මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව
ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු මූලධර්මයන් පිළිබඳව මඟ පෙන්වීමක් සංකල්පනාත්මක රාමුව ලෙස හඳුන්වයි.
සංකල්පනාත්මක රාමුවේ අරමුණු
-
- ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සංවර්ධනය සහ සමාලෝචනය සඳහා ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩලයට සහයවීම.
- නව ගිණුම්කරණ ප්‍රමිත සකස් කිරීමේදී අවශය සහය ලබාදීම – ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලින් ආවරණය නොවන යම්දෙයක් වේ නම් ඒ සඳහා මගපෙන්වීම.
- මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන්ට තොරතුරු අර්ථකතනය කිරීමට අවශය සහය සැලසීම.
- මූල්‍ය ප්‍රකාශන සතය හා සාධාරන ලෙස සකස්කර ඉදිරිපත් කර ඇත්ද යන්න පිලිබඳ මතයක් ප්‍රකාශ කිරීමේදී විගණක වරුන්ට අවශය සහය ලබාදීම.
සංකල්පනාත්මක රාමුවේ අන්තර්ගත කරුණු
-
- පොදු පරමාර්ථ මූල්‍ය වාර්තාකරණයේ අරමුණ
- මූූල්‍ය තොරතුරුවල ගුණාත්මක ලක්ෂණ
- මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ උපකල්පන
- මූල්‍ය ප්‍රකාශවල මූූලිකාංග නිර්වචනය
- මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග නිර්වචනය, හඳුනා ගැනීම හා මැනීම
- ප්රාග්ධනය හා ප්රාග්ධනය නඩත්තු කිරීම පිළිබඳ සංකල්පය
මූල්‍ය වාර්තාකරණයේ අරමුණ
සංකල්පනාත්මක රාමුව අනුව මූල්‍ය ප්‍රකාශ පිළියෙල කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ, එය ව්‍යාපාරයක තොරතුරු අපේක්ෂා කරන ආයෝජකයන්ට, අනාගත ආයෝජකයන් හා ණය සපයන්නන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම ය. එනම් සම්පත් දායකයන් හට අවශ්‍ය වන තොරතුරු සැපයීමයි.
මූල්‍ය තොරතුරුවල ගුණාත්මක ලක්ෂණ
මූල්‍ය ප්‍රකාශවලින් ඉදිරිපත් කරන තොරතුරු ප්‍රයෝජනවත් වීම සඳහා අවශ්‍ය ගුණාංගයන් මූල්‍ය ප්‍රකාශවල ගුණාත්මක ලක්ෂණ ලෙස හඳුනා ගනී. මෙම ගුණාත්මක ලක්ෂණයන් පහත පරිදි වර්ග කළ හැකිය.
මූලික ගුණාත්මක ලක්ෂණ
-
- අදාලත්වය
- විශ්වාසනීය නියෝජ්යත්වය
ගුණාත්මක බව වැඩි කරන ලක්ෂණ
-
- සැසඳිය හැකිබව
- සත්‍යාපනය කළ හැකි බව
- කාලීනබව
- අවබෝධකරගත හැකි බව
මූලික ගුණාත්මක ලක්ෂණ
ගිණුම්කරණ තොරතුරුවල අනිවාර්යයෙන් ම පැවතිය යුතු ගුණාත්මක ලක්ෂණ මූලික ගුණාත්මක ලක්ෂණයන් ය. මෙම මූලික ගුණාත්මක ලක්ෂණ 2 කි.
- අදාලත්වය
ගිණුම් තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ගේ තීරණවලට බලපෑමක් සිදු කළ හැකි, එනම් තීරණ වෙනස් කිරීමට හැකියාව ඇති තොරතුරු අදාලත්වයෙන් යුතු තොරතුරු වේ.
- ප්‍රමාණාත්මක බව
තොරතුරක් මූල්‍ය ප්‍රකාශවලින් අත්හැරීමෙන් හෝ වැරදිසහගත ඉදිරිපත් කිරීමක් කළහොත්, මූල්‍ය ප්‍රකාශ භාවිතා කරන්නන්ගේ තීරණ ගැනීමට බලපෑමක් කරන්නේ නම් එය ප්‍රමාණාත්මක තොරතුරකි.අදාලත්වය ආරක්ෂාවීමට ප්‍රමාණාත්මක තොරතුරු අවශ්‍යවේ.
- විශ්වාසනීය නියෝජ්යත්වය
මූල්‍ය ප්‍රකාශ තුලින් ඉදිරිපත් කරන තොරතුරුවල ඇතුලත් ගණුදෙනු හා සිද්ධීන් විශ්වාසයෙන් යුතු ව ඉදිරිපත් කළ යුතු බව මෙහි අදහසයි. එනම් ගිණුම් තොරතුරු වලින් ව්‍යාපාරයේ සැබෑ තත්වය නිරූපණය කළ යුතු බවයි.
මෙම විශ්වාසනීය නියෝජනය ආරක්ෂා වීම සඳහා පහත ලක්ෂණ ගිණුම් තොරතුරුවල පැවතිය යුතුය.
මූල්‍ය ප්‍රකාශන තුලින් යම් කරුණක් ඉදිරිපත් කරන්නේ නම්, ගිණුම් තොරතුරු භාවිතා කරනපාර්ශවයන්ට
වඩාත් සාර්ථක ව තීරණ ගැනීමට හැකි වන පරිදි සියලු ම දෑ අඩුපාඩුවකින් තොරව ඉදිරිපත් කළ යුතු බව මෙහි
අදහසයි.
II. මධ්‍යස්ථ බව
මූල්‍ය ප්‍රකාශවලින් තොරතුරු ඉදිරිපත් කිරීමේ දී එ්වා පක්ෂපාති නොවූ එ්වා විය යුතු බව මෙහි අදහසයි.
III. නිවැරදි බව
මෙයින් අදහස් කරන්නේ මූල්‍ය ප්‍රකාශවලින් ඉදිරිපත් කරන තොරතුරු වැරදිවලින් තොර විය යුතු බව යි.
ගුණාත්මක බව වැඩි දියුණු කරන ලක්ෂණ
ගිණුම් තොරතුරුවල ප්‍රයෝජනවත් බව වැඩි දියුණු කිරීම සඳහා ඉහත මූලික ලක්ෂණවලට අමතර ව පැවතිය යුතු අතිරේක ලක්ෂණ මෙහිදී සලකා බැලේ. එම ලක්ෂණවලින් ගිණුම් තොරතුරුවල ගුණාත්මක බව වැඩි කරනු ලැබේ. එම වැඩි දියුණු කිරීමේ ලක්ෂණ 4 ක් පවතී.
- සැසදිය හැකි බව
ව්‍යාපාරයක ගිණුම් තොරතුරු එ හා සමාන වෙනත් ව්‍යාපාර සමඟත් පසුගිය වසරවල් සමඟත් සැසඳිය හැකි ලෙස ඉදිරිපත් කළ යුතු බව මෙහි අදහසයි.
I. සංගතතාවය
සැසදිය හැකි බව ආරක්ෂා වීමට නම් ව්‍යාපාරයක් විසින් මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ දී වර්ෂයෙන් වර්ෂයට අනුගමනය කරන ක්‍රම වේදයන් වෙනස් නොකර එ්කාකාරී ව අනුගමනය කළ යුතු ය. එය සංගතතාවය ලෙසින් හඳුන්වනු ලැබේ.
2. සත්‍යාපන හැකියාව
මෙයින් අදහස් කරන්නේ මූල්‍ය ප්‍රකාශවලින් ඉදිරිපත් කරන තොරතුරු විශ්වාසනීයව සකස් කර ඇති බව, සෘජු හෝ වක්‍ර ව සහතික කළ හැකි විය යුතු බව යි.
3. කාලීන බව
මෙයින් අදහස් කරන්නේ ගිණුම් තොරතුරු ප්‍රමාදයකින් තොර ව නිසි කලට ඉදිරිපත් කළ යුතු බව යි. එනම් තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ගේ තීරණවලට බලපෑමක් නොවන ලෙස ඉක්මනින් ගිණුම් සකස් කර ඉදිරිපත් කළ යුතු බව යි.
4. අවබෝධකරගත හැකි බව
මූල්‍ය ප්‍රකාශවලින් සපයන තොරතුරු එම තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට පහසුවෙන් අවබෝධ කරගත හැකි අයුරින් සකස් කළ යුතු බව මෙහි අදහසයි.
මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ දී බලපැවැත්වෙන උපකල්පනය
මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව අනුව හඳුනාගෙන ඇති උපකල්පනය වනුයේ අඛණ්ඩ පැවැත්මේ සංකල්පය යි. අඛණ්ඩ පැවැත්මේ සංකල්පය යන්නෙන් අදහස් කරනුයේ ව්‍යාපාරයක් අවිනිශ්චිත අනාගත කාලයක් පුරා අඛණ්ඩව පවතින බව සලකා මූල්‍ය ප්‍රකාශ පිළියෙළ කළයුතු බවයි.
ගනුදෙනු හා සිද්ධීන් මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කිරීමේදී එම තොරතුරු වර්ගීකරණයට භාවිතා කරන මූලිකාංගයන් මූල්‍ය ප්රකාශනවල මූලිකාංග ලෙසින් සැලකේ. එම මූලිකාංගයන් වන්නේ,
-
- වත්කම්
- වගකීම්
- හිමිකම්
- ආදායම්
- වියදම්
වත්කම්
අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාර එ්කකය විසින් පාලනය කරන වර්තමාන ආර්ථික සම්පතක් ය. එ අනුව, වත්කමක දැකිය හැකි ලක්ෂණ 03 ක් ය.
-
- අතීත ගණුදෙනුවක ප්‍රතිඵලයක් වීම
- ව්‍යාපාරය විසින් පාලනය කිරීම
- ආර්ථික සම්පතක් වීම
වගකීම්
අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ආර්ථික සම්පත් පවරාදීම සම්බන්ධයෙන් ව්‍යාපාර එ්කකයක් සතු වර්තමාන බැඳීමක් ය. එ අනුව, වගකීමක පහත ලක්ෂණ දැකිය හැකි ය.
- අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වීම
- ආර්ථික සම්පත් පවරා දීම
එම ආර්ථික සම්පත් මාරු වීම, මුදල් ගෙවීම තුලින් හෝ වෙනත් වත්කමක් පවරා දීම තුලින් හෝ භාණ්ඩ සේවා සැපයීම තුලින් හෝ වෙනත් බැඳීමක් අලුතින් අත්පත් කර ගැනීම තුලින් සිදු විය හැකි ය.
3. වර්තමාන බැඳීම
හිමිකම
හිමිකම යනු මුළු වත්කම්වලින් සියලු බැරකම් අඩුකළ පසු අගය යි. එනම් හිමිකම හෙවත් ස්කන්ධය යනු ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අයිතිය යි.
ව්‍යාපාරයට විවිධ පාර්ශවයන් අරමුදල් සපයනු ලැබේ. ව්‍යාපාරයේ මුළු වත්කම් මූල්‍යනය වන්නේ එම පාර්ශවයන්ගේ අරමුදල් වලින් ය. එබැවින් මුළු වත්කම්වලින් බාහිර පාර්ශවයන්ගේ ණය අඩුකළ විට හිමිකම ගණනය කළ හැකි ය.
ආදායම්
අයිතිකරුවන්ගෙන් ලැබීම් හැර වත්කම්වල වැඩිවීම හෝ වගකීම්වල අඩුවීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම් ආදායම් ය. එ අනුව අයිතිකරුවන්ගෙන් ලැබෙන ප්‍රාග්ධන දායකවීම් හැර හිමිකම වැඩිවීම හේතුවන අයිතමයන් ආදායම් වේ.
වියදම්
අයිතිකරුවන්ට සිදු කරන බෙදාහැරීම් හැර වත්කම්වල අඩුවීම හෝ වගකීම්වල වැඩිවීම නිසා හිමිකමේ සිදුවන අඩු වීම් වියදමක් ය. එ අනුව, ලාභාංශ ගෙවීම වැනි අයිතිකරුවන්ට සිදු කරන බෙදාහැරීම් හැර හිමිකමේ අඩුවීමට හේතුවන අයිතමයන් වියදම් වේ.
මූල්‍ය ප්‍රකාශවල මූලිකාංග හඳුනා ගැනීම
සංකල්පනාත්මක රාමුව අනුව මූලිකාංග හඳුනාගැනීම සඳහා මූලික ගුණාත්මක ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දක්වා ඇත. එනම් කිසියම් මූලිකාංගයක් හඳුනාගැනීමේ දී එය පරිශීලකයාගේ තීරණ සඳහා බලපාන ‘අදාල’ මූලිකාංගයක් නම් හා එය හඳුනාගැනීම මගින් ව්‍යාපාරයේ ස්වරූපය පිළිබඳ තොරතුරු පරිශීලකයාට ‘විශ්වාසදායීව’ නිරූපණය කළ හැකි නම්, අදාල මූලිකාංග මූල්‍ය ප්‍රකාශ තුල හඳුනාගත යුතු බව දක්වා ඇත. එනම්, මූලිකාංගයක් හඳුනාගත හැකි වනුයේ පහත ලක්ෂණ සම්පූර්ණ කරන්නේ නම් පමණි.
-
- අදාලත්වය
- විශ්වසනීය නියෝජ්යත්වය
මූල්‍ය ප්රකාශනවල මූලිකාංග මැනීම
මූල්‍ය ප්රකාශයන්ගේ ඉදිරිපත් කරන මූලිකාංග කිනම් අගයකින් ලාභ හෝ අලාභ ප්‍රකාශයේ හා මූල්‍ය තත්ව ප්‍රකාශයේ නිරූපණය කරන්නේ ද යන්න තීරණය කිරීම මූලිකාංග මිණුම්කරණය ලෙස හැඳින්වේ. සංකල්පනාත්මක රාමුවට අනුව මූල්‍ය ප්‍රකාශ මිනුම්කරණය සඳහා ප්‍රධාන ක්‍රම 2 ක් යොදා ගැනේ.
- ඓතිහාසික පිරිවැය
මෙයින් අදහස් කරන්නේ මූලිකාංගයේ අතීත වටිනාකම හෙවත් සත්‍ය වටිනාකම මත පොත්වල දැක්විය යුතු බව යි.
- ප්‍රවර්තන අගය
මෙයින් අදහස් කරනුයේ මූලිකාංගයේ අගය සත්‍ය පිරිවැයට වාර්තා නොකර වර්තමාන සාධාරණ අගයට, ප්රයෝජ්ය අගයට හෝ ප්‍රවර්තන පිරිවැය මත පොත්වල සටහන් කිරීම ය.
ඒ අනුව, ප්‍රවර්තන අගය ලෙස පහත අගයන් සැලකිල්ලට ගත හැකි වේ.
I. සාධාරණ අගය
මිනුම්කරන දින වෙළඳපොළ සහභාගීවන්නන් අතර විධිමත් ගණුදෙනුවකදී වත්කමක් විකිණීමට ලැබිය යුතු හෝ වගකීමක් පැවරීමට ගෙවූ මිල සාධාරණ අගය ලෙස හඳුන්වයි.
II. ප්රයෝජ්ය අගය
ආයතනයට විශේෂිත වූ අපේක්ෂාවන් පදනම් කරගෙන අනාගත මුදල් ප්‍රවාහ මත පදනම් ව ගණනය කරන වටිනාකම යි.
III. ප්‍රවර්තන පිරිවැය
-
-
-
- සමාන වත්කමක් අත්පත් කරගැනීමට ගෙවීමට සිදුවන හෝ,
- සමාන වෙනත් වගකීමක් ලබා ගැනීම වෙනුවෙන් ලැබෙන,
වර්තමාන වටිනාකම මේ යටතේ දක්වයි.