පාඩමේ සටහන Download කරගන්න.
මානව විකසනය
1.ඩිම්බයක් හා ශුක්‍රාණුවක් සංසේචනය වන්නේ කුමන ස්ථානයකද?
- ඩිම්බ නාලය තුල ඉහළ කෙළවරදී
2.ගර්භාශය තුල මානව විකසනය සදහා සංසේචනයේ සිට උපත දක්වා ගත වන කාලය කොපමණද?
- සති 38ක් දළ වශයෙන් මාස 9ක්
3.මානව කලල විකසනයේ අවධි දෙක නම් කරන්න.
- කලල අවධිය – පළමු සති 8
- භ්‍රෑණ අවධිය – සති 8 ට පසු අවධිය
4.සංසේචනය හා මානව යුක්තාණුව ඇති වීම පහදන්න.
- ද්විතියික අණ්ඩ සෛලය වටා ඇති අපිච්ඡද සෛල සහ ග්ලයිකෝප්‍රෝටීන ස්තරය සිදුරු කර ශුක්‍රණුව ද්විතියික අණ්ඩ සෛලයට ඇතුළු වේ.
- ඒ සමගම ද්විතියික අණ්ඩ සෛලය ඌනනය || සම්පුර්ණ කර පරිණත ඩිම්බයක් බවට පත් වේ.
- එවිට ඩිම්බ හා ශුක්‍රාණුවල ඒකගුණ ප්‍රාක් න්‍යෂ්ටි හා වී ද්විගුණ යුක්තාණුව නිපදවයි.
- මෙය සංසේචනය ලෙස හදුන්වයි.
5.සංසේචනය ඩිම්බ මෝචනයෙන් කොපමණ කාලයක් තුල සිදු වේද?
යුක්තාණුවේ භේදනය, බ්ලාස්ටකෝෂය සෑදීම හා අධිරෝපණය.
6.භේදනය වන යුක්තාණුව ගර්භාශය වෙත රැගෙන එන්නේ කුමක් මගින්ද?
- ඩිම්බ නාලයේ පක්ෂ්ම ක්‍රියාකාරීත්වයෙන් හා ක්‍රමාකුංචන චලන මගින්.
7.සංසේචනයෙන් දින 3-4ක් පමණ පසු ඇති වන ඝන සෛල බෝලය හදුන්වන නම කුමක්ද?
8.බ්ලාස්ටකෝෂ්ඨය යනු කුමක්ද?
- සංසේචනයෙන් දින 5 කට පමණ පසුව, සෛල බෝලය මධ්‍යයේ, තරලයක් පිරි විශාල කුහරයක් ඇති වේ. එම විකසන අවධිය බ්ලාස්ටකොෂ්ඨය නම් වේ.
9.ඉන් පසුව බ්ලාස්ටකොෂ්ටයේ හට ගන්නා ව්‍යුහ කොටස් දෙක මොනවාද?
- ඇතුළු සෛල පිඬ – පසුව කලලය හා කලලය වටා පවතින පටල කලලාවාරය සාදයි.
- පෝෂ බ්ලාස්ටය – කලල බන්ධයේ භ්‍රෑණයෙන් දායක වන කොටස සාදයි.
10.අධිරෝපණය යනු කුමක්ද?
- සංසේචනයෙන් දින 7කට පමණ පසුව, බ්ලාස්ටකොෂ්ඨය මවගේ ගර්භාශයික එන්ඩොමෙට්‍රියමට සවි වීම.
11.අධිරෝපණය සිදු වන්නේ කෙසේද?
- සංසේචනයෙන් දින 7කට පමණ පසුව
- බ්ලාස්ටකොෂ්ඨය මවගේ ගර්භාශයික එන්ඩොමෙට්‍රියමට සවි වේ.
- බ්ලාස්ටකොෂ්ඨයේ ඇතුළු සෛල පිඬ එන්ඩොමෙට්‍රියම දෙසට යොමු වේ.
- ඉන්පසු පෝෂ බ්ලාස්ටය පිටතට වැඩී එන්ඩොමෙට්‍රියම ආක්‍රමණය කරයි.
- මේ සදහා පෝෂ බ්ලාස්ටයෙන් ස්‍රාවය කරන එන්සයිම ආධාර වේ.
- ගර්භාශයික ආස්තරණය බිදීම සිදුවේ.
12.පෝෂ බ්ලාස්ටය මගින් ස්‍රාවය කරන හෝමෝනය කුමක්ද?
- hCG (මානව කලලබන්ධ ගොනැඩොට්‍රොෆින් හෝමෝනය) – LH වලට ක්‍රියාවෙන් සමාන වේ.
13.hCG වල කෘත්‍ය මොනවාද?
- පීත දේහය බිඳ වැටීමෙන් ආරක්ෂා කිරීම මගින් ඉන් ස්‍රාවය වන ප්‍රොජෙස්ටෙරොන් හා ඊස්ට්‍රජන් හෝමෝන පවත්වා ගැනීම.
14.අධිරෝපණයෙන් පසුව විකසනය වන කලලයේ ජනක ස්තර කීයද?
15.අධිරෝපණයෙන් පසුව ඇති වන අමතර කලල පටල 4 මොනවාද?
- කලලාවරය, කෝරියම, බීජාන්ත මඩිය හා අලින්තය
16.කෝරියමේ කෘත්‍ය මොනවාද?
- භ්‍රෑණය හා මව අතර ද්‍රව්‍ය හුවමාරුව
- මවගේ ප්‍රතිශක්ති ප්‍රතිචාර වලින් කලලය ආරක්ෂා කිරීම.
- ගර්භණීභාවයේදී අවශ්‍ය හෝර්මොනයක් hCG වන නිපදවීම.
17.කලල බන්ධයේ කලලයට අයත් ප්‍රධාන කොටස කුමක්ද?
18.කෝරියම මගින් නිපදවන හෝමෝනය නම් කරන්න.
19.කලලාවාරයේ කෘත්‍ය සදහන් කරන්න.
- කලලය/ භ්‍රෑණය වටා ආරක්ෂක පටලයක් ලෙස පිහිටමින් තරලය පිරි කුහරයක් සාදන අතර, එමගින් කම්පන අවශෝෂණය කිරීම හා කලලය වියලීමෙන් ආරක්ෂා කිරීම.
20.බීජාන්ත මඩියේ කෘත්‍ය කුමක්ද?
- පසුව රුධිර සෛල බවට පත් වන සෛල වලට ආධාර වන අතර එම ක්‍රියාව අක්මාව මගින් භාර ගන්නා තුරු ඊට දායක වීම.
- විකසනය වන ඩිම්බ කෝෂ හා වෘෂණ වෙත චලනය වන මූලික ජන්මාණු සෛල ඇති කිරීම.
21.අලින්තයේ කෘත්‍ය මොනවාද?
- රුධිරය නිපදවන ප්‍රාථමික ස්ථානයක් වේ.
- මුත්‍රාශය විකසනය හා අදාලව ක්‍රියා කිරීම.
22.කලල බන්ධය ඇති වන්නේ කුමන ව්‍යුහ එක් වීමෙන්ද?
- කලල පෝෂ බ්ලාස්ටය හා මවගේ ආසන්න එන්ඩොමෙට්‍රියම
23.මඩලාකාර ව්‍යුහයක් වන කලල බන්ධයේ කොටස් දෙක මොනවාද?
-
- කෝරියමේ කෝරියම් අංගුලිකා (කලලයේ කොටස)
- එන්ඩොමෙට්‍රියම (මවගේ කොටස)
කලල බන්ධයෙහි කලලයෙහි හා මවගේ රුධිර නාල අඩංගු වුවද එම මාතෘ හා කලල රුධිර නාල හෝ ඒවා රැගෙන යන රුධිරය හෝ මිශ්‍ර වීමක් සිදු නොවේ.
24.කලල බන්ධය හරහා මව හා භ්‍රෑණය අතර හුවමාරු වන ද්‍රව්‍ය මොනවාද?
- ඔක්සිජන් හා පෝෂ්‍ය ද්‍රව්‍ය මවගේ සිට භ්‍රෑණයට
- පරිවෘත්තීය අපද්‍රව්‍ය භ්‍රෑණයේ සිට මවගේ රුධිරයට
25.කලල බන්ධය මගින් නිපදවනු ලබන හෝමෝන නම් කරන්න.
- hCG
- ප්‍රොජෙස්ටෙරෝන් හා ඊස්ට්‍රජන්
26.කලලය/ භ්‍රෑණය කලල බන්ධයට සම්බන්ධ කරන ව්‍යුහය කුමක්ද?
- පෙකණිවැල (රුධිර නාල අඩංගු වන නම්‍යශීලී රැහැනක් වැනි ව්‍යුහයකි.)
27.පෙකණිවැල හරහා රුධිර සංසරණය වන ආකාරය පහදන්න
- ඔක්සිජන් ඌන රුධිරය කලලයේ සිට කලල බන්ධය දක්වා පෙකණිවැලේ ධමනි දෙකක් මගින් ගොස් කෝරියම් අංගුලිකා තුලට ගමන් කරන අතර එහිදී ඔක්සිජන් හා පෝෂක ලබා ගනී.
28.ඔක්සිජන් පිරි රුධිරය කලලය වෙත පෙකණි ශිරා ඔස්සේ කලල බන්ධයේ සිට පැමිණේ.ගර්භණීභාවය යනු කුමක්ද?
- ස්ත්‍රියකගේ ගර්භාශය තුළ විකසනය වන භ්‍රෑණයක් හෝ කිහිපයක් දරා සිටීමේ තත්ත්වය යි.
29.මානව ගර්භණී කාලය කොපමණද?
- සංසේචනයේ සිට උපත දක්වා සති 38 (දළ වශයෙන් මාස 9)
- අවසන් ආර්තවයේ සිට උපත දක්වා සති 40
30.එක් එක් ත්‍රෛමාසික වල භ්‍රෑණයේ සිදුවන වෙනස්කම් වගුගත කරන්න.
පළමු ත්‍රෛමාසිකය
|
දෙවන ත්‍රෛමාසිකය
|
තෙවන ත්‍රෛමාසිකය
|
- වඩාත් අවදානම් කාලයයි.
- කලලයේ සියලු ප්‍රධාන අවයව ජනනය ආරම්භක අවස්ථා වල පවතී.
- අවයව ජනනයේ ප්‍රධාන කාල වකවානුවයි.
- 4වන සතිය-හෘද ස්පන්දනය ඇරඹේ
- 8වන සතිය-කලලය “භ්‍රෑණය” ලෙස හදුන්වයි.
- වැඩිහිටියෙකුගේ පවතින සියලු අවයවවල ප්‍රාථමික අවස්ථා දැකිය හැක.
- භ්‍රෑණයේ දිග 5-7 cm පමණ වේ.
|
- භ්‍රෑණය හොදින් මානව ලක්ෂණ දරයි.
- අවයව පද්ධති සම්පූර්ණයෙන්ම විකසනය වී ඇත.
- භ්‍රෑණය ඉතා ක්‍රියාකාරී වීමෙන් එහි චලන මවට හොදින් සංවේදනය වේ.
- දිග 30 cm පමණ වේ.
|
- වේගවත් භ්‍රෑණ වර්ධනය
- මෙහි මුල් අවස්ථාවේදී සියලු අවයව පද්ධති පාහේ සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරී වේ.
- දිග 50 cm පමණ වේ.
- බර 3-4 kg පමණ වේ.
- ගර්භාශය තුළ අවකාශය පිරී භ්‍රෑණය වැඩී ඇති බැවින් භ්‍රෑණ චලන ක්‍රියාකාරීත්වය අඩු වී යයි.
|
31.එක් එක් ත්‍රෛමාසික වල මවගේ සිදුවන වෙනස්කම් දක්වන්න.
පළමු ත්‍රෛමාසිකය
|
දෙවන ත්‍රෛමාසිකය
|
තෙවන ත්‍රෛමාසිකය
|
- කලලය මගින් hCG හෝර්මෝනය ස්‍රාවය කිරීම
- එමගින් ඩිම්බ කෝෂයේ පීත දේහය පවත්වා ගැනීම
- ඉන් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් ස්‍රාවය කිරීම
- hCG වලින් යම් ප්‍රමාණයක් මවගේ රුධිරයෙන් මුත්‍රා වලට මිශ්‍ර වීම
- ප්‍රොජෙස්ටරෝන් ඉහළ සාන්ද්‍රණයක් පැවතීමෙන් මව තුළ ශීඝ්‍ර වෙනස්කම් ඇති කරයි. ඒවා නම්,
- ඩිම්බ මෝචනය හා ආර්තවය යන ක්‍රියා 2ම නවතී
- කළල බන්ධයේ මාතෘ කොටස වැඩිවීම
- පියයුරු හා ගර්භාශය විශාල වීම
- ශ්ලේෂ්මල වලින් සෑදුණු ශ්ලේෂ්මල පිණ්ඩයක් මගින් ගැබ්ගෙල අවහිර කොට භ්‍රෑණය ආසාදන වලින් වළක්වයි
- බොහෝ මවුවරුන්ට උදෑසන කාලයේ පවතින ඔක්කාරය වැනි තත්ත්ව ඇති වීම
|
- hCG මට්ටම පහල බසී
- පීත දේහය පිරිහී යයි
- ගර්භණීභාවය පවත්වාගෙන යාමට අවශ්‍ය ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් නිපදවීම කලල බන්ධයේ මගින් භාර ගනී
- මවට භ්‍රෑණයේ චලන දැනීමට පටන් ගනී
|
- භ්‍රෑණය ක්‍රමයෙන් වැඩෙන විට මවගේ උදර කුහරයේ ඇති අවයව තෙරපී , ස්ථානගත වීම වෙනස් වීම
- ආහාර ජීරණ ක්‍රියාවලියේ අවහිර වීම් සිදු විම
- නිරතුරුව මුත්‍රා පහ කිරීම
|
32.ගර්භණීභාවය කලින්ම හදුනා ගත හැකි පරීක්ෂාවක් දක්වන්න.
- මවගේ රුධිරයේ හෝ මුත්‍රා සාම්පල පරීක්ෂාව මගින් hCG පැවතීම තහවුරු කර ගැනීම මගින්
33.කලලය, මවට ආගන්තුක දේහයක් ලෙස ක්‍රියා කිරීමට හේතු දක්වන්න.
- කලලය සතු ජාන වල අර්ධයක්ම පියාගේ වීම.
- කලලය මත රසායනික සලතුණු රාශියක් තිබීම.
34.කලලය, මවට ආගන්තුක දේහයක් ලෙස ක්‍රියා කළද මවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් එය ප්‍රතික්ෂේප නොකිරීමට හේතුව දක්වන්න.
- ගර්භණී සමය තුළ මවගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ යාමනය මුළුමනින්ම වෙනස්වීම.
35.ප්‍රසූතිය අවධි 3ට බෙදා දැක්විය හැක. එම අවධි මොනවාද?
-
- ගර්භාශ ගෙල තුනී වීම හා විවෘත වීම/ විස්තාරණය වීම
- ළදරැවා බිහි වීම. (දැඩි සංකෝචන නොනවත්වා සිදුවී, භ්‍රෑණය ගර්භාශයෙන් පිටතට තල්ලු වී, යෝනි මාර්ගය තුළින් පිටතට පැමිණේ.)
- කලල බන්ධය පිටතට තල්ලු වීම.
36.දරු ප්‍රසූත ක්‍රියාවලිය යනු කුමක්ද?
- ගර්භාශයේ ඇතිවන දැඩි රිද්මයානුකූල සංකෝචන මාලාවක් මගින් භ්‍රෑණය හා කලල බන්ධය පිටතට තල්ලු කිරීමේ ක්‍රියාවලියයි.
37.ප්‍රසූත ක්‍රියාවලියේදි දායක වන ස්ථානීය යාමක හා හෝර්මෝන මොනවාද?
- ප්‍රොස්ටග්ලැන්ඩින් – ස්ථානීය යාමකය
- ඊස්ට්‍රඩියෝල් හා ඔක්සිටොසින් – හෝර්මෝන
38.ප්‍රසූත ක්‍රියාවලිය ධණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ඔස්සේ සිදු වන්නේ කෙසේද?
- ඔක්සිටොසින් මගින් ප්‍රසූතියේදී ගර්භාශයික පේශි සංකෝචනය උත්තේජනය වේ.
- ගර්භාශයික සංකෝචන මගින් තවදුරටත් ඔක්සිටෝසින් ස්‍රාවය උත්තේජනය වේ.
- එමගින් දරුවා බිහිවන තෙක් ගර්භාශය තවදුරටත් සංකෝචනය වීම වැඩි කරයි.
39.ක්ෂීරණය යනු කුමක්ද?
- ක්ෂීරපායින්ට පමණක් සීමා වූ ක්‍රියාවලියක් වන අතර ස්ථන ග්‍රන්ථි මගින් මවුකිරි ස්‍රාවය නිදහස් කිරීමයි.
40.ප්රොලැක්ටීන් හෝර්මෝනයේ කෘත්‍ය කුමක්ද?
- කිරි සංස්ලේෂණය හා ස්‍රාවය කිරීම.
41.ස්ථන ග්‍රන්ථි මගින් කිරි නිපදවීම ක්‍රියාරම්භ කිරීම සදහා ප්‍රොලැක්ටීන් ස්‍රාවය වීමට හේතු වන කරුණු මොනවාද?
- අලුත උපන් දරුවා කිරි උරා බීමේදී තන පුඩු වල ඇති ප්‍රසාර ප්‍රතිග්‍රාහක වලින් හටගන්නා ස්නායු ආවේග
- උපතින් පසු මවගේ රුධිරයේ ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටෙරෝන් මට්ටම පහළ බැසීමෙන් පසු හයිපොතැලමස මගින් පූර්ව පිටියුටරිය වෙත යැවෙන ස්නායු ආවේග.
42.ක්ෂීරණය ධණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ඔස්සේ සිදු වන්නේ කෙසේද?
- අපර පිටියුටරියෙන් ස්‍රාවය කරන ඔක්සිටෝසින් නිසා ස්ථන ග්‍රන්ථි මගින් කිරි මුදා හැරීම උත්තේජනය වේ.
- කිරි මුදා හැරීම වැඩි වන විට දරැවා කිරි උරා බිම ද වැඩිවේ.
- එවිට තන පුඩු වලට ලැබෙන ස්පර්ශ උත්තේජනයෙන් දිගින් දිගටම ඔක්සිටොසින් නිදහස් වීමෙන් ස්ථන ග්‍රන්ථි මගින් තවදුරටත් කිරි මුදාහැරීම සිදුවේ.