විද්‍යා අංශයභෞතික විද්‍යාව02.03.01 - අවස්ථිතිය හා ආවේගය

02.03.01 – අවස්ථිතිය හා ආවේගය

අවස්ථිතිය

  • බර පැටවූ කරත්තයක් නිශ්චලව ඇති විට චලනය කරවා ගැනීමට වැඩි ආයාසයක් යෙදිය යුතුය. එහෙත් එය චලනය වූ පසු චලිතය ඒකාකාරව පවත්වාගෙන යාමට එතරම් ආයාසයක් යෙදිය යුතු නොවේ.
  • චලනය වන කරත්තයේ චලිත ස්වභාවය වෙනස් කරගැනීමට (හැරවීමට හෝ නැවැත්වීමට) නැවත වැඩි ආයාසයක් යෙදිය යුතුය.
  • මින් පෙනී යන්නේ නිශ්චලව ඇති වස්තු චලනය වීමටත්, චලනය වන වස්තු වල චලිත ස්වභාවය වෙනස් කරගැනීමටත් අකමැත්තක් දක්වන බවයි.
  • මෙම ගුණය අවස්ථිතිය නම් වේ.

ස්කන්ධය හා අවස්ථිතිය අතර සම්බන්ධතාව

  • ස්කන්ධය යනු වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණයේ මිනුමකි.
  • පදාර්ථ ප්‍රමාණය වෙනස් නොවන විට ස්කන්ධය වෙනස් නොවේ.
  • එබැවින් යම් වස්තුවක් විශ්වයේ ඕනෑම ස්ථානයක තැබූ විට ස්කන්ධය නියතය.
  • ස්කන්ධය අවස්ථිතියේ මිනුමක් ලෙසද ගත හැක.
  • ස්කන්ධය වැඩි වස්තුවල අවස්ථිතිය වැඩිද, ස්කන්ධය අඩු වස්තු වල අවස්ථිතිය අඩුද වේ.

අවස්ථිති නිර්දේශ රාමු

  • නිශ්චල හෝ ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වන පද්ධති අවස්ථිති නිර්දේශ රාමු වේ. ඒවායේ සිට ලබාගන්නා නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟ වේ.
  • තවද, ත්වරණය හෝ මන්දනය වන පද්ධති අවස්ථිති නොවන නිර්දේශ රාමු වේ. ඒවායේ සිට ලබාගන්නා නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟ නොවේ.

ඉහත කරුණු දෙක සලකමු.

  • තිරස් ඍජු මාර්ගයක රථයක් 40 km h-1 ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරයි. මෙහිදී ප්‍රවේගය ඒකාකාර නිසා රථය මත සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය වේ.
  • පොළොව මත නිශ්චලව සිටින A නිරීක්ෂකයා දකින පරිදි රථය  40 km h-1  ඒකාකාර ප්‍රවේගයෙන් යයි.
  • රථය යන දිශාවටම  10 km h-1 ඒකාකාර ප්‍රවේගයෙන් යන B නිරීක්ෂකයෙක් දකින පරිදි රථය  30 km h-1  ක ඒකාකාර ප්‍රවේගයකින් යයි. (සාපේක්ෂ ප්‍රවේගය සටහන අවධානයට)
  • රථය මත සැබවින්ම සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා A හා B ගේ නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟය.
  • නමුත් මෙහිදී රථය පිටුපසින් මන්දනයෙන් පැමිණෙන C නිරීක්ෂකයෙකු දකින පරිදි රථය ත්වරණය වේ.
  • රථය පිටුපසින් ත්වරණයෙන් පැමිණෙන D නිරීක්ෂකයෙකු දකින පරිදි රථය මන්දනය වේ.
  • රථය මත සැබවින්ම සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා C හා D ගේ නිරීක්ෂණ නිව්ටන් නියම වලට එකඟ නොවේ.

ආවේගය (I)

  • බාහිර බලයක් ක්‍රියා කිරීම නිසා වස්තුවක් මත ආවේගයක් ඇතිවේ. 
\begin{array}{rcl}&&\text{ආවේගය = බලය × බලය ක්‍රියා කළ කාලය}\\&&\\&&\text{මූලික ඒ්කකය,}\;kg\;m\;s^{-1}\;\\&&\text{ව්‍යුත්පන්න}\;\mathrm{ඒ්කකය},\;N\;s\\&&\\&&\\&&\\&&\end{array} \begin{array}{rcl}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;I\;&=&\;F\times t\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\lbrack I\rbrack\;&=&\;MLT{}^{-2}\times T\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\lbrack I\rbrack\;&=&\;MLT{}^{-1}\\&&\\&&\\&&\\&&\end{array}
  • ආවේගය දෛශිකයකි. එහි දිශාව බලයේ දිශාවමයි.
  • නිව්ටන්ගේ දෙවන නියමයෙන්, 
\begin{array}{rcl}F\;&=&\;\dfrac{mv-mu}t\\&&\\Ft\;&=&\;mv-mu\end{array}

ආවේගය  =  ගම්‍යතා වෙනස ලෙස ලැබේ.

  • F-t ප්‍රස්තාරයක කාල අක්ෂය හා ප්‍රස්තාරය අතර වර්ගඵලයෙන් ආවේගයේ විශාලත්වය ලබා ගත හැක.

 

 

Results

-

#1. නිශ්චලව පවතින 5kg වස්තුවක් මත 100Ns ආවේගයක් ලබා දුන් විට එහි ප්‍රවේගය කොපමනද?

#2. වස්තුවක් මත 1s තුළ 50Ns ආවේගයක් ඇති කිරීමට ලබා දිය යුතු බලය කොපමනද?

#3. 2kg ස්කන්ධයක් 10ms-1 ප්‍රවේගයෙන් තිරස්ව ගමන් කරන අතර එය මත 10Ns ආවේගයක් චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යොදයි. ආවේගය යෙදීමට පසු නව ප්‍රවේගය ගනනය කරන්න.

ලකුණු දැනගන්න.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet