සතුන්ගේ වායු හුවමාරුව
1. සතුන්ගේ ශ්වසන වායු හුවමාරු වන අක්‍රිය පරිවහන ආකාරය කුමක්ද?
සතුන්ගේ ශ්වසන වායු වල අවශ්‍යතාව හා විවිධ සතුන්ගේ ශ්වසන වායූන් ගේ අවශ්‍යතාවයේ පරිණාමය
2. සෑම දේහ සෛලයක්ම බාහිර පරිසරය සමග ප්‍රමාණවත් තරම් සමීප වන සරල සතුන් කවුද?
3. සරල විසරණය මගින් දේහ පෘෂ්ඨ හරහා සිදුකර ගන්නා වායු හුවමාරුව එම සතුන්ට ප්‍රමාණවත් වන්නේ ඇයි?
-
- සරල දේහ ස්වරුපයක් තිබීම, ශක්ති අවශ්‍යතාව අවම වීම.
4. විශාල දේහ දරන සතුන්ගේ ශක්ති අවශ්‍යතාව අධික වීමත් දේහ ස්වරුපය සංකීර්ණ වීමත් නිසා වායු හුවමාරුව කාර්යක්ශමව සිදු කිරීමට අපොහොසත් වන්නේ ඇයි?
-
- දේහ සෛල වලින් වැඩි ප්‍රමාණයක් ම බාහිර පරිසරය සමග සෘජුවම නොගැටීම දේහ පෘශ්ඨ හරහා සිදුවන වායු හුවමාරුවට ප්‍රමාණවත් නොවීමයි.
5. සතුන්ගේ දේහ තරම හා සංකීර්ණත්වය වැඩිවත්ම පෘශ්ඨ/ පරිමා අනුපාතයට වන්නේ කුමක්ද?
6. කාර්යක්ශම වායු හුවමාරුවකට විශාල පෘෂ්ඨ ක්ෂේත්‍ර ඵලයක් ලබාදීමට හැකිවන පරිදි ශ්වසන පෘශ්ඨ පරිණාමය වී ඇත්තේ කෙසේද?
-
- නැමීම් හා ශාඛනය වීම් සහිතව ශ්වසන පෘෂ්ඨ පරිණාමය වී ඇත.
7. ජලයේදී හා වාතයේ දී කාර්යක්ශමව O2 ලබාගැනීමට පරිණාමය වී ඇති ශ්වසන පෘශ්ඨ මොනවාද?
-
- ජලයේ – ජලක්ලෝම
- වාතයේ – ශ්වාස නාල හා පෙනහැලි වැනි ශ්වසන පෘෂ්ඨ
ශ්වසන පෘෂ්ඨ වල ලාක්ෂණික ලක්ෂණ
8. ශ්වසන පෘශ්ඨ වල ලක්ෂණ සදහන් කර එය එසේ පැවතීමට හේතු සඳහන් කරන්න.
-
- තෙත්ව හා වායු වලට පාරගම්‍යව පැවතීමට – වායු වලට ද්‍රාවණය වීමෙන් ගමන් කල හැකිය
- ඉතා තුනී පෘශ්ඨයක් විය යුතුය – කාර්යක්ශමව විසරණය වන්නේ කෙටි දුරකට පමණි.
- විශාල පෘශ්ඨ ක්ශේස්ත්‍ර ඵලයක් තිබිය යුතුය – ජීවීන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් වායු පරිමාවක් හුවමාරුව කර ගැනීමට සදහා
- හොඳ රුධිර සැපයුමක් තිබිය යුතුය – එමගින් තීව්‍ර විසරණය අනුක්‍රමණයක් පවත්වා ගැනීමට
සතුන්ගේ විවිධ ශ්වසන පෘශ්ඨ
9. පහත දක්වා ඇති ශ්වසන ව්‍යුහ දරණ සතුන් නම් කරන්න.
-
- දේහ පෘශ්ඨ – නිඩාරියාවන්, පැතලි පනුවන්, ගැඩිවිලන්
- බාහිර ජලක්ලෝම – කරදිය ඇනලීඩාවන්,
- අභ්‍යන්තර ජලක්ලෝම – ඉස්සා, මත්ස්‍යයන් කූනිස්සන්
- ශ්වාස නාල පද්ධතිය – කෘමීන්
- පෙනහැලි – ක්ෂීරපායි (මිනිසා), උරගයින්, පක්ෂීන්
- සම – උභය ජීවීන්
- පත් පෙනහැලි – ගෝනුස්සාන්, මකුළුවන්






