සංයුක්ත ගණිතයInfinite Thinkingපුළුවන්ද x හි සියලු තාත්වික අගයන් සඳහා මේ සමීකරණය විසදන්න.

පුළුවන්ද x හි සියලු තාත්වික අගයන් සඳහා මේ සමීකරණය විසදන්න.

(x^{2\;}-7x\;+11)^{x^2-13x+42}\;=\;1

(x^{2\;}-7x\;+11)^{x^2-13x+42}\;=\;1

අවස්ථා තුනක් යටතේ තමයි මේක විසඳන්න වෙන්නේ.

1 අවස්ථාව

අපි දන්නවා 1 ඕනෑම බලයකට නැංවුවාම ලැබෙන අගයත් 1 මයි කියලා.

1^y=1

මේ නිසා අපිට දර්ශකයේ පාදය 1 ට සමාන කරන්න පුළුවන්.

x^2-7x+11=1
x^2-7x+10=0
(x-2)(x-5)=0
x=2,x=5

2 අවස්ථාව

0 හැර ඕනෑම සංඛ්‍යාවක්  0 බලයකට නැංවුවාම ලැබෙන අගය වෙන්නෙත්  1 .

y^0=1

මේ නිසා අපිට දර්ශකයේ බලය 0 ට සමාන කරන්න පුළුවන්.

x^2-13x+42=0
(x-6)(x-7)=0
x=6\;,\;x=7

මේ x අගයන් වලදි දර්ශකයේ පාදය ශුන්‍ය  නොවන බව තහවුරු කරන්නත් අව්‍යයයි.

6^2-7(6)+11\neq0
7^2-7(7)+11\neq0

3 අවස්ථාව

-1 ඉරට්ටේ බලයකටනැංවුවාම ලැබෙන අගය වෙන්නෙත්  1 .

(-1)^{2k}=1

මේ නිසා අපිට දර්ශකයේ පාදය- 1 ට සමාන කරන්න පුළුවන්.

x^2-7x+11=-1
x^2-7x+12=0
(x-3)(x-4)=0
x=3\;,\;x=4

මේ x අගයන් වලදි දර්ශකයේ බලය  ඉරට්ටේ  බව තහවුරු කරන්නත් අවශ්‍යයයි.

3^2-13(3)+42=12
4^2-13(4)+42=6

මේ අවස්ථා 3 න් අපට x=2,5,6,7,3,4 කියන විසඳුම් 6  ලබා ගන්න පුළුවන්.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom