විද්‍යා අංශයජීව විද්‍යාව5.9.1 - සතුන්ගේ සන්ධාරණය සදහා සැකසී ඇති පද්ධති හා චලන ක්‍රම විමසා...

5.9.1 – සතුන්ගේ සන්ධාරණය සදහා සැකසී ඇති පද්ධති හා චලන ක්‍රම විමසා බලයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

සන්ධාරණය හා චලනය

 

1.සත්ව රාජධානියේ දැකිය හැකි ප්‍රධාන සැකිලි ආකාර 3 දක්වන්න.

  1. ද්‍රවස්ථිතික සැකිල්ල
  2. බාහිර සැකිල්ල
  3. අභ්‍යන්තර සැකිල්ල

 

 

ද්‍රවස්ථිතික සැකිල්ල

2.ද්‍රවස්ථිතික සැකිල්ල යන්න හදුන්වන්න.

  • දේහ බිත්තියෙන් වට වූ තරලය පිරි දේහ කුහරයයි.

 

3.ද්‍රවස්ථිතික සැකිල්ල දක්නට ලැබෙන සත්ව වංශ හා ඔවුන් දරන සැකිලි ආකාරය දක්වන්න.

  • නිඩාරියා – ආමාශ වාහිනී කුහරය
  • නෙමටෝඩා – ව්‍යාජ සීලෝමය
  • ඇනෙලිඩා – සීලෝමය

 

Cnidarian Structure and Function - Advanced ( Read ) | Biology | CK-12  Foundation

 

 

4.ව්‍යාජ සීලෝමය හා සීලෝමය ආවරණය කරමින් පිහිටන, දේහ බිත්තිය එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන පේශි ස්තර සඳහන් කරන්න.

  • අන්වායාම හා වෘත්තාකර පේශි ස්තර

 

5.සතුන්ගේ සංචරණයත්, දේහ හැඩය පවත්වා ගැනීමටත් සිදු කරනුයේ කුමක් මගින්ද?

  • පේශි සංකෝචනයේ, තරල පීඩනයේ සම්ප්‍රයුක්ත ඵලය මගින්.

 

6.අන්තරස්ථ තරලය හෙවත් පටක තරලය හඳුන්වා එහි කෘත්‍ය සඳහන් කරන්න.

  • බොහෝ සතුන්ගේ දේහ සෛල අතර පවතින අවකාශයෙහි ඇති තරලය
  • දේහ සෛල වෙලට සන්ධාරණය සපයයි.

 

 

බාහිර සැකිල්ල

7.බාහිර සැකිල්ල යන්න හඳුන්වන්න.

  • සතුන්ගේ සැකිල්ලක් ලෙස ක්‍රියා කල හැකි දැඩි දේහාවරණයයි.

 

8.සත්ව රාජධානියේ දක්නට ලැබෙන විවිධ බාහිර සැකිලි ආකාර දක්වන්න.

  • කයිටිනීමය බහිස් සැකිල්ල
  • කැල්සියම් කාබනෙට් බහිස් සැකිල්ල
  • අස්ථි තලවලින් සැකසුණු සැකිල්ල

Internal endoskeleton and external exoskeleton

 

9.කයිටිනීමය සැකිල්ල දරන ප්‍රධාන සත්ව වංශයක් නම් කරන්න.

  • ආත්‍රපෝඩා

 

10.කයිටිනීමය බහිස් සැකිල්ල ප්‍රධාන ව්‍යුහාත්මක ලක්ෂණ 2ක් සදහන් කරන්න.

  • අසෛලීය ව්‍යුහයක් වන කයිටින්වලින් සමන්විතය.
  • ප්‍රෝටීන හෝ කැල්සියම් කාබනේට් මහින් දැඩි බවට පත්ව ඇත.

 

11.කැල්සියම් කාබනේට් බාහිර සැකිල්ල හා අස්ථි තලවලින් සෑදුණු බාහිර සැකිල්ල දරන සත්ව කාණ්ඩ පිලිවෙලින් සදහන් කරන්න.

  • මොලුස්කාවන්
  • ඇතැම් උරගයන්

 

 

අභ්‍යන්තර සැකිල්ල

12.අභ්‍යන්තර සැකිල්ල යන්න හදුන්වන්න.

  • සත්ව ශරීරයේ මෘදුපටක තුළ ගිලි පවතින දෘඪ සැකිලි ආකාරයයි.

 

13.සත්ව රාජධානියේ දැකිය හැකි අභ්‍යන්තර සැකිලි ආකාර දක්වන්න.

  • එකයිනොඩමේටාවන්ගේ කැල්සියම් කාබනෙට් ඵලකවලින් තැනුණු අභ්‍යන්තර සැකිල්ල
  • කෝඩේටවන්ගේ ඇති අස්ථි හා කාටිලේජවලින් තැනුණු අභ්‍යන්තර සැකිල්ල

 

Skeleton | Britannica

 

14.සතුන්ගේ සැකිලි පද්ධතියේ මගින් ඉටු කරන පොදු කෘත්‍ය දක්වන්න.

  • සන්ධාරණය
  • ආරක්ෂාව
  • චලනය

 

15.සැකිලි පද්ධතිය හා අදාල සන්ධාරණයේ වැදගත්කම සදහන් කරන්න.

  • හැම සැකිල්ලක්ම සත්ව ශරීරයේ දැඩි රාමුව ගොඩ නගමින් සම්පීඩන හා ආතතිවලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
  • දේහයේ හැඩය පවත්වා ගැනීමට ආධාර කරයි.

 

16.සැකිලි පද්ධතිය මහින් ආරක්ෂාව සපයන්නේ කෙසේද?

  • දේහයේ සියුම් අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම මගිනි. (උදා:- කපාලය මගින් මොළයද, උරෝස්ථිය මගින් පෙනහැලි හා හෘදය ආරක්ෂා කරයි.)

 

17.සැකිලි පද්ධතිය චලනය සදහා දායක වන්නේ කෙසේද?

  • සන්ධාරණය සඳහා
  • ආරක්ෂාව
  • චලනය
  • කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම.
  • පොස්පේට් ගබඩා කිරීම හා නිදහස් කිරීම.
  • රුධිර සෛල නිෂ්පාදනය.

 

18.මානවයාගේ රුධිර සෛල නිපදවනුයේ කොහිද?

  • රතු ඇට මිදුළු ආශ්‍රිතව.

 

 

ජලය හා වාතය තුලින් සතුන්ගේ චලනයන්.

19.කෘමින් හා සිව්පා පෘෂ්ඨවංශීන් ජලයේ පිනිනිමට අනුගමනය කරන ක්‍රමයක් සදහන් කරන්න.

  • තම ගාත්‍රා හබලක් ලෙස යොදා ගනිමින් ජලය පිටුපසට තල්ලු කිරීම.

 

20.දේහය තුලට ජලය ඇතුළු කරගෙන ඉන්පසු එම ජලය පිටතට විදීම මගින් ජෙට් යානයක් ගමන් කරන ආකාරයට ගමන් කරන සත්වයා සදහන් කරන්න.

  • දැල්ලා

 

 

21.තල්මස්සු හා ඩොල්ෆින් මත්ස්‍යයෝ පිහිනීමට අනුගමනය කරන ක්‍රියා පිළිවෙත දක්වන්න.

  • තම දේහය හා වලිගය තරංඟාකරයට ඉහලට හා පහලට චලනය කරමින් ගමන් කිරීම.

 

WildQuest Dolphin Swim - 4/2018 | Baby dolphins, Animals, Dolphins animal

 

22.වේගයෙන් පිහින යාමට මත්ස්‍යයන් දක්වන අනුවර්තනය සදහන් කරන්න.

  • දේහය අනාකුල වීම.

 

23.සතුන් වාතය තුලින් ගමන් කිරීමට සිදු කරන චලනයන් මොනවාද?

  • පියාසර කිරීම
  • විසර්පණය

 

24.වාතය තුලින් චලනය වන සතුන් හා අදාළ ලක්ෂණ සදහන් කරන්න.

  • පියාපත් ආධාරයෙන් දේහය ගුරුත්වයට එරෙහිව ඔසවා තබා ගැනීම.
  • පියාපත් වාපත ලෙස ක්‍රියා කිරීම.
  • දේහ හැඩය මගින් වායු ධාරා වෙනස් කරමින් පියසරියට ආධාර කිරීම.
  • පියාපත්වල අනාකුල හැඩය වායු ප්‍රතිරෝධය අවම කිරීමට ආධාර වීම.

 

Flying and gliding animals - Wikipedia

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom