No menu items!
ජීව විද්‍යාව5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය5.5.1 - ජිවින්ගේ පරිවෘත්තිය හා බහිස්‍රාවී ද්‍රව්‍ය අතර සම්බන්ධතාව

5.5.1 – ජිවින්ගේ පරිවෘත්තිය හා බහිස්‍රාවී ද්‍රව්‍ය අතර සම්බන්ධතාව

 

ආස්‍රැති විධානය හා බහිස්‍රාවයේ අවශ්‍යතාව හා වැදගත්කම

1. ආස්‍රැති විධානය යනු කුමක්ද?

    • ජීවියකුගේ දේහය තුළ ද්‍රාව්‍ය සාන්ද්‍රණය හා ජල තුල්‍යතාව පාලනය කරන ක්‍රියාවලියයි.

 

2. බහිස්‍රාවය යනු කුමක්ද?

    • ජීවී දේහය තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල ලෙස හටගන්නා නයිට්‍රජනීය හා වෙනත් පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලියයි.

 

3. ආස්‍රැති විධානය සඳහා සංකෝචක රික්තක භාවිතා කරන ඵ්කසෛලික ජීවීන් දෙදෙනෙක් නම් කරන්න.

    • Amoeba
    • Paramecium

 

4. ආස්‍රැති විධානයේ අවශ්‍යතාව හා වැදගත්කම පැහැදිලි කරන්න.

    • සතුන්ගේ පැවැත්මටත්, කාර්යක්ෂම දේහ ක්‍රියාකාරීත්වයටත් දේහ අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගත යුතුය.
    • මේ නිසා සතුන්ගේ දේහ තරලවල රසායනික සංයුතිය යාමනය කර ගැනීමට ජලය හා ද්‍රව්‍ය දේහයට ලබා ගැනීමත්, දේහයෙන් බැහැර කිරීමත් තුළනය කළ යුතුය.
    • වැඩිපුර ජලය ඇතුළු වීමෙන් සත්ත්ව සෛල ඉදිමීමට හා පුපුරා යාමට ලක්වේ.
    • වැඩි ජල ප්‍රමාණයක් සෛලයෙන් හානි වුවහොත් සත්ත්ව සෛල හැකිලීමට ලක්ව අවසානයේ මියයයි.
    • සත්ත්ව සෛල හා ශාක සෛලවල ජල හානිය මෙහෙයවන බලය සැපයෙන්නේ සෛල පටලය හරහා ඇති ද්‍රාව්‍ය සාන්ද්‍රණ අනුක්‍රමණය මඟිනි.
    • මේ නිසා සතුන්ට නොනැසී පැවැත්මට ඔවුන් ජීවත්වන පරිසරය මත රඳා පවතින විවිධ ආස්‍රැති විධාන උපක්‍රම ඇත.

 

5. බහිස්‍රාවයේ අවශ්‍යතාව හා වැදගත්කම පහදන්න.

    • සතුන්ගේ දේහ අභ්‍යන්තර පරිසරයේ සංයුතිය ආරක්ෂා කර ගැනීමට පරිවෘත්තියේදී නිපදවෙන විෂ සහිත අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කළ යුතුය.
    • එසේ නොවූ විට එම අපද්‍රව්‍ය දේහ සෛලවලට විෂ සහිත වේ.

          උදා:- දේහ සෛල තුළ පරිවෘත්තියේදී ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල බිඳවැටී සෑදෙන ඇමයින් කාණ්ඩය සිරුරට අධික විෂ සහිත ඇමෝනියා බවට පරිවර්තනය වේ. එය දුබල භෂ්මයක් ලෙස ක්‍රියාකරයි.

          ග්ලූකෝස් පරිවෘත්තයේදී දුබල අම්ලයක් වන CO2 නිදහස් වේ.

    • මෙම දුබල අම්ල භෂ්ම දේහ අභ්‍යන්තර පරිසරයේ ඒකරාශී වීමෙන් ප්‍රෝටීන දුස්වාභාවීකරණය වැනි අයහපත් බලපෑම් ඇතිවේ.
    • එම නිසා පැවැත්මට හා කාර්යක්ෂම දේහ ක්‍රියාකාරිත්වයක් සඳහා පරිවෘත්තීය අපද්‍රව්‍ය දේහයෙන් බැහැර කිරීම අත්‍යාවශ්‍ය වේ.

 

පරිවෘත්තීය උපස්ථර හා බහිස්‍රාවී ඵල අතර ඇති සබඳතාව.

6. සෛල තුළ පරිවෘත්තියට ලක් කරන උපස්ථර මොනවාද?

    • කාබෝහයිඩ්‍රේට
    • ප්‍රෝටීන
    • මේදය
    • න්‍යෂ්ටික අම්ල

 

7. එකී උපස්‍ථර මඟින් නිපදවන බහිස්‍රාවී ඵල කුමන සාධක මත රඳා පවති ද?

    • රසායනික ව්‍යූහය හා සං‍යුතිය
    • එන්සයිම වල සුලබතාව
    • උපස්ථර වල සුලබතාව
    • ඔක්සිජන් සුලබතාව
    • සතුන් ජීවත් වන පරිසරය

 

8. ඔක්සිජන් සුලබතාවය මත සතුන්ගේ කාබෝහයිඩ්‍රේට පරිවෘත්තියේ බහිස්‍රාවී අන්තඵල රඳා පවතින ආකාරය විස්තර කරන්න.

    • O2 පවතින විට,

            දේහ සෛල තුළ කාබෝහයිඩ්‍රේට පරිවෘත්තියෙන් බහිස්‍රාවී අන්‍තඵල ලෙස CO2 හා ජලය නිපදවයි.

    • O2 නොපවතින විට,

            කාබෝහයිඩ්‍රේට නිර්වායු ශ්වසනයෙන් සාමාන්‍යයෙන් ලැක්ටික් අම්ලය නිපදවයි.

 

9. ජීවී දේහ තුළ පරිවෘත්තීයෙන් ඇමෝනියා බහිස්‍රාවී ඵලයක් ලෙස නිපදවීමට දායක වන උපස්ථර 2ක් නම් කරන්න.

    • ප්‍රෝටීන
    • න්‍යෂ්ටික අම්ල

 

10. මෙසේ නිපදවෙන ඇමෝනියා ඇතැම් අවස්‍ථා වලදී යූරියා හෝ යූරික් අම්ලය වැනි වෙනත් නයිට්‍රජනීය බහිස්‍රාවී ඵල බවට පරිවර්තනය වෙයි. මෙම තත්ත්වය සඳහා කිනම් සාධක බලපායි ද?

    • සතුන් ජීවත් වන පරිසරය
    • එන්සයිම වල පැවැත්ම

 

සතුන් ජීවත් වන පරිසරය හා නයිට්‍රජනීය බහිස්‍රාවී ද්‍රව්‍ය අතර ඇති සබඳතාව.

11. සතුන්ගේ නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලයන් වන ඇමෝනියා, යූරියා සහ යූරික් අම්ලය, ඒවා නිපදවීමට වැයවන ශක්තිය හා විෂ සහිත ස්වභාවය අනුව ආරෝහනය වන ආකාර දක්වන්න.

    • නිපදවීමට වැය වන ශක්තිය අනුව,

    • විෂ සහිත ස්වභාවය අනුව,

 

12. නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලය ඇමෝනියා වන ජීවීන් සඳහා උදාහරණ ලබා දෙන්න.

    • අස්ථික මත්ස්‍යයන්
    • බොහෝ ජලජ අපෘෂ්ඨවංශීන්
    • ජලජ උභය ජීවීන් (උදා; ඉස්ගෙඩියන්)

 

13. නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලය යූරියා වන ජීවීන් සඳහා උදාහරණ ලබා දෙන්න.

    • ක්ෂීරපායීන්
    • සුහුඹුල් ඇම්ෆිබියාවන්
    • මෝරා වැනි ඇතැම් කරදිය මත්ස්‍යයන්

 

14. නයිට්‍රජනීය බහිස්‍රාවී ඵලය යූරික් අම්ලය වන ජීවීන් සඳහා උදාහරණ ලබා දෙන්න.

    • පක්ෂීන්
    • උරගයන්
    • භෞමිකවාසී කෘමීන්

 

15. ඉහත උදාහරණ මත පදනම්ව සතුන් වෙසෙන පරිසරය හා නයිට්‍රජනීය බහිස්‍රාවී ද්‍රව්‍ය අතර සම්බන්ධතාවය ගොඩනගන්න.

    • ඇමෝනියා ඉතා විෂ ද්‍රව්‍යයක් බැවින් ඒවා දේහයෙන් බැහැර කිරීමට විශාල ජලය පරිමාවක් වැය කළ යුතුය. එම නිසා ජලය තුළ ජීවත්වන බොහෝ ජීවීන් ඇමෝනියා බහිස්‍රාවය කරයි.
    • භෞමිකවාසී සතුන්ට ප්‍රධාන බහිස්‍රාවී ද්‍රව්‍ය ලෙස ඇමෝනියා බැහැර කිරීමට තරම් ප්‍රමාණවත් ජලය ලබාගත නොහැකි බැවින් ඔවුන් ප්‍රධාන වශයෙන් යූරියා බැහැර කරයි.
    • යූරික් අම්ලය සාපේක්ෂව විෂ රහිත හා ජලයේ අද්‍රාව්‍ය බැවින් ජලය ඉතා සුලු ප්‍රමාණයක් සමග අර්ධ ඝන ද්‍රව්‍යක් ලෙස බෑහැර කරයි. එම නිසා දේහයේ ජල සං‍රක්ෂණය ඉතා වැදගත් වන පක්ෂීන් උරගයන් වැනි සතුන්ගේ ප්‍රධාන බහිස්‍රාවී ඵලය ලෙස යූරික් අම්ලය පවතී.
 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.