No menu items!
භෞතික විද්‍යාව02. යාන්ත්‍ර විද්‍යාව02.02.01- බල වල සම්ප්‍රයුක්තය

02.02.01- බල වල සම්ප්‍රයුක්තය

බල වල සම්ප්‍රයුක්තය

  • බල දෙකක් හෝ සමූහයක් විසින් සිදුකරන ක්‍රියා, සිදු කළ හැකි තනි බලය, එම බල සමූහයේ සම්ප්‍රයුක්ත බලය නම් වේ.
  • බල වල සම්ප්‍රයුක්තය සෙවීම ඕනෑම දර්ශකයක සම්ප්‍රයුක්තය සොයන ආකාරයටම කළ හැක.

                       උදා :

 

                                                                                                        \begin{array}{rcl}\mathrm{දිශාවට}\;\mathrm{බලවල}\;\mathrm{සම්ප්}‍\mathrm{රයුක්තය}\;&=&\;4\;+\;6\;\cos\;60\;-\;2\;\cos\;60\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;(\;4+3-1\;)\;N\\\\&=&\;6\;N\\&&\\&&\\&&\;\;\end{array}

                                                                                                                        \begin{array}{rcl}\mathrm{දිශාවට}\;\mathrm{බලවල}\;\mathrm{සම්ප්}‍\mathrm{රයුක්තය}\;&=&\;6\;\sin\;60\;+\;2\;\sin\;60\\\\&=&\;6\times\frac{\sqrt3}2+2\times\frac{\sqrt3}2\\\\&=&\;(\;3\sqrt3+\sqrt3\;)\;N\\\\&=&\;4\sqrt3\;N\\&&\;\;\end{array}

 

ක්‍රියා රේඛාව සෙවීම

  • බල පද්ධතියක් කිසියම් අක්ෂයක් වටා ඇති කරනු ලබන ඝූර්ණයන්ගේ වීජ ඓක්‍යය එම බල පද්ධතියේ සම්ප්‍රයුක්තය එම අක්ෂය වටා ඇති කරනු ලබන ඝූර්ණයට සමාන විය යුතුය. 
  1. ඝූර්ණය සලකා බලන අක්ෂය  ලකුණු කරන්න‍.
  2. එම අක්ෂය වටා වාමාවර්ත හා දක්ෂිණාවර්ත ඝූර්ණ සොයාගන්න.
  3. බලවල සම්ප්‍රයුක්තය සොයාගන්න.
  4. සම්ප්‍රයුක්ත බලයේ ක්‍රියා රේඛාව සොයාගන්න
\begin{array}{rcl}O\text{ වටා දක්ෂිණාවර්ත ඝූර්ණය}\;\;&=&\;(5\times1)\;-\;(2\times4)\;+\;(12\times6)\;\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;&=&\;5-8+72\;\;\;\;\;\;\;\\\;&=&\;69\;N\;m\\&&\\&&\end{array}

\begin{array}{rcl}\text{බලවල සම්ප්‍රයුක්තය}\;&=&\;12\;+\;5\;-\;2\;\\&=&\;15\;N\\&&\\&&\end{array}

සම්ප්‍රයුක්තය මඟින් O ලක්ෂ්‍යය වටා ඇති කරන ඝූර්ණය,බල පද්ධතිය මඟින් ලක්ෂ්‍යය වටා ඇති කරන ඝූර්ණයට සමාන විය යුතු නිසා,

\begin{array}{rcl}15\;\times\;x\;&=&\;69\;\\x\;&=&\;4.6\;m\\&&\\&&\end{array}

  • එකම දිශාවට පවතින බල දෙකක සම්ප්‍රයුක්තය ගැනීමේදී බල දෙක එකතු කරයි.
  • ප්‍රතිවිරුද්ධ දිශාවට පවතින බල දෙකක සම්ප්‍රයුක්තය ගැනීමේදී බල දෙකෙහි අන්තරය සලකයි. 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.