01.01.00 – කෝණ මිනුම්

  • සංයුක්ත ගණිතය 1 (ශුද්ධ ගණිතය)ප්‍රශ්න පත්‍රයේ A කොටසේ (කෙටි ප්‍රශ්න) 10 වැනි ගැටළුවේ හා B කොටසේ (රචනා ප්‍රශ්න)17 ගැටළුවේ අඩංගු වන්නේ මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත වේ.

කෝණ මැනීම පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ.1500 දක්වා දිව යන්නක්.එවක ඊජිප්තු වැසියන් සූර්යයාගේ සෙවණැල්ලේ මිනුම් ලබා ගැනීමට ක්‍රමාංකිත ගල් පුවරු භාවිතා කර තිබෙනවා.ඒවා අදටත් බර්ලින් හි පිහිටි ඊජිප්තු කෞතුකාගාරයේ දැක බලා ගන්න පුළුවන්.කෝණ මැනීම දීර්ඝ කාලයක් තිස්සේ තාරකා විද්‍යාව,ගෘහ නිර්මාණ ශිල්පය වැනි විවිධ ක්ෂේත්‍රවල භාවිතා වුණත් කෝණ මැනීමේ SI ඒකකය වන රේඩියනය අර්ථ දක්වා ඇත්තේ ක්‍රි.ව.1870 දී Thomas Muir හා James Thompson යන ගණිතඥයින් දෙදෙනා විසින්.

කෝණය

  • ඡෙදනය වන රේඛා 2ක් අතර ඇති භ්‍රමණ ප්‍රමාණය කෝණය ලෙස හැදින්වේ.
  • අචල රේඛාවට සාපේක්ෂව කෝණය ජනනය කල OP රේඛාව ” ජනන රේඛාව හෝ දෛශික  අරය ” යන නම් වලින් හැදින්වේ.
  • වාමාවර්ථව මනින කෝණ (+) කෝණ ලෙසත් දක්ෂිණාවර්තව මනින කෝණ (-) ලෙසත් හැදින්වේ.
  • භ්‍රමණ ප්‍රමාණය මැනීම සදහා ප්‍රධාන ඒකක 2ක් භාවිතා වේ.
    1.අංශක මිනුම
    2.රේඩියන මිනුම

අංශක මිනුම

වෘත්තය සමාන කේන්ද්‍රික ඛණ්ඩ 360 කට බෙදු විට ඉන් එක් කොටසක් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය 1° ක් ලෙස හැදින්වේ.

\begin{array}{rcl}\left(\frac1{60}\right)^\circ&=&\;1'\;\\[4px]\left(\frac1{60}\right)'\;&=&\;1"\\[4px]\left(\frac1{3600}\right)^\circ&=&\;1"\\\end{array}

රේඩියන

අරයට සමාන චාප දිගක් මගින් කේන්ද්‍රය ආපාතනය කරනු ලබන කෝණය රේඩියන 1කි.
1r චාප දිගකින් කේන්ද්‍රය  ආපාතිත කෝණය = 1 rad
2r චාප දිගකින් කේන්ද්‍රය  ආපාතිත කෝණය = 2 rad
3r චාප දිගකින් කේන්ද්‍රය  ආපාතිත කෝණය = 3 rad
2πr චාප දිගකින් කේන්ද්‍රය  ආපාතිත කෝණය = 2π rad

අංශක හා රේඩියන අතර සම්බන්ධය

360°= 2π rad


කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග

S = rθ
(θ රේඩියන් වලින් විය යුතුය)


කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය

A\;=\;\frac12\times r^2\times\theta
(θ රේඩියන වලින් විය යුතුය)

“There is no branch of mathematics, however abstract, which may not some day be applied to phenomena of the real world.”
-Nikolai Ivanovich Lobachevsky-

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet