5. සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය5.1 සතුන්ගේ ව්‍යූහ, වර්ධනය ගවේෂණය කරයි5.1.1 - සත්ත්ව පටක වල ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතා...

5.1.1 – සත්ත්ව පටක වල ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය සමග දක්වන සම්බන්ධතා විස්තර කිරීම (I කොටස)

 

පාඩමේ සටහන Download කරගන්න.

 

අපිච්ඡද පටක

Anatomy, Section 1, Chapter 5, Histology: Epithelia, Part 1 Diagram |  Quizlet

  1. අපිච්ඡද පටකයේ ලාක්ෂණික ලක්ෂණ වන්නේ,
  • අවයවවල බාහිර හෝ අභ්‍යන්තර නිදහස් පෘෂ්ඨ ආවරණය කරයි.
  • සෛල ඉතා ආසන්නව ඇසිරී ඇත.
  • සෛලවල අග්‍රස්ථ හා පාදස්ථ ලෙස පෘෂ්ඨ දෙකක් පවතී.
  • අග්‍රස්ථ පෘෂ්ඨය නිදහස්‍ ය.
  • පාදස්ථ පෘෂ්ඨය දරණු පටලයට සම්බන්ධිතය.
  • පටකය තුළ රුධිර වාහිනී නැත.
  • පහළින් ඇති සම්බන්ධක පටකයෙන් පෝෂක හා ඔක්සිජන් ලබා ගනී.

 

2. අපිච්ඡද පටකය පහළින් ඇති සම්බන්ධක පටකයෙන් පෝෂක හා ඔක්සිජන් ලබා ගැනීමට හේතුව

  • පටකය තුළ රුධිර වාහිනී නැති නිසා

 

3. අපිච්ඡද පටකයේ කෘත්‍ය වන්නේ

  • ආරක්ෂාව
  • ස්‍රාවය
  • අවශෝෂණය

 

4. අපිච්ඡද පටකය ආරක්ෂාව ලබා දෙනුයේ

  • යාන්ත්‍රික හානි වලින්
  • ව්‍යාධිජනකයින්ගෙන්
  • තරල හානියෙන්

 

5. අපිච්ඡද පටකයෙන් ස්‍රාවය වන ස්‍රාවයන් වන්නේ

  • එන්සයිම
  • හෝමෝන
  • ශ්ලේෂ්මල
  • දහදිය

 

6. අපිච්ඡද පටකය මගින් අවශෝෂණය කරන ද්‍රව්‍ය වන්නේ

  • පෝෂක
  • ශ්වසන වායු

 

7. අපිච්ඡද පටක වර්ග කරනු ලබන්නේ

  • දරණු පටලය මත ඇති සෛල ස්ථර ගණන මත පදනම්ව

 

8. අපිච්ඡද පටක ප්‍රධාන ආකාර දෙක වන්නේ

  • සරල අපිච්ඡද(තනි සෛල ස්ථරය)
  • සං‍යුක්ත අපිච්ඡද(සෛල ස්ථර ගණනාවකි)

Epithelium - Wikipedia

 

9. සරල අපිච්ඡද ආකාර වන්නේ

  • සරල ශල්කමය
  • සරල ඝනාකාර
  • සරල ස්තම්භික
  • ව්‍යාජ ස්ථරීභූත ස්තම්භික

 

10. සං‍යුක්ත අපිච්ඡද ආකාර වන්නේ

  • ස්ථරීභූත ශල්කමය
  • සංක්‍රාන්ති අපිච්ඡදය

 

11. සරල ශල්කමය සෛලවල හැඩය

  • තැටි ආකාර

 

12. සරල ශල්කමය අපිච්ඡදය විසරණය මගින් ද්‍රව්‍ය හුවමාරුවන ස්ථානවල පැවතීමට හේතුව

  • අපිච්ඡදය තුනී බැවින් ද්‍රව්‍ය කාන්දු විය හැකි නිසා

 

13. සරල ශල්කමය අපිච්ඡදය පිහිටන ස්ථාන වනුයේ

  • රුධිර කේශනාළීකා
  • ගර්ත

 

14. සරල ඝනාකාර සෛලවල හැඩය

  • දාදු කැට හැඩැති

 

15. සරල ඝනාකාර අපිච්ඡදය ග්‍රන්ථි බොහොමයක දැකිය හැක්කේ

  • අපිච්ඡදය ස්‍රාවය සඳහා විශේෂණය වී ඇති බැවින්

 

16. සරල ඝනාකාර අපිච්ඡදය පිහිටන ස්ථාන වනුයේ

  • වෘක්ක නාලිකා
  • තයිරොයිඩ් ග්‍රන්ථි
  • ඛේට ග්‍රන්ථි

 

17. සරල ස්ථම්භික සෛලවල හැඩය

  • ගඩොල් කැට හැඩැති

 

18. සරල ස්ථම්භික අපිච්ඡද සෛල විශේෂණය වී ඇත්තේ

  • ස්‍රාවයට
  • සක්‍රීය අවශෝෂණයට

 

19. සරල ස්ථම්භික අපිච්ඡදය පිහිටන ස්ථාන වනුයේ

  • ආන්ත්‍රික ආස්තරණය

 

20. ව්‍යාජ ස්ථරීභූත ස්තම්භික අපිච්ඡදය තනි සෛල ස්ථරයකින් යුතු වුවත් සෛල ස්ථර ගණනාවකින් යුක්ත ලෙස දක්නට ලැබීමට හේතුව

  • සෛල එකම උසකින් යුක්ත නොවන නිසාත්
  • ඒවායේ න්‍යෂ්ටි විවිධ මට්ටම්වල ඇති නිසාත්

 

21. බොහෝ පෘෂ්ඨවංශීන්ගේ මෙහි පක්ෂ්මධර සෛල දැකිය හැක. එමගින් සිදු කෙරෙන්නේ

  • පක්ෂ්මධර සෛලවල ඇති පක්ෂ්ම මගින් ශ්ලේෂ්මල පටලයක් සාදයි.
  • පක්ෂ්ම මගින් පටකයේ මතුපිට පෘෂ්ඨය හරහා ශ්ලේෂ්මල පැතිරීමට උදවු කරයි.

 

22. ව්‍යාජ ස්ථරීභූත ස්තම්භික අපිච්ඡදය පිහිටන ස්ථාන වනුයේ

  • නාස් මාර්ගය
  • ශ්වාසනාලය

 

23. ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය සීරුම්වලට ලක්වන ස්ථානවල පැවතීමට හේතුව

  • මෙම පටකය ඉතා ඉක්මනින් පුනර්ජනනය වේ.
  • සෛල විභාජනයෙන් දරණු පටලයට ආසන්නයේ නව සෛල නිපදවේ.
  • පරණ සෛල ගැලවී ඉවත් වේ.
  • එම සෛල නව සෛල මගින් ප්‍රතිස්ථාපනය වේ

 

24. ස්ථරීභූත ශල්කමය අපිච්ඡදය පිහිටන ස්ථාන වනුයේ

  • සමේ පිටත පෙදෙසේ
  • මුඛ ආස්තරණයේ
  • ගුදයේ
  • යෝනි මාර්ගයේ

Epithelial Tissue - Zoology

 

පේශී පටකය

Muscle Tissue - Labster Theory

25. පේශී පටකයේ ලක්ෂණ වන්නේ,

  • චලනයට දායක වේ
  • සෛල ඇක්ටීන් හා මයොසීන් ප්‍රෝටීන වලින් සමන්විතය
  • සංකෝචනය හා ඉහිල් වීමට හැකියාව ඇත

 

26. මූලික පේශී පටක ආකාර තුන වන්නේ,

  • සිනිදු පේශී පටකය
  • කංකාල පේශී පටකය
  • හෘත් පේශී පටකය

 

27. සිනිඳු පේශී පටකයේ ලක්ෂණ වන්නේ

  • සෛල තර්කුරූපීය
  • ඒකන්‍යෂ්ටිකය
  • සෛල විලේඛ රහිතය
  • අනිච්චානුග දේහ කෘත්‍යයන්ට වැදගත් වේ

 

28. සිනිඳු පේශී පටකයේ සිදුවන අනිච්චානුග දේහ කෘත්‍යයක් වනුයේ,

  • ආමාශයේ මත් ගෑම
  • ධමනි සංකූචනය

 

29. සිනිඳු පේශී පටකය දක්නට ඇති ස්ථාන වනුයේ,

  • ආහාර මාර්ගයේ
  • මුත්‍රාශයේ
  • ධමනි
  • අනෙකුත් අභ්‍යන්තර ඉන්ද්‍රියන්හි

 

30. කංකාල පේශී පටකයේ ලක්ෂණ වන්නේ,

  • සෛල බහුන්‍යෂ්ටිකය
  • දිගු සෛල කලඹකින් සමන්විතය
  • සෛල විලිඛිතය
  • සිරුරේ කංකාල පද්ධතියට සම්බන්ධව ඇත
  • ප්‍රධානව ඉච්චානුග චලන වලට උදව් වේ

 

31. කංකාල පේශි සෛල වල සංකෝචක ඒකකය වන්නේ,

  • සාකොමියරය

 

32. කංකාල පේශි සෛල වලට විලේඛ පෙනුම ලැබී ඇත්තේ,

  • සාකොමියරය සැකසුම නිසා

 

33. හෘත් පේෂී පටකයේ ලක්ෂණ වන්නේ,

  • සෛල ඒකන්‍යෂ්ටිකය
  • අන්තරස්ථාපිත මඩල මගින් සෛල එකිනෙක සම්බන්ධ කෙරේ
  • සෛල සාකොමියර මගින් විලිඛිතව ඇත
  • හෘදයේ අනිච්චානුග සංකෝචනයට දායක වේ

 

34. අන්තරස්ථාපිත මඩලේ කෘත්‍යයන් වනුයේ,

  • සෛලයෙන් සෛලයට සංඥා හුවමාරුව
  • හෘදයේ සමකාලීකෘත සංකෝචනය

 

35. හෘත් පේෂී පටකය පිහිටන ස්ථාන,

  • හෘදයේ බිත්තියේ පමනි

 

ස්නායු පටකය

SEER Training: Nerve Tissue

36. ස්නායු පටකයේ ඇති ප්‍රධාන සෛල වනුයේ,

  • නියුරෝන
  • නියුරෝග්ලියා (ග්ලියා සෛල)

 

37. ස්නායු පද්ධතියේ ව්‍යූහමය ඒකකය වන්නේ,

  • නියුරෝන

 

38. ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය වනුයේ,

  • ප්‍රතීක චාපය

 

39. නියුරෝනයක ඇති ප්‍රධාන කොටස් වන්නේ,

  • අනුශාඛිකා
  • සෛල දේහය
  • අක්සනය

 

40. අනුශාඛිකා හා සෛල දේහ වලින් සිදුකරනුයේ,

  • වෙනත් නියුරෝන වලින් පැමි‍ණෙන ආවේග ලබාගැනීම

 

41. අක්සන මගින් සිදුකරනුයේ,

  • වෙනත් නියුරෝන වලට, සෛල වලට හෝ පේෂී වලට ආවේග සම්ප්‍රේෂණය කරයි

 

42. අක්සන කදම්බයක් ලෙස එක්වී සෑදෙනුයේ,

  • ස්නායු

 

43. නියුරෝන වල ප්‍රධාන කෘත්‍යයන් වනුයේ,

  • ස්නායු ආවේග ලබා ගැනීම
  • කාර්‍යාවලිය
  • සම්ප්‍රේෂණය

 

44. නියුරෝග්ලියා (ග්ලියා සෛල) වල ප්‍රධාන කෘත්‍යයන් වනුයේ,

    • ස්නායු සෛල වලට සන්ධාරනය සැපයීම
    • ස්නායු සෛල වලට පෝෂණය සැපයීම
    • ස්නායු සෛල පරිවරණය කිරීම
    • ස්නායු සෛලවල අඩුව පිරවීම (සම්පූර්ණ කිරීම)
    • සමහර අවස්ථා වල ස්නායු සෛල වල කෘත්‍ය නිසි ලෙස හැසිරවීම 

 

What are Ganglion Cells? (with pictures)

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet