09. ක්ෂුද්‍ර ජීව විද්‍යාව09.01 ක්ෂුද්‍රජීව විවිධත්වය හා ඔවුන් හැසිරවීම9.1.1. ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය හා ස්වභාවය පිළිබඳ ගවේෂණය කරයි.

9.1.1. ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය හා ස්වභාවය පිළිබඳ ගවේෂණය කරයි.

1.ක්ෂුද්‍ර ජීවීන් යනු?

  • ඒකෛකයෙකු ලෙස පැහැදිලිව පියවි ඇසෙන් නිරීක්ෂණය කළ නොහැකි හෝ දෘශ්‍යාධාර නොමැතිව (ඇසට) නොපෙනෙන කුඩා ජීවීන්

 

2.ක්ෂුද්‍රජීවීන්ට අයත් වන කාණ්ඩ කිහිපයක් නම් කරන්න.

  • බැක්ටීරියා
  • ආකියා
  • සයනොබැක්ටීරියා
  • දිලීර
  • ප්‍රොටිස්ටා
  • මයිකොප්ලාස්මා හා ෆයිටොප්ලාස්මා
  • මොලිකියුටයන්
  • වයිරස
  • වයිරොයිඩ
  • ප්‍රියෝන

 

ක්ෂුද්‍රජීවීන්ගේ අන්වීක්ෂීය ස්වභාවය

3.ක්ෂුද්‍රජීවීන්ගේ ප්‍රමාණය දළ වශයෙන්,

  • 1 mm ට වඩා අඩුය.

 

4.ක්ෂුද්‍රජීවීන්ගේ ව්‍යුහමය සංඝටක වල මිනුම් ලබා ගන්නේ,

  • මයික්‍රොමීටර් (µm) හා නැනෝමීටර් (nm) වලිනි.

 

ක්ෂුද්‍රජීවීන්ගේ සාර්වත්‍රික ස්වභාවය

5.ක්ෂුද්‍රජීවීන්ගේ සාර්වත්‍රික ස්වහාවය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

  • ක්ෂුද්‍රජීවීන් පෘථිවිය මත ජලය, වාතය, පස හා ජීවීන්ගේ බාහිර හා අභ්‍යන්තර පෘෂ්ඨවල වැනි සෑම තැනකම ජීවත් වීම.

 

6.ක්ෂුද්‍රජීවීන්ගේ පාරිසරික වැදගත්කම් මොනවා ද?

  • සාගර හා මිරිදිය ජලාශ වල ආහාර දාම පදනම් වී ඇත්තේ සාගර හා මිරිදිය ක්ෂුද්‍රජීවීන් මතය.
  • ප්‍රභාසංශ්ලේෂී ක්ෂුද්‍රජීවීන් ජලජ පරිසරවල ප්‍රාථමික නිෂ්පාදකයින් ලෙස ක්‍රියා කරයි.
  • පසේ සිටින ක්ෂුද්‍රජීවීන් පස, ජලය, වාතය හා ජීවීන් අතර රසායනික මූලද්‍රව්‍ය චක්‍රීකරණය සඳහා දායක වීම.
  • ව්‍යාධිජනක ජෛව එයරොසොල රෝග ව්‍යාප්තියට අවස්ථා ඇතිකරයි.

 

7.ජෛව එයරොසොල යනු,

  • වායුගෝලයේ අවලම්බිතව ඇති ක්ෂුද්‍රජීවීන්ට වායු ධාරා ඔස්සේ දිගු දුරක් ගමන් කර අවක්ෂේප වීමට හැකියාව ඇත. ඒවා ජෛව එයරොසොල නම් වේ.

 

8.ජීවත් වීමට නුසුදුසු ආන්තික පරිසරවල වාසය කරන ක්ෂුද්‍රජීවීන් හඳුන්වන නම කුමක් ද?

  • ආන්තකාමී ක්ෂුද්‍රජීවීන්

 

9.ආන්තකාමී ක්ෂුද්‍රජීවීන් ජීවත් වන පරිසර තත්ත්ව මොනවා ද?

  • පෘථිවි කබොල්ල තුළ
  • ඉහළ පීඩන සහිත ගැඹුරු මුහුදු
  • උච්ච ආම්ලික හා භාස්මික තත්ත්ව
  • ජලතාප මංකඩ විවර
  • මිදුණු මුහුදු ජලය
  • නිර්වායු තත්ත්ව දරන ස්ථානවල

 

10.පහත ක්ෂුද්‍රජීවී ආකාර වලට පැවතිය හැකි ආන්තික තත්ත්වය ඉදිරියෙන් සඳහන් කරන්න.

  • තාපකාමී           – ඉහළ උෂ්ණත්ව
  • ශීතකාමී            – පහළ උෂ්ණත්ව
  • අම්ලකාමී          – ආම්ලික pH තත්ත්ව
  • භස්ම/ ක්ෂාරකාමී – භාස්මික pH තත්ත්ව
  • ලවණකාමී         – NaCl අවශ්‍ය වේ.
  • පීඩකාමී            – අධික පීඩන

 

ක්ෂුද්‍රජීවීන්ගේ අධික වර්ධන වේගය

11.ක්ෂුද්‍රජීවීන්ගේ වර්ධන වේගය හා ප්‍රජනක වේගය ඉහළ වීමට හේතුව කුමක් ද?

  • ඔවුන් ප්‍රමාණයෙන් කුඩා නිසා ඉහළ පෘෂ්ඨික වර්ගඵල/පරිමා අනුපාතය සහිතය. එබැවින් පරිවෘත්තිය වේගය වැඩිය. එබැවින් වර්ධන වේගය වැඩිය.

 

ක්ෂුද්‍රජීවීන්ගේ රූපීය, පෝෂණ හා කායික විද්‍යාත්මක විවිධත්වය

12.බැක්ටීරියාවන්ගේ ප්‍රධාන රූපීය ආකාර කීය ද? ඒ මොනවා ද?

  • 3 කි.
  • දණ්ඩාකාර / බැසිලස
  • ගෝලාකාර / කොකුස
  • සර්පිලාකාර / ස්පිරිල්ලුම්

 

13.කොකුස බැක්ටිරියාවන් පැවතිය හැකි වෙනත් ආකාර මොනවා ද?

  • මොනොකොකුස
  • ඩිප්ලොකොකුස
  • ස්ට්‍රෙප්ටොකොකුස
  • ස්ටැෆිලොකොකුස
  • චතුෂ්ක
  • සාසීනා

 

14.බැසිලස් බැක්ටීරියාවන් පැවතිය හැකි වෙනත් ආකාර මොනවා ද?

  • මොනොබැසිලස
  • ඩිප්ලොබැසිලස
  • ස්ට්‍රෙප්ටොබැසිලස

 

15.සර්පිල බැක්ටීරියා පැවතිය හැකි වෙනත් ආකාර මොනවා ද?

  • විබ්‍රියෝ
  • ස්පිරිල්ලුම්
  • ස්පයිරොකිටා

 

16.සයනොබැක්ටීරියාවන්ගේ හැඩ සහ සැකසීම් විවිධත්වය මූලිකවම බෙදෙන කාණ්ඩ 2 මොනවා ද?

  • ඒකසෛලික හා ඝනාවාස

 

17.බහුසෛලික සයනොබැක්ටීරියා හමුවන ආකාර මොනවා ද?

  • සූත්‍රිකාකාර
  • සූත්‍රිකාකාර නොවන

 

18.එම එක් එක් ආකාර පවතින ස්වභාවයන් මොනවා ද?

  • සූත්‍රිකාකාර විට – දාම ලෙස
  • සූත්‍රිකාකාර නොවන විට – ගෝලාකාර, ඝනාභ, චතුරශ්‍රාකාර හා අක්‍රමවත් හැඩ ආකාරයෙන් ගොනු හෝ ඝනාවාස ලෙස

 

19.වයිරස දක්වන සමමිතික ආකාර 2 මොනවා ද?

  • icosahedron – අයිකොසාහිඩ්‍රන්
  • helical – හෙලිකල්

 

20.එසේ වර්ග කිරීමට නිර්ණායකය කුමක් ද?

  • වයිරසවල කැප්සිඩවල නිර්මාණය මත.

 

21.දිලීර වල රූපීය විවිධත්වය බෙදෙන ප්‍රධාන ආකාර දෙක කුමක් ද?

  • ඒකසෛලික හා බහුසෛලික

 

22.මයිසිලියම යනු කුමක් ද?

  • සූත්‍රිකා ලෙස හඳුන්වන සියුම් නාලාකාර, ශාඛනය වූ දිගු නූල් වැනි මහේක්ෂීය ගොනු එක්ව ගත් කළ මයිසිලියම නම් වේ. මෙම සූත්‍රිකා සාවාර හෝ නිරාවාර විය හැකිය.

 

23.ප්‍රියෝන යනු මොනවා ද?

  • ආසාදක කුඩා ප්‍රෝටීනමය අංශු

 

24.බැක්ටීරියාවන් අතර දක්නට ලැබෙන ප්‍රධාන පෝෂණ  ආකාර 4 මොනවා ද?

  • රසායනික ස්වයංපෝෂී
  • රසායනික විෂමපෝෂී
  • ප්‍රභා ස්වයංපෝෂී
  • ප්‍රභා විෂමපෝෂී

 

25.එසේ වර්ග කිරීමට යොදා ගත් නිර්ණායක මොනවා ද?

  • කාබන් ප්‍රභවය අකාබනික කාබන් නම් ස්වයංපෝෂී ලෙසත්, කාබනික කාබන් නම් විෂමපෝෂී ලෙසත්,
  • ශක්ති ප්‍රභවය සූර්‍යාලෝකය/ආලෝකය නම් ප්‍රභා ලෙසත්, අකාබනික/කාබනික රසායන ද්‍රව්‍ය නම් රසායනික ලෙසත් ය.

 

26.කාබන් ප්‍රභවය ලෙස අකාබනික කාබන් යොදා ගන්නා ජීවීන් බහුලවම භාවිතයට ගන්නා සං‍යෝගය කුමක් ද?

  • (CO2) කාබන්ඩයොක්සයිඩ්

 

27.එම එක් එක් කාණ්ඩ වලට උදාහරණ දක්වන්න.

  • රසායනික ස්වයංපෝෂී – Nitrobacter, Nitrosomonas, Thiobacillus thiooxidans
  • රසායනික විෂමපෝෂී  – Pseudomonas sp. , Acetobacter sp. , ඇතුළු බොහෝ බැක්ටීරියා
  • ප්‍රභා ස්වයංපෝෂී       – දම් සල්ෆර් බැක්ටීරියා, හරිත සල්ෆර් බැක්ටීරියා
  • ප්‍රභා විෂමපෝෂී        – දම් සල්ෆර් නොවන බැක්ටීරියා

 

28.ඔක්සිජන් ධාරණය කරගැනීමේ හැකියාව මත බැක්ටීරියාවෝ බෙදෙන කාණ්ඩ 4 මොනවා ද?

  • අනිවාර්ය ස්වායු
  • අනිවාර්ය නිර්වායු
  • වෛකල්පිත නිර්වායු
  • ක්ෂුද්‍රවාතකාමි

 

29.එම පළමු කාණ්ඩ තුනෙහි ජීවීන් තමාට අවශ්‍ය ශක්තිය නිපදවාගන්නා ආකාරය ලියන්න.

  • අනිවාර්ය ස්වායු ජීවින්  – O2 ඇතිවිට පමණක් ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණයෙන්                           
  • අනිවාර්ය නිර්වායු ජීවින්පැසීම මඟින් පමණක් (O2 සහිත විට පැවතිය නොහැක.)
  • වෛකල්පිත නිර්වායු   – O2 ඇතිවිට ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණයෙන් හා O2 නැතිවිට පැසීම මඟින්

 

30.එම එක් එක් කාණ්ඩ වලට උදාහරණ දෙන්න.

    • අනිවාර්ය ස්වායු – Acetobacter sp.
    • අනිවාර්ය නිර්වායුClostridium sp.
    • වෛකල්පිත නිර්වායුEscherichia coli, Saccharomyces sp.
    • ක්ෂුද්‍රවාතකාමිLactobacillus sp.

 

31.වායුගෝලීය Nතිර කරන ආකාරය මත ක්ෂුද්‍රජීවීන් වර්ග කරන කාණ්ඩ මොනවාද? උදාහරණ දෙන්න.

  • නිදහස්වාසී ලෙස – Azotobacter sp. , Clostridium sp. , Nostoc
  • සහජීවී ලෙස – Rhizobium sp. (රනිල ශාක මූලගැටිති සමඟ)
                     Anabaena (Azolla sp.  සමඟ)

 

32.කොකුස බැක්ටීරියා ආකාර අතරින් එකම තලයක සෛල විභාජනය වන ආකාර මොනවා ද?

  • මොනොකොකුස
  • ඩිප්ලොකොකුස
  • ස්ට්‍රෙප්ටොකොකුස

 

33.ඉහත ඔබ සඳහන් නොකළ කොකුස බැක්ටීරියා ආකාර වල සෛල විභාජනය වන තල ගණන දක්වන්න.

  • චතුෂ්ක – තල 2
  • සාසීනා – තල 3
  • ස්ටැෆිලොකොකුස – බහුතලීය (තල ගණනාවක් ඔස්සේ විහාජනය වේ.)

 

34.බැසිලස බැක්ටීරියා වල සෛල විභාජනය වන්නේ කුමන අක්ෂය ඔස්සේ ද?

  • කෙටි අක්ෂය හරහා පමණි.

 

35.සර්පිල බැක්ටීරියාවන්ගේ ස්පිරිල්ලුම් හා ස්පයිරොකීටා ආකාර අතර වෙනස කුමක් ද?

  • ස්පිරිල්ලුම් බැක්ටීරියා කස්කුරුප්පු ආකාර දෘඪ දේහයකින් යුක්ත වන අතර, ස්පයිරොකිටා ආකාර බැක්ටීරියා නම්‍යශීලීය.

 

36.බැක්ටීරියාවන්ගේ ප්‍රජනන ආකාර මොනවා ද?

  • අලිංගික ලෙස – ද්විඛණ්ඩනය (බොහෝවිට), කඩ කඩ වීම හෝ අංකුරණය (කලාතුරකින්)
  • ලිංගික ලෙස – සං‍යුග්මනය නම් ක්‍රියාවලිය මඟින් ප්‍රවේණික ද්‍රව්‍ය කොටස්  හුවමාරු කරගැනීම.

 

37.සයනොබැක්ටිරියාවන්ගේ ලාක්ෂණික වර්ණය කුමක් ද?

  • නිල් කොළ (cyan)

 

38.සයනොබැක්ටීරියා දක්වන හැඩ ආකාර මොනවා ද?

  • ඒකසෛලික – නානු මඟින් එක්ව බැඳී පවතී
  • බහුසෛලික ඝනාවාස
                      – සූත්‍රිකාමය (දාම හෝ නූල් වැනි)
                      – සූත්‍රිකාමය නොවන (ගෝලාකාර, ඝනාභ,චතුරශ්‍රාකාර, අක්‍රමවත්)

 

39.එවැනි හැඩ ආකාර වලට උදාහරණ දෙන්න.

  • ඒකසෛලික – Microsistics
  • බහුසෛලික ඝනාවාස – Anabaena, Nostoc

 

40.සයනොබැක්ටීරියා සහ හරිත ශාක අතර දක්නට ලැබෙන ප්‍රධාන සමානකමක් දක්වන්න.

  • ප්‍රභාසංශ්ලේෂී වීම.

 

41.සයනොබැක්ටීරියා වායුගෝලීය නයිට්‍රජන් තිරකිරීමට යොදාගන්නා ව්‍යුහය කුමක් ද? එහි සෛල බිත්තියේ දක්නට ලැබෙන ප්‍රධාන  ව්‍යූහාත්මක ලක්ෂණය හා එයට හේතුව දක්වන්න.

  • හෙටරොසිස්ට
  • ඝන සෛල බිත්ති දැරීම – හෙටරොසිස්ට තුළ ඇති නයිට්‍රජනේස් එන්සයිමය ඔක්සිජන් වායුවට සංවේදී වන බැවින් ජලයෙන්, වාතයෙන් හෝ අසල්වැසි ප්‍රභාසංශ්ලේෂී සෛලවලින් ඔක්සිජන් තම සෛලයට විසරණය වීම වැළැක්වීමට.

 

42.සයනොබැක්ටීරියා කාලතරණය සඳහා යොදාගන්නා ව්‍යුහය කුමක් ද?

  • එකයිනිට බීජාණු

 

43.සයනොබැක්ටීරියාවන්ගේ ප්‍රජනන ආකාර දක්වන්න.

  • අලිංගික ප්‍රජනනය පමණි
           – සරල සෛල විභාජනය (ඒකසෛලික හා ඝනාවාසී සූත්‍රිකාමය නොවන ආකාර : Oscillatoria)
           – කඩ කඩ වීම (ඝනාවාසී සූත්‍රිකාකාර හා ඝනාවාසී ඒකසෛලික ආකාර)

 

44.එකයිනිට බීජාණුවල ලක්ෂණ 4 ක් ලියන්න.

  • සංචිත ආහාර ඇත.
  • ඝන බිත්ති සහිත අක්‍රිය බීජාණු ආකාරයකි.
  • නියඟයට හා අධික උෂ්ණත්ව වලට ප්‍රතිරෝධී වේ.
  • වර්ධක සෛල වියළී ගියද අහිතකර පාරිසරික තත්ත්ව වලදී නොනැසී පැවතීමේ හැකියාව ඇත.

 

45.බහුසෛලික සූත්‍රිකාමය දිලීර වල දක්නට ලැබෙන ‘ආවාර’ යනු කුමක් ද?

  • දිලීර සූත්‍රිකා, කැපී පෙනෙන ඒකන්‍යෂ්ටික සෛල ආකාර ඒකකවලට බෙදන හරස් බිත්ති වේ.

 

46.ආවාර නොදරන දිලීර සූත්‍රිකා හඳුන්වන නම කුමක් ද?

  • සංසෛලික දිලීර සූත්‍රිකා / නිරාවාර දිලීර සූත්‍රිකා

 

47.පාන් හා පලතුරු මත ඇතිවන පුළුන් ආකාර වර්ධනයන් ඇතිවන්නේ කුමක් මඟින් ද?

  • පුස් වර්ග වල මයිසිලියම් මඟින්

 

48.දිලීර වල පෝෂණ ක්‍රමය කුමක් ද?

  • රසායනික විෂමපෝෂී අවශෝෂණ පෝෂණ ක්‍රමය
          – මෘතෝපජීවී (බහුලවම)
          – පරපෝෂී (සීමිතව)
          – අන්‍යෝන්‍යාධාරය (සීමිතව)

 

49.දිලීර මඟින් අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය චක්‍රීකරණය සිදුකරන්නේ කෙසේ ද?

  • දිලීර මගින් එන්සයිම ස්‍රාවය කර මියගිය ශාක ද්‍රව්‍ය වියෝජනය කිරීම මඟින්

 

50.දිලීර වල ප්‍රජනනය සිදුවන්නේ කෙසේ ද?

  • අලිංගික ප්‍රජනනය – ඛණ්ඩනය, අංකුරණය, අලිංගික බීජාණු
  • ලිංගික ප්‍රජනනය  – ලිංගික බීජාණු

 

51.ඒකසෛලික ප්‍රොටිස්ටාවන්ගේ රූපාකාරය කුමක් ද?

  • බහුරූපී වේ. තනි තනිව හෝ ඝනාවාසී ලෙස පවතී. සමහර ප්‍රොටිස්ටාවන් එකට සම්බන්ධ වී සූත්‍රිකා සාදයි.

 

52.ඒකසෛලික ප්‍රොටිස්ටාවන් දරන සංචරණ ව්‍යුහ මොනවා ද?

  • ව්‍යාජ පාද, පක්ෂ්ම, කශිකා

 

53.ප්‍රොටිස්ටාවන් අතර හමුවන පෝෂණ ක්‍රම මොනවා ද?

  • ප්‍රභා ස්වයංපෝෂී
  • විෂමපෝෂී
  • මිශ්‍රපෝෂී

 

54.ප්‍රොටිස්ටාවන් අතර හමුවන ශ්වසන ආකාර මොනවා ද?

  • ස්වායූ
  • නිර්වායු
  • වෛකල්පිත නිර්වායු

 

55.සහජීවී අන්තර්ක්‍රියා වලට දායක වන ප්‍රොටිස්ටාවන් නම් කරන්න.

  • සමහර ඇල්ගී 

 

56.ප්‍රොටිස්ටාවන්ගේ ප්‍රජනන ආකාර දක්වන්න.

  • ජන්මාණු නිපදවීම මඟින් ලිංගිකව ද,
  • ඛණ්ඩනය මඟින් අලිංගිකව ද ප්‍රජනනය කරයි.

 

57.මොලිකියුටයින් යටතට ගැනෙන ක්ෂුද්‍රජීවීන් නම් කරන්න.

  • මයිකොප්ලාස්මා
  • ෆයිටොප්ලාස්මා

 

58.මොවුන් අයත් වන අධිරාජධානිය සහ ඔවුන්ගේ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණය කුමක් ද?

  • බැක්ටීරියා අධිරාජධානිය
  • සෛල බිත්ති නොමැති වීම.

 

59.මොලිකියුටයන් අතරින් කුඩාම ප්‍රාග්න්‍යෂ්ටික කාණ්ඩය කවුරුන් ද?

  • මයිකොප්ලාස්මා

 

60.මොලිකියුටයින් සඳහා පොදු ලක්ෂණ සඳහන් කරන්න.

  • සෛල බිත්ති නොමැත.
  • බහුරූපීය, ගෝලාකාර සිට සූත්‍රිකාකාර දක්වා හැඩයෙන් විවිධ වේ.
  • ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ නොහැක.
  • අංකුරණයෙන් හා ද්විඛණ්ඩනයෙන් ප්‍රජනනය කරයි.
  • බීජාණු නොසාදයි.
  • ස්වායු හෝ වෛකල්පිත නිර්වායු වේ.

 

61.මයිකොප්ලාස්මාවන් හා ෆයිටොප්ලාස්මාවන් අතර දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කම කුමක් ද?

  • මයිකොප්ලාස්මාවන් මානවයා සහ සතුන් තුළ පරපෝෂිතයන් වේ. ෆයිටොප්ලාස්මාවන් ආසාදනය කරන්නේ ශාක පමණි.

 

62.මයිකොප්ලාස්මාවන්ගේ සහ සයනොබැක්ටීරියාවන්ගේ සංචරණයට අදාළ සමානකම කුමක් ද?

  • කෂිකා නොදැරීම.

 

63.මොලිකියුටයන් අතරින් වර්ධනය වීමට කාබනික වර්ධක සාධක විශාල වශයෙන් අවශ්‍ය වන්නේ කුමන කාණ්ඩයට ද?

  • මයිකොප්ලාස්මාවන්ට

 

64.ෆයිටොප්ලාස්මාවන් සාමාන්‍යයෙන් හමුවන්නේ කොහිදී ද? ඔවුන් සම්ප්‍රේෂණය වන්නේ කෙසේ ද? ඔවුන් ප්‍රජනනය සිදු කරන්නේ කුමන ස්ථාන වල ද?

  • ෆ්ලෝයම යුෂයේ
  • පත්‍ර කීඩෑවන් මඟින් (leafhoppers) මඟින් සම්ප්‍රේෂණය වේ.
  • පත්‍ර කීඩෑවන් තුළ හා ශාක දේහ තුළ ප්‍රජනනය කරයි.

 

65.වයිරස ‘ජීවීන්’ ලෙස හඳුන්වනු නොලැබීමට හේතුව කුමක් ද?

  • ඔවුන් ප්‍රාග්න්‍යෂ්ටික හෝ සූන්‍යෂ්ටික හෝ නොවන අතර කිසිදු ආකාරයක සෛලීය සංවිධානයක් නොපෙන්වයි.
  • ජීවිධාරක සෛල වලින් බැහැරව කිසිම පරිවෘත්තිජ ක්‍රියා හෝ ප්‍රජනනය සිදු නොකරයි.

 

66.වයිරස ලාක්ෂණික ජීවී ගතිගුණ පෙන්වන්නේ කුමන අවස්ථාවේදී ද?

  • ධාරක සෛලයකට ඇතුළු වූ විට ගුණනය වී පරිවෘත්තික පථ මඟින් ආසාදනය සිදුකර ලාක්ෂණික ජීවී ගතිගුණ පෙන්වයි.

 

67.වයිරස වල පෝෂණ ක්‍රමය කුමක්ද? එසේ හැඳින්වීමට හේතුව කුමක් ද?

  • අනිවාර්ය පරපෝෂී
  • හේතුව – වයිරස ජීවී ධාරක සෛල තුළ පමණක් ගුණනය වීම.

 

68.“වයිරස නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණි” ඉහත වාක්‍යයේ සත්‍ය අසත්‍යතාව දක්වන්න.

  • සත්‍ය වේ. වයිරස ඉතා කුඩා, සරල ව්‍යුහ දරන ජීවීන් වේ. ප්‍රමාණය දළ වශයෙන් 20 nm – 400 nm අතර වේ.

 

69.වයිරස වල  ව්‍යූහය කෙටියෙන් විස්තර කරන්න.

  • න්‍යෂ්ටික අම්ල දරන මධ්‍ය හරයකින් හා කැප්සොමියර ලෙස හඳුන්වන නිශ්චිත වූ ප්‍රෝටීන් උප ඒකක ගණනකින් තැනුන කැප්සිඩය ලෙස හැඳින්වෙන ප්‍රෝටීනමය ආවරණයකින් සමන්විත වේ.

 

70.වයිරස වල ප්‍රවේණික ද්‍රව්‍ය ලෙස පවතින්නේ මොනවා ද?

  • DNA හෝ RNA

 

71.වයිරස වල ප්‍රෝටීන සංස්ලේෂණය සිදුකරගන්නේ කෙසේ ද?

  • ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා අවශ්‍ය එන්සයිම හෝ අතිරේක RNA වැනි දේවල් හා ප්‍රෝටීන සංස්ලේෂක යාන්ත්‍රණයක් නොමැති බැවින් වයිරස ධාරක සෛලවල ප්‍රෝටීන සංස්ලේෂක යාන්ත්‍රණ මත රඳා පවතී.

 

72.RNA සහිත වයිරස වල ඇති එන්සයිමය කුමක් ද?

  • රිවස් ට්‍රාන්ස්ක්‍රිප්ටේස්

 

73.එම එන්සයිමයේ කෘත්‍ය කුමක් ද?

  • RNA වලින් DNA ප්‍රතිවර්තී ප්‍රතිලේඛනය කිරීම

 

74.වයිරස වල මූලික සමමිතික ආකාර 2 මොනවා ද?

  • Icosahedron – අයිකොසාහිඩ්‍රන්
  • Helical – හෙලිකල්

 

75.එම සමමිතික ආකාර 2 මත පදනම්ව වයිරස පෙන්වන ප්‍රධාන රූපීය ආකාර 4 මොනවා ද?

  • හෙලික්සීය (helical)
  • බහුතල (polyhedron/ icosahedron)
  • සංකීර්ණ (complex)
  • ආවරිත (enveloped)

 

76.එම එක් එක් වයිරස ආකාර වල විශේෂ ලක්ෂණ සඳහන් කරන්න.

  • හෙලිකල් – දිගු, නම්‍යශීලී හෝ දෘඪ දණ්ඩකි.
  • බහුතල – අයිකොසාහිඩ්‍රන් සමමිතිය දරයි.
  • සංකීර්ණ – අතිරේක ව්‍යූහ සමඟ එක් ආකාරයකට වඩා වැඩි ගණනක් සමමිති පෙන්වයි.
  • ආවරිත – දළ වශයෙන් ගෝලාකාරය. කැප්සිඩය ආවරණයකින් වට වී ඇත.

 

77.එම එක් එක් වයිරස සඳහා උදාහරණ දෙන්න.

  • හෙලිකල් – ජලභීතිකා වයිරස
  • බහුතල   – ඇඩිනෝ වයිරස
  • සංකීර්ණ – බැක්ටීරියා භක්ෂක වයිරස
  • ආවරිත   – හර්පීස් සිම්ප්ලෙක්ස් වයිරස

 

78.බැක්ටීරියා භක්ෂක වයිරස යනු මොනවා ද?

  • බැක්ටීරියාවන් ආසාදනය කරමින් ගුණනය වන දර්ශීය වයිරස් කාණ්ඩයකි.

 

79.බැක්ටීරියා භක්ෂක වයිරස ගුණනය වීමට උපයෝගී කරගන්නා යාන්ත්‍රණ 2 මොනවා ද?

  • ව්‍යංශජනක චක්‍රය
  • ජාරක චක්‍රය

 

80.එම යාන්ත්‍රණ දෙකෙහි ප්‍රධාන වෙනස්කම කුමක් ද?

  • ජාරක චක්‍රය මඟින් ධාරක සෛල ජාරණය කරමින් ගුණනය වන අතර, ව්‍යංශජනක චක්‍රයේදී ධාරක සෛලය ජාරණය කිරීමකින් තොරව වයිරස වල DNA, ධාරක සෛලයේ DNA බවට සංස්ථානගත කෙරේ.

 

81.බැක්ටීරියා භක්ෂකයෙකුගේ ජාරක ජීවන චක්‍රයේ පියවර මොනවා ද?

  1. සම්බන්ධ වීම.
  2. විනිවිද යෑම.
  3. ජෛව සංස්ලේෂණය.
  4. පරිණතිය හා සමූහනය.
  5. නිදහස් වීම.

 

82.එහි 2, 3, හා 4 පියවර වලදී සිදුවන්නේ කුමක් ද?

  • 2) විනිවිද යෑම – බැක්ටීරියා සෛලයේ ගැළපෙන ප්‍රතිග්‍රාහක ස්ථානයකට වයිරසය සම්බන්ධ වීමෙන් පසු වයිරසය, බැක්ටීරියා සෛලය තුළට DNA නික්ෂේප කරයි. මෙහිදී බැක්ටීරියා සෛල බිත්ති බිඳ දමන එන්සයිමයකින් මෙම ක්‍රියාවලිය පහසු වේ.
  • 3) ජෛව සංස්ලේෂණය – ධාරක සම්පත් භාවිතා කර ධාරක සෛල ප්ලාස්මය තුළ වයිරස DNA හා ප්‍රෝටීන් ජෛව සංස්ලේෂණය කිරීමයි.
  • 4) පරිණතිය හා සමූහනය – වයිරස DNA හා ප්‍රෝටීන සංස්ලේෂණය සිදු වූ පසු සම්පූර්ණ වයිරස් අංශු සෑදීම සඳහා DNA හා ප්‍රෝටීන් කැප්සිඩ සමූහනය වීම සිදුවේ.

 

83.ධාරක සෛල වල DNA බිඳ වැටීම උත්තේජනය කිරීම ඇතුළත් වන්නේ කුමන පියවරට ද?

  • ජෛව සංස්ලේෂණය

 

84.බැක්ටීරියා සෛල බිත්ති කැඩී විවෘත වීම (ජාරණය) ඇතුළත් වන්නේ කුමන පියවරට ද?

  • නිදහස් වීම

 

85.වයිරොයිඩ යනු?

  • ආරක්ෂක ප්‍රෝටීන ආවරණයකින් වට නොවූ කුඩා නග්න RNA කොටසකි.

 

86.වයිරොයිඩ ගුණනය වන්නේ කෙසේ ද?

  • ධාරක සම්පත් හාවිතා කරමින් ජීවිධාරක සෛල තුළදී පමණක් ගුණනය වේ. කිසිදු ආකාරයක ජාන අන්තර්ගත නොවේ. තම ගුණනය සඳහා අවශ්‍ය සංඥා පමණක් දරා සිටියි.

 

87.වයිරොයිඩ මඟින් ආසාදනය වන්නේ මොනවා ද?

  • ශාක ආසාදනය කරන අතර මේ දක්වා වෙනත් ජීවි ආකාර ආසාදනයක් පිළිබඳ වාර්තා නොවේ.

 

88.ප්‍රියෝන යනු මොනවා ද?

  • වයිරස් වලට වඩා කුඩා, ප්‍රෝටීනමය ආසාදක කුඩා අංශු

 

89.ප්‍රියෝන වලට න්‍යෂ්ටික අම්ල රහිතය. ඔවුන් ප්‍රතිවලිත වන්නේ කෙසේ ද?

  • ප්‍රියෝන ප්‍රෝටීන සඳහා කේතය සපයන ධාරක සෛලවල උපකාරයෙන් ඒවාට ප්‍රතිවලිත විය හැකිය.

 

90.ප්‍රියෝන රෝගකාරක ලෙස හමුවන්නේ කුමන වර්ගවල (class) ජීවීන් තුළ ද?

  • ආවේස්
  • මැමේලියා

 

91.ප්‍රියෝන මඟින් ඇතිවන රෝග බලපාන්නේ ජීවීන්ගේ කුමන පද්ධතියට ද?

  • ස්නායු පද්ධතියට

 

92.ප්‍රියෝන මඟින් ඇතිවන රෝග වලට උදාහරණ මොනවා ද?

  • TSE – මොළයේ විශාල රික්තක ඇතිවීම නිසා එහි ස්පන්ජිමය ස්වරූපයක් ඇතිවීම
  • උමතු ගව රෝගය – ප්‍රියෝන මඟින් ගවයින්ට ඇතිකරන රෝගයකි
  • CJD – ප්‍රියෝන මඟින් මිනිසාට ඇති කරන රෝගයකි

 

93.ඉහත රෝග මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන්නේ කෙසේ ද?

  • ආසාදිත අවයව බද්ධ කිරීමේදී
  • ආසාදිත රුධිරය පාරවිලයනය කිරීමේදී

 

94.ගවයින්ගෙන් මිනිසාට ආසාදනය විය හැකි, ප්‍රියෝන මඟින් සම්ප්‍රේෂණය වන රෝගයක් නම් කරන්න.

  • TSE

 

 

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom