No menu items!

03.06.00 – ආවේගය සහ ගම්‍යතාව

  • සංයුක්ත ගණිතය II (ව්‍යවහාරික ගණිතය)  ප්‍රශ්න පත්‍රයේ  A කොටසේ ලකුණු 25 ක ගැටලුවක් මෙම සිද්ධාන්ත වලින් ඇතුළත් කර ඇත.
  • ඉතාම කුඩා කාලයකදී ක්‍රියාත්මක වන විශාල බලයක් ආවේගී බලයක් ලෙස හැදින්වේ
  • ආවේගී බලයක් එය ක්‍රියාත්මක වන කුඩා කාලයෙන් ගුණ කළ විට ආවේගය ලැබේ.
  • ආවේගය දෛශිකයකි.
  • ආවේගය මනින SI ඒකක Ns හෝ kgms-1 වේ.
  • m ස්කන්ධයකට I ආවේගයක් යෙදීම නිසා එහි ප්‍රවේගය u සිට v දක්වා වෙනස් වූයේ යැයි සිතමු. එවිට,

                              I=mv-mu වේ.

                              I=Δ(mv)

                             I=ගම්‍යතා වෙනස

  • ආවේගයක් නොපවතී නම් ගම්‍යතාව සංස්ථිතික වේ.

 

ගම්‍යතා සංස්ථිති නියමය

අංශු පද්ධතියක් මත සලකනු ලබන දිශාවක් ඔස්සේ බාහිර ආවේගී බල හෝ බාහිර සාමාන්‍ය බල ක්‍රියා නොකරන්නේ නම් එම දිශාව ඔස්සේ අංශු පද්ධතියේ මුළු ගම්‍යතාව සංස්ථිතිකව පවතී.

  • ගම්‍යතාව ගැනීමේදී මෙන්ම චාලක ශක්තිය ගැනීමේදී පොළවට සාපේක්ෂ ප්‍රවේගය භාවිතා කිරීම අනිවාර්ය වේ.
  • ගම්‍යතා සංස්ථිති නියමය යෙදීමේදී පසු මුළු ස්කන්ධය පෙර මුළු ස්කන්ධයට සමාන විය යුතුය.

 

උදා 1 :

උණ්ඩද සමග ස්කන්ධය M වන කාල තුවක්කුවක් සුමට තිරස් තලයක් මත නිසලව තබා ඇත්තේ එහි කද තිරස් වන අන්දමිනි. ස්කන්ධය m වන උණ්ඩයක් u වන ප්‍රවේගයෙන් තුවක්කුවෙන් නිකුත් කෙරේ. තුවක්කුව වාංගු වන ප්‍රවේගයත්, තුව්කුව හා උණ්ඩය අතර ඇති වන ආවේගයත්, ජනනය වන චාලක ශක්තියත් සොයන්න.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.