භෞතික විද්‍යාවදවසට පාඩමක්07.01.01 - ආරෝපණයක් මත චුම්භක බලය

07.01.01 – ආරෝපණයක් මත චුම්භක බලය

07.01.01 – ආරෝපණයක් මත චුම්භක බලය

චුම්භක ක්ෂේත්‍ර

  • ස්කන්ධ අතර ඇතිවන බල ගුරුත්වාකර්ෂණ බලද , නිශ්චල ආරෝපණ අතර විද්‍යුත් බලද හටගනී.
  • චලිත වන ආරෝපණයක් නිසා ඇති වන චුම්භක ධ්‍රැව අතර චුම්භක බල හටගනී.
  • ආරෝපණයක් වෘත්තාකාර මාර්ගයක චලනය වන විට එහි අක්ෂය දිගේ උත්තර ධ්‍රැව හා දක්ෂිණ ධ්‍රැව ලෙස චුම්භක ධ්‍රැව ඇති වේ.
  • චුම්භක ධ්‍රැව කිසි විටෙකත් එක් ධ්‍රැවයක් ලෙස හට නො ගනී.
  • ඒවා හටගන්නේද පවතින්නේද ද්විධ්‍රැව ලෙසිනි.
  • Co , Ni , Fe වැනි මූලද්‍රව්‍ය වල අණුක චුම්භක ධ්‍රැව පවතී.
  • අණුක චුම්භක ධ්‍රැව එක දිශාවකට පවතින සේ සකස් කර ගැනීමෙන් ස්ථිර චුම්භක සදා ගත හැක.
  • Fe , Co , Ni වැනි අණුක චුම්භක ධ්‍රැව සහිත කොටසක් ස්ථිර චුම්භකයකට ලං කළ විට එහි ඇති අණුක චුම්භක ධ්‍රැව ද තාවකාලිකව එම දිශාවට ම යොමු වී චුම්භකයක් ලෙස සකස් වේ.එබැවින් චුම්භකයට ආකර්ෂණය වේ.
  • මෙසේ තාවකාලිකව සකස් වන චුම්භක ධ්‍රැව සමහර ද්‍රව්‍ය තුළ යම් කාලයක් රඳා පවතී. (Fe)
  • තවත් සමහර ද්‍රව්‍ය තුලදී බාහිර චුම්භකය ඉවත් කළ සැණින් චුම්භක ගුණය ඉවත් වේ. (මෘදු යකඩ)
  • සජාතීය චුම්භක ධ්‍රැව විකර්ෂණය වන අතර විජාතීය චුම්භක ධ්‍රැව ආකර්ෂණය වේ.

චුම්භක බල රේඛා

  • යම් චුම්භක ධ්‍රැවයක් අවට තබන ලද N ධ්‍රැවයක් වටා බල ක්‍රියා කරන දිශාව පෙන්වන පථය චුම්භක බල රේඛාවක් ලෙස හඳුන්වයි.
  • චුම්භක බල රේඛා , චුම්භකයට පිටතදී N ධ්‍රැවයෙන් ඉවතටත් S ධ්‍රැවය වෙතටත් පවතී.
  • චුම්භකය තුළ දී S සිට N ට පවතී.
  • මේවා චක්‍රීයව ඇතිවන බල වේ.

  • යම් පෘෂ්ඨයකට ලම්භකව පවතින චුම්භක බල රේඛා සංඛ්‍යාව පෘෂ්ඨය හරහා ඇති චුම්භක ස්‍රාවය නම් වේ.
  • චුම්භක ස්‍රාවය රඳා පවතින්නේ එම බල රේඛා ඇති කරන ධ්‍රැවයේ ප්‍රබලතාවය මත පමණි.
  • එම නිසා චුම්භක ස්‍රාවයේ ඒකක ද Wb (වෙබර්) වේ.
  • ඒකක වර්ගඵලයකට ලම්භකව පවතින චුම්භක ස්‍රාවය , ස්‍රාව ඝනත්වය නම් වේ.
  • චුම්බක ස්‍රාව ඝනත්වයේ ඒකකය ටෙස්ලා(T) ය.

චුම්භක ක්ෂේත්‍රයක් තුළ චලිත වන ආරෝපණයක් මත බලය

  1. ස්‍රාව ඝනත්වය B වූ චුම්බක ක්ෂේත්‍රයකට θ කෝණයකින් ආනතව V ප්‍රවේගයකින් චලිත වන q ආරෝපණයක් මත ක්‍රියා කරන බලය F = Bqv sinθ මගින් ලැබේ.
  2. ආරෝපණය චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව යන විට θහි අගය ශුන්‍ය වන නිසා sin θ ද ශුන්‍ය වේ. එවිට ආරෝපණය මත ක්‍රියා කරන බලය ද ශුන්‍ය වේ. ආරෝපණය චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව චලිත වන විට එය මත ක්‍රියා කරන බලය උපරිම වන අතර එහි අගය F = Bqv මගින් ලැබේ.
  3. මෙම අවස්ථාවේදී බලයේ දිශාව සොයා ගන්නේ ෆ්ලෙමින්ගේ වමත් නීතිය මගිනි.
  4. මෙහි දී (+) ආරෝපණයක චලිත දිශාව සන්නායකයක ධාරාවේ දිශාව ලෙසත් (-) ආරෝපණයක චලිත දිශාව ධාරාවට ප්‍රතිවිරුද්ධ දිශාව ලෙසත් සලකනු ලැබේ.

  • ස්‍රාව ඝනත්වය B වූ චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව V ප්‍රවේගයකින් එම ක්ෂේත්‍රයට ඇතුළු වන ප්‍රෝටෝනයක් සලකමු.
  • එය ක්ෂේත්‍රයට ඇතුළු වන විටම ප්‍රවේගයට ලම්බකව බලයක් ඇති වේ.
  • එම නිසා එය රූපයේ පරිදි අර්ධ වෘත්තාකාර කොටසක් සම්පූර්ණ කර චුම්බක ක්ෂේත්‍රයෙන් පිටතට V ප්‍රවේගයෙන්ම පැමිණේ.
  • මෙහි දී ප්‍රෝටෝනයට වෘත්ත චලිතයේ යෙදීමට අවශ්‍ය කේන්ද්‍රාභිසාරී බලය ලබා දෙන්නේ එය මත ඇති වන චුම්බක බලය මගිනි.ප්‍රෝටෝනයේ ස්කන්ධය m ද, ආරෝපණය q ද, එය ගමන් ගන්නා වෘත්තාකාර මාර්ගයේ අරය r ලෙස ද ගනිමු.
  • ප්‍රෝටෝනය මත චුම්බක බලය   = BqV
  • ප්‍රෝටෝනය මත කෙන්ද්‍රභිසාරි බලය = \frac{m\;V^2}r
BqV=\frac{m\;v^2}r \\r=\frac{mV}{Bq}
  • ප්‍රොටෝනය ගමන් ගන්නා වෘත්තාකාර මාර්ගයේ අරය මෙමගින් ලැබේ.
  • ඉහත ආකාරයටම V ප්‍රවේගයකින් ඉලෙක්ට්‍රෝනයක් චුම්බක ක්ෂේත්‍රයට ඇතුළු වුවහොත් එය මත බලය ක්‍රියා කරන්නේ ප්‍රොටෝනයට ප්‍රතිවිරුද්ධ දිශාවටය.
  • එම නිසා එය ප්‍රතිවිරුද්ධ දිශාවට හැරී අර්ධ වෘත්තාකාර මාර්ගයක ගොස් එම ප්‍රවේගයෙන්ම ක්ෂේත්‍රයෙන් එලියට යයි.

චුම්බක ක්ෂේත්‍රයක චලනය වන ආරෝපණයක පථය

  • චුම්භක ක්ෂේත්‍රයක් තුළ ක්ෂේත්‍රයට ලම්භකව Q ආරෝපණයක් u ප්‍රවේගයෙන් චලිත වන විට ඇති වන බලය,

F = BQu

  • ආරෝපණයක් මත බලයේ දිශාව සෙවීමට ප්ලේමින්ගේ වමත් නියමය යෙදිය හැක.
  • මෙවිට ධන ආරෝපණයක චලිත දිශාව ධන දිශාව ලෙස සැලකේ.
  • ආරෝපිත අංශුවක් චුම්භක ක්ෂේත්‍රයකට ලම්භකව චලිත වන විට ප්‍රවේගයේ දිශාවට ලම්භකව බලය ඇති වන නිසා එම අංශු වෘත්තාකාර පථයක චලිත වේ.
  • මෙහිදී අංශු මත ක්‍රියා කරන චුම්භක බලය කේන්ද්‍ර අභිසාරී බලය ලෙස පවතී.
  • එවැනි අංශුවක් චලිත වන වෘත්තයේ අරය සඳහා ප්‍රකාශනයක් ගත හැක.

කේන්ද්‍රය දෙසට,

F = ma

BQu=\frac{mu^2}r

r=\frac{mu}{BQ}

  • වෘත්තයේ එක් වටයක් චලිත වීමට ගත වන කාලය චලිත වන වේගය හා වෘත්තයේ අරයෙන් ස්වායත්ත වේ.
  • එනම් වේගය වැඩි වන විට කාලයෙහි අඩු වීමක් නොවන අතර ඊට අනුව අරය වැඩි වීමක් සිදු වේ.
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom