No menu items!

14.6.1 – අම්ල වැසි

  • O2 , N2 , CO2  පමණක් සහිත වැසි පිරිසිදු වැසි ලෙස සලකයි.
  • නමුත් CO2 ජලය හා මිශ්‍ර වීමෙන් දුර්වල අම්ලයක් වන කාබොනික් අම්ලය සාදයි.

{\mathrm{CO}}_{2(\mathrm g)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\rightarrow\;\;{\mathrm H}_2{\mathrm{CO}}_{3(\mathrm{aq})}

  • CO2 වායු ගෝලයේ දිය විමෙන් සෑදෙන කාබොනික් අම්ලය දුබල ලෙස විඝටනය වී ජලයට H+ අයන එකතු කරයි (PH – 5.6).මෙය සාමාන්‍යය තත්වයකි.
  • නමුත් ස්වාභාවික හා මිනිස් ක්‍රියාකරකම් නිසා වෙනත් අහිතකර වායුද වායුගෝලයට එකතු වෙයි.

උදාහරණ:  

1.නයිට්‍රජන්හි ආම්ලික ඔක්සයිඩ(NO,NO2)

2.සල්ෆර්හි ආම්ලික වායුමය ඔක්සයිඩ(SO2,SO3)

  • වර්ෂාව ජල චක්‍රයේ එක් සං‍රචකයකි. පෘථිවි පෘෂ්ඨයේ ඇති විවිධ ජල ප්‍රභව මගින් වාෂ්පීකරණය හේතුවෙන් ජලය වායුගෝලයට පැමිණෙයි.
  • මේ වායුමය ජලය වායුගෝලය තුළදී විවිධ සාධක හේතුවෙන් ඝනීභවනය වී නැවත පෘථිවි පෘෂ්ඨයට පැමිණීම වර්ෂණය( precipititation) නම් වේ.
  • වර්ෂණයේ ආකාර කිහිපයකි. ද්‍රව ජලය ලෙස පෘථිවියට පැමිණීම වර්ෂාව ලෙසද, ඝන ආකාරයට පෘථිවියට ළගා වීම හිම (snow) සහ අයිස් වර්ෂා(Hail) නම් වේ. මෙයට අමතර මීදුම, තුහින ලෙස කුඩා බිදිති (aerosol) ආකරයට ඝනීභවනය වීමෙන්ද පෘථිවි පෘෂ්ඨයට ජලය ළගා වෙයි. කුමන ආකාරයට පෘථිවිය ට ළගා වුවද වායුගෝලයෙන් පෘථිවියට ලැබෙන ජලය ජල චක්‍රයේ පිරිසිදුම කොටසයි.

 

න‍යිට්‍රජන් සහිත වායු එක්වන ආකාර

ස්වාභාවික:

  1. අකුණු ගැසීම් මගින්.
  • අකුණු ගැසීම් ක්‍රියාවලියේදී වාතයේ ඇති නයිට්‍රජන් ඉහළ උෂ්ණත්ව තත්ව යටතේ වායුගෝලීය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර NO හා NO2 වායු නිපදවයි.

\begin{array}{l}{\mathrm N}_{2(\mathrm g)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;\;2{\mathrm{NO}}_{(\mathrm g)}\\\\2{\mathrm{NO}}_{(\mathrm g)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;2{\mathrm{NO}}_{2(\mathrm g)}\end{array}

2.යමහල් විදාරණය සහ නයිට්‍රිහාරි බැක්ටීරියා ක්‍රියාකාරිත්වය(NO2 සහ NO)

3.ක්ෂුද්‍රජීවි වියෝජනය මගින් නිපනද වන NH3 වායුගෝලයේදී ඔක්සිකරණය වීම.

 

මිනිස් ක්‍රියාකාරකම්:

  1. ඉන්ධන දහනය.-අභ්‍යන්තර දහන එන්ජිම තුල ඇති අධික පීඩනය හා උෂ්ණත්වය නිසා සාමන්‍යය වායුගෝල තත්ත්වයේදී නිෂ්ක්‍රීය N2 වායුව O2 සමග ප්‍රතික්ක්‍රියා කර ඔක්සිජන් හා නයිට්‍රජන් සහිත වායු නිපදවයි.

\begin{array}{l}{\mathrm N}_{2(\mathrm g)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;\;2{\mathrm{NO}}_{(\mathrm g)}\\\\2{\mathrm{NO}}_{(\mathrm g)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;2{\mathrm{NO}}_{2(\mathrm g)}\end{array}

  • මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇති වන ආම්ලික NOx වැසි ජලය ආම්ලික වීමට හේතු වේ.

2.සිගරට් දුම මගින්

 

සල්ෆර්  ඔක්සයිඩ් වායුගෝලයට එක්වන ආකාර.

ස්වාභාවික:

  1. යමහල් විදාරණය මගින් අළු හා SO2 වායුගෝලයට නිදහස් වේ.
  2. මුහුදු පතුලේ රොන් මඩ  ආශ්‍රිතව සිදුවන නිර්වායු ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය මගින්  H2S නිදහස් වේ.පසුව මෙම වායුව වායු ගෝලයේදී ඔක්සිකරණයට ලක්වෙයි( SO2 බවට)
  3. ගිනි කදු පිපිරීම මගින්.
  • ඉහත හේතු නිසා එක්වන සල්ෆර් ඩයොක්සයිඩ් මගින් වැසි ජලය අම්ල වීමට දක්වන දායකත්වයක් නැති තරම්ය.

 

මිනිස් ක්‍රියාකාරකම්:

  1. ඩීසල් හා දැවි තෙල් වැනි ඉන්ධන වර්ග ආදියෙහි අපද්‍රව්‍ය ලෙස සල්ෆර් අඩංගු වේ.මේවා දහනයේදී සල්ෆර් අඩංගු ඔක්සයිඩ වායුගෝලයට නිකුත් වෙයි.
  2. ගල් අගුරු දහනයේ දී මුලද්‍රව්‍යමය සල්ෆර් සහ සල්ෆර් සංයෝග ඔක්සිකරණය වී වායුගෝලයට එක් වෙයි.(SO2)
  • ඉහත මිනිස් ක්‍රියාකාරකම් නිස වැසි ජලය ආම්ලික වේ.

 

ආම්ලික වායු වැහි ජලයේ PH අගය අඩු කරන ආකාරය.

  • එංජිම තුළ සිදුවන දහනයේදී NO සෑදේ.

\begin{array}{l}{\mathrm N}_{2(\mathrm g)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;2{\mathrm{NO}}_{(\mathrm g)}\\\end{array}

  • වාහන දුම මගින් පිට වන NO වායුගෝලයේදී තවදුරටත් ඔක්සිකරණය වී NO2 නිපදවයි.

\begin{array}{l}2{\mathrm{NO}}_{(\mathrm g)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;2{{\mathrm{NO}}_2}_{(\mathrm g)}\\\end{array}

  • වාතාශ්‍රය ඇති විට මේ NO2 වායුව ජලය සමග ප්‍රතික්‍රියා කර ප්‍රබල අම්ලයක් වන HNO3 නිපදවයි.  

\begin{array}{l}4{{\mathrm{NO}}_2}_{(\mathrm g)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;4{\mathrm{HNO}}_{3(\mathrm{aq})}\\\end{array}

  • එසේම වාතයට එක් වන SO2 වායුව තවදුරටත් ඔක්සිකරණය වී SO3 වායුව නිපදවයි.

\begin{array}{l}2{\mathrm{SO}}_{2(\mathrm g)}\;\;+\;\;{\mathrm O}_{2(\mathrm g)}\;\;\rightarrow\;\;2{\mathrm{SO}}_{3(\mathrm g)}\\\end{array}

  • සෑදෙන SO3 ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කර H2SO4 නිපදවයි. තව ද වාතාශ්‍රය ඇති විට SO2 වායුව ද ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කර H2SO4 බවට පත් වේ.

\begin{array}{l}{\mathrm{SO}}_{3(\mathrm g)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\rightarrow\;\;{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\\\\2{\mathrm{SO}}_{2(\mathrm g)}\;+\;\;{\mathrm O}_{2(\mathrm g)}\;\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\rightarrow\;\;\;2{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\\\end{array} 

  • ඉහත දී ලැබුණු HNO3 හා H2SO4 යන සංයෝග ප්‍රබල අම්ල වේ. ඒ සංයෝග  ජලයේදී  පූර්ණ ලෙස අයණීකරණය වී ජලයට අධික ලෙස H3O+ අයන එක් කරයි.

\begin{array}{l}{\mathrm{HNO}}_{3(\mathrm{aq})}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)\;}\;\rightarrow\;\;{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\;+\;{{\mathrm{NO}}_3^-}_{(\mathrm{aq})}\\\\{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\rightarrow\;\;2{\mathrm H}_3{\mathrm O^+}_{(\mathrm{aq})}\;+\;{{\mathrm{SO}}_4^{2-}}_{(\mathrm{aq})}\\\end{array}

  • PH අගය 5.6 ට වඩා අඩුවන විට එම වැසි අම්ල වැසි ලෙස හැඳින්විය හැක.

 

ජලය ආම්ලික කරණයේ බලපෑම.

  1. ජලජ ජීවීන් සඳහා නුසුදුසු වීම- ඉන්ද්‍රිය වර්ධනය අඩාල වීම,බිත්තර සහ නොමේරූ සතුන් විනාශ වීම.
  2. කොරල් බුහුබාවන් මිය යාම නිසා කොරල් පර විනාශ වීම.
  3. වනාන්තර වල ඇති ශාක වලට අම්ල වැසි පතිත වීම නිසා ශාක වල ක්ලෝරොෆිල් විනාශ වීම නිසා ශාක ක්‍රමයෙන් මියයෑම.
  4. පස ආම්ලික වීම නිසා විෂ සහිත අයන ජලයට එකතු වීම.- (Al3+,Cd2+,Cr2+,Hg2+). ඒ නිසාවෙන් ජලයේ අයන සාන්ද්‍රණය වැඩිවීම මගින් මිනිස් සහ සත්ත්ව පරිභෝජනය සඳහා ජලය නුසුදුසු වෙයි.
  5. අධික ආම්ලික තාවය හේතුවෙන් කැල්සියම් මැග්නීසියම් හා ඇලුමිනියම් අඩංගු පාෂාණ හා ඛනිජ ජලයේ දිය වී කඨිනත්වය ඉහළ නංවයි .
  6. කිරිගරුඬ වැනි කැල්සියම් කාබනේට් පාෂාණ යොදා කර ඇති ප්‍රතිමා සහ අනෙකුත් දෑ ඛාදනයට ලක් වෙයි.
  7. හුණුගල් ආශ්‍රිත නිෂ්පාදනවල යාන්ත්‍රික ශක්තිය හීන වෙයි.
  • මෙහිදි බදාම සහ සිමෙන්ති වල  අඩංගු ද්‍රාව්‍යතාවය අඩු කාබනේට් සං‍යොග අම්ල වැසි සහ ආම්ලික වායු හේතුවෙන් වඩාත් ද්‍රාව්‍ය සල්ෆේට සහ නයිට්‍රේට සංයෝග බවට පත් වෙයි.

2{\mathrm{CaCO}}_{3(\mathrm s)}\;+\;2{\mathrm{SO}}_{2(\mathrm g)}\;+\;{\mathrm O}_{2(\mathrm g)}\;+\;2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\;\;\rightarrow\;\;2{\mathrm{CaSO}}_4.2{\mathrm H}_2\mathrm O\;+\;2{\mathrm{CO}}_2

 

අම්ල වැසි අඩු කිරීමට සිදු කළ හැකි ක්‍රියාකාරකම්

  • අඩු සල්ෆර් ප්‍රතිශතයක් ඇති ඩීසල් හා ගල් අඟුරු භාවිතය.
  • බලාගාර මගින් පිටවන SO2 වැනි වායු පිරිපහදු කිරීම.
  1. SO2  සමග ප්‍රතික්‍රියා කර හැකි දෑ එකතු කර දහනය කිරීම.

\begin{array}{l}2{\mathrm{CaCO}}_{3(\mathrm s)}\;\;\;\rightarrow\;\;{\mathrm{CaO}}_{(\mathrm s)}\;+\;{\mathrm{CO}}_{2(\mathrm g)}\\\\\;{\mathrm{CaO}}_{(\mathrm s)}\;+\;{\mathrm{SO}}_{2(\mathrm g)}\;\;\rightarrow\;\;{\mathrm{CaSO}}_{3(\mathrm s)}\\\end{array}

2.ඝන ද්‍රව්‍ය බවට පත් කිරීම(Ca(OH)2 මගින්).

\begin{array}{l}\mathrm{Ca}(\mathrm{OH})_{2(\mathrm{aq})}\;+\;{\mathrm{SO}}_{2(\mathrm g)}\;\;\rightarrow\;\;{\mathrm{CaSO}}_{3(\mathrm s)}\;+\;{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\\end{array}

  • ගල් අඟුරු හා ඩීසල් වෙනුවට වෙනත් ඉන්ධන භාවිත කිරීම.

උදා: සූර්ය ශක්තිය , සුළ්ංශක්තිය, මුහුදු රළ ශක්තිය , භූ තාප ශක්තිය සහ න්‍යෂ්ටික ශක්තිය යොදා ගැනිම.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.