No menu items!
ජීව විද්‍යාව5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය5.7.2 - නියත අභ්‍යන්තර පරිසරය කිසියම් පරාසයක තබාගන්නා ආකාරය අන්වේෂණය කරයි.

5.7.2 – නියත අභ්‍යන්තර පරිසරය කිසියම් පරාසයක තබාගන්නා ආකාරය අන්වේෂණය කරයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

සමස්ථිතිය

 

1.සමස්ථිතිය යනු කුමක්ද?

  • බාහිර පරිසරයේ සැලකිය යුතු වෙනස්කම් ඇති වුවද දේහයේ අභ්‍යන්තර පරිසරය සාපේක්ෂව පටු කායික විද්‍යාත්මක සීමා තුළ පවත්වා ගැනීමයි.

 

2.බාහිර හා අභ්‍යන්තර පරිසර හඳුන්වන්න.

  • බාහිර පරිසරය – දේහයේ බාහිර පරිසරයයි.
  •  
    •  
  • අභ්‍යන්තර පරිසරය – දේහ සෛල ජීවත් වන ඒවායේ ආසන්නතම වටපිටාවයි.

 

3.දේහයේ අභ්‍යන්තර පරිසරයට උදාහරණයක් දෙන්න.

  • අන්තරාල තරල
  • රුධිරය

 

4.මානවයෝ සමස්ථිතිය පෙන්වන භෞතික හා රසායනික ගති ලක්ෂණ මොනවාද?

  • සාමාන්‍ය දේහ උෂ්ණත්වය
  • රුධිර pH අගය
  • රුධිර ග්ලූකෝස් මට්ටම
  • රුධිර ආස්‍රැතික මෞලිකතාව

 

Homeostasis - Physio - SCIENTIST CINDY

 

5.මානව දේහයේ සමස්ථිතික පාලන පද්ධති ප්‍රධාන වශයෙන් ඍණ ප්‍රතිපෝෂී යන්ත්‍රණ මත රඳා පවතී.එහිදී එම යන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය ගැලීම් සටහනක් ආධාරයෙන් පැහැදිලි කරන්න.

 

 

මිනිස් දේහ උෂ්ණත්වයේ සමස්ථිතික යාමනය

6.මිනිස් දේහ උෂ්ණත්වය සමස්ථිතිකව පාලනය විය යුත්තේ ඇයි?

  • දේහය තුළ සිදු වන රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව කෙරෙහි උෂ්ණත්වය බලපාන බැවින් මානව දේහය ප්‍රශස්තව ක්‍රියා කරන උෂ්ණත්වයක පවත්වා ගැනීමටයි.

 

7.දර්ශීය මානව දේහ උෂ්ණත්ව පරාසය කුමක්ද?

  • සෙල්සියස් අංශක 36.5°C – 37.5°C

 

8.මිනිස් දේහයේ උෂ්ණත්ව යාමනය සිදු වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.

  1. දේහ උෂ්ණත්වය සාමාන්‍ය පරාසයෙන් පිටත ඇති විට,
  2. මොළයේ හයිපොතැලමසේ ස්නායු සෛල කාණ්ඩයක් (දේහ උෂ්ණත්ව පාලන මධ්‍යස්ථානය) උෂ්ණත්ව පාලකය ලෙස ක්‍රියා කරමින්,
  3. දේහ උෂ්ණත්වය කලින් පැවති නියමිත මට්ටමට පත් වන තුරු
  4. තාපහානි යාන්ත්‍රණය සක්‍රිය කරමින් හෝ තාපලාභී යාන්ත්‍රණය ප්‍රවර්ධනය කරමින්,
  5. පිළිවෙලින් උෂ්ණත්වය වැඩි වීමට හෝ අඩු වීමට ප්‍රතිචාර දක්වයි.

 

9.ඉහළ පර්යන්ත උෂ්ණත්වය අනාවරණය කරන සමේ පිහිටි උණුසුම් ප්‍රතිග්‍රාහක මොනවාද?

  • රෆිනි දේහාණු
  • නිදහස් ස්නායු අන්ත

 

10.පහළ පර්යන්ත උෂ්ණත්වය අනාවරණය කරන සමේ පිහිටි සීතල ප්‍රතිග්‍රාහක මොනවාද?

  • ක්‍රවුස් අන්ත බල්බ
  • නිදහස් ස්නායු අන්ත

 

11.තාප හානි යාන්ත්‍රණ කිහිපයකට උදාහරණ දෙන්න.

  • සමේ රුධිර වාහිනී විස්තාරණය කිරීම මඟින් රුධිර කේශනාලිකා උණුසුම් රුධිරයෙන් පිරී යාම හේතුවෙන්, සමේ පෘෂ්ඨයෙන් තාපය විකිරණය වීම.
  • ස්වේද ග්‍රන්ථි වලින් ස්වේද ස්‍රාවය වැඩි කිරීමෙන් වාෂ්පීභවන සිසිලනයෙන් තාපය විසුරුවා හැරීම.

 

12.තාප සංරංක්ෂණ හා තාපලාභී යාන්ත්‍රණ සඳහා උදාහරණ දෙන්න.

  • තාප සංරක්ෂණය –

      • සමේ රුධිරවාහිනී සංකෝචනය කරමින්, සමේ සිට ගැඹුරු පටක කරා රුධිරය යොමු කරමින් සමේ පෘෂ්ඨය හරහා වන තාප හානිය අඩු කිරීම.

 

  • තාපලාභී යාන්තණ –

      • කංකාල පේශි වල ශීඝ්‍ර පුනරාවර්තී සංකෝචන, එනම් වෙව්ලීම මඟින් තාප ජනනය
      • රෝම උද්ගාමක පේශිය සංකෝචනය
      • තයිරොයිඩ් හෝමෝන (තයිරොක්සින්) සහ ඇඩ්‍රිනලින් රුධිරයට වැඩිපුර ශ්‍රාවය උත්තේජනය

 

 

 

රුධිර ග්ලූකෝස් මට්ටමේ සමස්ථිතික යාමනය

13.මිනිසාගේ සාමාන්‍ය රුධිර ග්ලූකෝස් මට්ටම ( නිරාහාරව සිටින විට ) කුමක්ද?

  • 70 – 110 mg/100 ml

 

14.මේ සඳහා දායක වන හෝමෝන සහ ඒවා නිපදවෙන ස්ථාන සඳහන් කරන්න.

  • ඉන්සියුලින් – අග්න්‍යාශයේ ලැන්ගර්හෑන් දීපිකා වල බීටා සෛල වල
  • ග්ලූකගොන් – අග්න්‍යාශයේ ලැන්ගර්හෑන් දීපිකා වල ඇල්ෆා සෛල වල

 

15.රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය සීමා ඉක්මවා වැඩි වූ විට සිදු වන සමස්ථිතික ක්‍රියාවලිය ගැලීම් සටහනක් ආධාරයෙන් පහදන්න.

Feedback Loops: Glucose and Glucagon - Biology LibreTexts

 

 

ආස්‍රැති විධානය

16.ආස්‍රැති විධානය යනු කුමක්ද?

  • වටපිටාවට සාපේක්ෂව දේහ පටල හරහා ජලය හා ලවණ තුල්‍යතාව පවත්වා ගැනීමයි.

 

17.ආස්‍රැති තුල්‍යතාව පවතින විට අභ්‍යන්තර පරිසරය කෙසේ පැවතිය යුතුද?

  • සෛල වල ඇතුළත හා පිටත පවතින ජල ප්‍රමාණය හා ලවණ සාන්ද්‍රණය සමාන වේ.

 

18.මිනිස් දේහය තුළ ආස්‍රැති තුල්‍යතාවය සාක්ෂාත් කර ගත හැකි ආකාර මොනවාද, සහ ඒ සඳහා දායක වන හෝමෝන මොනවාද?

  • ADH මඟින් ජලය ප්‍රමාණය පාලනය
  • ඇල්ඩොස්ටෙරෝන් මඟින් දේහය තුළට ලබා ගන්නා හා දේහයෙන් පිට කරන ලවණ ප්‍රමාණය පාලනය

 

 

 

19.ADH මඟින් රුධිර ආස්‍රැතික පීඩනය හා වෘක්ක මඟින් තරල රඳවා ගැනීම යාමනය කෙරෙන ආකාරය ගැලීම් සටහනක් ආධාරයෙන් පැහැදිලි කරන්න.

 

20.රුධිර පරිමා හා පීඩනය ඇල්ඩොස්ටෙරෝන් මඟින් යාමනය වන ආකාරය ගැලීම් සටහනක් ආධාරයෙන් පැහැදිලි කරන්න.

 

 

 

 

 

සමස්ථිතිය තුළ අක්මාවේ කාර්යභාරය

21.කාබෝහයිඩ්‍රේට පරිවෘත්තියේදී සමස්ථිතියට අක්මාව දායක වන්නේ කෙසේද?

 

22.සමස්ථිතිය සඳහා මේද පරිවෘත්තියේදී අක්මාව දායක වන්නේ කෙසේද?

  • දේහයට වැඩිපුර ශක්තිය අවශ්‍ය වූ විට අක්මා සෛල තුළ සංචිත මේද ATP නිපදවීම සඳහා පරිවෘත්තියට ලක් වේ.

 

23.සමස්ථිතිය සඳහා ප්‍රෝටීන පරිවෘත්තියේදී අක්මාව දායක වන ආකාර මොනවාද?

  1. අක්මා සෛල තුළදී නව ප්‍රෝටීන් සංස්ලේෂණ සඳහා අවශ්‍ය නොවන සමහර ඇමයිනෝ අම්ලවල නයිට්‍රජනීය කොටස ඉවත් කර මුත්‍රා සමඟ බහිස්‍රාවය.(ඇමයින්හරණය)
  2. නව අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල සංස්ලේෂණයට කාබෝහයිඩ්‍රේට වලට මාරු කිරීම. (ට්‍රාන්ස්ඇමයිනීකරණය)
  3. ඇමයිනෝ අම්ල වලින් ප්ලාස්ම ප්‍රෝටීන සංස්ලේෂණය කිරීම. (ඇල්බියුමින්, ග්ලොබියුලින් වැනි)

 

24.අක්මාව දේහයේ සමස්ථිතිය පවත්වා ගැනීමට දායක වන වෙනත් අවස්ථා කරුණු වශයෙන් සඳහන් කරන්න.

  1. අක්මාව තුළදී රක්තාණු බිඳ හෙළීම හා එහි ඇති මහා භක්ෂාණු මඟින් ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහිව ආරක්ෂාව සැලසීම.
  2. ඖෂධ සහ විෂ ද්‍රව්‍ය වල විෂහරණය
  3. දේහයේ තාපය නිපදවන ප්‍රධාන ස්ථානය ලෙස ක්‍රියා කරයි.
  4. ග්ලයිකෝජන්, මේදයේ ද්‍රාව්‍ය විටමීන (A,D,E,K), ඇතැම් ජල ද්‍රාවී විටමීන් (B12), යකඩ, කොපර් වැනි පෝෂක සංචිත කිරීම.
  5. ඇතැම් හෝමෝන ඒවායේ ජෛවීය ක්‍රියාවලට පසු ඒවා අක්‍රිය කිරීම.

 

Autophagy in Liver Homeostasis | SpringerLink

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.