ජීව විද්‍යාව04. ශාක අකාර හා විවිධත්වය4.2.4 - ප්ලෝයමය තුළ ද්‍රව්‍ය පරිවහනය කෙරෙහි බලපාන සාධක විමසා බලයි.

4.2.4 – ප්ලෝයමය තුළ ද්‍රව්‍ය පරිවහනය කෙරෙහි බලපාන සාධක විමසා බලයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

  1. ප්ලෝයම පරිසංක්‍රමණය යනු කුමක්දැයි සරලව අර්ථ දක්වන්න.
  • ප්ලෝයම පටකය මගින්, ප්‍රභාසංස්ලේෂණයේදී නිපදවන ඵල පරිවහනය කිරීම.

 

2. ආවෘත බීජක ශාක වල ඇති, ප්ලෝයම පරිසංක්‍රමණයට විශේෂණය වී ඇති සෛල වර්ගය කුමක්ද?

පෙනේර නළ ඒකක සෛල

 

3. ශෛලම යුශයට වඩා ප්ලෝයම යුෂය වෙනස් වීමට ප්‍රධානම හේතුව කුමක්ද?

  • ප්ලෝයම යුෂයේ බරෙන් 30 % ක් සුක්‍රෝස් අඩංගු වීම.

 

4. ප්ලෝයම පරිසංක්‍රමණයේ ලක්ෂණ මොනවාද?

  • ප්ලෝයම යුෂය ගමන් කරනුයේ සීනි නිපදවන ස්ථානයේ (ප්‍රභවයේ) සිට සීනි භාවිතයට ගන්නා හෝ සංචිත කරන ස්ථානය (අපායනය) වෙතයි.
  • බොහෝ ශාක වල ප්ලෝයම බැර කිරීම සක්‍රීය ක්‍රියාවලියකි. (ප්‍රභවයේදී ශාක පත්‍ර වල සිට ප්ලෝයමයට සුක්‍රෝස් ඇතුල් කිරීමේ ක්‍රියාව)
  • ප්ලෝයම හර කිරීම අක්‍රීය ක්‍රියාවලියකි. (අපායනයේ දී ප්ලෝයමයෙන් සුක්‍රෝස් ඉවත් කිරීමේ ක්‍රියාව)
  • ප්ලෝයම යුෂය ප්‍රභවයේ සිට අපායනයට 1 m hours-1 ක වේගයකින් පරිසංක්‍රමණය වේ.
  • ප්ලෝයම යුෂය ධන (+) පීඩනයක් යටතේ, තොග ප්‍රවාහයක් ලෙස ගමන් කරයි. (මෙය පීඩන ප්‍රවාහයක් ලෙස හැදින්වේ.)
  • ප්ලෝයම යුෂය පරිවහනය වීම ප්‍රතිවිරුද්ධ දිශාවලටද/ දෙදිශාවටම සිදුවිය හැක.

 

5. ප්ලෝයම යුෂයේ අඩංගු සංඝටක මොනවාද?

  • ජලය
  • සුක්‍රෝස්
  • ඇමයිනෝ අම්ල
  • හෝමෝන වර්ග
  • ඛණිජ ලවණ
  • මීට අමතරව විටමීන් වර්ග, ශාකයට බාහිරින් එකතු කරන කෘමි නාශක, වල් පැළෑටි නාශක ආදියද තිබිය හැක. 

 

6. පහත පද හඳුන්වන්න.

  1. ප්‍රභවය

  1. ප්‍රභාසංස්ලේෂණය මගින් හෝ පිෂ්ඨය බිඳ හෙළීමෙන් ශුද්ධ සීනි නිෂ්පාදකයා ලෙස ක්‍රියාකරන අවයවය.

උදා; (a)ශාක පත්‍ර

      (b) කෘත්‍ය මත ඇතැම් විට පිෂ්ඨය සංචිත කරන ආකන්ධ හා බල්බ වැනි ‍දේ ප්‍රභවය ලෙස ක්‍රියා කරයි.

 

b. අපායනය

  • ප්‍රභාසංස්ලේෂණයේ අන්තඵල වන ග්ලූකෝස් භාවිතා කරන හෝ ඒවා පිෂ්ඨය ලෙස සංචිත කරන අවයව.
  • උදා: a. වර්ධනය වන මුල්

           b. වර්ධනය වන කඳන්

           c. අංකුර

           d. ඵල

           e. පිෂ්ඨය සංචිත කරනු ලබන ආකන්ධ හා බල්බ කෘත්‍ය මත අපායනයක් විය හැක.

 

c. ප්ලෝයම බැර කිරීම

  • ප්‍රභවයේ සිට සීනි පෙනේර නළ ඒකක තුළට පරිවහනය කිරීම.

 

d. ප්ලෝයම හර කිරීම

  • අපායනයේදී සුක්‍රෝස්, පෙනේර නළ ඒකක වල සිට සහචර සෛල මගින් ලබාගෙන, යාබද මෘදුස්ථර වලට ඉවත් කිරීමේ ක්‍රියාවලිය.

 

7. සෑම පෙනේර නළයකම පාහේ සීනි ද්‍රාවණය ගලා යන දිශාව තීරණය වන සාධකය කුමක්ද?

  • සීනි ද්‍රාවණය ගලා යන දිශාව, පෙනේර නළය මගින් බැඳුණු සීනි ප්‍රභවය හා සීනි අපායනය පිහිටන ස්ථානය මත තීරණය වේ. 

 

8. “බොහෝ ශාක වල ප්ලෝයම බැර කිරීම සක්‍රීය ක්‍රියාවකි” මෙම ප්‍රකාශය පහදන්න.

  • ඊට හේතුව වන්නේ, පත්‍ර මධ්‍යයේ සෛල වලට වඩා වැඩි සාන්ද්‍රණයකින් පෙනේර නළ ඒකකයේ හෝ සහචර සෛලයේ සීනි අඩංගු වීම නිසා, සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව පත්‍ර මධ්‍යයේ සෛල වල සිට පෙනේර නළ ඒකක තුළට ප්ලෝයම යුෂය බැර කළ යුතු වීමයි. 

 

9. “අපායනයේදී ප්ලෝයම හර කිරීම අක්‍රීය ක්‍රියාවකි” පහදන්න.

  • අපායනයේ නිදහස් සීනි සාන්ද්‍රණය සෑම විටම, පෙනේර නළ ඒකකයේ ඇති සීනි සාන්ද්‍රණයට වඩා අඩුය.
  • මෙයට හේතුව, හර කරනු ලබන සීනි අපායනයේ සෛලවල වර්ධනය හෝ පරිවෘත්තිය සඳහා පරිභෝජනය කිරීම හෝ පිෂ්ඨය වැනි ජල අද්‍රාව්‍ය බහුඅවයවක බවට පත් කර සංචිත කිරීමයි.
  • මෙනිසා සාන්ද්‍රණ අනුක්‍රමණයකට සීනි අණු පෙනේර නළ ඒකකයේ සිට අපායනයට විසරණය වේ. 

 

10. ආවෘත බීජක ශාක වල ප්ලෝයම පරිසංක්‍රමණය “පීඩන ප්‍රවාහ කල්පිතය” මඟින් පැහැදිලි කරයි. මෙම කල්පිතයේ අදියර මොනවාද?

  • පෙනේර නළ ඒකක තුළට සීනි බැර වීම නිසා, ප්‍රභවය අසල පෙනේර නළ ඒකක තුළ ද්‍රාව්‍ය විභවය වැඩිවේ.
  • මේ නිසා වලට අනුව ප්ලෝයමය තුල ජල විභවය අඩුවේ.
  • මේ අනුව ප්ලෝයමය හා ශෛලමය අතර ජල විභව අනුක්‍රමණයක් ඇති වීම නිසා පෙනේර නළ තුළට ශෛලමයේ සිට ආස්‍රැතිය මගින් ජලය ඇතුළු වීම සිදු වේ.
  • මේ ජලය ඇතුළු වීමෙන් ධන පීඩනයක් ඇති වී, එමගින් යුෂය පෙනේර නළය ඔස්සේ තල්ලු වී ගලා යයි.
  • අපායනයේදී සීනි හර කිරීම (ප්ලෝයම හර කිරීම) නිසා ප්ලෝයමයේ ද්‍රාව්‍ය විභවය අඩුවේ. මේ නිසා වලට අනුව ජල විභවය වැඩිවේ.
  • මේනිසා ප්ලෝයමය හා ශෛලමය අතර ජලවිභව අනුක්‍රමණයක් ඇති වී, ජලය ප්ලෝයමයේ සිට ශෛලමයට නැවත ආස්‍රැතියෙන් ගමන් කිරීම නිසා අපායනය අසල පීඩනය අඩු වේ.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet