විද්‍යා අංශයජීව විද්‍යාව5.3.4 - සත්තව රාජධානියේ ශ්වසන ව්‍යුහ වල විවිධත්වය

5.3.4 – සත්තව රාජධානියේ ශ්වසන ව්‍යුහ වල විවිධත්වය

 

සතුන්ගේ වායු හුවමාරුව

1. සතුන්ගේ ශ්වසන වායු හුවමාරු වන අක්‍රිය පරිවහන ආකාරය කුමක්ද?

    • සරල විසරණය

 

සතුන්ගේ ශ්වසන වායු වල අවශ්‍යතාව හා විවිධ සතුන්ගේ ශ්වසන වායූන් ගේ අවශ්‍යතාවයේ පරිණාමය

2. සෑම දේහ සෛලයක්ම බාහිර පරිසරය සමග ප්‍රමාණවත් තරම් සමීප වන සරල සතුන් කවුද?

    • නිඩාරියා
    • පැතලි පණුවා

 

3. සරල විසරණය මගින් දේහ පෘෂ්ඨ හරහා සිදුකර ගන්නා වායු හුවමාරුව එම සතුන්ට ප්‍රමාණවත් වන්නේ ඇයි?

    • සරල දේහ ස්වරුපයක් තිබීම, ශක්ති අවශ්‍යතාව අවම වීම.

 

4. විශාල දේහ දරන සතුන්ගේ ශක්ති අවශ්‍යතාව අධික වීමත් දේහ ස්වරුපය සංකීර්ණ වීමත් නිසා වායු හුවමාරුව කාර්යක්ශමව සිදු කිරීමට අපොහොසත් වන්නේ ඇයි?

    • දේහ සෛල වලින් වැඩි ප්‍රමාණයක් ම බාහිර පරිසරය සමග සෘජුවම නොගැටීම දේහ පෘශ්ඨ හරහා සිදුවන වායු හුවමාරුවට ප්‍රමාණවත් නොවීමයි.

 

5. සතුන්ගේ දේහ තරම හා සංකීර්ණත්වය වැඩිවත්ම පෘශ්ඨ/ පරිමා අනුපාතයට වන්නේ කුමක්ද?

    • අඩුවේ.

 

6. කාර්යක්ශම වායු හුවමාරුවකට විශාල පෘෂ්ඨ ක්ෂේත්‍ර ඵලයක් ලබාදීමට හැකිවන පරිදි ශ්වසන පෘශ්ඨ පරිණාමය වී ඇත්තේ කෙසේද?

    • නැමීම් හා ශාඛනය වීම් සහිතව ශ්වසන පෘෂ්ඨ පරිණාමය වී ඇත.

 

7. ජලයේදී හා වාතයේ දී කාර්යක්ශමව O2 ලබාගැනීමට පරිණාමය වී ඇති ශ්වසන පෘශ්ඨ මොනවාද?

    • ජලයේ – ජලක්ලෝම
    • වාතයේ – ශ්වාස නාල හා පෙනහැලි වැනි ශ්වසන පෘෂ්ඨ

 

ශ්වසන පෘෂ්ඨ වල ලාක්ෂණික ලක්ෂණ

8. ශ්වසන පෘශ්ඨ වල ලක්ෂණ සදහන් කර එය එසේ පැවතීමට හේතු සඳහන් කරන්න.

    • තෙත්ව හා වායු වලට පාරගම්‍යව පැවතීමට – වායු වලට ද්‍රාවණය වීමෙන් ගමන් කල හැකිය
    • ඉතා තුනී පෘශ්ඨයක් විය යුතුය – කාර්යක්ශමව විසරණය වන්නේ කෙටි දුරකට පමණි.
    • විශාල පෘශ්ඨ ක්ශේස්ත්‍ර ඵලයක් තිබිය යුතුය – ජීවීන්ගේ අවශ්‍යතාවයට ප්‍රමාණවත් වායු පරිමාවක් හුවමාරුව කර ගැනීමට සදහා
    • හොඳ රුධිර සැපයුමක් තිබිය යුතුය – එමගින් තීව්‍ර විසරණය අනුක්‍රමණයක් පවත්වා ගැනීමට

 

සතුන්ගේ විවිධ ශ්වසන පෘශ්ඨ

9. පහත දක්වා ඇති ශ්වසන ව්‍යුහ දරණ සතුන් නම් කරන්න.

    • දේහ පෘශ්ඨ – නිඩාරියාවන්, පැතලි පනුවන්, ගැඩිවිලන්
    • බාහිර ජලක්ලෝම – කරදිය ඇනලීඩාවන්,
    • අභ්‍යන්තර ජලක්ලෝම – ඉස්සා, මත්ස්‍යයන් කූනිස්සන්
    • ශ්වාස නාල පද්ධතිය – කෘමීන්
    • පෙනහැලි – ක්ෂීරපායි (මිනිසා), උරගයින්, පක්ෂීන්
    • සම – උභය ජීවීන්
    • පත් පෙනහැලි – ගෝනුස්සාන්, මකුළුවන්

Unit 5-3: Phylum Platyhelminthes – Webquest Notes – The Biology Classroom

How Does A Lungfish Breathe

PPT - Gas Exchange PowerPoint Presentation, free download - ID:9638668

Reptiles Gas Exchange

Nasidoe 🌺 on Twitter: "Insects do breath, they just dont have lungs or a  central respiratory system. Instead they have regularly spaced holes in  their exoskeleton called spiracles. These spiracles feed to

arachnid

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet