විද්‍යා අංශයජීව විද්‍යාව2.1.2 - ජීවය සඳහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ පිළිබඳ...

2.1.2 – ජීවය සඳහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ පිළිබඳ විමර්ෂණය කරයි.

 

1. ජලය නොමැතිව පෘථිවිය තුළ ජීවය පැවැත්මට නොහැක. එසේ වීමට හේතු මොනවාද?

    • ජලය සියළු ජීවී සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම.
    • ජලය සියළු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යක් සැපයීම.

 

2. ජල අණුව ධ්‍රැවීය ද? නිර්ධ්‍රැවීය ද?

    • ධ්‍රැවීය

 

3. ජල අණුව කුමන හැඩයක් ගනී ද?

    • කෝණික හැඩැතිය.

 

4. ජල අණුවක් ඇඳ එහි ධ්‍රැවීයතාව හා හැඩය ලකුණු කර පෙන්වන්න.

 

5. ජලයේ සියළු ගුණ පවත්වා ගැනීමට දායක වන, ජල අණු අණු අතර පවතින දුර්වල ආකර්ෂණ බලය කුමක්ද?

    • හයිඩ්‍රිජන් බන්ධන (H බන්ධන)

 

6. එම ආකර්ෂණ බලය ඇති වන්නේ කුමන පරමාණු අතරද?

    • එක් ජල අණුවක සුළු වශයෙන් ධ්‍රැවීය හයිඩ්‍රිජන් පරමාණුව හා යාබද ජල අණුවේ සුළු වශයෙන් ධ්‍රැවීය ඔක්සිජන් පරමාණුව අතර

 

7. පෘථිවිය මත ජීවය පවත්වාගෙන යෑමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ 4 මොනවාද?

    • සංසක්ති හැසිරීම.
    • උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව.
    • හිමායනයේදී සිදුවන ප්‍රසාරණය.
    • ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුණත්වය.

 

කෘත්‍ය වලට අදාළ ජලයේ ගුණ

8. සංසක්තිය හා ආසක්තිය වෙන වෙනම හඳුන්වන්න.

    • සංසක්තිය :- හයිඩ්‍රජන් බන්ධන නිසා ජල අණු අතර ඇති ආකර්ෂණය
    • ආසක්තිය :- ජල අණු හා වෙනත් ද්‍රව්‍ය අතර ඇති වන ආකර්ෂණය

 

9. සංසක්තිය හා ආසක්තිය යන දෙකම නිසා ජලයට ලැබී ඇති හැකියාව කුමක්ද?

    • පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව

 

10. එම හැකියාව සඳහා සංසක්තිය හා ආසක්තිය උපකාර වන ආකාරය වෙන වෙනම දක්වන්න.

    • සංසක්තිය මඟින් ජලය හා ජලයේ ද්‍රාව්‍ය ඛනිජ ලවණ සහ පෝෂක ද්‍රව්‍ය වැනි දිය වූ ද්‍රව්‍ය සනාල පටක වන ශෛලමය සහ ප්ලෝයමය තුළින් ගුරුත්වයට එරෙහිව පරිවහනය වේ.
    • ආසක්තිය, ජලය සහ ජලයේ දිය වූ ද්‍රව්‍ය පරිවහනයේදී ජල අණු සහ සෛල බිත්ති අතර ක්‍රියත්මක වේ.

 

11. ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ලැබී ඇත්තේ ජලයේ කුමන ගුණයක් නිසාද?

    • ජල අණු අතර පවතින සංසක්ති බල නිසා

 

12. ඉහළ පෘෂ්ඨික ආතතිය නිසා ඇති වාසියක් නම් කරන්න.

    • කුඩා කෘමීන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකිය.

        උදා -: දිය ලිස්සන්නා

 

13. ජලයට, උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට හැකියාව ලැබී ඇත්තේ ජලය සතු කුමන ගුණ මඟින් ද?

    • අධික විශිෂ්ට තාපය
    • අධික වාෂ්පීකරණ තාපය

 

14. එම ගුණ මඟින් උෂ්ණත්වය මධ්‍යස්ථව පවත්වා ගන්නේ කෙසේද?

    • අධික විශිෂ්ට තාපය නිසා පෘථිවිය මත උෂ්ණත්වය උච්චාවචනය සිදු වන විට ජීවී පද්ධති සහ ජල ස්කන්ධය තුළ ජලය තාප ස්වාරක්ෂකයක් ලෙස ක්‍රියා කරයි.
    • අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ජීවියෙකු තුළ අවම ජල හානියක් සිදු කරමින් වැඩි තාප ශක්තියක් නිදහස් කළ හැකිය. එනිසා ජීවියෙකුගේ දේහ පෘෂ්ඨය සිසිල් පෘෂ්ඨයක් ලෙස පවත්වා ගනී.

        උදා -: අධික උණුසුම් වීම වැළැක්වීමට

 

15. දේහ උෂ්ණත්වය නියත මට්ටමක පවත්වා ගැනීමට මිනිස් සම දායක වන්නේ කෙසේද?

    • සමෙන් ස්වේදය වාෂ්ප වීම.

 

16. ශාක දේහ පෘෂ්ඨය සිසිල් පෘෂ්ඨයක් ලෙස පවත්වා ගැනීමට ශාකවල සිදුවන ක්‍රියාවලිය කුමක්ද?

    • උත්ස්වේදනය

 

17. හිමායනය ආරම්භ වීම සිදු වන්නේ ජලයේ උෂ්ණත්වය කීයෙදී ද?

    • 4°C

 

18. ජලයට උපරිම ඝනත්වයක් ඇත්තේ කුමන උෂ්ණත්වයේදී ද?

    • 4°C

 

19. හිමායනයේදී සිදුවන අසමාකාර ප්‍රසාරණය වැදගත් වන්නේ ඇයි?

    • ධ්‍රැව ප්‍රදේශ වල ජල ස්කන්ධ තුළ සිටින ජීවීන්ට ශීත ඍතුවේදී නොනැසී පැවැත්මට.

 

20. ද්‍රාවකයක් ලෙස ඇති සර්ව නිපුණත්වය ජලයට ලැබී ඇත්තේ ජලය සතු කුමන ගතිගුණය නිසා ද?

    • ජලයේ ධ්‍රැවීයතාව නිසා

 

21. ජලයේ දියවන අණු වර්ග හා ඒවාට උදාහරණ දෙන්න.

    • ධ්‍රැවීය අණු :- ග්ලූකෝස්
    • නිර්ධ්‍රැවීය අයණික සං‍යෝග :- සෝඩියම් ක්ලෝරයිඩ්
    • ධ්‍රැවීය අයණික සං‍යෝග :- ලයිසොසයිම්

 

22. ද්‍රාව්‍යතාව රඳා පවතින්නේ අයණික ස්වාභාවය මත ද? ධ්‍රැවීයතාව මත ද?

    • ධ්‍රැවීයතාව මත
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet