විද්‍යා අංශයජීව විද්‍යාව9.2.1 - ආසාදන රෝගවලට අදාළ සංකල්ප හා මූලධර්ම ගවේෂණය

9.2.1 – ආසාදන රෝගවලට අදාළ සංකල්ප හා මූලධර්ම ගවේෂණය

සාමාන්‍ය ක්ෂුද්‍ර ජීවී සමුදාය

සම මතුපිට ක්ෂුද්‍ර ජීවීන්

  1. උපතේදී ප්‍රථමයෙන් ක්ෂුද්‍ර ජීවීන් හා ස්පර්ශ වන්නේ කොතැනකදී ද?
    • මවගේ යෝනි මාර්ගයේදී

 

2. නව දරු උපතකදී මුලින්ම ස්පර්ශ වෙන ක්ෂුද්‍ර ජීවියා කවරෙක්ද?

    • Lactobacilli

 

3. Lactobacilli ප්‍රථමයෙන් ඝනාවාසීකරණය වෙන්නේ ශරීරයේ කොතැනක ද?

    • ළදරුවාගේ අන්ත්‍රයේ

 

4. නිරෝගී මානව අභ්‍යන්තර පටක වල ක්ෂුද්‍ර ජීවීන් අන්තර්ගත වේද?

    • නැත

 

5. ක්ෂුද්‍ර ජීවීන් ඝනාවාසීකරණය වන ස්ථාන සඳහන් කරන්න.

    • සම මතුපිට
    • නාසය
    • උගුර
    • ශ්වසන මාර්ගයේ ඉහළ ප්‍රදේශය
    • ආන්ත්‍රික මාර්ගය හා මෞත්‍රලිංගික මාර්ගය

 

6. නිරෝගී මිනිස් සිරුරක කොපමණ ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාවක් ඇති දැයි ඇස්තමේන්තු කර ඇත්ද?

    • මිනිස් සිරුරක 1×1013 මුළුදේහ සෛල සංඛ්‍යාවට, ක්ෂුද්‍ර ජීවී සෛල 1×1014 ලෙස.

 

7. ක්ෂුද්‍ර ජීවීන් සඳහා උදාහරණ දෙන්න.

    • බැක්ටීරියා
    • Yeast
    • සූත්‍රිකාකාර දිලීර
    • Protozoa

මෙම ක්ෂුද්‍ර ජීවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍යයෙන් හානිකර නොවන හෝ වාසිදායක වේ.

උදා:- මහා අන්ත්‍රය තුළ අවම ඝනාවාසීකරණය වී ඇති Escherichia coli විසින් Salmonella typhi වැනි ව්‍යාධිජනක බැක්ටීරියා ඝනාවාසීකරණය වළක්වයි.

Escherichia coli

Salmonella typhi

 

8. මානව සෞඛ්‍යය කෙරෙහි හිතකර අන්දමින් බැක්ටීරියා භාවිතය පිළිබඳව මෑතකදී අධ්‍යනය කරන ලදී. එම හිතකර ක්ෂුද්‍ර ජීවී රෝපණ හඳුන්වන්නේ කුමන නමකින්ද?

    • Probiotics

 

9. සමහර තත්ත්ව යටතේ දේහය සමග අන්තර් ක්‍රියා වෙනස් කරගනිමින් ආසාදන තත්ත්ව ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් හඳුන්වන්නේ කුමන නමකින්ද?

    • අවස්ථාවාදී ව්‍යාධිජනකයින්
    • උදා:- මහා අන්ත්‍රය තුළ පවතින තාක්කල් E.coli සාමාන්‍යයෙන් හානිදායක නොවෙති කෙසේ නමුත් ඔවුහු අනෙකුත් දේහ කොටස් වලට ඇතුල් වූ පසු රෝග ඇති කරයි.

 

10. අවස්ථාවාදී ව්‍යාධිජනකයින් මිනිස් දේහය ආක්‍රමණය කරන අවස්ථා මොනවාද?

    • මන්දපෝෂණ තත්ත්වය ඇතිවිට
    • ප්‍රතිශක්ති මර්ධන ඖෂධ ලබාගත් විට
    • වෙනත් රෝගවලින් පීඩා විඳින විට
    • මත්ද්‍රව්‍ය ආදිය නිසා දේහ තත්ව දුර්වල වූ විට

 

ආසාදන රෝගවලට අදාල යෙදුම්

11. ව්‍යාධිජනකයා යනු?

    • රෝගයක් හට ගැන්වීමට හැකියාව ඇති ක්ෂුද්‍ර ජීවියෙකු හෝ ජීවී නොවන ආකාර

 

12. ධාරකයා යනු?

    • ආසාදිත ව්‍යාධිජනකයා හට තම දේහය මත හෝ තුළ ජීවත් වීමට හා ගුණනය වීමට පහසුකම් සපයන ජීවියා

 

13. ව්‍යාධිජනකතාව යනු?

    • ධාරකයාගේ ආරක්ෂක යාන්ත්‍රණ මැඩපවත්වා ගනිමින් ධාරකයා තුළ රෝගයක් හටගැන්වීමට ව්‍යාධිජනකයා සතු හැකියාව

 

14. පරපෝෂිතයා යනු?

    • වෙනත් ජීව්‍ය ජීවියෙකු මත හෝ ඒ ජීවියා තුළ ජීවත් වෙමින් පෝෂක හා අනෙකුත් සම්පත් ධාරකයා ගෙන් ලබාගන්නා ජීවියෙකු හෝ ජීවී නොවන ආකාර

 

15. ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන්ගේ ලාක්ෂණික ලක්ෂණ මොනවාද?

    • ධාරක දේහයේ තත්ත්ව වලට අනුරූපව ප්‍රශස්ත වර්ධන තත්ත්වයක් පැවතීම.
    • ධාරක ආරක්ෂක යාන්ත්‍රණ වලට විරුද්ධව ආරක්ෂා වීම සඳහා සහ ධාරක සෛලවලට ඇලී සිටීම සඳහා ව්‍යූහයන් සහිත වීම.
    • ධූලක නිපදවීම.
    • අක්‍රමණතාව සඳහා පොස්පොලයිපේස්, ලෙසිතිනේස් හා හයලුරොනිඩේස් වැනි එන්සයිම දැරීම.
    • ධාරකයාගේ පරිවෘතීය ක්‍රියා වෙනස් කිරීමට සමත් D‍Nase වැනි එන්සයිම දැරීම.

 

16. ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් ඇතුළු වන ප්‍රවේශ මාර්ග මොනවාද?

    • හමේ ඇති තුවාල
    • ශ්වසන මාර්ගය හා ආමාශ මාර්ගය
    • ආන්ත්‍රික මාර්ගය
    • මෞත්‍රලිංගික මාර්ග වැනි ස්වාභාවික විවර

 

ප්‍රචණ්ඩතාව හා ප්‍රචණ්ඩතා සාධක

17. ප්‍රචණ්ඩතාවය යනු?

    • ව්‍යාධිජනකයාගේ ව්‍යාධිජනකත්වයේ ප්‍රමාණයයි.

 

18. ප්‍රචණ්ඩතා සාධක යනු?

    • ධාරකයා ආසාදනය කර රෝග ඇති කිරීමේ හැකියාව ඇති කරන, ව්‍යාධිජනකයින් සතුව ඇති සුළු ජාන සංඛ්‍යාවකින් ප්‍රකාශ කරන සාධක.

 

19. ව්‍යාධිජනකයින් ව්‍යාධිජනකතාව ඇති කිරීමට භාවිත කරන ප්‍රධාන යාන්ත්‍රණ දෙක?

    • ආක්‍රමණතාව
    • ධූලක ජනකතාව

 

20. ආක්‍රමණතාව යනු කුමක්ද?

    • ධාරකයාගේ ආරක්ෂණ යාන්ත්‍රණ අභිබවා යමින් ධාරක පටක ආක්‍රමණය කිරීමේ හා ඝනාවාසීකරණය සඳහා ගුණනය වීමේ හැකියාවයි

 

21. ආක්‍රමණතාවයට හේතු වන එන්සයිම මොනවාද?

    • පොස්පොලිපේස් – සත්ත්ව සෛල පටල විනාශ කරයි පටලවල පොස්පොලිපිඩ බිඳහෙළයි.
    • ලෙසිතිනේස් – සත්ත්ව සෛල පටලයේ ලිපිඩ වල ලෙසිතීන් සංරචකය ජලවිච්ඡේදනය කරයි.
    • හයලුරොනිඩේස් – සෛල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය වන හයලුරොනික් අම්ලය බිඳ දමමින් දේහ පටක විනාශ කරයි.

 

22. ධූලකජනකතාව යනු කුමක්ද?

    • සෛලවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන ධූලක යනුවෙන් හැඳින්වෙන ජෛව රසායනික ද්‍රව්‍ය නිපදවීමට ඇති හැකියාව

 

ධූලකජනකතාව

23. ධූලකජනකතාව පිළිබඳව පහදන්න.

    • මෙම ධූලක ප්‍රෝටීන හෝ ලිපොපොලිසැකරයිඩ වන අතර ධාරකයා කෙරෙහි විශේෂිත වූ හානියක් සිදු කරයි.
    • මේ නිසා මේවා ජෛව විෂ ලෙස හැඳින්වේ.
    • ආකාර දෙකකි. එනම්,
      1. අන්තඃධූලක
      2. බහිෂ් ධූලක යන ආකාර දෙකයි.

අන්තඃධූලක

බහිෂ් ධූලක

ලිපොපොලිසැකරයිඩ වේ.

ප්‍රෝටීන වේ. වැඩි ප්‍රමාණයක් එන්සයිම වේ.

ක්ෂුද්‍ර ජීවී සෛලවල කොටස්

බැක්ටිරියා සෛලවල වර්ධනයේ හා පරිවෘතීයේ කොටසක් ලෙස නිපදවී බාහිර පරිසරයට නිදහස් වේ.

එකම රෝග ලක්ෂණ පෙන්වයි. සීතල, උණ, දුර්වලතාවය හා සාමාන්‍ය කැක්කුම.

උත්ප්‍රේරක ලෙස ක්‍රියාකරන නිසා ඉතා සුලු ප්‍රමාණයක් වුවද හානිකර වේ.

ග්‍රෑම් සෘණ බැක්ටීරියා මගින් නිපදවයි.

ප්‍රධානව ග්‍රෑම් ධන වේ. ග්‍රෑම් සෘණ බැක්ටීරියා සමහරක්ද නිපදවේ.

උදා:- Salmonella typhi ගේ සෛල බිත්ති ලිපො පොලිසැකරයිඩ වේ.

Clostridium tetani

Vibrio cholerae

Corynebacterium diptheriae

 

ක්ෂුද්‍ර ජීවීන්ගෙන් ඇතිවන රෝග,

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom