විද්‍යා අංශයජීව විද්‍යාව4.3.2 - ශාකවල ප්‍රශස්ත වර්ධනය සඳහා ඇති පෝෂණ අවශ්‍යතා(II කොටස)

4.3.2 – ශාකවල ප්‍රශස්ත වර්ධනය සඳහා ඇති පෝෂණ අවශ්‍යතා(II කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය, ඒවායේ කෘත්‍ය හා ඌනතා ලක්ෂණ

 

1.ශාක වලට Cl අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • Cl‾

 

2.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

3.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • ප්‍රභාසංශ්ලේෂණයේදී ආස්‍රැතිය හා අයනික තුල්‍යතාව

 

4.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • පත්‍ර මැලවීම.
  • පත්‍ර හැලී යාම(සුලභ නොවේ).
  • කෙටි මහත මුල්

 

5.ශාක වලට Fe අවශෝෂණය කරගන්නා ආකාර සඳහන් කරන්න.

  • Fe2+
  • Fe3+

 

6.ශාක ඒවා ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

7.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • ප්‍රභාසංශ්ලේෂණයේදී ක්ලෝරොෆිල් සංස්ලේෂණය
  • නයිට්‍රජන් තිර කිරීම.

 

8.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • ළපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය

 

9.ශාක වලට Zn අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • Zn2+

 

10.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

11.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • බොහෝ එන්සයිම සක්‍රියකයකි.
  • ක්ලෝරොෆිල් සංශ්ලේෂණය සක්‍රිය කරවීම.
  • DNA පිටපත් ප්‍රතිලේඛනයට අවශ්‍ය වේ.

 

12.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ නම් කරන්න.

  • පත්‍ර රැළි වැටීම.
  • පර්වවල දිග අඩු වීම.

 

13.ශාක B අවශෝෂණය කරගන්නේ කුමන ස්වරූපයෙන්ද?

  • H2BO3

 

14.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

15.ශාක තුළ B හි කෘත්‍යයන් මොනවාද?

  • හරිතප්‍රද සංශ්ලේෂණයේ සහසාධකයකි.
  • සෛල බිත්තිවල කෘත්‍යයේ දී දායක වේ.
  • පරාග නාලය වර්ධනයට අවශ්‍ය වේ.

 

16.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • විභාජක මිය යෑම.
  • ඝන චර්මල පත්‍ර සහ දුර්වර්ණ වූ පත්‍ර හටගැනීම.

 

17.ශාක වලට Cu අවශෝෂණය කරගන්නා ආකාර දක්වන්න.

  • Cu2+
  • Cu+

 

18.ශාක ඒවා ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

19.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයන් සඳහන් කරන්න.

  • සමහර එන්සයිම වල සංඝටක වීම.
  • සමහර එන්සයිම වල සක්‍රියක ලෙස ක්‍රියා කිරීම.

 

20.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • ළපටි පත්‍ර ළා කොළ පැහැති වීම.
  • පත්‍ර අග්‍රය වියළීම.
  • මුල් වල වර්ධනය බාල වීම හා අධිකව බෙදී යෑම.

 

21.ශාක වලට Mo අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • MoO42-

 

22.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

23.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.

  • නයිට්‍රජන් පරිවෘත්තිය.

 

24.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • මේරූ පත්‍රවල හරිතක්ෂය
  • කඳේ හා මුලේ අග්‍රය මිය යෑම.

 

25.ශාක වලට Ni අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • Ni2+

 

26.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

27.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.

  • නයිට්‍රජන් පරිවෘත්තිය.

 

28.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • පත්‍ර අග්‍රය මිය යෑම.
  • මේරූ පත්‍රවල හරිතක්ෂය

 

29.ශාක වලට Mn අවශෝෂණය කරගන්නා ආකාරය කුමක්ද?

  • Mn2+

 

30.ශාක එය ලබාගන්නා ප්‍රභවය කුමක්ද?

  • පාංශු ද්‍රාවණය

 

31.එම මූලද්‍රව්‍යයේ කෘත්‍යයක් සඳහන් කරන්න.

  • ප්‍රභාසංශ්ලේෂණයේ දී අවශ්‍ය සමහර එන්සයිම සක්‍රිය කරයි.

 

32.එම මූලද්‍රව්‍යයේ ඌනතා ලක්ෂණ සඳහන් කරන්න.

  • ළපටි පත්‍රවල නාරටි අතර හරිතක්ෂය

 

 

 
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet