පාඩමේ සටහන Download කරගන්න.
සෛලවාදය
1.ජීවීන්ගේ මූලික ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය කුමක්ද?
2.ජීවීන්ගේ සංවිධාන මට්ටම් ධූරාවලිය ට අනුව ජීවයේ සියලු ලාක්ෂණික ලක්ෂණ පෙන්වන පහළම සංවිධාන මට්ටම කුමක්ද?
3.සරල අන්වීක්ෂයකින් වල්කයක් පරීක්ෂා කර මූලික ඒකකය සෛලය ලෙස හැඳින්වූයේ කවුද?
- රොබට් හුක් (Robert Hooke)


4.ඒක සෛලික ජීවීන් වන Euglena සහ බැක්ටීරියා පිළිබඳ පළමුවෙන්ම විස්තර වාර්තා කලේ කවුද?
- ඇන්ටන් වෑන් ලී යුවන් හුක් (Anton Van Leeuwenhoek)

5.ශාක පටක අධ්‍යයනය කර සියලු ශාක,සෛල වලින් සෑදී ඇති බව නිගමනය කලේ කවුද?
- මැතියස් ශ්ලයිඩන් (Matthias Schleiden)

6.සත්ත්ව පටක අධ්‍යයනය කර සත්ත්ව පටක , සෛල වලින් සෑදී ඇති බව නිගමනය කළේ කවුද?
- තියඩෝර් ශ්වාන් (Theodor Schwann)

7.සියලු සෛල කලින් පැවති සෛල විභාජනයෙන් ඇති වන බව පෙන්වා දුන්නේ කවුද?
- රුඩොල්ෆ් වර්චොව් (Rudolf Virchow)

8.සෛලවාදය ඉදිරිපත් කළ විද්‍යාඥයන් තිදෙනා කවුරුන්ද?
- මැතියස් ශ්ලයිඩන් (Matthias Schleiden)
- තියඩෝර් ශ්වාන් (Theodor Schwann)
- රුඩොල්ෆ් වර්චොව් (Rudolf Virchow)
9.සෛලවාදයේ සඳහන් මූලික කරුණු මොනවාද?
- සියලු ජීවීන් එක සෛලයකින් හෝ සෛල කිහිපයකින් හෝ සෑදී ඇත.
- ජීවීන්ගේ මූලික ව්‍යූහමය හා කෘත්‍යමය ඒකකය සෛලයයි.
- සියලු සෛල ඇති වන්නේ කලින් පැවති සෛල වලිනි.
සෛල සංවිධානය
10.සෛල සංවිධානයේ ප්‍රධාන ආකාර 2 කුමක්ද?
- ප්‍රාග්න්‍යෂ්ටික සෛල සංවිධානය
- සූන්‍යෂ්ටික සෛල සංවිධානය
11.සියලුම සෛල වලට පොදු මූලික ලක්ෂණ මොනවාද?
- සියලුම සෛල වරණීය බාධකයක් වන ප්ලාස්ම පටලයකින් වට වී ඇත.
- සෛලය තුළ උප සෛලීය සංඝටක අවලම්භනය වී පවතින සයිටොසොලය නම් අර්ධ තරලමය හා ජල්ලිමය ද්‍රව්‍යයක් තිබීම.
- ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස DNA ඇත.
- සියලුම සෛල වල රයිබොසෝම ඇත.
12.ප්‍රාග්න්‍යෂ්ටික සෛල දරන ජීවී කාණ්ඩ මොනවාද?
- බැක්ටීරියා
- ආකි බැක්ටීරියා
13.සූන්‍යෂ්ටික සෛල දරන ජීවී කාණ්ඩ මොනවාද?
- ප්‍රොටිස්ටා
- ශාක
- සත්ත්වයන්
- දිලීර
14.ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික සෛල වල සාමාන්‍ය විෂ්කම්භය කොපමණද?
- ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල සාමාන්‍ය විෂ්කම්භය –
- සූන්‍යෂ්ටික සෛල වල සාමාන්‍ය විෂ්කම්භය –
15.ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික සෛල වල පරිණාමික සම්භවය පිළිවෙලින් දක්වන්න
- ප්‍රාග්න්‍යෂ්ටික සෛල වල පරිණාමික සම්භවය –
-
-
- මීට අවුරුදු බිලියන 3.5 කට පෙර
- සූන්‍යෂ්ටික සෛල වල පරිණාමික සම්භවය –
-
-
- මීට අවුරුදු බිලියන 1.8 කට පෙර
16.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල විභාජනය වන ආකාරය කුමක්ද?
- ද්වී ඛණ්ඩනය මගින් සිදු වේ.ඌනන විභාජනය හා අනූනන විභාජනය සිදු නොවේ.
17.සූන්‍යෂ්ටිකයන්ගේ සෛල විභාජනය වන ආකාරය කුමක්ද?
- ඌනන විභාජනය හෝ අනූනන විභාජනය හෝ එම ක්‍රම දෙකම.
18.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය අතර ඇති වෙනස්කම් මොනවාද?
|
ප්‍රාග්න්‍යෂ්ටිකයන්
|
සූන්‍යෂ්ටිකයන්
|
|
වලයාකාර DNA ඇත.
|
රේඛීය DNA ඇත.
|
|
නියුක්ලියෝඩ ප්‍රදේශය තුළ පවතී.
|
න්‍යෂ්ටිය තුළ පවතී.
|
|
ප්‍රෝටීන සමග බැඳී නැත.
|
ප්‍රෝටීන සමග බැඳී ඇත.
|
19.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ පවතින රයිබොසෝම වර්ග පිළිවෙලින් දක්වන්න.
- ප්‍රාග්න්‍යෂ්ටිකයන් – 70S රයිබොසෝම
- සූන්‍යෂ්ටිකයන් -70S රයිබොසෝම හා 80S රයිබොසෝම

20.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල හා සූන්‍යෂ්ටිකයන්ගේ සෛල වල අන්තර්ගතය කෙටියෙන් දක්වන්න?
-
-
- ඉන්ද්‍රයිකා කිහිපයක් පමණක් ඇත.
- ඒවා පටල වලින් වට වී නැත.
- ප්‍රභාසංස්ලේෂණය , N2 තිර කිරීම සම්බන්ධ අභ්‍යන්තර පටල ඇත.
-
-
- ඉන්ද්‍රයිකා විශාල ගණනක් ඇත.
- පටල වලින් වට වූ ඉන්ද්‍රයිකා ඇත.
- ඉන්ද්‍රයිකා වල විශාල විවිධත්වයක් පවතී.
21.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්ති සෑදී ඇති සංඝටක මොනවාද?
- බැක්ටීරියා හා සයනොබැක්ටීරියා –
22.සූන්‍යෂ්ටිකයන්ගේ සෛල බිත්ති සෑදී ඇති සංඝටක මොනවාද?
-
- ශාක සෛල – සෙලියුලෝස්
- දිලීර සෛල – කයිටීන්
- සත්ත්ව සෛල වලට සෛල බිත්ති නැත.

23.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ සෛල වල කශිකා වල ව්‍යූහාකාරය කෙසේ වේද?
-
- ක්ෂුද්‍ර නාලිකා නොමැති සරල ව්‍යුහයක් දරයි.
- බහිෂ්සෛලීය වේ.
- විෂ්කම්භය 20 nm පමණ වේ.

24.සූන්‍යෂ්ටිකයන්ගේ සෛල වල කශිකා වල ව්‍යුහාකාරය කෙසේ වේද?
- 9+2 යන ක්ෂුද්‍ර නාලිකා සැකසුම සහිත සංකීර්ණ ව්‍යූහයක් දරයි.
- අන්තඃසෛලීය වේ.
- විෂ්කම්භය 200 nm පමණ වේ.
25.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ ශ්වසන ආකාර පිළිවෙලින් දක්වන්න?
-
-
- බොහෝ විට මීසොසෝම මගින් සිදු කරයි.
-
-
- ස්වායු ශ්වසනය මයිටොකොන්ඩ්‍රියා මගින් සිදු කරයි.
26.ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ හා සූන්‍යෂ්ටිකයන්ගේ ප්‍රභාසංස්ලේෂණ ස්ථාන පිළිවෙලින් දක්වන්න?
-
-
- ගොනු ලෙස සැකසී නැති පටල මත සිදු වේ.
-
-
- හරිතලව නම් ඉන්ද්‍රයිකා තුළ සිදු වේ.
27.සූන්‍යෂ්ටිකයන් කිසිවෙකු තුළ නොහැකි, ඇතැම් ප්‍රාග්න්‍යෂ්ටික ජීවීන් තුළ පමණක් දැකිය හැකි ලක්ෂණය කුමක්ද?