ජීව විද්‍යාව02. ජීවයේ රසායනික හා සෛලීය පදනම2.4.4 - ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස සෛලීය ශ්වසනය.

2.4.4 – ශක්තිය නිපදවා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස සෛලීය ශ්වසනය.

සෛලීය ශ්වසනය

  1. සෛලීය ශ්වසනය යනු කුමක්ද?
    • කාබෝහයිඩ්‍රේට වැනි කාබනික සංයෝග පියවරෙන් පියවර ඔක්සිකරණ ප්‍රතික්‍රියා මාලාවකට ලක් කර, ඒවායේ අඩංගු රසායනික ශක්තිය නිදහස් කර, සෛල තුළ ATP ලෙස ගබඩා කරන, විශිෂ්ඨ එන්සයිම මගින් උත්ප්‍රේරිත ප්‍රතික්‍රියා ශ්‍රේණියකින් සමන්විත අපවෘත්තීය ක්‍රියාවලිය.

 

2. සෛලීය ශ්වසනයේ ආකාර වන්නේ මොනවාද?

    • ස්වායු ශ්වසනය
    • නිර්වායු ශ්වසනය

 

ස්වායු ශ්වසනය

3. ස්වායු ශ්වසනය යනු කුමක්ද?

  •  

    • අණුක ඔක්සිජන් භාවිතා කර ග්ලූකෝස් වැනි ශ්වසන උපස්ථර ඔක්සිකරණයෙන් ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාව.

 

4. ස්වායු ශ්වසනයේ දී ඔක්සිකරණයට ලක් වන කාබනික සංයෝග වන්නේ මොනවාද?

    • ග්ලූකෝස් (ප්‍රධානතම)
    • ඇමයිනෝ අම්ල
    • මේද අම්ල
    • ග්ලිසරෝල්
    • කාබොක්සලික් අම්ල

 

5. ස්වායු ශ්වසනයේ අදියර මොනවාද?

    • ග්ලයිකොලිසිය
    • පයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය (ක්‍රෙබ්ස් චක්‍රය)
    • ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණය/ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය

 

ග්ලයිකොලිසිය

6. සෛලයක් තුළ ග්ලයිකොලිසිය සයිටොසොලය තුළ දී සිදුවීමට හේතුව කුමක්ද?

    • ග්ලයිකොලිසියේ ප්‍රතික්‍රියා උත්ප්‍රෙරණය කරන සියලු එන්සයිම සයිටොසොලය තුළ සංචිත වී තිබීම.

 

7. ග්ලයිකොලිසිය ප්‍රතික්‍රියා සිදුවීම ඔක්සිජන් තිබීම හෝ නොතිබීම මත රඳා නොපවතින්නේ ඇයි?

    • ග්ලයිකොලිසිය ප්‍රතික්‍රියා සඳහා අණුක ඔක්සිජන් භාවිතා නොවීම.

 

8. ග්ලයිකොලිසියේ දී සිදු වන ප්‍රතික්‍රියා පිළිවෙලින් දක්වන්න.

    • මෙහිදී C6 ග්ලූකෝස් අණුවක් පියවරින් පියවර බිඳ හෙලා අවසානයේ C3 පයිරුවේට් අණු දෙකක් නිපදවේ.
    • ග්ලයිකොලිසිය ආරම්භයේ දීම ක්‍රියාවලිය ඇරඹීමට ATP අණු දෙකක් වැය වේ.
    • ග්ලූකෝස් ක්‍රමයෙන් බිඳ වැටේ.
    • මෙහි දී H+ හා ඉලෙක්ට්‍රෝන නිපදවේ.
    • එම ඉලෙක්ට්‍රෝන හා H+ මඟින් NAD+ අණු දෙකක් ඔක්සිහරණය කර, NADH අණු දෙකක් සංස්ලේෂණය කරයි.
    • මෙහිදී ග්ලූකෝස් ඔක්සිකරණය වේ.
    • ග්ලයිකොලිසිය අවසානයේ දී නිදහස් වන ශක්තියෙන් ATP අණු හතරක් නිපදවෙයි.
    • මූලික පියවරේ දී ATP අණු දෙකක් වැය වූ නිසා ශුද්ධ ATP ලාභය අණු දෙකකි.
    • මෙම ක්‍රියාවලිය උපස්ථර පොස්ෆොරයිලිකරණය කි.

 

9. ග්ලයිකොලිසියේ අන්ත ඵල වන්නේ?

  •  
    • ATP අණු 4 (ලාභය 2කි)
    • NADH අණු 2
    • පයිරුවේට් අණු 2

 

පයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය (ක්‍රෙබ්ස් චක්‍රය)

10. පයිරුවේට් ඔක්සිකරණය දී සිදු වන්නේ සෛලයේ කුමන ඉන්ද්‍රිය තුළ දී ද?

    • මයිට්‍රොකොන්ඩ්‍රියම් පූරකය තුළ දී ය.
    • මේ සඳහා ග්ලයිකොලිසිය අවසානයේ දී නිපදවෙන පයිරුවේට් අණු දෙක, ඔක්සිජන් ඇති විට සක්‍රීය පරිවහනයෙන් මයිට්‍රොකොන්ඩ්‍රියම් පටල හරහා ගොස් පූරකය තුළට ඇතුල් වේ.

 

11. පයිරුවේට් ඔක්සිකරණයේ දී සිදු වන ක්‍රියාවලි දක්වන්න.

    • මයිට්‍රොකොන්ඩ්‍රියම් පූරකය තුළ දී පයිරුවේට් අණු දෙක, ඇසිටයිල් බවට පරිවර්තනය වේ.
    • එහි දී CO2 අණු දෙකක් සෑදේ.
    • එනම් කාබොක්සිල්හරණයක් සිදු වේ.
    • මෙහි දී ඔක්සිකරණයක් සිදු වේ. නිදහස් වන H+ හා ඉලෙක්ට්‍රෝන, NAD+ අණු මගින් ප්‍රතිග්‍රහණය කරයි.
    • NAD+ අණු NADH අණු දෙකක් බවට ඔක්සිහරණය වේ.
    • මෙම ඇසිටයිල් කාණ්ඩ, සහ-එන්සයිම් A සමඟ සම්බන්ධ වී ඇති ඇසිටයිල් සහ-එන්සයිම් A අණු දෙකක් සාදයි.
    • මෙම ඇසිටයිල් සහ-එන්සයිම් A මගින්, සිට්‍රික් අම්ල චක්‍රය ට ඇසිටයිල් කාණ්ඩ ප්‍රදානය කරයි.

 

12. ක්‍රෙබ්ස් චක්‍රයේ දී සිදු වන්නේ කුමක්ද?

    • මයිට්‍රොකොන්ඩ්‍රියම් පූරකය තුළ දී සිදු වේ.
    • මයිට්‍රොකොන්ඩ්‍රියම් පූරකයේ අඩංගු C4 අණුවක් වන ඔක්සලොඇසිටේට්, C2 අණුවක් වන ඇසිටයිල් සහ-එන්සයිම් A අණුවක් සමඟ බැඳී C6 සංයෝගයක් වන සිට්‍රික් අම්ල අණුවක් නිපදවයි.
    • සෑදෙන සිට්‍රික් අම්ලය ප්‍රතික්‍රියා ශ්‍රේණියක් ඔස්සේ ගොස් ඔක්සලොඇසිටේට් පුනර්ජනනය කරයි.
    • මෙය අම්ල ශ්‍රේණියක් නිපදවමින් සිදු වේ.
    • මෙහිදී කාබොක්සිල්හරණයක් සිදු වේ.
    • එහි දී එක් සිට්‍රික් අම්ල අණුවකට CO2 අණු දෙකක් බැගින්, එක් ග්ලූකෝස් අණුවක් සඳහා ඇසිටයිල් සහ-එන්සයිම් A අණු දෙකට CO2 අණු හතරක් නිපදවයි.
    • ඔක්සිකරණයෙන් නිදහස් වන H+ හා ඉලෙක්ට්‍රෝන, NAD+ හා FAD+ මගින් ප්‍රතිග්‍රහණය කර, එක් සිට්‍රික් අම්ල අණුවක් සඳහා NADH අණු 3 ක් හා FADH2 අණු එකක් බැගින් එක් ග්ලූකෝස් අණුවක් සඳහා NADH අණු 6ක් හා FADH2 අණු දෙකක් නිපදවයි.
    • මීට අමතරව ATP අණු 2ක් නිපදවයි.
    • අවසානයේ ඔක්සැලෝ ඇසිටේට් පුනර්ජනනය වේ.

 

13. ක්‍රෙබ්ස් චක්‍රයේ අන්ත ඵල වන්නේ මොනවාද?

    • CO2 අණු 4ක්
    • NADH අණු 6ක්
    • FADH2 අණු 2ක්
    • ATP අණු 2ක්

 

14. පයිරුවේට් ඔක්සිකරණයේ දී හා ක්‍රෙබ්ස් චක්‍රයේ දී නිපදවෙන මුළු අණු ගණන වන්නේ?

    • CO2 අණු 6ක්
    • NADH අණු 8ක්
    • FADH2 අණු 2ක්
    • ATP අණු 2ක්

 

ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය / ඔක්සිකාරක පොස්ෆොරයිලිකරණය

15. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සෛලයේ කුමන ස්ථානයක දී සිදු වේද?

    • මයිටකොන්ඩ්‍රියා මියර මත දී

 

16. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කාර්යක්ෂම කර ගැනීම සඳහා මයිටකොන්ඩ්‍රියා අභ්‍යන්තර පටල දරන අනුවර්තන මොනවාද?

    • පටලය ඇතුල් දෙසට නෙරීම මඟින් මියර සෑදීම හා මියර මත සවෘංත අංශු පිහිටා තිබීම මඟින් අභ්‍යන්තර පටලයේ පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වැඩි කර ගැනීම සිදු කර ඇත.

 

17. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ දී සිදු වන ක්‍රියාවලිය වන්නේ මොනවා ද?

    • ස්වායු ශ්වසනයේ මුල් අදියර වල දී නිපදවූ NADH හා FADH2 අණු මෙම පියවරේ දී ඔක්සිකරණය වේ.
    • මේ සඳහා අවශ්‍ය ප්‍රෝටීන හා ප්‍රෝටීන නොවන අණු මයිටකොන්ඩ්‍රියා අභ්‍යන්තර පටල මත පිහිටයි.
    • මෙහිදී NADH අණුවක් NAD+ බවට ඔක්සිකරණය වේ. මෙහිදී, ATP අණු 2.5 ක් නිපදවේ.
    • එමෙන්ම FADH2 අණුවක් FAD+ බවට ඔක්සිකරණය කරමින් ATP අණු 1.5 ක් නිපදවේ.
    • එක් ග්ලූකෝස් අණුවක් සඳහා, සෛලීය ශ්වසනයේ මුල් පියවර වල දී නිපදවූ මුළු NADH අණු ගණන 10ක් හා FADH2 අණු ගණන 2ක් බැවින්, ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය නිපදවෙන මුළු ATP අණු ගණන 28කි.

 

18. ස්වායු ශ්වසනයේ දී එක් ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණයෙන් නිපදවෙන මුළු ATP අණු ගණන කීය ද ?

    • ATP අණු 32ක් නිපදවේ.
    • මෙම සංඛ්‍යාව අක්මා සෛල, හෘත් පේශි සෛල වැනි ක්‍රියාකාරී සෛල සඳහා සත්‍ය වේ.
    • නමුත් බොහෝ සෛල සඳහා සත්‍ය නොවේ.
    • මීට හේතුව ග්ලයිකොලිසියේ දී නිපදවූ NADH අණු දෙක සයිටොසොලයේ සිට මයිට්‍රොකොන්ඩ්‍රියම් පූරකය දක්වා පරිවහනය ට, ග්ලයිකොලිසියේ දී නිපදවූ ශුද්ධ ලාභය වූ ATP අණු දෙක වැය වීමයි.
    • එවැනි සෛලයක එක් ග්ලූකෝස් අණුවක් ඔක්සිකරණයෙන් නිපදවෙන මුළු ATP අණු ගණන 30 කි.

 

නිර්වායු ශ්වසනය

19. නිර්වායු ශ්වසනය යනු කුමක්ද?

    • අණුක ඔක්සිජන් නොමැති තත්ත්ව යටතේ, සෛල වල සයිටොසොලය තුළ සිදු වන ග්ලූකෝස් බිඳ හෙලීමේ ක්‍රියාවලිය නිර්වායු ශ්වසනය නම්වේ.
    • මෙහි දී ග්ලයිකොලිසිය අදියර සිදුවේ.
    • අණුක ඔක්සිජන් නොමැති විට ග්ලයිකොලිසියේ අන්ත ඵලය වන පයිරුවේට් වලට තවදුරටත් බිඳ වැටීමට නොහැකි ය.
    • ශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට යොදා ගනු ලබන්නේ එතෙක් නිපදවුණු ATP ය.
    • මේ නිසා ග්ලයිකොලිසියේ දී නිපදවන NADH අණු තවදුරටත් ATP සංස්ලේෂණයට යොදා ගත නොහැක.
    • සෛල තුළ පවතින NAD+ අණු ගණන සීමා සහිත වේ.
    • සෛල තුළ NAD+ නියත සාන්ද්‍රණයකින් පවත්වා ගැනීමට නම් NADH, NAD+ බවට ප්‍රතිචක්‍රීකරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.

 

20. NADH ප්‍රතිචක්‍රීකරණය මගින් NAD+ සංස්ලේෂණය කරන ආකාර මොනවාද?

    • එතිල් මධ්‍යසාර පැසීම
    • ලැක්ටික් අම්ල පැසීම

 

21. එතිල් මධ්‍යසාර පැසීම ශක්තිය නිපදවීම සඳහා දායක වන්නේ කෙසේ ද?

    • මෙහිදී ග්ලයිකොලිසිය අදියර සිදුවේ.
    • එක් ග්ලූකෝස් අණුවක්, පයිරුවේට් අණු දෙකක්, ATP අණු දෙකක් හා NADH අණු දෙකක් බවට පරිවර්තනය වේ.
    • මෙම පයිරුවේට් කාබොක්සිල්හරණයට ලක් වී, ඇසිටැල්ඩිහයිඩ් හරහා එතනෝල් බවට ඔක්සිහරණය වේ.
    • මෙහි දී CO2 අණු දෙකක් පිට වේ.
    • එතිල් මධ්‍යසාර පැසීමේ දී නිපදවන මුළු ATP අණු ගණන දෙකකි.
    • එතිල් මධ්‍යසාර පැසීමේ ආරම්භක ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ NAD+ ය.
    • එතිල් මධ්‍යසාර පැසීමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ ඇසිටැල්ඩිහයිඩ් ය.
    • ශාක සෛල, බැක්ටීරියා හා යීස්ට් තුළ සිදු වේ.

 

22. ලැක්ටික් අම්ල පැසීම ශක්තිය නිපදවීම සඳහා දායක වන්නේ කෙසේ ද?

    • මෙහිදී ග්ලයිකොලිසිය අදියර සිදුවේ.
    • එක් ග්ලූකෝස් අණුවක්, පයිරුවේට් අණු දෙකක්, ATP අණු දෙකක් හා NADH අණු දෙකක් බවට පරිවර්තනය වේ. 
    • ග්ලයිකොලිසියේ අවසාන ඵලය වූ පයිරුවේට් අණුක ඔක්සිජන් නොමැති විට සෘජුවම ලැක්ටික් අම්ලය බවට ඔක්සිහරණය වේ.
    • මෙහිදී ග්ලයිකොලිසියේ දී සෑදුණු NADH භාවිතා වේ. (NADH, NAD+ බවට ඔක්සිකරණය)
    • කාබොක්සිල්හරණයක් සිදු නොවන නිසා කාබන් ඩයොක්සයිඩ් සෑදීමක් සිදු නොවේ.
    • ලැක්ටික් අම්ල පැසීමේ ආරම්භක ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ NAD+ ය.
    • ලැක්ටික් අම්ල පැසීමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වන්නේ පයිරුවේට් ය.
    • ඔක්සිජන් හිඟ තත්ත්ව යටතේ කංකාල පේශි වල මෙම ලැක්ටික් අම්ල පැසීම සිදු වේ.
    • ඇතැම් බැක්ටීරියා හා දිලීර වල ද ලැක්ටික් අම්ල පැසීම සිදුවේ.

උදා : යෝගට් හා මිදවූ කිරි නිපදවීමේ දී දායක වන ලැක්ටික් අම්ල බැක්ටීරියා

 

ලිපිඩ හා ප්‍රෝටීන ස්වායු ශ්වසනයට දායක වන අන්දම

23. සෛලීය ස්වායු ශ්වසනයේ ප්‍රධාන ශ්වසන උපස්ථර වන්නේ මොනවාද?

    • කාබෝහයිඩ්‍රේට – ග්ලූකෝස්
    • ප්‍රෝටීන – ඇමයිනෝ අම්ල
    • ලිපිඩ – මේද අම්ල හා ග්ලිසරෝල්

 

24. එම ශ්වසන උපස්ථර සෛලීය ස්වායු ශ්වසනය සමඟ සම්බන්ධ වන්නේ කෙසේ ද?

  i. කාබෝහයිඩ්‍රේට

    • පිෂ්ඨය, ග්ලයිකොජන් හා සුක්‍රෝස් වැනි කාබෝහයිඩ්‍රේට ප්‍රථමයෙන් ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය වී ග්ලයිකොලිසිය අරඹයි.
    • වෙනත් සීනි අණු ග්ලයිකොලිසියේ අතරමැදි සංයෝග ලෙස සම්බන්ධ වේ.

  ii. ප්‍රෝටීන

    • ප්‍රෝටීන ජල විච්ඡේදනය වී ඇමයිනෝ අම්ල නිපදවයි.
    • ඇමයිනෝ අම්ල ඇමයින්හරණයට ලක් වී ඇමෝනියා පිට වේ.
    • මෙමගින් ඉතිරි වන කාබන් සැකිලි වලින් පයිරුවේට හෝ ඇසිටයිල් සහ-එන්සයිම් A සෑදෙයි.
    • ඒවා ක්‍රෙබ්ස් චක්‍රයට සම්බන්ධ වේ.

  iii. ලිපිඩ

    • ලිපිඩ ජල විච්ඡේදනයෙන් මේද අම්ල හා ග්ලිසරෝල් සෑදෙයි.
    • ග්ලිසරෝල් G3P බවට පත් වී ග්ලයිකොලිසිය ට සම්බන්ධ වේ.
    • මේද අමිල, ඇසිටයිල් සහ-එන්සයිම් A බවට පත් වී, ක්‍රෙබ්ස් චක්‍රයට ඇතුල් වේ.

 

ශ්වසන ලබ්ධිය

25. ශ්වසන ලබ්ධිය යනු කුමක්ද?

  •  
    • දෙන ලද කාලයක දී දෙන ලද ශ්වසන උපස්තරයක් ඔක්සිකරණය කිරීමේදී නිදහස් වූ CO2 පරිමාවට, පරිභෝජනය කරන ලද O2 පරිමාව දරන අනුපාතයයි.

 

26. විවිධ ශ්වසන උපස්ථර සඳහා ශ්වසන ලබ්ධිය වන්නේ?

    •  
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet