන් සෑදේ.
    • නමුත් බිංදුදයේදී ශාකයෙන් ඉවත්වන ජලය ශෛලමයේ ඇති ජල බිංදු වේ.

 

34. බොහෝ ශාකවල බිංදුදය සිදු නොවන්නේ ඇයි?

    • බොහෝ ශාක තුල මූල පීඩනය හට නොගන්නා නිසා.

 

35. බිංදුදය සිදු වන ශාක තුළත් සූර්යයාලෝකය ලැබුණු පසු සිදු වන උත්ස්වේදනය මඟින් වන ජල හානිය මූල පීඩනය සමග සමාන කළ හැකිද?

    • නොහැකියි.

 

36. උත්ස්වේදනය මඟින් සිදු වන්නේ ශෛලම යුෂය ඉහළට ඇදීමක්ද? තල්ලු කිරීමක්ද?

    • ඉහළට ඇදීමක්.

 

37. ශාකය තුළ මීටර් ගණනක් දුරට ජලය ගෙන යාමට මූල පීඩනය ප්‍රමාණවත් වේද?

    • නැත.

 

38. බිංදුදය පූටිකා හරහා සිදු වේද?

    • නැත.

 

39. බිංදුදය සිදුවන්නේ කුමක් හරහාද?

    • කුඩා ශාඛා නාරටි අසල දක්නට ලැබෙන විශේෂිත සෛල කාණ්ඩවලින් සෑදුනු ජල ජිද්‍ර නමැති විශේෂ සිදුරු තුළින්.

 

40. බිංදුදය සිදුවන ශාක වලට උදාහරණ දෙන්න.

    • Alocasia
    • Colocasia

Taro, Red (Colocasia esculenta) Alocasia Plant at Rs 75/piece | Decorative Plant | ID: 18874710448

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet