විද්‍යා අංශයජීව විද්‍යාව4.2.3 - ජලය හා ඛණිජ ලබාගැනීම සංකල්ප අන්වේශනය කරයි.

4.2.3 – ජලය හා ඛණිජ ලබාගැනීම සංකල්ප අන්වේශනය කරයි.

 

පාංශු ද්‍රාවණයේ සිට ශාක මුල තුලට ජලය හා ඛනිජ චලනය

  1. මූලාග්‍රයට ආසන්නව ඇති ජලයට වඩාත් පාරගම්‍ය විභේදනය වූ අපිචර්මීය සෛල මොනවාද?

    • මූලකේශ වේ.

trichome

 

2. මුල් මඟින් ජල අවශෝෂණයට වැඩි දායකත්වයක් ලබාදෙන්නේ කෙසේද?

    • මූල කේශ මගින් මුලේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි වී ඇති බැවිනි

 

3. මූල කේශ මඟින් අවශෝෂණය කරගනු ලබන්නේ කුමක්ද?

    • පස් අංශු වලට තදින් බැඳී නැති ජල අණු හා එහි දියවී ඇති ඛනිජ අයන සහිත පාංශු ද්‍රාවණයයි.

 

4. ජලය හා ඛනිජ අයන මූලකේශ තුලට අවශෝෂණය වන්නේ කෙසේද?

    • ජලය සාන්ද්‍රණ අනුක්‍රමණයක් ඔස්සේ අක්‍රියව ආස්‍රැතිය මගින් ද,
    • ඛනිජ අයන සක්‍රිය පරිවහනය ඔස්සේ සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිවද සිදුවේ.

 

අරීය ජල පරිවහනය

5. අරීය ජල පරිවහනය යනු කුමක්ද?

    • පසෙහි සිට මුලෙහි බාහිකය දක්වා ඇතුළු වූ ජලය හා ඛනිජ මුලෙහි ශෛලම දක්වා පරිවහනය

 

6. බාහිකයේ සිට සනාල සිලින්ඩරය තෙක් ඛනිජ වරණීයව ඇතුලත් කරන ගමන් මාර්ගයේ අවසාන පිරික්සුම් ලක්ෂයක් ලෙස ක්‍රියා කරනුයේ,

    • බාහිකයේ ඇතුළතම ස්ථරය වන අන්ත්ශ්චර්මයයි

 

7. අරීය ජල පරිවහනයේදී භාවිතාවන මාර්ග 3 නම්,

  •  
    • ඇපොප්ලාස්ට මාර්ගය
    • සිම්ප්ලාස්ට මාර්ගය
    • පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය

 

8. ඇපොප්ලාස්ට මාර්ගයට අයත් සං‍රචක දක්වන්න

    • සජීවී සෛලයක ප්ලාස්ම පටලයට පිටතින් ඇති සියලු දේ, එනම්
    • සෛල බිත්තිය,
    • බහිෂ්සෛලීය අවකාශ සහ,
    • ශෛලමවාහිනී, වාහකාභ වැනි අජීවී සෛල වල අභ්‍යන්තරය

 

9. කැස්පාර් පටිය මඟින් ඇපොප්ලාස්ට පථය අවහිර කරන ආකාරය පැහැදිලි කරන්න.

  •  
    • අන්තශ්චර්මීය සෛල වල තිරස් හා අරීය බිත්ති සුබරිනීභූත වීමෙන් සෑදුනු කැස්පාර් පටිය ජලයට හා ඛනිජ ලවණ වලට අපාරගම්‍ය වේ. එනිසා ජලය හා ඛනිජ අන්‍තශ්චර්මය තුළින් ඇපොප්ලාස්ටය ඔස්සේ සනාල සිලින්ඩරයට ඇතුළු විය නොහැකි ය.

 

10. අන්තශ්චර්මයේ කාර්‍යභාරය සඳහන් කරන්න.

    • අනවශ්‍ය ද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය සනාල පටකයට ඇතුළු වීමෙන් වළකයි.
    • ශෛලමයට ඒකරාශී වන ද්‍රව්‍ය ආපසු පාංශු ද්‍රාවණයට වෑස්සීම වළක්වයි.

 

11. සිම්ප්ලාස්ට මාර්ගයට අයත් සං‍රචක මොනවාද?

    • සියලු සජීවී සෛල වල සම්පූර්ණ සයිටොසොලය හා
    • ඒවා එකිනෙක බැඳී ඇති සෛල ප්ලාස්ම නාලිකා වන ප්ලාස්ම බන්ධ යන සියල්ල

 

12. සිම්ප්ලාස්ට පථයෙහි ගමන් කරන ජල අණුවක් කී වරක් ප්ලාස්ම පටල හරහා ගමන් කරයිද?

    • එක් වරක් (මුලින්ම ශාකය තුළට ඇතුළු වන විට)

 

13. අරීය ජල පරිවහනයේදී වැඩිම ජල ප්‍රතිශතයක් පරිවහනය වන්නේ කුමන පථය ඔස්සේද? ඊට හේතුව සඳහන් කරන්න.

    • ඇපොප්ලාස්ට මාර්ගය ඔස්සේ
    • පරිවහනය සඳහා අඩුම ප්‍රතිරෝධයක් පෙන්වන්නේ ඇපොප්ලාස්ටයයි

 

14. ද්‍රව්‍ය සිම්ප්ලාස්ටයේ සිට ඇපොප්ලාස්ටයට ගමන් කිරීමට කුමන ක්‍රියාවලි භාවිතා වේද?

    • විසරණය
    • සක්‍රිය පරිවහනය

 

ශාකය තුළ ජලය හා ඛනිජ උඩුකුරු පරිවහනය

15. රසෝද්ගමනය යනු කුමක්ද?

    • සනාල සිලින්ඩරය තුළට ඇතුළු වූ ජලය හා ඛනිජ ශාකයේ ඉහළ කොටසට පරිවහනය වීම.

 

16. ශෛලමය තුල ශෛලම යුෂය පරිවහනය වනුයේ කිනම් පරිවහන ක්‍රමයක් මඟින්ද?

    • තොග ප්‍රවාහය

 

17. තොග ප්‍රවාහය හා විසරණය අතුරින් වඩා සීග්‍ර කුමන ක්‍රියාවලියද?

    • තොග ප්‍රවාහය

 

18. රසෝද්ගමනය හා අදාල ක්‍රියාවලිය පැහැදිලි කිරීමට යෝජනා කර ඇති කල්පිතය කුමක්ද?

    • සංසක්ති ආතති කල්පිතය

 

19. එම කල්පිතය අනුව රසෝද්ගමනය සඳහා චූෂණය සපයන්නේ කිනම් ක්‍රියාවලියක් මඟින්ද?

    • උත්ස්වේදනය

 

20. ශෛලම යුෂය ඉහළට පරිවහනය කිරීම සඳහා ශාකයේ ශක්තිය වැ‍ය වේද?

    • නැත

 

21. සංසක්ති ආතති කල්පිතය ඇසුරින් රසෝද්ගමන ක්‍රියාවලිය පහදන්න.

    • උත්ස්වේදනය මගින් සැපයෙන චූෂණය , ජල අණු වල සංසක්තිය නිසා ප්‍රරෝහ වල සිට මුල් දක්වා ශෛලමයේ සම්පූර්ණ දිග ඔස්සේ සම්ප්‍රේෂණය වේ.
    • මේ නිසා ශෛලම යුෂය සෘණ පීඩනයක් යටතේ පවතී.
    • මෙම සෘණ පීඩනය ජලය ඉහලට ගමන් කිරීමට උපකාරී වේ
    • ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ ජලය ගමන් කරයි.
    • තොග ප්‍රවාහය මගින් ජලය පරිවහනය සංසක්තිය හා ආසක්තිය මගින් පහසු කරයි.
    • එබැවින් ශෛලම වාහිනී සහ වාහකභ තුල අඛණ්ඩ ජල කඳක් සෑදේ.

 

ශාක මුල් තුළට ඛනිජ අයන ඇතුළු වන අවශෝෂණ යාන්ත්‍රණය

22. මූලකේශ යනු,

    • පාංශු ද්‍රාවණයේ දියවූ ඛනිජ අයන අවශෝෂණය කරන
    • ඒක සෛලික ව්‍යූහ වන
    • විකරනය වූ අපිචර්මීය සෛල වේ

 

23. මූල කේශ තුලට අයන අවශෝෂණය සක්‍රියව සිදුවීමට හේතුව?

    • මූලකේශ සෛලවල සෛල යුෂයේ ඇති අයන සාන්ද්‍රණයට වඩා අඩු අයන සාන්ද්‍රණයක් පාංශු ද්‍රාවණයේ තිබීම.

 

ප්ලෝයම පරිසංක්‍රමණයේ මූලික ලක්ෂණ

24. ආවෘත බීජක ශාක වල ප්ලෝයම පරිසංක්‍රමණය සඳහා විශේෂණය වූ සෛල වර්ගය කුමක්ද?

  •  
    • පෙනේර නල ඒකක

 

25. ප්ලෝයම යුෂය ශෛලම යුෂයෙන් වෙනස් වන ප්‍රධාන සාධකය කුමක්ද?

    • ප්ලෝයම යුෂයේ බරෙන් 30% ක් සුක්‍රෝස් අඩංගු වීමයි

 

26. ශාකයක සීනි ප්‍රභවය යනු කුමක්ද?

    • ප්‍රභාසංස්ලේෂණයෙන් හෝ පිෂ්ඨය බිඳහෙලීමෙන් ශුද්ධ සීනි නිෂ්පාදකයා ලෙස ක්‍රියාකරන අවයවයයි. (උදා: ශාක පත්‍ර)

 

27. සීනි අපායනය යන්න හඳුන්වන්න.

    • සීනි වැය කරන අවයවයයි. (උදා:මුල්, කඳන්, අංකුර, ඵල)

 

28. ප්ලෝයම යුෂය ගමන් කරන්නේ,

    • සීනි ප්‍රභවයේ සිට අපායනය දෙසට

 

29. කෘත්‍ය මත ප්‍රභවය හෝ අපායනය යන දෙකම ලෙස ක්‍රියාකරන ශාක අවයව මොනවාද?

    • පිෂ්ඨය සංචිත කරන ආකන්ධ හා බල්බ

 

30. ආවෘත බීජක ශාක වල ප්ලෝයම පරිසංක්‍රමණ යාන්ත්‍රණය විස්තර කිරීමට යොදාගන්නා කල්පිතය,

    • පීඩන ප්‍රවාහ කල්පිතය

 

31. ප්ලෝයම යුෂය ප්‍රභවයේ සිට අපායනය දක්වා කොපමණ වේගයකින් ගමන් කරයිද?

    • 1m/hour වේගයෙන්

 

32. ප්ලෝයම පරිසංක්‍රමණ ක්‍රියාවලිය පියවර ලෙස ලියා දක්වන්න.

  •  
    • පෙනේර නල තුළට සීනි බැරවීම නිසා ප්‍රභවය අසලදී පෙනේර නල ඒකක තුළ ජල විභවය අඩුවේ.
    • මෙය පෙනේර නල තුළට ශෛලමයේ සිට ආස්‍රැතිය මගින් ජලය ඇතුළු වීමට හේතුවේ.
    • මේ ජලය ඇතුළු වීමෙන් ධන පීඩනයක් ඇතිවී එමගින් යුෂය පෙනේර නලය ඔස්සේ තල්ලු වී ගලා යයි.
    • අපායනයේදී සීනි හර කිරීම හා ඒ සමග ජලය ප්ලෝයමයේ සිට ශෛලමය වෙත ඉවත් වීමත් නිසා පීඩනය අඩුවේ.

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet