විද්‍යා අංශය5.9.1 - සතුන්ගේ සන්ධාරණය සඳහා සැකසී ඇති පද්ධති හා චලන ක්‍රම විමසා...

5.9.1 – සතුන්ගේ සන්ධාරණය සඳහා සැකසී ඇති පද්ධති හා චලන ක්‍රම විමසා බලයි.

 

5.9.1. සතුන්ගේ සන්ධාරණය සදහා සැකසී ඇති පද්ධති හා චලන ක්‍රම විමසා බලයි.

සන්ධාරණය හා චලනය

1. සත්ත්ව රාජධානියේ දැකිය හැකි ප්‍රධාන සැකිලි ආකාර 3 දක්වන්න.

  • ද්‍රවස්ථිතික සැකිල්ල
  • බාහිර සැකිල්ල
  • අභ්‍යන්තර සැකිල්ල

 

ද්‍රවස්ථිතික සැකිල්ල

2. ද්‍රවස්ථිතික සැකිල්ල යන්න හදුන්වන්න.

    • දේහ බිත්තියෙන් වට වූ තරලය පිරි දේහ කුහරයයි.

hydrostatic skeleton - YouTube

 

3. ද්‍රවස්ථිතික සැකිල්ල දක්නට ලැබෙන සත්ත්ව වංශ හා ඔවුන් දරන සැකිලි ආකාරය දක්වන්න.

    • නිඩාරියා – ආමාශ වාහිනී කුහරය
    • නෙමටෝඩා – ව්‍යාජ සීලෝමය
    • Cnidarian Structure and Function - Advanced ( Read ) | Biology | CK-12  Foundation ඇනෙලීඩා – සීලෝමය

 

4. ව්‍යාජ සීලෝමය හා සීලෝමය ආවරණය කරමින් පිහිටන, දේහ බිත්තිය එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන පේශි ස්තර සදහන් කරන්න.

  • අන්වායාම හා වෘත්තාකර පේශි ස්තර

 

5. සතුන්ගේ සංචරණයත්, දේහ හැඩය පවත්වා ගැනීමත් සිදු කරනුයේ කුමක් මගින්ද?

  • පේශි සංකෝචනයේ, තරල පීඩනයේ සම්ප්‍රයුක්ත ඵලය මගින්.

 

6. අන්තරස්ථ තරලය හෙවත් පටක තරලය හදුන්වා එහි කෘත්‍ය සදහන් කරන්න.

  • බොහෝ සතුන්ගේ දේහ සෛල අතර පවතින අවකාශයෙහි ඇති තරලය
  • දේහ සෛල වෙතට සන්ධාරණය සපයයි.

 

බාහිර සැකිල්ල

7. බාහිර සැකිල්ල යන්න හඳුන්වන්න.

  • සතුන්ගේ සැකිල්ලක් ලෙස ක්‍රියා කල හැකි දැඩි දේහාවරණයයි.

 

8. සත්ත්ව රාජධානියේ දක්නට ලැබෙන විවිධ බාහිර සැකිලි ආකාර දක්වන්න.

    • කයිටිනිමය බහිස් සැකිල්ල
    • කැල්සියම් කාබනේට් බහිස් සැකිල්ල
    • Internal endoskeleton and external exoskeleton අස්ථි තලවලින් සැකසුණු සැකිල්ල

 

9. කයිටිනිමය සැකිල්ල දරන ප්‍රධාන සත්ත්ව වංශයක් නම් කරන්න.

  • ආත්‍රපෝඩා

 

10. කයිටිනිමය බහිස් සැකිල්ලේ ප්‍රධාන ව්‍යුහාත්මක ලක්ෂණ 2 ක් සදහන් කරන්න.

  • අසෛලීය ව්‍යුහයක් වන කයිටින්වලින් සමන්විතය.
  • ප්‍රෝටීන හෝ කැල්සියම් කාබනේට් මහින් දැඩි බවට පත්ව ඇත.

 

11. කැල්සියම් කාබනේට් බාහිර සැකිල්ල හා අස්ථි තලවලින් සෑදුණු බාහිර සැකිල්ල දරන සත්ත්ව කාණ්ඩ පිලිවෙලින් සදහන් කරන්න.

  • මොලුස්කාවන්
  • ඇතැම් උරගයන්

 

අභ්‍යන්තර සැකිල්ල

12. අභ්‍යන්තර සැකිල්ල යන්න හදුන්වන්න.

  • සත්ත්ව ශරීරයේ මෘදු පටක තුළ ගිලි පවතින දෘඪ සැකිලි ආකාරයයි.

 

13. සත්ත්ව රාජධානියේ දැකිය හැකි අභ්‍යන්තර සැකිලි ආකාර දක්වන්න.

    • එකයිනොඩමේටාවන්ගේ කැල්සියම් කාබනේට් ඵලකවලින් තැනුණු අභ්‍යන්තර සැකිල්ල
    • කෝඩේටාවන්ගේ ඇති අස්ථි හා කාටිලේජවලින් තැනුණු අභ්‍යන්තර සැකිල්ල

Skeleton | Britannica

 

14. සතුන්ගේ සැකිලි පද්ධතියේ මගින් ඉටු කරන පොදු කෘත්‍ය දක්වන්න.

  • සන්ධාරණය
  • ආරක්ෂාව
  • චලනය

 

15. සැකිලි පද්ධතිය හා අදාල සන්ධාරණයේ වැදගත්කම සදහන් කරන්න.

  • හැම සැකිල්ලක්ම සත්ව ශරීරයේ දැඩි රාමුව ගොඩ නගමින් සම්පීඩන හා ආතතිවලට ප්‍රතිරෝධිව ක්‍රියා කරයි.
  • දේහයේ හැඩය පවත්වා ගැනීමට අධාර කරයි.

 

16. සැකිලි පද්ධතිය මහින් ආරක්ෂාව සපයන්නේ කෙසේද?

  • දේහයේ සියුම් අභ්‍යන්තර අවයව ආරක්ෂා කිරීම මගිනි. (උදා: කපාලය මගින් මොලය ද, උරෝස්ථිය මගින් පෙනහැලි හා හෘදය ද ආරක්ෂා කරයි.)

 

17. සැකිලි පද්ධතිය චලනය සඳහා දායක වන්නේ කෙසේද?

  • බොහෝ සැකිලි දැඩි ව්‍යූහ වලින් සමන්විත බැවින් දේහයේ ඇති පේශි සවි වීමට අවශ්‍ය සන්ධාන පෘෂ්ඨ සපයයි. ඇතැම් සැකිලි කොටස් ලීවර ලෙස ක්‍රියා කරමින් පේශි ඇදීමක් සිදු කරන අතර, මෙය සිදු වන විට චලනය සිදුවේ.

 

18. මානව සැකිල්ල ඉටු කරන කෘත්‍ය මොනවාද?

  • සන්ධාරණය
  • ආරක්ෂාව
  • චලනය
  • කැල්සියම් ගබඩා කිරීම හා නිදහස් කිරීම
  • පොස්පේට් ගබඩා කිරීම හා නිදහස් කිරීම
  • රුධිර සෛල නිෂ්පාදනය

 

19. මානවයාගේ රුධිර සෛල නිපදවනුයේ කොහිද?

  • රතු ඇට මිදුළු ආශ්‍රිතව.

 

ජලය හා වාතය තුලින් සතුන්ගේ චලනයන්

20. කෘමින් හා සිව්පා පෘෂ්ඨවන්ශින් ජලයේ පිහිනීමට අනුගමනය කරන ක්‍රමයක් සදහන් කරන්න.

  • තම ගාත්‍රා හබලක් ලෙස යොදා ගනිමින් ජලය පිටුපසට තල්ලු කිරීම.

 

21. දේහය තුලට ජලය ඇතුළු කරගෙන ඉන්පසු එම ජලය පිටතට විදීම මගින් ජෙට් යානයක් ගමන් කරන ආකාරයට ගමන් කරන සත්ත්වයා සදහන් කරන්න.

  • දැල්ලා

 

22. තල්මස්සු හා ඩොල්ෆින් මත්ස්‍යයෝ පිහිනීමට අනුගමනය කරන ක්‍රියා පිළිවෙත දක්වන්න.

  • තම දේහය හා වලිගය තරංගාකාරව ඉහලට හා පහලට චලනය කරමින් ගමන් කිරීම.

 

23. වේගයෙන් පිහින යාමට මත්ස්‍යයන් දක්වන අනුවර්තනය සදහන් කරන්න.

  • දේහය අනාකුල වීම.

 

24. සතුන් වාතය තුලින් ගමන් කිරීමට සිදු කරන චලනයන් මොනවාද?

  • පියාසර කිරීම
  • විසර්පණය

 

25. වාතය තුලින් චලනය වන සතුන් හා අදාළ ලක්ෂණ සදහන් කරන්න.

    • පියාපත් ආධාරයෙන් දේහය ගුරුත්වයට එරෙහිව ඔසවා තබා ගැනීම.
    • පියාපත් වාපත ලෙස ක්‍රියා කිරීම.
    • දේහ හැඩය මගින් වායු ධාරා වෙනස් කරමින් පියසරියට ආධාර කිරීම.
    • පියාපත්වල අනාකූල හැඩය වායු ප්‍රතිරෝධය අවම කිරීමට ආධාර වීම.

WildQuest Dolphin Swim - 4/2018 | Baby dolphins, Animals, Dolphins animal Flying and gliding animals - Wikipedia

 

මෙතනට පාඩම copy කර paste කරන්න.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet