12.10. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව

 

මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුව

ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ දී හා ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු මූලධර්මයන් පිළිබඳව මඟ පෙන්වීමක් සංකල්පනාත්මක රාමුව ලෙස හඳුන්වයි.

සංකල්පනාත්මක රාමුවේ අරමුණු

    • ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත සංවර්ධනය සහ සමාලෝචනය සඳහා ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩලයට සහයවීම.
    • නව ගිණුම්කරණ ප්‍රමිත සකස් කිරීමේදී අවශය සහය ලබාදීම – ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලින් ආවරණය නොවන යම්දෙයක් වේ නම් ඒ සඳහා මගපෙන්වීම.
    • මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන්නන්ට තොරතුරු අර්ථකතනය කිරීමට අවශය සහය සැලසීම.
    • මූල්‍ය ප්‍රකාශන සතය හා සාධාරන ලෙස සකස්කර ඉදිරිපත් කර ඇත්ද යන්න පිලිබඳ මතයක් ප්‍රකාශ කිරීමේදී විගණක වරුන්ට අවශය සහය ලබාදීම.

ගුණාත්මක බව වැඩි දියුණු කරන ලක්ෂණ

ගිණුම් තොරතුරුවල ප්‍රයෝජනවත් බව වැඩි දියුණු කිරීම සඳහා ඉහත මූලික ලක්ෂණවලට අමතර ව පැවතිය යුතු අතිරේක ලක්ෂණ මෙහිදී සලකා බැලේ. එම ලක්ෂණවලින් ගිණුම් තොරතුරුවල ගුණාත්මක බව වැඩි කරනු ලැබේ. එම වැඩි දියුණු කිරීමේ ලක්ෂණ 4 ක් පවතී.

  1. සැසදිය හැකි බව

ව්‍යාපාරයක ගිණුම් තොරතුරු එ හා සමාන වෙනත් ව්‍යාපාර සමඟත් පසුගිය වසරවල් සමඟත් සැසඳිය හැකි ලෙස ඉදිරිපත් කළ යුතු බව මෙහි අදහසයි.

I. සංගතතාවය

සැසදිය හැකි බව ආරක්ෂා වීමට නම් ව්‍යාපාරයක් විසින් මූල්‍ය ප්‍රකාශ සකස් කිරීමේ දී වර්ෂයෙන් වර්ෂයට අනුගමනය කරන ක්‍රම වේදයන් වෙනස් නොකර එ්කාකාරී ව අනුගමනය කළ යුතු ය. එය සංගතතාවය ලෙසින් හඳුන්වනු ලැබේ.

ගනුදෙනු හා සිද්ධීන් මූල්‍ය ප්‍රකාශ මගින් ඉදිරිපත් කිරීමේදී එම තොරතුරු වර්ගීකරණයට භාවිතා කරන මූලිකාංගයන් මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග ලෙසින් සැලකේ. එම මූලිකාංගයන් වන්නේ,

    1. වත්කම්
    2. වගකීම්
    3. හිමිකම්
    4. ආදායම්
    5. වියදම්

හිමිකම

හිමිකම යනු මුළු වත්කම්වලින් සියලු බැරකම් අඩුකළ පසු අගය යි. එනම් හිමිකම හෙවත් ස්කන්ධය යනු ව්‍යාපාරයක අයිතිකරුවන්ගේ අයිතිය යි.

ව්‍යාපාරයට විවිධ පාර්ශවයන් අරමුදල් සපයනු ලැබේ. ව්‍යාපාරයේ මුළු වත්කම් මූල්‍යනය වන්නේ එම පාර්ශවයන්ගේ අරමුදල් වලින් ය. එබැවින් මුළු වත්කම්වලින් බාහිර පාර්ශවයන්ගේ ණය අඩුකළ විට හිමිකම ගණනය කළ හැකි ය.

ආදායම්

අයිතිකරුවන්ගෙන් ලැබීම් හැර වත්කම්වල වැඩිවීම හෝ වගකීම්වල අඩුවීම නිසා හිමිකමේ සිදුවන වැඩිවීම් ආදායම් ය. එ අනුව අයිතිකරුවන්ගෙන් ලැබෙන ප්‍රාග්ධන දායකවීම් හැර හිමිකම වැඩිවීම හේතුවන අයිතමයන් ආදායම් වේ.

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.