විද්‍යා අංශය9.4.2 - පාරිසරික සමතුලිතතාව හා සනීපාරක්ෂාව සඳහා ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම ගවේෂණය...

9.4.2 – පාරිසරික සමතුලිතතාව හා සනීපාරක්ෂාව සඳහා ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම ගවේෂණය කරයි.

ඝන අපද්‍රව්‍යවල ස්වභාවය

  1. ඝන අපද්‍රව්‍ය ලෙස ගැනෙන්නේ මොනවාද?

  • ශාක හා සත්ත්ව ශේෂ
  • ආහාරවල ඉවත ලන කොටස්
  • කඩදාසි
  • පොලිතින්
  • ප්ලාස්ටික්
  • වීදුරු

 

  1. මෙම අපද්‍රව්‍ය අතුරින් වේගයෙන් හායනය වන්නේ මොනවාද?

  • සත්ත්ව හා ශාක ශේෂ, ඉවත ලන ආහාර කොටස් වැනි කාබනික අපද්‍රව්‍ය.

 

  1. පොලිතින්, ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය වලට කුමක් සිදුවේද?

  • මෙම අපද්‍රව්‍ය ඉක්මනින් හායනය නොවන අතර අඛණ්ඩව එක්රැස් වේ.

 

  1. විවෘතව පරිසර වල කළමනාකරණය නොකරන ලද අපද්‍රව්‍ය විශාල ගොඩවල් ලෙස එක්රැස් වීම නිසා ඇති විය හැකි ගැටලු මොනවාද?

  • පස, වාතය හා ජලය දූෂණය වේ.
  • පරිසරයට හානිකර වේ.
  • එම පරිසරයේ ජීවත්වන හා ඒ අවට ජීවත් වන සතුන්ට හානිකර වේ.
  • යම් යම් ස්වාභාවික ආපදා තත්වලදී මෙම අපද්‍රව්‍ය ගොඩගැසූ ස්ථානය අවට පදිංචි වී සිටින ජනතාවට ප්‍රශ්නකාරී තත්ත්ව ඇති කරයි.

උදා :- 2017 අප්‍රේල් 15 වන දින මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම නිසා ඒ අවට ජීවත් වූ 19 දෙනකු ජීවිතක්ෂයට පත්වීම හා නිවාස 40කට පමණ හානි සිදුවීම.

 

ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයේ පාරිසරික හා සෞඛ්‍ය ප්‍රයෝජන

  1. ඝන අපද්‍රව්‍ය නිසිලෙස ප්‍රතිචක්‍රීකරණය නොකළේ නම් ඇතිවන ගැටලුකාරී තත්ත්ව පිළිබඳව විස්තර කරන්න.

  • ඝන අපද්‍රව්‍ය විවෘතව බැහැර කිරීමෙන් මදුරුවන්, මැස්සන්, අනෙකුත් කෘමීන් හා මීයන් සඳහා බෝවීමට ස්ථාන සැපයේ. මේ සතුන් ඩෙංගු, චිකන්ගුන්යා වැනි භයානක රෝග හා ආහාර මඟින් බෝවෙන විවිධ රෝග හා ලෙප්ටොස්පයිරෝසියාව(මී උණ) සඳහා වාහකයන් ලෙස ක්‍රියා කරයි.
  • ජල ප්‍රභව දූෂණය වීම නිසා උණසන්නිපාතය, කොලරාව, පාචනය හා ගැස්ට්‍රොඑන්ටරයිටිස් වැනි රෝග ව්‍යාප්ත විය හැක.
  • අපද්‍රව්‍ය වල නිර්වායු ජීරණය නිසා ඇති වන මීතේන් එකතුවීම නිසා අපද්‍රව්‍ය ගොඩවල් තුල පිපිරීම් හා ගිනි ගැනීම් හට ගනී.
  • කසළ ගොඩවල් නිසා ඇතිවන දුර්ගන්ධය සමාජීය ගැටලු නිර්මානය කරයි.
  • විශාල අපද්‍රව්‍ය ගොඩවල් වලින් සිදුවන ක්ෂරිත (leachate) නිසා භූගත ජලය දූෂණය විය හැක.

 

  1. ක්ෂරිත යනුවෙන් අදහස් වන්නේ කුමක්ද?

  • අපද්‍රව්‍ය ගොඩවල් හරහා ද්‍රවයක් ගලා යන විට එහි අවලම්බිත හා ද්‍රාවණය වී ඇති ද්‍රව්‍යයන් උකහා ගැනීම (නිස්සාරණය කර ගැනීම) ක්ෂරිත ලෙස හැදින්වේ.

 

  1. පාරිසරික හා සමාජීය ගැටලු අවම වන පරිදි ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කරගැනීමේ ක්‍රම මොනවාද?

  • වර්ග කිරීම හා ප්‍රතිචක්‍රීකරණය
  • ඓන්ද්‍රීය ද්‍රව්‍ය හායනය/ වියෝජනය
  • සනීපාරක්ෂක භූ පිරවීම්

 

වර්ග කිරීම හා ප්‍රතිචක්‍රීකරණය

  1. වර්ග කිරීම හා ප්‍රතිචක්‍රීකරණය පැහැදිළි කරන්න.

  • මෙහිදී ඉවතලන නාගරික අපද්‍රව්‍ය මුළුතැන්ගෙයි කසළ, ශාක ද්‍රව්‍ය, කඩදාසි, ප්ලාස්ටික්, වීදුරු යන ආදි ලෙස වෙන් කර ඒවා වෙන වෙනම බහාලුම්වලට එකතු කරනු ලබයි.
  • මෙසේ වර්ග කරන විට ප්ලාස්ටික්, කඩදාසි, වීදුරු වැනි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ලෙස වෙන් කරගනී.

 

  1. කඩදාසි අනෙකුත් දිරායාන අපද්‍රව සමග විශාල කුණු දමන ප්‍රදේශ වලට එකතු නොකරන්නේ ඇයි?

  • කඩදාසි ජෛව හායනය කළ හැකි බව අනුමාන කළද, කුණු දමන ප්‍රදේශ වල තැන්පත් කිරීමෙන් පසු ක්ෂුද්‍රජීවීන්ට ඵලදායී ලෙස කඩදාසි ආක්‍රමණය කළ නොහැකි නිසා පහසුවෙන් හායනය නොවන බැවින්.

 

ඓන්ද්‍රීය ද්‍රව්‍ය හායනය/ වියෝජනය

  1. මෙම ක්‍රියාවලිය විස්තර කරන්න.

  • ඓන්ද්‍රීය ද්‍රව්‍ය හානියට ලක්වීම මඟින් කොම්පෝස්ට් ලැබේ.
  • කොම්පෝස්ට් සෑදීමේදී, පහසුවෙන් හායනය විය හැකි මුළුතැන්ගෙයි හා ගෙවතු අපද්‍රව්‍ය ස්වභාවික ක්ෂුද්‍රජීවීන් මගින් වියෝජනය වීමට ඉඩ හරී.

 

  1. කොම්පෝස්ට් වල ප්‍රයෝජන මොනවාද?

  • කොම්පෝස්ට් කෘෂිකර්මාන්තයේ දී හා වගා කිරීමේදී පොහොර ලෙස භාවිතා කරනු ලබයි
  • එමෙන්ම කසල කළමනාකරණ අධිකාරීන්ට කොම්පෝස්ට් මගින් අතිරේක ආදායමක් ලබාගත හැක

 

  1. කොම්පෝස්ට් ගොඩවල් වලින් පිටවන වායු වර්ග මොනවාද?

  • කාබන්ඩයොක්සයිඩ් (CO2)
  • මීතේන් (CH4)

 

  1. කොම්පෝස්ට් ගොඩකින් මීතේන් වායුව සෑදෙන්නේ කෙසේද?

  • කොම්පෝස්ට් ගොඩක නිර්වායු තත්ව මෙතනොජෙනික් බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වයත්වය වර්ධනයය කරයි.
  • මොවුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා කාබනික ද්‍රව්‍ය ජීරණය වී මීතේන් සෑදෙයි.
  • මෙලෙස සෑදෙන මීතේන් වායුව විදුලි ජනනයට යොදාගනී.

 

සනීපාරක්ෂක භූ පිරවීම

  1. නාගරික කසළ වලින් කොපමන ප්‍රමාණයක් මේ ආකාරයට බැහර කරයිද?

  • කසල වලින් 4/5 ක ප්‍රමාණයක්

 

  1. මෙය වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ඇයි?

  • වඩාත් ලාභදායක නිසා

 

  1. සනීපාරක්ෂක භූ පිරවීම සිදුකරන ආකාරය පැහැදිලි කරන්න.

  • පළමුවෙන්ම ආන්තික හෝ උප ආන්තික බිම් තීරුවක් තෝරාගනු ලබයි.
  • ඉන්පසුව එහි ගැඹුරු වළක් කපනු ලබයි.
  • පසුව මෙම වළෙහි ස්ථර වශයෙන් කසළ අතුරනු ලබයි.
  • ඉන්පසුව මෙම අපද්‍රව්‍ය ස්තරය පස් මගින් ආවරණය කරයි.
  • ඉන්පසුව පහත රූපයේ ආකාරයට අපද්‍රව්‍ය හා පස් ස්ථර කීපයකින් කැපූ වළ පුරවනු ලැබේ.

 

  1. සනිපාරක්ෂක භූ පිරවීමේ අරමුණ කුමක්ද?

  • අපද්‍රව්‍ය ස්තර ලෙස පැතිර වීම හා සුසංහිත ව ඇසිරීම මගින් අපද්‍රව්‍ය වල පරිමාව විශාල වශයෙන් අඩු කර ගැනීමයි.

 

  1. සනීපාරක්ෂක භූ පිරවීමට යොදාගනු ලබන ප්‍රදේශයේ තිබිය යුතු ලක්ෂණ මොනවාද?

  • ආන්තික හෝ උප ආන්තික බිම්තීරු විය යුතු අතර භූගත ජල මට්ටම උසින් අඩුවිය යුතුයි.

 

Questions

  1. ඝන අපද්‍රව්‍ය විවෘතව බැහැර කිරීමෙන් ඇති වන පාරිසරික ගැටලු සඳහන් කරන්න.(2019 A/L s.e- 4.c.iv)

     

  2. සනීපාරක්ෂක භූ පිරවුමක් යනු කුමක්දැයි කෙටියෙන් පහදන්න.(2019 A/L s.e- 4.c.v)

 

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom