විද්‍යා අංශයජීව විද්‍යාව5.8.3 - මානව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි

5.8.3 – මානව ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය විමසා බලයි

 

 

1.ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට අයත් ප්‍රධාන අභ්‍යන්තර ව්‍යූහ වනුයේ කුමක්ද?

  • ඩිම්බ කෝෂ දෙක (ස්ත්‍රී ගොනැඩ)
  • ඩිම්බ නාල දෙක (පැලෝපීය නාළ)
  • ගර්භාෂය
  • යෝනි මාර්ගය   

 

ඩිම්බ කෝෂ

2. ඩිම්බ කෝෂ යුගලෙහි පිහිටීම සඳහන් කරන්න.

  • උදර කුහරයේ,
  • ගර්භාෂයට දෙපසින්,
  • බන්ධනී මගින් ස්ථානගතව ඇත.   

 

3. ඩිම්බ කෝෂ මගින් ඉටු කෙරෙන ප්‍රධාන කෘත්‍යන් වනුයේ කුමක්ද?

  • ස්ත්‍රී ජන්මාණු (ඩිම්බ) නිපදවීම.
  • ප්‍රජනන චක්‍රය අතරතුරදී කායික විද්‍යාත්මක වෙනස්වීම් වලට අවශ්‍ය ලිංගික හෝමෝන නිපදවීම .

Female reproductive system, illustration - Stock Image - F020/0722 -  Science Photo Library

 

4. ඩිම්බ කෝෂයක පටක ස්ථර දෙකක් දැකිය හැක. ඒවා නම්,

  • බාහිකය
  • මජ්ජාව     

 

5. ඩිම්බ කෝෂයක හරස්කඩක් සැලකූ කළ විවිධ පරිණත අවස්ථා වල පවතින ඩිම්බ ස්‍යුනිකා පවතිනුයේ එහි කිනම් ස්ථානයකද?

  • ඩිම්බ කෝෂ වල පිටත ස්ථරයේ   

 

6. ඩිම්බ ස්‍යුනිකාවක් තුළ අන්තර්ගත වන්නේ කුමක්ද?

  • අණ්ඩ සෛලයක්
  • ආධාරක සෛල   

 

7. අණ්ඩෝද්භවයේදී ඩිම්බ කෝෂයෙන් ඩිම්බය මෝචනය වීමේදී එය පවතින්නේ කිනම් පරිණත අවස්ථාවකද?

  • ද්විතීයික අණ්ඩ සෛල අවස්ථාවේදී   

 

8. මානව ඩිම්බය,

  • මාතෘ වර්ණදේහ 23 ක් අන්තර්ගත,
  • සාපේක්ෂව විශාල සෛල ප්ලාස්මයක් සහිත,
  • ආධාරක සෛල විශාල ප්‍රමාණයකින් වටවූ, වටකුරු සෛලයකි.

Ovary | animal and human | Britannica

 

ඩිම්බ නාළ / පැලෝපීය නාළ

9. ඩිම්බ් මෝචනයෙන් පසු ඩිම්බය ඩිම්බ නාළ තුළට යොමු කරගන්නේ,

  • එහි අභ්‍යන්තර අපිච්ඡද ආස්තරණය මත ඇති පක්ෂ්ම මගින් දේහ තරලය ඩිම්බ නාල තුළට ඇද ගැනීමේදීය. 

 

10. ඩිම්බය ගර්භාෂය වෙත යොමු කිරීම සඳහා ඩිම්බ නාල වල පවතින හැඩගැසීම් මොනවාද?

  • ඩිම්බ නාල වල තරංගාකාර සංකෝචන
  • Fallopian Tube High Res Stock Images | Shutterstock ඩිම්බ නාල අභ්‍යන්තරයේ ඇති පක්ෂ්ම

Bay IVF - Palo Alto | Conception & Infertility

 

යෝනි මාර්ගය

11. යෝනි මාර්ගය ආස්තරණය කරන අපිච්ඡදය කුමක්ද?

  • ස්ථරීභූත ශල්කමය   

 

12. යෝනි මාර්ගයේ කෘත්‍යන් මොනවාද?

  • අභ්‍යන්තර ප්‍රජනක අවයව හා බාහිර ප්‍රජනක අවයව සම්බන්ධ කිරීම.
  • ශුක්‍රාණු තැන්පත් කිරීමට මාර්ගයක් සැපයීම.
  • දරු ප්‍රසූතිය සිදුවන මාර්ගය වේ.

 

අණ්ඩෝද්භවය

13. ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂ තුළ අපරිණත ඩිම්බ හට ගන්නේ,

  • විකසනය වෙමින් පවතින කලල අවස්ථාවේදී වේ.   

 

14. ධ්‍රැවීය දේහයක් යනු කුමක්ද?

  • අණ්ඩෝද්භවයේදී ඌනනයේ ප්ලාස්ම විභාජනයේදී ප්ලාස්මය අසමාකාර ලෙස බෙදී, ඩිම්බය විකසනය වීමෙන් අනතුරුව ඉතිරි වන සුළු ප්ලාස්ම කොටසක් සහිත සෛල.   

 

අණ්ඩෝද්භවයේ ප්‍රධාන පියවර

15. අණ්ඩෝද්භවයේ මූලික අදියර පියවර ලෙස දක්වන්න.

  • ස්ත්‍රී කලල අවස්ථාවේ දී මූලික ජන්මාණු සෛල අනූනනව බෙදීමෙන් අණ්ඩ මාතෘ සෛල ඇති කරයි.
  • අණ්ඩ මාතෘ සෛලය අනූනන විභාජනයට ලක්වී ප්‍රාථමික අණ්ඩ සෛල ඇති කරයි.
  • ප්‍රාථමික අණ්ඩ සෛල ඌනනය ඇරඹී උපතට ප්‍රථම ප්‍රාක් කලාව I හිදී නැවතී පවතී.
  • වැඩිවියට පැමිණීමත් සමග FSH මගින් ආවර්තිකව ස්‍යුනික සෛල ගොනු වර්ධනය හා විකසනය උත්තේජනය කරන අතර මාසිකව එක් ස්‍යුනිකාවක් පමණක් සම්පූර්ණයෙන්ම පරිණත වේ.
  • ස්‍යුනිකාව තුළ ඇති ප්‍රාථමික අණ්ඩ සෛල ඌනනය I සම්පූර්ණ කරමින් ද්විතීයික අණ්ඩ සෛලය සහ පළමු ධ්‍රැවීය දේහය නිපදවයි.
  • ඌනනය II අරඹා යෝග කලාවේදී විභාජනය නතර වේ.
  • ද්විතීයික අණ්ඩ සෛලය ශුක්‍රාණුවක් මගින් විනිවිද ගියහොත් පමණක් ඌනනය II සම්පූර්ණ වී ද්විතීයික අණ්ඩය, පරිණත ඩිම්බය හා දෙවන ධ්‍රැවීය දේහය බවට විභාජනය වේ.

No photo description available.

 

16. ඩිම්බ ජනනය ක්‍රියාවලිය ගැලීම් සටහනක් මගින් දක්වන්න.

 

17. ද්විතීයික අණ්ඩ සෛලයේ ව්‍යුහය ඇඳ නම් කරන්න.

Female Egg Cell. Gamete Structure.Vector Illustration Isolated On White  Background For Education, Schools, University And Clinics. Stock Vector -  Illustration of concept, background: 190925706

 

18. ශුක්‍රාණු ජනනය සහ ඩිම්බ ජනනය යන ක්‍රියාවලීන්හි විෂමතා වගු ගත කරන්න.

ශුක්‍රාණු ජනනය

ඩිම්බ ජනනය

  • අඛණ්ඩ ක්‍රියාවලියකි.
  • දිගුකාලීන විවේක සහිතව සිදුවන ක්‍රියාවලියකි.
  • වැඩිවියට පත්වීමෙන් පසුව ආරම්භ වේ.
  • කලල අවස්තාවේ දීම ආරම්භ වේ.
  • ජීවිත කාලය පුරාවට සිදුවේ.
  • වයස අවු.50 දී පමණ නැවතී යයි.
  • එක් ශුක්‍රාණු සෛලයකින් ඌනනය මගින් නිපදවන සෛල 4ම පරිණත ජන්මාණු බවට විකසනය වේ.
  • ඌනනයේ අසමාකාර ප්ලාස්ම විභාජනයක් මගින් පරිණත ජන්මාණු බවට විකසනය වන ඩිම්බ වලට අමතරව පසු කලෙක හායනය වී යන ධ්‍රැවීය දේහ ද නිපදවයි.

 

 

මානව ස්ත්‍රී ප්‍රජනක චක්‍රයේ හෝමෝනමය පාලනය

19. මානව ස්ත්‍රී ප්‍රජනක අවධිය තුළ එක්ව ක්‍රියා කරන ප්‍රජනක චක්‍ර 2 සඳහන් කරන්න.

  • ඩිම්බ කෝෂ චක්‍රය.
  • ගර්භාශයික චක්‍රය/ ආර්තව චක්‍රය   

 

20. ඩිම්බ කෝෂ චක්‍රය යනු කුමක්ද?

  • ඩිම්බ කෝෂ වල චක්‍රීයව සිදුවන වෙනස්කම් මාලාව වේ.   

 

21. ගර්භාශයික චක්‍රය යනු කුමක්ද?

  • ඩිම්බ කෝෂ චක්‍රය මගින් පාලනය කරනු ලබන ගර්භාශයේ මාසිකව සිදුවන වෙනස්කම් වේ.

Ovarian cycle-Menstrual Cycle - Online Biology Notes

Menstrual Cycle Physiological and Hormonal Changes | Reproductive system, Menstrual  cycle, Female reproductive system

Image result for ovarian cycle | Ovaries, Human anatomy female, Nursing  notes

 

ඩිම්බ කෝෂ චක්‍රය

22. ඩිම්බකෝෂ චක්‍රයේ කොටස් 2 කුමක්ද?

  • ස්‍යුනිකා අවධිය.
  • ලුටියල් අවධිය.   

 

23. ස්‍යුනිකා අවධියේදී සිදු වන්නේ කුමක්ද?

  • ස්‍යුනිකා වර්ධනය වීම හා අණ්ඩ සෛල පරිණත වීම.   

 

24. ඩිම්බකෝෂ චක්‍රයේ ස්‍යුනිකා අවධිය ආරම්භයේදී සිදුවන්නේ කුමක්ද?

  • හයිපොතැලමස මගින් GnRH ස්‍රාවය කිරීම.     

 

25. හයිපොතැලමසයෙන් ස්‍රාවය කරන GnRH මගින් සිදු කරන්නේ කුමක්ද?

  • පූර්ව පිටියුටරිය උත්තේජනය කර සුළු ප්‍රමාණවලින් FSH හා LH ස්‍රාවය කිරීම.   

 

26. FSH, LH හි ආධාර ඇතිව සිදු කරන්නේ කුමක්ද?

  • ස්‍යුනිකා වර්ධනය උත්තේජනය කරනු ලබයි.   

 

27. වර්ධනය වන ස්‍යුනිකාවේ සෛල මගින් නිෂ්පාදනය කරන හෝමෝනය කුමක්ද?

  • ඊස්ට්‍රඩියෝල්.   

 

28. ඊස්ට්‍රඩියෝල් පහළ මට්ටම මගින් සිදු කරනු ලබන්නේ කුමක්ද?

  • පූර්ව පිටියුටරියෙන් ගොනැඩොට්‍රොෆින් (FSH හා LH) හෝමෝන ස්‍රාවය නිෂේධනය (සෘණ ප්‍රතිපෝෂණය) කිරීම මගින්,
  • ස්‍යුනිකා අවධියේදී වැඩි කාලයක FSH හා LH සාපේක්ෂව පහළ මට්ටමක පවත්වා ගැනීම.   

 

29. වර්ධනය වන ස්‍යුනිකාවෙන් ඊස්ට්‍රඩියෝල් ස්‍රාවය අධික ව ඉහළ ගිය විට සිදුවන්නේ කුමක්ද?

  • ඊස්ට්‍රඩියෝල් ඉහළ මට්ටමේ සාන්ද්‍රණය හේතුවෙන් හයිපොතැලමස උත්තේජනය වී GnRH ස්‍රාවය වීම ඉහළ ගොස් පූර්ව පිටියුටරිය උත්තේජනය වී, FSH හා LH විශේෂයෙන් LH ස්‍රාවය වීම ක්ෂණික ව ඉහළ යයි. (+ ප්‍රතිපෝෂණය මගින්)   

 

30. LH ප්‍රමාණය ක්ෂණිකව ඉහළ ගොස් කොපමණ කාලයකට පසුව ඩිම්බ මෝචනය සිදු වේද?

  • දිනකට පමණ පසු.   

 

31. ඩිම්බ මෝචනයේ දී සිදුවන්නේ කුමක්ද?

  • FSH හා උපරිම LH මට්ටම යන දෙකටම ප්‍රතිචාර ලෙස පරිණත ඩිම්බ ස්‍යුනිකා හා ඩිම්බ කෝෂයේ ආසන්න බිත්ති පුපුරා ද්ව්තියික අණ්ඩ සෛලය ඩිම්බ කෝෂයෙන් පිටතට නිදහස් වේ.   

 

32. ලුටියල් අවධියේදී සිදුවන්නේ කුමක්ද?

  • ඩිම්බකෝෂය තුළ ඇති ස්‍යුනිකා පටක LH මගින් උත්තේජනය කරන අතර ස්‍යුනිකා පටක පීත දේහය නම් ග්‍රන්ථිමය ව්‍යූහයක් බවට පත්වේ.   

 

33. පීත දේහය මගින් ස්‍රාවය කරනු ලබන්නේ කුමක්ද?

  • ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන්.   

 

34. එම ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් මගින් සිදු කරනු ලබන්නේ කුමක්ද?

  • හයිපොතැලමස හා පිටියුටරිය මත සෘණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර
  • LH හා FSH ස්‍රාවය ඉතා පහළ මට්ටමක් දක්වා අඩු කරන අතර
  • එමඟින් ඩිම්බකෝෂයේ තවත් ඩිම්බ සෛලයක් පරිණත වීම වළක්වයි.   

 

35. ගැබ් ගැනීමක් සිදු නොවන අවස්ථා වලදී පීත දේහයට සිදු වන්නේ කුමක්ද?

  • ලුටියල් අවධියේදී ඇතිවන ගොනැඩොට්‍රොෆින් මට්ටම්වල පහළ බැසීමෙන් පීත දේහය පිරිහීමට ලක් වේ.   

 

36. නැවත ඊළඟ ඩිම්බකෝෂ චක්‍රයක් ආරම්භ වන්නේ කෙසේද?

  • පීත දේහය පිරිහීමෙන් හෝමෝන ස්‍රාවය සීඝ්‍ර ලෙස පහළ බසී.
  • එමගින් ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් මගින් හයිපොතැලමස හා පූර්ව පිටියුටරිය මත ක්‍රියාත්මක වූ ඍණ ප්‍රතිපෝෂී ක්‍රියාව ඉවත් වේ.
  • එවිට නව ස්‍යුනිකාවක් ඇති කිරීම උත්තේජනයට FSH නිපදවීමේ හැකියාව පිටියුටරියට ලැබේ.

Menstrual Cycle Phases | Tampax®

 

ගර්භාශයික චක්‍රය

37. ගර්භාශයික චක්‍රයේ පියවර තුන මොනවාද?

  • ප්‍රගුණන කලාව
  • ස්‍රාවීය කලාව
  • ආර්තව කලාව

The roller coaster of female hormones – are you enjoying the ride? | The  NEI Connection

 

38. ප්‍රගුණන කලාවේදී සිදුවන්නේ කුමක්ද?

  • ඩිම්බ මෝචනයට පෙර ඩිම්බ කෝෂයෙන් ස්‍රාවය කරන ස්ටෙරොයිඩ් හෝමෝන මගින් කලලයට ආධාර සැපයීම සඳහා ගර්භාශය සකස් කිරීමට ගර්භාශය උත්තේජනය කරයි.
  • එහිදී වැඩෙන ස්‍යුනිකා මගින් ස්‍රාවය කරන ඊස්ට්‍රඩියෝල් මගින් එන්ඩොමෙට්‍රියම ඝන වේ.   

 

39. ගර්භාශයික ප්‍රගුණන අවධිය සම්බන්ධීකරණය වන්නේ ඩිම්බ චක්‍රයේ,

  • ස්‍යුනිකා අවධිය සමග. 

 

40. ස්‍රාවීය අවධියේදී සිදු වන්නේ කුමක්ද?

  • ඩිම්බ මෝචනයෙන් පසු පීත දේහය මගින් ස්‍රාවය කරනු ලබන
  • ඊස්ට්‍රඩියෝල් හා ප්‍රොජෙස්ටරෝන් මගින්
  • ධමනි විශාල වීමෙන් හා එන්ඩොමෙට්‍රියමේ ග්‍රන්ථි වර්ධනයෙන් ගර්භාශයික ආස්තරණය තවදුරටත් විකසනය වීම හා පැවැත්ම උත්තේජනය කරයි.
  • සංසේචනයක් සිදු වුවහොත් ළපටි කලලය පෝෂණය කළ හැකි පෝෂක ස්‍රාවයක් මේ ග්‍රන්ථි වලින් ස්‍රාවය කරයි.   

 

41. ගර්භාශයික චක්‍රයේ ස්‍රාවීය අවධිය සම්බන්ධීකරණය වන්නේ ඩිම්බ චක්‍රයේ,

  • ලුටියල් අවධිය සමඟ.   

 

42. ආර්තව කලාවේදී සිදුවන්නේ කුමක්ද?

  • ඩිම්බ කෝෂ හෝමෝන මට්ටම පහළ යාම නිසා ධමනි සංකූචනය වී ගර්භාශයික ආස්තරණය හායනය වී එන්ඩොමෙට්‍රියමේ පටක හා තරලය ගැලවී යයි.   

 

43. ආර්තවය යනු කුමක්ද?

  • ගර්භාශයෙන් රුධිරය පිරි එන්ඩ්‍රොමෙට්‍රියම ගැලවී ගොස් එය ගර්භාශ ගෙල හා යෝනි මාර්ගය හරහා දින කිහිපයක් තුලදී පිටවී යාම වේ.   

 

44. ආර්තවහරණය යනු කුමක්ද?

  • ස්ත්‍රියකගේ ඩිම්බ කෝෂ පූර්ව පිටියුටරියෙන් ස්‍රාවය වන FSH හා LH හෝමෝන වලට දක්වන සංවේදීතාව අඩුවීම හේතුවෙන් ඩිම්බ මෝචනය හා ආර්තවය නතර වීම වේ.   

 

45. මෙය කාන්තාවකගේ සිදුවන වයස් සීමාව කුමක්ද?

  • වයස අවුරුදු 45 සිට 55   

 

46. ආර්තවහරණයේදී සිදු වන්නේ කුමක්ද?

  • ඩිම්බ කෝෂ FSH හා LH වලට දක්වන සංවේදීතාව අඩුවීම නිසා ඩිම්බ කෝෂ තුළ අණ්ඩ සෛල සැපයුම නතර වීම හා ඩිම්බ කෝෂ මගින් ඊස්ට්‍රජන් නිෂ්පාදනය පහළ යයි.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet