විද්‍යා අංශයජීව විද්‍යාව4.4.1 - භෞමික ජීවිතයට ශාක දක්වන අනුවර්තන විස්තර කිරීමට ජීවන චක්‍රවල ප්‍රවණතා...

4.4.1 – භෞමික ජීවිතයට ශාක දක්වන අනුවර්තන විස්තර කිරීමට ජීවන චක්‍රවල ප්‍රවණතා යොදා ගනියි.

 

භෞමික ශාකවල ලිංගික ප්‍රජනනය

  1. පරම්පරා ප්‍රත්‍යාවර්තනය යනු කුමක්ද?
    • සියලු භෞමික ශාක තම ජීවන චක්‍රය තුළදී විදහා දක්වන,
    • ජීවන චක්‍රයක් තුළදී ඒකගුණ පරම්පරාවත්, ද්විගුණ පරම්පරාවත් මාරුවෙන් මාරුවට හට ගැනීමයි.

 

2. විෂමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්තනය යනු කුමක්ද?

    • භෞමික ශාකවල ජීවන චක්‍රයේදී,
    • රූපාකාරයෙන් වෙනස් බහු සෛලික දේහ ස්වරූපයන් දෙකක් වන,
    • ඒකගුණ ජන්මාණු ශාකය හා ද්විගුණ බීජාණු ශාකය,
    • මාරුවෙන් මාරුවට හට ගැනීමයි.

 

3. වඳ සෛල ස්තරවල කාර්යය කුමක්ද?

    • භෞමික ශාකවල ප්‍රජනක අවයව තුළ ඇති (ජන්මාණුධානී හා බීජාණුධානී) මාතෘ සෛල වියළීමෙන් ආරක්ෂා වීම සඳහා වඳ සෛල වලින් ආරක්ෂා වී පිහිටයි.

 

4. ජන්මාණු ශාකය පිළිබඳ හැඳින්වීමක් කරන්න.

    • බීජාණු ප්‍රරෝහණයෙන් ඒකගුණ ජන්මාණු ශාකය හට ගනියි.
    • ජන්මාණු ශාක අනූනනයෙන් ජන්මාණු නිපදවයි.
    • සියලු භෞමික ශාක ජන්මාණු වියළීම වළක්වා ගැනීමට අභ්‍යන්තර සංසේචනය සිදු කරයි.
    • ජායා ජන්මාණුව (ඩිම්බය) අණ්ඩාණුධානී තුළම රඳවා ගන්නා අතර,
    • පුං ජන්මාණු වන ශුක්‍රාණු ශුක්‍රාණුධානී වලින් නිදහස් කරයි.
    • බීජ රහිත ශාකවල ජන්මාණු සංසේචනයට බාහිර ජලය අවශ්‍ය වන නමුත් බීජ ශාකවල ජන්මාණු සංසේචනය බාහිර ජලය මත රඳා නොපවතී.
    • සංසේචනයෙන් පසු ද්විගුණ යුක්තාණුව ජන්මාණු ශාකය තුළ රැඳී පවතිමින් කලලය බවට පත් වේ.
    • එය ජන්මාණු ශාකයෙන් පෝෂණය ගනිමින් විකසනය වී ද්විගුණ බීජාණු ශාකය බවට පත් වේ.

 

5. බීජාණු ශාක පරම්පරාව ඇතිවන්නේ කෙසේද?

    • සංසේචනයෙන් පසුව සෑදෙන ව්‍යූහයේ (ද්විගුණ යුක්තාණුව හා ද්විගුණ කලලය) ඌනන විභාජනය ප්‍රමාද වීමෙන් ද්විගුණ බීජාණු ශාක පරම්පරාව බිහිවේ.

 

6. ද්විගුණ බීජාණු ශාකයේ සිදුවන්නේ කුමන විභාජනයද? ඉන්පසු නිපදවෙන්නේ මොනවාද?

    • ඌනන විභාජනය
    • ඒකගුණ බීජාණු නිපද වේ.

 

7. භෞමික ශාකවල පරිණාමික ක්‍රියාවලියේදී, භෞමික පරිසරයට වඩාත් උචිත අනුවර්තන ඇති කර ගත්තේ කුමන ශාක පරම්පරාවද?

    • ද්විගුණ බීජාණු ශාක පරම්පරාව

 

8. පරිණාමයත් සමඟ ජන්මාණු ශාක පරම්පරාවට කුමක් සිදුවීද?

    • ක්‍රමයෙන් ක්ෂීණ වී,
    • බීජ ශාක වලදී බීජාණු ශාකය මත ජන්මාණු ශාකය යැපෙයි.

 

9. සියලු භෞමික ශාක වලට පොදු ජීවන චක්‍ර සටහනක් ඇඳ දක්වන්න.

 

Pogonatum ජීවන චක්‍රය

10. Pogonatum අයත් ශාක වංශය නම් කරන්න.

    • බ්‍රයෝෆයිටා

 

11. Pogonatum ජීවන චක්‍රයේ ප්‍රමුඛ ශාකය කුමක්ද?

    • ඒකගුණ ජන්මාණු ශාකය

 

12. Pogonatum වල ජන්මාණු ශාකය පිළිබඳ විස්තරයක් කරන්න.

    • ප්‍රමුඛ ශාකය යි.
    • බීජාණු ශාකයට වඩා විශාල හා වැඩි කලක් ජීවත් වේ.
    • ප්‍රභාසංස්ලේෂකයි.
    • ‘කඳ’, ‘පත්‍ර’ හා ‘මූලාභ’ දක්නට ලැබේ.
    • ජන්මාණු ශාක ද්විගෘහීය. ඒක ලිංගිකය.
    • පරිණත වූ විට පුං ජන්මාණු ශාකයේ ශුක්‍රාණුධානි හට ගනී. ඒවා තුළ ශුක්‍රාණු විශාල ගණනක් නිපද වේ.
    • පරිණත ජායා ජන්මාණු ශාකයේ අණ්ඩාණුධානී නිපදවයි. අණ්ඩාණුධානිය තුළ තනි ඩිමබයක් නිපදවේ.

 

13. Pogonatum වල සංසේචනය සිදුවන්නේ කෙසේද?

    • අණ්ඩාණුධානිය තුළ වූ ඩිම්බය බාහිරට නිදහස් නොවන නිසා,
    • රසායනික ආකර්ෂකවලට ප්‍රතිචාරයක් ලෙස කශිකාධර චල ශුක්‍රාණු බාහිර ජලයේ පිහිනාවිත් අණ්ඩාණුධානිය තුළට ගමන් කරයි.
    • එම ශුක්‍රාණු ඩිම්බය සමඟ එක් වී ද්විගුණ යුක්තාණුව සාදයි.

 

14. කශිකාධර චල ශුක්‍රාණු තිබීමේ වැදගත්කම කුමක්ද?

    • සංසේචනය සඳහා බාහිර ජලය ඔස්සේ අණ්ඩාණුධානිය වෙතට පිහිනා ඒමට.

 

15. බීජාණූ ශාකයේ ව්‍යුහය පිළිබඳ හැඳින්වීමක් කරන්න.

    • බීජාණු ශාකය ජන්මාණු ශාකයට සම්බන්ධව පවතී.
    • ළපටි අවධියේදී බීජාණු ශාකය පෝෂණය වන්නේ ජන්මාණු ශාකයෙනි.
    • පරිණත විට ප්‍රභාසංස්ලේෂකය.
    • බීජාණූ ශාකයට ‘පාදය’, ‘තන්ත්‍රය’ හා ‘ස්ඵෝටිකාව’ (බීජාණුධානිය) යන කොටස් වලින් සමන්විතය.
    • පාදය මඟින් ජන්මාණු ශාකයෙන් ජලය හා පෝෂක අවශෝෂණය කරයි.
    • ස්ඵෝටිකාව ඌනනයෙන් රූපාකාරයෙන් සමාන වූ බීජාණු නිපදවයි.
    • Pogonatum ශාකයේ ව්‍යාප්ති ඒකකය වන්නේ බීජාණුය.

 

16. සමබීජාණුකතාව යනු කුමක්ද?

    • රූපාකාරයෙන් සමාන වූ බීජාණු නිපදවීමයි.

 

17. බීජාණු ප්‍රරෝහණයෙන් සෑදෙන්නේ කුමක්ද?

    • කොළ පැහැති, ශාඛනය වූ, සූත්‍රිකාවක් වන ප්‍රාක්තන්ත්‍රය

 

18. ජන්මාණු ශාක හට ගන්නේ කුමකින්ද?

    • ප්‍රාක්තන්ත්‍රයෙන් හට ගන්නා අංකුර මඟින්

 

19. පාසි පුෂ්පය හෙවත් පෙරිගෝනියම යනු කුමක්ද?

    • පරිණත පුං ජන්මාණූ ශාකයේ කඳ කෙළවර වඳ රෝම වලින් වට වී පවතින, ශුක්‍රාණුධානී (ඇන්තිරීඩියා) රාශියකින් සමන්විත ව්‍යුහයයි.

 

20. Pogonatum හි ජීවන චක්‍රය ඊ තල සටහනක් මඟින් දක්වන්න.

 

21. Pogonatum හි පරිණාමිකව උසස් හා පහත් ලක්ෂණ වගු ගත කරන්න.

පරිණාමිකව පහත් ලක්ෂණ

පරිණාමිකව උසස් ලක්ෂණ

ජන්මාණු ශාකය ප්‍රමුඛ වීම.

අණ්ඩ සෛලය හා සංසේචනය, අණ්ඩාණුධානිය තුළදීම අභ්‍යන්තරව සිදුවීම.

ජන්මාණු ශාකය බීජාණු ශාකයට වඩා විශාල හා සංකීර්ණ වීම.

යුක්තාණුව කලලය බවට විකසනය අණ්ඩාණුධානිය තුළදීම සිදුවීම. (ආරක්ෂාව සැපයේ.)

සංසේචනයට බාහිර ජලය අවශ්‍ය වීම.

ස්ඵෝටිකාව පිපිරීම වියළි කාලගුණයක් සහිත විට සිදුවීම.

බීජාණු ශාකය ජායා ජන්මාණු ශාකය මතම පරාධීන වීම.

බීජාණු විශාල සංඛ්‍යාවක් නිපදවීම.

වායව කොටස්වල උච්චර්මය නොමැති වීම.

බීජාණු සුළඟ මඟින් ව්‍යාප්ත වීම.

සනාල පටක නොදැරීම.

ප්‍රජනක ව්‍යූහ වඳ රෝමවලින් වට වී තිබීම.

වායව පරිසරයෙන් CO2 අවශෝෂණයට පූටිකා නොමැති වීම.

 

බීජාණු ශාකය සරල වීම.

 

 

Nephrolepis ජීවන චක්‍රය

22. Nephrolepis අයත් ශාක වංශය කුමක්ද?

    • ටෙරෝෆයිටා

 

23. Nephrolepis හි ප්‍රමුඛ ශාකය කුමක්ද?

    • බීජාණු ශාකය

 

24. එම ශාකය පිළිබඳ කෙටියෙන් දක්වන්න.

    • බීජාණු ශාකය ප්‍රභාසංස්ලේෂක ස්වාධීන ශකයකි.
    • වඩාත් සංකීර්ණ ව්‍යූහ සංවිධානයක් ඇත.
    • ශාක දේහය මුල, කඳ, පත්‍රවලට විභේදනය වී ඇත.
    • ශෛලම හා ප්ලෝයම යන සනාල පටක දෙවර්ගය විකසනය වී තිබේ.
    • ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනය දක්වයි.
    • කඳ භූගත රයිසෝමයකි.
    • පත්‍රය පත්‍රිකාවලින් සමන්විත සං‍යුක්ත පක්ෂවත් පත්‍රයකි.
    • රයිසෝමයෙන් පැන නගින ශාඛා වන භූගත ධාවකවලින් නව පැළෑටි හට ගනී.
    • පරිණත පත්‍රිකාවල යටි පැත්තේ සෝරස ලෙස හඳුන්වන බීජණුධානී සමූහ ඇතිවේ.

 

25. කසුව යනු කුමක්ද?

  •  
    • සෝරසක් ආවරණය කරමින් පවතින කුඩයක් වැනි ව්‍යූහයයි.
    • එමඟින් ළපටි බීජාණුධානී වියළීමෙන් ආරක්ෂා වේ.
    • සෝරස පරිණත වූ විට කසුව වියළී හැකිලීමට ලක් වේ.

 

26. Nephrolepis බීජාණු සම බීජාණුක ද? විෂම බීජාණුක ද?

    • සම බීජාණුකයි.

 

27. බීජාණු බීජාණුධානියෙන් නිදහස් වීම හා ව්‍යාප්තිය සිදුවන්නේ කෙසේද?

    • වියළි පරිසර තත්ත්ව යටතේ බීජාණුධානිය පුපුරා බීජාණු නිදහස් වේ.
    • බීජාණු ව්‍යාප්තිය සුළඟ මඟින් සිදුවේ.

 

28. Nephrolepis ජන්මාණු ශාකයේ ව්‍යූහය කෙටියෙන් දක්වන්න.

    • ජන්මාණු ශාකය කුඩා, පියවි ඇසට පෙනෙන,
    • කොළ පැහැති, ප්‍රභාසංස්ලේෂක,
    • හෘදයාකාර තලසකි.
    • උදරීය පැත්තේ මූලාභ විකසනය වේ.
    • ජන්මාණු ශාකය ඒකගෘහි/ද්වීලිංගික ශාකයකි.
    • උදරීය පැත්තේ ශුක්‍රාණුධානී හා අණ්ඩාණුධානී හට ගනියි.

 

29. අණ්ඩාණුධානී හා ශුක්‍රාණුධානී තුළ අනූනනය මඟින් නිපදවෙන්නේ මොනවාද?

    • අණ්ඩාණුධානී -: අණ්ඩ සෛලය (ඩිම්බ සෛලය)
    • ශුක්‍රාණුධානී -: බහු කශිකාධර ශුක්‍රාණු

 

30. ශුක්‍රාණු බාහිර ජලයේ පිහිනා යන්නේ ඇයි? ඒ සඳහා ශුක්‍රාණු වලට ආධාර වන්නේ කුමන ව්‍යූහයද?

    • අණ්ඩාණුධානියෙන් නිකුත් වන රසායන ද්‍රව්‍ය වෙත ආකර්ෂණයෙන් එය තුළ ඇති ඩිම්බ සෛලය කරා, ශුක්‍රාණු ගමන් කරයි.
    • බහු කශිකාධර ශුක්‍රාණු මේ සඳහා විකසනය වී ඇත.

 

31. ශුක්‍රාණු හා අණ්ඩ සෛලය සංසේචනය වන්නේ කුමක් තුළදී ද?

    • අණ්ඩාණුධානිය තුළදී

 

32. ළපටි බීජාණු ශාකය පෝෂණය වන්නේ කෙසේද?

    • ඒකගුණ ජන්මාණු ශාකය මඟින්

 

33. බීජාණු ශාකය ස්වාධීන ශාකයක් බවට පත් වන්නේ කුමන අවධියේදී ද?

    • බීජාණු ශාකයේ ප්‍රභාසංස්ලේෂක පටක විකසනය සිදු වූ පසු.

 

34. Nephrolepis ජීවන චක්‍රය ඊ තල සටහනක් මඟින් දක්වන්න.

 

35. Nephrolepis ශාකය භෞමික පරිසරයට දක්වන අනුවර්තන ලැයිස්තුගත කරන්න.

    • බීජාණු ශාකයේ ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක් පත්‍රනය දැරීම.
    • කඳ භූගත රයිසෝමයක් බවට පත්ව තිබීම.
    • සනාල පටක විකසනය වී තිබීම.
    • සොරස්‚ කසුව නම් ව්‍යූහයක් මඟින් ආරක්ෂා වී පැවතීම.
    • අභ්‍යන්තර සංසේචනය දක්වයි.
    • වායව කොටස්වල උච්චර්මය පැවතීම.
    • වායු හුවමාරුව සඳහා පූටිකා පැවතීම.
    • බීජාණු විශාල සංඛ්‍යාවක් නිපදවීම.
    • අණ්ඩාණුධානිය තුළදීම යුක්තාණුව කලලය බවට විකසනය වීම.
    • බීජාණු ශාකය ප්‍රමුඛ වීම හා ජන්මාණු ශාකය ක්ෂීණ වීම.
    • ධාවක මඟින් අලිංගික ප්‍රජනනය සිදුකිරීම.

 

36. Nephrolepis ශාකය භෞමික පරිසරයට සම්පූර්ණයෙන් අනුවර්තනය නොවූ බවට ඇති ලක්ෂණ මොනවාද?

    • සනාල පටකවල ශෛලමයේ ශෛලම වාහිනී ඒකක ද, ප්ලෝයමයේ පෙනේර නල ඒකක හා සහචර සෛල ද නොපිහිටීම.
    • සංසේචනය සඳහා බාහිර ජලය අවශ්‍ය වීම.
    • ජන්මාණු ශාකය ස්වාධීන වීම හා සරල වීම.
    • ළපටි බීජාණු ශාකය ජන්මාණු ශාකය මත පෝෂණය වීම.

 

Selaginella වල ජීවන චක්‍රය

 

37. Selaginella ශාකයේ ප්‍රමුඛ වන්නේ බීජාණු ශාකයද? නැතිනම් ජන්මාණු ශාකයද?

    • බීජාණු ශාකය ප්‍රමුඛ වේ.

 

38. Selaginella වල ජන්මාණු ශාකයේ ව්‍යුහය කෙටියෙන් දක්වන්න.

    • මෙය ව්‍යුහයෙන් ක්ෂීණ වේ.
    • කෙටිකාලීන පැවැත්මක් ඇත.
    • මෙය බීජාණු ශාකය මත අර්ධව යැපෙයි.

 

39. Selaginella වල බීජාණු ශාකය පිළිබඳ කෙටියෙන් විස්තර කරන්න.

  •  
    • මෙය මුල්, කඳ, පත්‍ර ලෙසට විභේදනය වී ඇත.
    • සනාල පටක අඩංගුයි.
    • අකාෂ්ඨීය ශාකයකි.
    • විෂම පත්‍ර යුගල් ලෙස සැකසී ඇත.
    • කඳ පෘෂ්ඨෝදරීයව පැතලි වේ.

 

40. Selaginella වල බීජාණු හට ගන්නා ස්ථානය පිළිබඳ පහදන්න.

    • මෙහි බීජාණු හට ගනු ලබන්නේ විශේෂණය වූ පත්‍ර විශේෂයක් වන බීජාණු පත්‍ර වලයි.
    • බීජාණු පත්‍ර සුසංහිතව සැකසීමෙන් හට ගන්නා සංකේතුව නැමති ව්‍යුහය කඳ අග්‍රස්ථයේ පිහිටා ඇත.

 

41. සංකේතුව පිළිබඳව කෙටියෙන් විස්තර කරන්න.

    • සංකේතුව බීජාණු පත්‍ර ආකාර දෙකක් එකතු වී සෑදී ඇත.
    • එම බීජ පත්‍ර ආකාර දෙක නම්,
      1. මහා බීජාණු පත්‍ර
      2. ක්ෂුද්‍ර බීජාණු පත්‍ර යන ආකාර දෙක වේ.
    • මෙහි ඇති මහා බීජාණු පත්‍ර වලින් මහා බීජාණුධානියක් ද, ක්ෂුද්‍ර බීජාණු පත්‍ර වලින් ක්ෂුද්‍ර බීජාණුධානියක් ද හට ගනී.

 

 

42. මහා බීජාණුධානියක් තුළ කුමක් සිදුවේද?

    • මහා බීජාණුධානිය තුල ඌනනයෙන් ප්‍රමාණයෙන් විශාල මහා බීජාණු හතරක් හට ගනී.

 

43. ක්ෂුද්‍ර බීජාණුධානියක් තුළ කුමක් සිදුවේද?

    • මේ තුළ ඌනනයෙන් ප්‍රමාණයෙන් කුඩා ක්ෂුද්‍ර බීජාණු විශාල සංඛ්‍යාවක් හට ගනී.

 

44. මෙම බීජාණුධානි තුළ හටගන්නා බීජාණු වල ආරක්ෂාව සඳහා දක්වන අනුවර්තනය කුමක්ද?

  •  
    • මෙම බීජාණු ආකාර දෙකම ඝනකම් බිත්තියකින් ආවරණය වී පවතී.

 

45. විෂමබීජාණුකතාව යනු කුමක්ද?

    • එනම්, රූපීය වශයෙන් වෙනස් බීජාණු ආකාර දෙකක් හට ගැනීමේ ස්වභාවයයි.

 

46. Selaginella ශාකයේ පුං ජන්මාණු ශාකය හටගන්නා ආකාරය හා එහි ව්‍යුහය පහදන්න.

    • ක්ෂුද්‍ර බීජාණුධානිය තුල ඌනනයෙන් හටගනු ලබන ක්ෂුද්‍ර බීජාණු, ක්ෂුද්‍ර බීජාණුධානිය තුළදීම විකසනය වෙමින් පුං ජන්මාණු ශාකය බවට පත්වේ.
    • ක්ෂුද්‍ර බීජාණුධානියේ බිත්තියෙන් පුං ජන්මාණු ශාකය වට වී ඇත, එය ක්ෂුද්‍රබීජාණුධානියෙන් නිදහස් වේ.
    • නිදහස් වන පුං ජන්මාණු ශාක බාහිර පරිසරයේදී පරිණත පුං ජන්මාණු ශාක බවට පත්වේ.
    • පරිණත පුං ජන්මාණු ශාක ප්‍රභාසංස්ලේෂී නොවේ. සංචිත ආහාර මත යැපේ.
    • පරිණත පුං ජන්මාණු ශාක අණ්වීක්ෂීය වේ.

 

47. පුං ජන්මාණු ශාකයෙන් කුමක් සිදුවේද?

    • මෙයින් හටගනු ලබන කශිකාධර ශුක්‍රාණු පසුව බාහිර පරිසරයට නිදහස් කරනු ලබයි.

 

48. Selaginella ශාකයේ ජායා ජන්මාණු ශාකය සෑදෙන ආකාරය හා එහි ව්‍යුහය විස්තර කරන්න.

    • සංකේතුව තුළ ඇති මහා බීජාණුධානිය තුළ පවතින මහා බීජාණු ජායා ජන්මාණු ශාකය බවට විකසනය වේ.
    • ඉන් පසුව බාහිර පරිසරයට නිදහස් කරයි.
    • මෙම ජායා ජන්මාණු ශාකය බහු සෛලීයයි.
    • මහා බීජාණුවේ ඝන බිත්තියෙන් වට වී පවතින අතර මෙයින් මූලාභ විකසනය වේ.
    • ජායා ජන්මාණු ශාකයට ප්‍රභාසංස්ලේෂක හැකියාව තිබුනද සංචිත ආහාර මත අර්ධව යැපෙන ව්‍යුහයක් දරයි.
    • මෙහි ඉහළ මතුපිට ප්‍රදේශයේ අණ්ඩාණුධානි හට ගනී.
    • ඒවා ජන්මාණු පටකය තුළ සම්පූර්ණයෙන් ගිලී පවතී.

 

49. අණ්ඩාණුධානියක් තුළ කුමක් සිදුවේද?

    • අණ්ඩාණුධානි තුළ තනි ඩිම්බ සෛලයක් බැගින් නිපදවයි.

 

50. Selaginella වල සංසේචනය සිදු වන ආකාරය පහදන්න.

    • පුං ජන්මාණු ශාකය මඟින් බාහිර පරිසරයට එකතු කරන කශිකාධර ශුක්‍රාණු කශිකා ආධාරයෙන් බාහිර ජලයේ පිහිනා ගොස් අණ්ඩාණුධානි වලට ඇතුළු වේ.
    • ඉන් පසුව අණ්ඩාණුධානියක් තුල ඇති ඒකගුණ (n) ඩිම්බය සංසේචනය කරයි.
    • එහිදී සංසේචනයෙන් ද්විගුණ (2n) යුක්තාණුවක් ඇති කරයි.

 

51. ඉන් පසුව සිදුවන්නේ කුමක් ද?

    • සංසේචනයෙන් පසුව යුක්තාණුව කලලය බවටත්, කලලය ළපටි බීජාණු ශාකය බවටත් විකසනය වේ.
    • මේ සඳහා ජායා ජන්මාණු ශාකයෙන් පෝෂණය ලබා ගනී.

 

52. බීජාණු ශාක පරම්පරාව යනු කුමක්ද?

  •  
    • පරම්පරා ප්‍රත්‍යාවර්තනය තුළ හමුවන වඩා විශාල හා වඩා සංකීර්ණ ආකාරය බීජාණු ශාක පරම්පරාව නම්වේ.

 

Cycas ජීවන චක්‍රය

 

53. Cycas වල ජීවන චක්‍රයේ ප්‍රමුඛ වන්නේ බීජාණු ශාකය ද? ජන්මාණු ශාකය ද?

    • Cycas වල ද්වීගුණ (2n) බීජාණු ශාකය ප්‍රමුඛ වේ.

 

54. බීජාණු ශාකය පිළිබඳව කෙටියෙන් දක්වන්න.

    • ප්‍රභාසංස්ලේෂකයි.
    • බහු සෛලික අණ්වීක්ෂීය නොවන ශාකයකි.
    • මෙය මුල්, කඳ, පත්‍ර වලට විභේදිත බහුවාර්ෂික ශාකයකි.
    • කඳ අතු නොබෙදුන ස්තම්භ ආකාර කාෂ්ඨීය ව්‍යුහයකි.
    • පත්‍ර කිරුළක් ලෙස සැකසී ඇත.
    • සං‍යුක්ත පත්‍ර ශුෂ්ක රූපී අනුවර්තන පෙන්නුම් කරන අතර, ළපටි පත්‍ර කුණ්ඩලාකාර ප්‍රාක්පත්‍රනය දක්වයි.
    • එමෙන්ම බීජාණු ශාකය ද්වීගෘහීය, විෂම බීජාණුක ශාකයකි.
    • බීජාණු ශාකයට මුදුන් මූල පද්ධතියක් ඇත. ද්විතීයික වර්ධනය පෙන්වයි.

 

55. Cycas වල ජන්මාණු ශාකය පිළිබඳව විස්තර කරන්න.

    • මෙහි ජන්මාණු ශාකය ක්ෂීණ වේ.
    • එහි ජීවන කාලය පුරාවට බීජාණු ශාකය මත යැපෙන තත්ත්වයට පත් වී ඇත.

 

56. මහාබීජාණු නිපදවනු ලබන්නේ කුමන බීජාණු ශාකයේද?

    • ජායා ශාකය තුළ

 

57. ක්ෂුද්‍ර බීජාණු නිපදවෙන්නේ කුමන ශාකයේද?

    • පුං ශාකය තුළ

 

58. ජායා ශාකයේ මහා බීජාණු පත්‍ර ඇති වන්නේ කොහේද?

  •  
    • පරිණත Cycas ජායා ශාකයේ අග්‍රස්ථයේ කිරුළක් පරිද්දෙන් හටගනු ලබයි.

 

59. මහා බීජාණුධානි නැතහොත් ඩිම්බ හට ගන්නේ කුමන ස්ථානයේද?

    • මහා බීජාණු පත්‍ර වල පාර්ශ්වික දාරයේ මහා බීජාණුධානි නැතහොත් ඩිම්බ හට ගනී.

 

60. ඩිම්බයක් යනු කුමක්ද?

    • ඩිම්බාවරණය නම් ආරක්ෂක ස්ථරයකින් වට වූ මහා බීජාණුධානියකි.
    • ඩිම්බයේ විදුර අන්තයේ ඩිම්බාවරණයේ කුඩා සිදුරක් ඇති අතර මෙම සිදුර අනුද්වාරය ලෙස හැඳින්වේ.

 

61. Cycas ශාකයේ ජායා ජන්මාණු ශාකය ඇතිවන ආකාරය දක්වන්න.

    • මහා බීජාණු පටකයේ ඇති එක් සෛලක් විභේදනය වී, තනි මහා බීජාණු මාතෘ සෛලය බවට පත්වේ.
    • මහා බීජාණු මාතෘ සෛලය එහි ඌනනයෙන් ඒකගුණ මහා බීජාණු හතරක් හට ගනී.
    • ඉන් එකක් පමණක් ක්‍රියාකාරීව ඉතිරි වේ.
    • අනෙක් මහා බීජාණු 3 හා මහා බීජාණුධානි පටකයේ ඉතිරිය කුක්ෂිය ලෙස ඉතිරි වෙමින් ක්‍රියාකාරී මහා බීජාණුවට පෝෂණය සපයයි.
    • ක්‍රියාකාරී මහා බීජාණුව බාහිර පරිසරයට නිදහස් නොකෙරේ.
    • එය ඩිම්බය තුලම රැඳෙමින් ජායා ජන්මාණු ශාකය (n) බවට විකසනය වේ.

 

62. Cycas ශාකයේ පරිණත ඩිම්බය හා එහි ක්‍රියාකරීත්වය දක්වන්න.

  •  
    • පරිණත ඩිම්බය තුළ කුටීර 2 කි.
    • එනම්,
      1. පරාග කුටීරය
      2. අණ්ඩාණුධානි කුටීරය
    • පරිණත ඩිම්බය තුළ ජායා ජන්මාණු ශාකය අඩංගු වේ.
    • ජායා ජන්මාණු ශාකය අණ්ඩාණුධානි රැසක් නිපදවයි.
    • එක් එක් අණ්ඩාණුධානිය තුළ තනි ඩිම්බ සෛලය බැගින් නිපදවයි.

 

63. පුං ජන්මාණු ශාකය ඇතිවන ආකාරය දවන්න.

    • පරිණත පුං ශාකය මඟින් පුං කේතුව නිපදවන අතර, ඒවා ක්ෂුද්‍ර බීජාණු පත්‍ර වලින් සමන්විත වේ.
    • ක්ෂුද්‍ර බීජාණු පත්‍ර වල යටි පැත්තේ ක්ෂුද්‍ර බීජාණුධානි අඩංගු වේ.
    • ක්ෂුද්‍ර බීජාණුධානි තුළ ඇති ක්ෂුද්‍ර බීජාණු මාතෘ සෛල (2n) ඌනනයෙන් ක්ෂුද්‍ර බීජාණු (n) රැසක් ඇතිවේ.
    • ඒවා බීජාණුධානි තුළදීම පරාග කණිකා වලට විකසනය වේ. ඉන් පසුව බාහිර පරිසරයට නිදහස් කරයි.
    • පරාග කණිකා සුළඟ මඟින් ව්‍යාප්ත වේ. මේම පරිණත පරාග කණිකා පරිණත ඩිම්බයක අනුද්වාරයේ තැන්පත් වීම පරාගණය නම් වේ.
    • පරාගණයෙන් පසුව පරිණත පරාග කණිකා අනුද්වාරය හරහා ඩිම්බයේ පරාග කුටීරයට ඇතුල් වේ.
    • පරාග කුටීරය තුළ දී පරාග කණිකා පුං ජන්මාණු ශාකය බවට විකසනය වේ.

 

64. පුං ජන්මාණු ශාකය පිළිබඳව පහදන්න.

    • පුං ජන්මාණු ශාකයට කෙටි ජීවන කාලයක් පවතී.
    • එමෙන්ම පුං ජන්මාණු ශාකයට බෙදුන පරාග නාලයක් අඩංගු වේ.
    • මෙම බෙදුන පරාග නාලය කුක්ෂියෙන් පෝෂක අවශෝෂණයට යොදාගනු ලබයි.

 

65. පුං ජන්මාණු ශාකය මඟින් කුමක් සිදුවේ ද?

    • පුං ජන්මාණු ශාකයෙන් සංසේචනය සඳහා ශුක්‍රාණු දෙකක් නිපදවනු ලබයි.
    • එම ශුක්‍රාණු විශාල වන අතර එහි සර්පිලාකාර පටි ආකාර ලෙස සැකසුණු පක්ෂ්ම රැසක් අඩංගු වේ.

 

66. මෙහි සංසේචනය සිදුවන ආකාරය දක්වන්න.

    • පුං ජන්මාණු ශාකය මඟින් නිපදවන පරාග නාලයේ කෙළවර පිපිරීමෙන්, ඩිම්බයේ අණ්ඩාණුධානි කුටීරයට ශුක්‍රාණු දෙක නිදහස් වේ.
    • ඉන්පසුව නිදහස් වන ශුක්‍රාණු ජලීය මාධ්‍ය තුළින් පිහිනා ගොස් අණ්ඩය සංසේචනය කරයි.
    • එමඟින් ද්විගුණ යුක්තාණුව ඇතිවේ.

 

67. සංසේචනයෙන් පසුව සිදුවන ක්‍රියාවන් දක්වන්න.

    • සංසේචනයෙන් සෑදෙන යුක්තාණුව කලලය බවට විකසනය වේ.
    • ඉතුරු වන ජායා ජන්මාණු ශාකය භ්‍රෑණපෝෂය බවට පත්වේ.
    • එය බීජ පුරෝහණයේ දී විකසනය වන කලලයට පෝෂණය සපයයි.
    • ඩිම්බාවරණය බීජාවරණය බවට පත්වේ.
    • ඩිම්බය බීජය බවට පත්වේ.

 

68. බීජය වැදගත් වන්නේ ඇයි?

  •  
    • බීජය යනු ව්‍යාප්ති ඒකකය වන අතර, එහි කලලය හා සංචිත ආහාර අඩංගු වේ.
    • මේවා බීජාවරණයකින් වට වී ඇත.
    • බීජ ව්‍යාප්ත වී හිතකර පරිසර තත්ත්ව ලැබුණු විට ප්‍රරෝහණය වෙමින් බීජ පැළ (ළපටි බීජාණු ශාකය) නිපදවයි.

 

සපුෂ්ප ශාක වල ලිංගික ප්‍රජනනය හා සම්බන්ධ ව්‍යූහ හා ක්‍රියාවලි.

I. සපුෂ්ප ශාක වල ජීවන චක්‍රය

69. සපුෂ්ප ශාක වල ප්‍රමුඛ ශාක වර්ගය කුමක්ද?

    • ප්‍රමුඛ වන්නේ බීජාණු ශාකයයි.

 

70. ජන්මාණු ශාකයෙහි ලක්ෂණ මොනවාද?

    • ජන්මාණු ශාකය බීජාණු ශාකය මත සම්පූර්ණයෙන්ම යැපේ.
    • අණ්වීක්ෂීය යි.
    • කෙටි කාලයක් ජීවත් වන ව්‍යුහයකි.

 

71. සපුෂ්ප ශාක වක ප්‍රජනක ව්‍යුහය කුමක්ද?

    • පුෂ්පය

 

72. පුෂ්පය යනු කුමක්ද?

  •  
    • පුෂ්පය විශේෂිත පුරෝහයකි.
    • එය විකරණය වූ පත්‍ර වල 4 කින් සමන්විත වේ.
    • එම පත්‍ර වලයන් වන්නේ,
      1. මනි පත්‍ර
      2. දළ පත්‍ර
      3. රේණු
      4. අණ්ඩපය යන ඒවායි.

 

73. පුෂ්පයක මනි පත්‍ර හා දළ පත්‍ර පිළිබඳව පහදන්න.

    • මනි පත්‍ර සාමන්‍යයෙන් කොළ පැහැති වේ.
    • පුෂ්පයක් විවෘත වීමට පෙර දළ පත්‍ර ආවරණය කර ආරක්ෂා කරයි.
    • බොහෝ පුෂ්ප වල දළ පත්‍ර වර්ණවත් වේ.
    • ඒවා පරාගණයේ දී පරාගකාරක ආකර්ෂණය කරයි. (සුළඟ මඟින් පරාගණය කරයි නම් දළ පත්‍ර වර්ණවත් නැත)
    • මනි පත්‍ර හා දළ පත්‍ර වඳ පත්‍ර වේ. මේවා ප්‍රජනන කාර්යයට ඍජුව දායක නොවේ.

 

74. සපුෂ්ප ශාකයක ක්ෂුද්‍ර බීජාණු පත්‍ර ලෙස ක්‍රියා කරන්නේ කුමන කොටසද?

    • පුෂ්පයේ රේණු සපුෂ්ප ශාකයක ක්ෂුද්‍ර බීජාණු පත්‍ර ලෙස ක්‍රියා කරයි.

 

75. රේණුවක ව්‍යුහය හා කෘත්‍ය පැහැදිළි කරන්න.

  •  
    • රේණුවක් අග්‍රස්ථ ඛණ්ඩිකා දෙකකින් යුතු පරාගධානියකින් හා සූතිකාව නම් වෘන්තයකින් සමන්විතයි.
    • සූත්‍රිකාව මඟින් පරාගධානිය පුෂ්පයට සම්බන්ධ කරයි.
    • පරාගධානියක් ක්ෂුද්‍ර බීජාණුධානි නැතහොත් පරාග කෝෂ වලින් සමන්විතය.
    • පරාගධානියේ එක් ඛණ්ඩිකාවක් තුළ පරාග කෝෂිකා දෙකක් ඇති අතර පරාගධානිය තුළ කෝෂ 4ක් ඇත.
    • පරාගධානිය වටා තන්තුමය ආවරණයක් ඇති අතර කෝෂ වල ඇතුළත ඒ වටා පෝෂක ස්තරයක් ඇත.
    • පරාග කෝෂ නැතිනම් ක්ෂුද්‍ර බීජාණුධානි තුළ ඇති ක්ෂුද්‍ර බීජාණු මාතෘ සෛල (2n) ඌනනයෙන් ඒකගුණ ක්ෂුද්‍ර බීජාණු (n) නිපදවයි.
    • ක්ෂුද්‍ර බීජාණු පරාග කණිකා බවට විකසනය සිදුවන්නේ පරාගධානිය තුළ දී මයි.
    • මේ එක් එක් පරාග කණිකාවකට න්‍යෂ්ටි දෙකක් ඇත. එ්වානම් වර්ධක (නාල) න්‍යෂ්ටිය හා ජනක න්‍යෂ්ටිය යි.

 

76. සපුෂ්ප ශාක වල මහා බීජාණු පත්‍ර ලෙස ක්‍රියා කරන්නේ කුමන කොටසද?

    • පුෂ්පයේ අණ්ඩපය සපුෂ්ප ශාක වල මහා බීජාණු පත්‍ර ලෙස ක්‍රියා කරයි.

 

77. අණ්ඩපයේ ව්‍යුහය හා කෘත්‍ය විස්තර කරන්න.

  •  
    • අණ්ඩපයේ අග්‍රස්ථයේ ඇලෙන සුළු කලංකය ඇති අතර ඉන් පරාග කණිකා ප්‍රතිග්‍රහණය කරයි.
    • අණ්ඩපයේ පාදස්ථව ඇති ප්‍රසාරිත ප්‍රදේශය ඩිම්බකෝෂයයි.
    • එය තුළ ඩිම්බ එකක් හෝ කිහිපයක් පවතියි.
    • කලංකය හා ඩිම්බකෝෂය සම්බන්ධ කරනු ලබන්නේ කීලය මඟිනි.
    • එය සිහින් දිගැටි ගෙලක් වැනි ව්‍යූහයකි.
    • ඩිම්බ තුළ ඇති ද්විගුණ මාතෘ මහා බීජාණු සෛල (2n) ඌනනයෙන් ඒකගුණ මහා බීජාණු සෛල (n) හතරක් සාදනු ලබයි.
    • ඉන් එකක් ක්‍රියාකාරී මහා බීජාණුව බවට පත් වේ.
    • ක්‍රියාකාරී මහා බීජාණුව විකසනයෙන් ජායා ජන්මාණු ශාකය හෙවත් කලල කෝෂය ඇතිවන අතර මෙය ඉතා ක්ෂීණ වූ අන්වීක්ෂීය ව්‍යුහයකි.

C:\Users\Chamod\OneDrive\Desktop\My Work\Learnsteer Project\LS Notes\LS photos\04 lesson\cycels\figure17.jpg

 

78. පරිණත කලල කෝෂය පිළිබඳව පහදන්න.

  •  
    • පරිණත කලල කෝෂය තුළ ඇති ක්‍රියාකාරී මහා බීජාණු න්‍යෂ්ටිය අනූනනයෙන් තවත් න්‍යෂ්ටි 8ක් සාදන අතර එම න්‍යෂ්ටි සෛල 7ක් තුළ අන්තර්ගත වේ.
    • එම සෛල 7 නම්,
        1. ප්‍රතිධ්‍රැව සෛල – 03
        2. න්‍යෂ්ටි 2ක් අඩංගු මධ්‍ය සෛලය
        3. ආධාරක සෛල – 02
        4. ඩිම්බ සෛලය යන ඒවායි.

 

79. පරාගණය යනු කුමක්ද?

    • පරාගණය යනු, පරිණත පරාග කණිකා පරිණත කලංකය මත තැන්පත් වීම යි.

 

80. ස්වපරාගණය යන්න හඳුන්වන්න.

    • ස්වපරාගණය යනු, යම් ශාක විශේෂයක පුෂ්පයක පරිණත පරාග කණිකා එම පුෂ්පයේම හෝ එම ශාකයේම වෙනත් පුෂ්පයක කලංකය මත තැන්පත් වීමයි.

 

81. පරපරාගණය යන්න හඳුන්වන්න.

    • පරපරාගණය යනු, යම් ශාක විශේෂයක පුෂ්පයක පරිණත පරාග කණිකා එම ශාක විශේෂයේම වෙනත් ශාකයක පුෂ්පයක කලංකයක් මත තැන්පත් වීමයි.

 

82. බොහෝ ශාක පරපරාගණයට දරන අනුවර්තන මොනවාද?

    • පුෂ්පයක සුවඳ
    • පුෂ්පයක වර්ණය යනාදිය.

 

83. ඇතැම් ශාක පරපරාගණය සඳහා දරන විශේෂ අනුවර්තන මොනවාද?

a. විෂමකීලකතාව :-

    • එනම් මෙම අනුවර්තනය දරන ශාක වල කලංකය පරිණත අවස්ථාවට පත්වන විට පරාග කණිකා පරිණත අවස්ථාවේ පසු නොවේ.
    • එමෙන්ම පරාග කණිකා පරිණත අවස්ථාවේදී කලංකය පරිණත නොවේ.

b. ස්වවන්ධ්‍යතාව :-

    • එනම් මෙම අනුවර්තනය දරන පුෂ්පයක රේණු එම පුෂ්පයේම කලංකය මත තැන්පත් වුවද ඉන් සංසේචනයක් නොවීමයි. (වඳ පරාග කණිකා මෙන් ක්‍රියා කරයි)
    • උදාහරණ ලෙස පැෂන් ෆෘට් ගත හැක.

c. ඒකලිංගික පුෂ්ප :-

    • පුෂ්පයක ජායාංගය හෝ පූමාංගය යන කොටස් දෙකෙන් එකක් පමණක් තිබීම මෙහිදී සිදුවේ.

d. බාහිරාවර්තී රේණු පිහිටීම.

 

84. පරපරාගණයේ වැදගත්කම කුමක්ද?

    • පරපරාගණය පරසංසේචනයට හේතුවේ.
    • එය විශේෂය තුළ ජාන මිශ්‍ර වීමට හේතුවේ.
    • එම නිසා විශේෂය තුළ නව ජාන සංකලනය ඇති වී ප්‍රවේණික ප්‍රභේදන වැඩිපුර හට ගැනීම මඟින් විශේෂයක පැවැත්ම තහවුරු වීම හා පරිණාමයට දායක වීම සිදු වේ.

 

II. සංසේචනය

85. පරිණත පරාග කණිකාවක් පරාගණය වූ පසු සිදුවන ක්‍රියාවලිය දක්වන්න.

    • කලංකය මත පතිත වන පරාග කණිකාව ඉන් පසුව කලංකය මත දීම ප්‍රරෝහණය වේ.
    • පරාග කණිකාවේ නාල න්‍යෂ්ටිය මඟින් පරාග කණිකාව හා කලංකය පසාරු කරමින් පරාග නාලය නිපදවනු ලබයි.
    • ඒත් සමගම පරාග කණිකාවේ ජනක න්‍යෂ්ටිය අනූනනයෙන් ශුක්‍රාණු න්‍යෂ්ටි 2ක් බවට පත්වේ.
    • ඉන් පසු මෙම ශුක්‍රාණු න්‍යෂ්ටි දෙක නාල න්‍යෂ්ටිය පෙරටු කරගනිමින් පරාග නාලය ඔස්සේ ඩිම්බ කෝෂය වෙත කීලය හරහා ගමන් කරයි.

 

86. සංසේචන ක්‍රියාවලිය දක්වන්න.

    • කලංකයෙන් ආරම්භ වන පරාග නාලය ඩිම්බ කෝෂයේ අනුද්වාරය වෙතට පැමිණ අනුද්වාරයට ඇතුළු වී ශුක්‍රාණු න්‍යෂ්ටි දෙක කලල කෝෂයට නිදහස් කරනු ලබයි.
    • ඉන් පසුව එක් ශුක්‍රාණු න්‍යෂ්ටියක් ඩිම්බ න්‍යෂ්ටිය සමඟින්ද අනෙක් ශුක්‍රාණු න්‍යෂ්ටිය කලල කෝෂයේ මධ්‍යයේ ඇති ධ්‍රැවීය න්‍යෂ්ටි දෙක සමඟින්ද සංසේචනය වේ.

 

87. ද්විත්ව සංසේචනය යනු කුමක්ද?

  •  
    • පරිණත පරාග කණිකාවෙන් සෑදෙන ශුක්‍රාණු න්‍යෂ්ටි දෙකෙන්,
      1. එක් ශුක්‍රාණු න්‍යෂ්ටියක් (n) ඩිම්බ න්‍යෂ්ටිය (n) සමඟ සංසේචනය වී ද්විගුණ යුක්තාණුව (n) නිපදවීමත්,
      2. අනෙක් ශුක්‍රාණු න්‍යෂ්ටිය (n) කලල කෝෂයේ මධ්‍යයේ ඇති ධ්‍රැවීය න්‍යෂ්ටී දෙක (2n) සංසේචනය කර ත්‍රීගුණ භ්‍රෑණපෝෂී න්‍යෂ්ටිය (3n) නිපදවීම යන සම්පූර්ණ ක්‍රියාවලියටයි.

C:\Users\Chamod\OneDrive\Desktop\My Work\Learnsteer Project\LS Notes\LS photos\04 lesson\cycels\c21_fig25.jpg

 

88. සංසේචනයෙන් පසුව කුමක් සිදුවේද?

    • සංසේචනයෙන් පසුව යුක්තානුව කලලය බවටත් ඩිම්බය බීජය බවටත් පත්වේ.
    • ත්‍රීගුණ භ්‍රෑණපෝෂී න්‍යෂ්ටිය ආහාර සංචිත කරන භ්‍රෑණ පෝෂය බවට පත් වේ.
    • ඩිම්බාවරණය බීජාවරණය බවටත්, ඩිම්බ කෝෂය ඵලය බවටත් පත් වේ.

 

89. ද්විත්ව සංසේචනයේ වැදගත්කම කුමක්ද?

    • සංසේචනය මෙන්ම කලලයේ විකසනයත් එකම වර සිදු වේ.
    • එනම් සංසේචනයක් සිදු නොවුන හොත් ශාකය නිසරු ඩිම්බ වලට පෝෂණය අපතේ නොයවයි.

 

90. බීජය හා ඵලය පිළිබඳව දක්වන්න.

    • බීජයක් ගත් විට බීජය තුළ කලලය, සංචිත ආහාර අඩංගු භ්‍රෑණ පෝෂය හා බීජාවරණය අඩංගු වේ.
    • ඵලය තුළ බීජය අඩංගු වේ.
    • ඵලයක් යනු, සංසේචනය මඟින් පසු ඩිම්බ කෝෂය උත්තේජනයට ලක් වීමෙන් විශාල වී හා විකසනය වී සෑදෙන ව්‍යූහයයි.
    • සංසේචනය නිසා හෝමෝන වෙනස්වීම් ප්‍රේරණය වන අතර, ඩිම්බ කෝෂය ඵලය බවට පත් වීමට මෙය හේතුවේ.
    • පුෂ්පය පරාගණයට ලක් නොවුණ හොත් ඵලයක් හට නොගන්නා අතර, සම්පූර්ණ පුෂ්පයම ගැලවී වැටේ.
    • ඵල විකසනයේ දී ඩිම්බ කෝෂ බිත්තිය ඵලාවරණය බවට පත්වේ.

 

91. පාතනෝඵලනය යනු කුමක්ද?

  •  
    • සංසේචනයක් නොවී ඩිම්බ කෝෂය ඵලය බවට විකසනය වීම.
    • මෙහිදී බීජ නොනිපදවයි.
    • කෙසෙල් වැනි ශාක වල ස්වභාවිකවම මෙම ක්‍රියාවලිය සිදුවේ.
    • පාතනෝඵලනය ශාක වර්ධක ද්‍රව්‍ය මඟින් ප්‍රේරණය කිරීමෙන්, බීජ රහිත ඵල ලබාගත හැක.

       උදා :- දොඩම්, මිදි

 

92. පාතනෝද්භවය යනු කුමක්ද?

  •  
    • සංසේචනයකින් තොරව බීජ විකසනය වීමේ ක්‍රියාවලිය යි.

        උදා :- සමහර තෘණ

    • අනූනනයෙන් ද්විගුණ ඩිම්බයක් හට ගැනීම හෝ ඒකගුණ ඩිම්බය ධ්‍රැවීය න්‍යෂ්ටි සමඟ පෑහීමෙන් හෝ ප්‍රවේණික ද්‍රව්‍ය ද්වීකරණය වීම නිසා ඩිම්බය ද්විගුණ වීම යන හේතු නිසා ඩිම්බ ශුක්‍රාණු සමඟ සංසේචනය නොවී ම බීජ බවට පත් වේ.

 

සපුෂ්ප ශාකයක ජීවන චක්‍රය

 

බීජ හා ඵල විකසනයේ වැදගත්කම.

93. ඵලයේ වැදගත්කම දක්වන්න.

    • ආවරණය වූ බීජය ආරක්ෂා කරයි.
    • පරිණත වූ විට සුළඟ, ජලය හෝ සතුන් මඟින් ව්‍යාප්ත වීම පහසු කරවයි.
    • මේ සඳහා ඵල විවිධාකාරයේ අනුවර්තන දක්වනු ලබයි.

 

94. බීජ වල වැදගත්කම දක්වන්න.

    • ඵල ව්‍යාප්ත වූ පසුව ප්‍රශස්ත පරිසර තත්ත්ව ඇති නම් බීජය පැළය බවට ප්‍රරෝහණය වේ.
    • ඒ වන තෙක් කලලය ආවරණය කරමින් ඊට ආරක්ෂාව සැපයීම හා කලලය විකසනය වන කාලයේ කලලය පෝෂණය කිරීම බීජය මඟින් සිදු කරනු ලබයි.
    • කලලය පෝෂණය කිරීමට භ්‍රෑණපෝෂය වැදගත් වේ.

 

95. බීජ සුප්තතාව අර්ථ දක්වන්න.

    • පරිණතියේ එක් අවධියක දී බීජය තුළ ඇති කලලය නිශේධනය වේ. එමඟින් බීජ ප්‍රරෝහණය වැළක්වේ.
    • එනම් බීජ සුප්‍තතාව යනු, බීජ ප්‍රරෝහණයට හිතකර පරිසරයක් ඇතිවන තෙක් බීජය තුළ ඇති කලලය නිෂේධනය වීමේ ස්වභාවික ක්‍රියාවලිය යි.

 

96. බීජ සුප්තතාවයට හේතු වන්නේ මොනවාද?

    • සුලබතම හේතුව වන්නේ නිෂේධක පැවතීමයි.
    • ඝනකම් ශක්තිමත් බීජාවරණ පැවතීම, ජලයට අපාරගම්‍ය බීජාවරණ පැවතීමද බීජ සුප්තතාවයට හේතු විය හැක.

 

97. බීජ ප්‍රරෝහණය ආරම්භ වීමට සැපයිය යුතු තත්ත්ව මොනවාද?

    • ජලය
    • ඔක්සිජන්
    • සුදුසු උෂ්ණත්වයක්

 

98. බීජ සුප්තතාවයේ වාසි මොනවාද?

    • අහිතකර පරිසර තත්ත්ව වලදී කලලය නොනැසී පැවතීමට.
    • ව්‍යාප්ත වීම සඳහා ඇති අනුවර්තන මඟින් වර්ධනයට විකසනයට හා නොනැසී පැවතීමට වඩා හොඳ අවස්ථාවක් සපයයි.

 

99. බීජ ප්‍රරෝහණය සිදුවන ආකාරය දක්වන්න.

    • මුලින්ම බීජාවරණය හරහා ජලය අවශෝෂණය කරගනී.
    • මේ නිසා බීජය තුළ ඇති එන්සයිම සක්‍රීය වනු ලැබේ. ඒ සමඟම ගිබරලින් වැනි බීජ ප්‍රරෝහණය උත්තේජනය කරන ශාක වර්ධක ද්‍රව්‍ය ස්‍රාවය වේ.
    • එන්සයිම වල ක්‍රියාකාරීත්වය නිසා බීජය තුළ ඇති සංචිත ආහාර සචල වේ.
    • එම පෝෂක වලින් පෝෂණය ලබමින් කලලය සීඝ්‍ර වර්ධනයක් අත් කරගනී.
    • ඒ සමඟින් බීජ මූලය බීජාවරණයෙන් පිටතට ඇදී එයි. මෙය බීජ ප්‍රරෝහණය නම් වේ.

 

100. බීජ මූලය හා බීජ අංකුරය වර්ධනය වන්නේ කිනම් ආකාරයකටද?

    • බීජ මූලය ධන ගුරුත්වාවර්තී චලිතයක් දක්වයි.
    • බීජාංකුරය ඍණ ගුරුත්වාවර්තී චලිතයක් පෙන්වයි.
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet